The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'මම ආබාධිත නිසා සෙක්ස් කරන්න කතා කළේ උදව්වක් විදිහට'

T

The Leader Desk

November 17, 2024 • 8:33 AM

'මම ආබාධිත නිසා සෙක්ස් කරන්න කතා කළේ උදව්වක් විදිහට'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආබාධිත නිසා ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකිදැයි කෙනෙකු හොලීගෙන් ප්‍රශ්න කරන විට ඇගේ වයස යන්තම් අවුරුදු 16ක් වූවා පමණි.
  • නරක ම දේ තමයි, මට ඒ ගැන පුදුමයක් දැනෙන්නේ නැති එකයි, ඒ ගැන අවුලක් දැනෙන්නේ නැති එකයි." මේ වන විට 26 හැවිරිදි වියේ පසුවන හොලීට කලක් තිස්සේ ශරීරියේ වේදනාවක් පවතින අතර ඇය හයිපර්මොබිලිටි සින්ඩ්‍රෝමයෙන් ද පීඩා විඳියි.
  • ආබාධ සහිත පුද්ගලයින්ට ද ප්‍රීතිමත් සබඳතා පැවැත්විය හැකි බව පෙන්වීම වැදගත් වූ බව හොලී ග්‍රීඩර් පවසයි.
  • වසර 9ක් පුරා පැවති සම්බන්ධතාවකින් අනතුරුව ඇය මෙම වසරේ මුල ඔහු සමග විවාහ වූවා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ආබාධිත නිසා ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකිදැයි කෙනෙකු හොලීගෙන් ප්‍රශ්න කරන විට ඇගේ වයස යන්තම් අවුරුදු 16ක් වූවා පමණි.

වසර ගණනාවක් පුරා ඇය වෙත තවත් එවැනි ප්‍රශ්න ගණනාවක් යොමු වුණු අතර, ඒවා අතර ඇයට "රෆ් සෙක්ස් කරන්න පුළුවන් ද" නැත්නම් ලිංගිකව හැසිරීම රෝද පුටුවේ සිටියදී සිදු කළ යුතු ද වැනි ප්‍රශ්න ද විය.

"මිනිස්සු හිතන්නේ එයාල කරන්නේ උදව්වක් කියලා, කැපකිරීමක් වගේ. නරක ම දේ තමයි, මට ඒ ගැන පුදුමයක් දැනෙන්නේ නැති එකයි, ඒ ගැන අවුලක් දැනෙන්නේ නැති එකයි."

මේ වන විට 26 හැවිරිදි වියේ පසුවන හොලීට කලක් තිස්සේ ශරීරියේ වේදනාවක් පවතින අතර ඇය හයිපර්මොබිලිටි සින්ඩ්‍රෝමයෙන් ද පීඩා විඳියි. එමෙන් ම ඇය අබාධ සහිත පුද්ගලයින් ආදර සම්බන්ධතා පැවැත්වීමේදී ඒ වටා පවතින ඍණාත්මක ඒකාකෘති සහ අපකීර්තිමත් තත්ත්වයට අභියෝග කිරීමට හඬ නැගූ ආබාධ සහිත කාන්තාවන් ගණනාවකින් කෙනෙකි.

ආබාධ සහිත පුද්ගලයින්ට ද ප්‍රීතිමත් සබඳතා පැවැත්විය හැකි බව පෙන්වීම වැදගත් වූ බව හොලී ග්‍රීඩර් පවසයි.

දැන් ඇයගේ ස්වාමි පුරුෂයා වන ජේම්ස් සමග ඇය ආදර සම්බන්ධතාව ඇරඹියේ ඇය නව යොවුන් වියේ පසුවද්දී ය. වසර 9ක් පුරා පැවති සම්බන්ධතාවකින් අනතුරුව ඇය මෙම වසරේ මුල ඔහු සමග විවාහ වූවා ය.

"මාධ්‍යවල ගොඩක් වෙලාවට පෙන්නන්නේ, ආබාධ සහිත පුද්ගලයින් දුක්ඛිත ජීවිත ගත කරනවා කියලා, අපි තවත් එක දුක්බර කතාවක් කියලා," ඇය පැවසුවා ය.

ඇය තවදුරටත් සඳහන් කළේ, ඔහුගෙන් සහයක් ලැබෙන බව ඇයට සැමවිට ම දැනුණු නමුත් අන් අය විසින් ඔවුන්ගේ විශ්වාසයන් මත පදනම් ව තමන් පිළිබඳව අසාධාරණ තීන්දු ගනු ලබන බවට දැනුණු බව ත් ය.

"අපි මුලින් ම එකට ජීවත් වෙන්න ගියා ම, මට මිනිස්සු කිව්වා මගේ සෞඛ්‍ය තත්ත්වය නරක් උනා ම එයා මාව දාලා යාවි කියලා.

"වදයක් වෙලා, බලා ගන්න බැරි තැනට පත් වුණා ම."

 

image 211

හොලී සැප්තැම්බර් මාසයේදී ජේම්ස් සමග විවාහ වූ අතර ඔහු සැමවිට ම ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කළ බව පවසයි

 

පාසැලේදී ඇය ගැන විවිධ පිරිස් උපකල්පනවලට එළඹි බවත් ඔවුන් ඇතැම් ඒවා ඇයගෙන් ඍජුව ම විමසා සිටි බව ත් ඇය පැවසීය.

"රෝද පුටුවක් පාවිච්චි කරන කෙනෙක් ගත්තා ම, සැකයක් නැහැ, මුලින් ම අහන ප්‍රශ්නය තමයි, ඒ මනුස්සයට සෙක්ස් කරන්න පුළුවන් ද? කියන එක."

පාසැලේ ඇගේ පන්තියේ සිටි පිරිමි ළමයින් පෞද්ගලික හා අනවශ්‍ය ප්‍රශ්න ඇසූ බව ඇය පැවසුවා ය.

"මගෙන් ඇහුවා, ඔයාට රෝද පුටුවේ විතරක් ඉඳන් සෙක්ස් කරන්න පුළුවන් ද? වගේ ප්‍රශ්න. ඔයාගේ ජොයින්ට්ස් පනීවි ද? මට ඔයත් එක්ක රෆ් සෙක්ස් කරන්න ඕනේ නම්, ඔයාට ඒක කරන්න පුළුවන් වේවි ද?

හොලී පැවසුවේ, 'සෙක්ස්' පිළිබඳව ඇයට සමාජ මාධ්‍ය හරහා පවා ඇතැම් පුද්ගලයින් පණිවිඩ එවා ඇති බව ත් එවැනි ඇරයුමක් කිරීම පිළිබඳව ඇයට තමන් "වාසනාවන්ත" යැයි හැඟිය යුතු බව නිරතරයෙන් පැවසූ බව ත් ය.

මාධ්‍ය තුළ වඩා හොඳ ධනාත්මක නියෝජනයක් දැකීමට හොලී කැමැත්තක් දක්වන බව පවසන්නේ Sex Educationහි අයිසැක් ගුඩ්වින් ඒ සඳහා ඇය දන්නා එක ම හොඳ උදාහරණය බව පෙන්වා දෙමිනි.

 

Nicola 221

නිකොලා පවසන්නේ "අපි ලෝකය වෙනත් ආකාරයකින් දකින්නේ, අපි අනුගත වෙනවා"

 

කාර්ෆිලිහි පදිංචි 38 හැවිරිදි නිකොලා තෝමස්, අන්ධ කාන්තාවක් ලෙස නීත්‍යනුකූලව හඳුනා ගත් අයෙකි.

ඇය මෙසේ පැවසුවා ය: "මිනිස්සු නිතර අහන දෙයක් තමයි, ඔයා කොහොම ද සෙක්ස් කරන්නේ? ඒක නිකම් හුස්ම නතර කරනවා වගේ ප්‍රශ්නයක්. ආක්‍රමණශීලි සහ පෞද්ගලික ප්‍රශ්නයක්."

නිකොලා නියුරොමයිලයිටිස් ඔප්ටිකා නමැති ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයකින් පෙළෙයි. ඇයට වසර 15කට පෙර එක් ඇසක පෙනීම අහිමි වූ අතර අනෙක් ඇසේ පෙනීම වසර පහකට පෙර අහිමි විය.

"ඇස් නොපෙනීම බාධකයක් විදිහට ගොඩක් අය දකිනවා. අනිවාර්යයෙන් ම මම ඒවා බිඳලා දාන්න පුළුවන් කෙනෙක්."

නිකොලාගේ විනෝදාංශවලට මුහුදේ යාත්‍රා කිරීම, පැඩ්ල්බෝඩින් සහ සංචාරය කිරීම ඇතුළත් වේ. ඇගේ මීළඟ සංචාරය හොංකොං වෙතයි.

 

nicola 445

නිකොලා සහ ඇගේ පෙම්වතා පෝල්, එක්ව ලොව පුරා සංචාරය කිරීමට කැමැත්තක් දක්වයි

 

පෙනීම අහිමි වන මොහොතේ නිකොලාට පෙම්වතෙකු සිටි නමුත් එම සම්බන්ධතාවය බිඳ වැටිණි.

"මට සැලකුවේ මාව මහ බරක් වගේ, මිනිස්සු කිව්වා ඔයාට එයාව බලාගන්න කෙනෙක් වෙන්න බෑ කියලා, ඒත් මට බලාගන්න කෙනෙක් ඕන වුණේ නැහැ."

ඇයට දැන් දෘෂ්‍යාබාධිත පෙම්වතෙකු සිටී.

"අපි දෙන්න ම අන්ධ වුණත්, මග හොයා ගෙන නගරය පුරා යනවා, එහෙම නැත්නම් ඩෙට් එකකට යනවා. කිසි දේකට අපිව නවත්තන්න බැහැ."

මිනිසුන් ඇය කෙරෙහි උනන්දුවක් දක්වන විට තමාට ඒකාකෘතික හැඟීමක් ඇති වන බව නිකොලා පැවසීය.

"මිනිස්සු මට සෝෂල් මීඩියාවලින් මැසේජ් කරලා හමුවෙන්න අහනවා. එයාලගේ අවධානය වෙනස් වෙනවා, නැත්නම් හැසිරීම වෙනස් වෙනවා, මගේ ඇස් පේන්නේ නෑ කියලා මම එයාලට කිව්වා ම."

"එයාලා උව්වක් කරනවා කරනවා වගේ තමයි සලකන්නේ. එතනින් ම එපා වෙනවා."

නිකොලා මෙසේ ද පැවසීය: "මිනිස්සු අපි දිහා පටු විදිහට බලන්නේ. මට අන්න එක බිඳලා දාන්න ඕනේ. මට පරිපූර්ණ සහ ප්‍රීතිමත් ජීවිතයක් තියෙනවා."

 

nicola678

"ඔබ ආබාධිත තත්ත්වයක නම් ඉන්නේ, ඔයා දුප්පත්කම හොඳට අඳුනනවා. නමුත් ඒක මූල්‍යමය වටිනාකමකට එහා ගිය දෙයක්. යහපත් සම්බන්ධතාවක් කියන්නෙත් දුප්පත්කමක්."

 

කැට් වොට්කින්ස් පැවසුවේ, ආබාධ සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය සොයා යාමට සහ වෙනත් ඕනෑ ම කෙනෙකුට මෙන් සබඳතා පැවැත්වීමට ගැනීමට අයිතියක් ඇති බව ය.

ඇය Disability Wales සංවිධානයේ දේශපාලන ව්‍යාපෘති නිලධාරිනිය ලෙස කටයුතු කරයි.

"ඇයි සෙක්ස් සහ සබඳතා ආබාධ සහිත අයට තහනම් දෙයක් වෙලා තියෙන්නේ? ආහාර ගන්න පුළුවන් වෙන එක සහ හිසට වහලක් තියෙන එකට වඩා ගොඩක් වටින දේවල් අපිට තියෙනවා."

"ජීවිතය ගත කිරීම සහ සතුට භුක්ති විඳින ඒක ජීවිතේ එක කොටසක් විතරයි. අබාධ තියෙන අයගේ ජීවිතවල ඒ කොටස ගැන අවධානයට ලක් වෙන්නේ නැහැ."

කැට් පැවසුවේ ආබාධිත කාන්තාවන් වෙත මිනිසුන් යොමු කරන පණිවිඩ, "කනගාටුදායක ලෙස සාමාන්‍යකරණය වී" ඈති බව ය.

අවශ්‍ය පරිදි සකසා ගත හැකි සෙක්ස් ටෝයිස් සහ උපකරණ මිනිසුන්ට විශ්වාසයක් ලබා දිය හැකි බවත් ඒවා ව ඩාත් ප්‍රධාන ධාරාවේ සෙක්ස් සම්බන්ධ වෙබ් අඩවි සහ අලෙවිසැල්වල දැකීමට කැමති බවත් ඇය පැවසුවා ය.

"ඔබට ඔබව පහසුවක් වෙන්න ඕන සහ ඔබ ඔබේ ශරීරය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක සාර්ථක ද කියලා ඔයාට අනිත් අයට කියන්න පුළුවන්. ස්වයං ආදරය ද ඉතා වැදගත්."

[ජෙමා ඩන්ස්ටන්]
බීබීසී වේල්ස් ලයිව්

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...