The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කලින් කියුව 'විද්‍යාත්මකව ඇමති මණ්ඩලය පිහිටුවීම' අමතක වෙලා

T

The Leader Desk

November 19, 2024 • 4:38 PM

කලින් කියුව 'විද්‍යාත්මකව ඇමති මණ්ඩලය පිහිටුවීම' අමතක වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා දන්නා තරමට, “ගරු” යැයි සැළකෙන්නේ “ඇමති ධූරය” පමණි.
  • තමාට “අතිගරු” ලෙස අමතන්නට එපා යැයි රනිල් වික්‍රමසිංහ කියූවත් “අතිගරු” යැයි අමතන්නේ ජනාධිපති ධූරයට මිස රනිල් වික්‍රමසිංහට නොවූයේ එනිසා ය.
  • “විද්‍යාත්මක” කතාව එන්නේ පසුගිය කාලයේ ඇමතිකම් තොග පිටින් බෙදන්නට අවශ්‍ය වූ විට දෙපාර්තමේන්තු හා රාජ්‍ය සංස්ථාද අමාත්‍යාංශ ලෙස නම් කිරීමත් සමගින්ය.
  • එනිසා විෂය ක්ෂේත්‍ර අනුව තාර්කික ගැලපීමක් මත අමාත්‍යාංශ ගොනු කිරීම හා ඒවාට අවශ්‍යවන ආකාරයට දෙපාර්තමේන්තු වෙන් කිරීමේ වුවමනාව සැබවින්ම ආණ්ඩු පාලනයට අවශ්‍ය වූවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙරුණු පුද්ගලයින් ය. මා දන්නා තරමට, “ගරු” යැයි සැළකෙන්නේ “ඇමති ධූරය” පමණි. ඒ ඇමති ධූරයට පත් කෙරෙන පුද්ගලයාගේ “ගරුත්වය” සමාජය තීන්දු කරන්නකි. එය ගැසට් පත්‍රයකින් ලබා දිය හැක්කක් නොවේ. මේ පුද්ගල “ගරුත්ව” ආරූඩය, පිරිහුණු සමාජයක ලක්ෂණයකි. වැදගත් නොවැදගත් සැමට “ගරු” යැයි කීමම, පිරිහුණු සමාජ පැවැත්මක සිදු වන්නකි.

පිළිගත් පැරණි සම්මතය වූයේ වැටුප් හා දීමනා කිසිත් නොලබන සේවයට “ගරු” යැයි කීම ය. එහෙත් මේ වෙළඳපල ආර්ථිකයෙහි අතීතයේ මෙන් “ගරු සේවා” පවත්වා ගැනීම එතරම් තාර්කික නොවන්නකි. එබැවින් තනතුර “ගරු” තනතතුරක් වූවත් එම තනතුරෙහි සේවය කරන පුද්ගලයාගේ අවශ්‍යතා සඳහා වියදම් දැරීමට ඔහුට හෝ ඇයට වැටුපක්, දීමනාවක් ලබා දීම ප්‍රායෝගික අවශ්‍යතාවක් වන්නේය. ඒ හේතුව නිසා, තනතුරට “ගරු” යැයි කීවත් ඒ තනතුරෙහි ඉන්නා පුද්ගලයාගේ නමට “ගරු” යැයි නොයෙදෙන්නේය. තමාට “අතිගරු” ලෙස අමතන්නට එපා යැයි රනිල් වික්‍රමසිංහ කියූවත් “අතිගරු” යැයි අමතන්නේ ජනාධිපති ධූරයට මිස රනිල් වික්‍රමසිංහට නොවූයේ එනිසා ය.

zasfraww
එතෙකින් ඒ කතාව නතර කර මෙතැන් සිට “විද්‍යාත්මකව” ඇමති මණ්ඩලය පිහිටුවීම ගැන කතාවට අවධානය යොමු කරමි. “විද්‍යාත්මක” කතාව එන්නේ පසුගිය කාලයේ ඇමතිකම් තොග පිටින් බෙදන්නට අවශ්‍ය වූ විට දෙපාර්තමේන්තු හා රාජ්‍ය සංස්ථාද අමාත්‍යාංශ ලෙස නම් කිරීමත් සමගින්ය. එනිසා විෂය ක්ෂේත්‍ර අනුව තාර්කික ගැලපීමක් මත අමාත්‍යාංශ ගොනු කිරීම හා ඒවාට අවශ්‍යවන ආකාරයට දෙපාර්තමේන්තු වෙන් කිරීමේ වුවමනාව සැබවින්ම ආණ්ඩු පාලනයට අවශ්‍ය වූවකි. එවැනි ඇමති මණ්ඩලයක් පිහිටුවීම සඳහා “විද්‍යාත්මක” යැයි විශේෂනය යොදා ගත්තක් මිස, අමාත්‍යාංශ ගොනු කිරීමේ වෙනත් විද්‍යාවක් නැත.

ඊයේ නොවැම්බර් 18 වන දින, මාලිමා ආණ්ඩුව, නැතිනම් ඇමති මණ්ඩලය දිවුරුම් දීම සමග, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියමය පරිදි එම ඇමති මණ්ඩලය අංක 2411/10 ගැසට් පත්‍රය මගින් නිවේදනය කර ඇත. එහි කලින් කියූ විද්‍යාත්මක ඇමති ධූර වෙන් කිරීමක් නැත. එහි ඇත්තේද පුද්ගලයින් දෙස බලා ඇමතිකම් බෙදීමකි.

xdtw45ff
එසේ නොවේ යැයි කියන්නේ නම්, “සෞඛ්‍ය සහ ජනමාධ්‍ය” එක් ඇමතිවරයෙකුට පිදුවේ මන්දැයි පිළිගත හැකි අයුරු පැහැදිලි කළ යුතුය. මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍ය බරපතල ලෙස රෝගාතුර වූවක් බව සැබෑය. එහෙත් ඒවා සෞඛ්‍ය ඇමතිවරයෙකුට සුව කළ හැකි රෝග නොවේ. ඉතා පැහැදිලිව කියන්නේ නම්, “ජනමාධ්‍ය” යැයි අමාත්‍යාංශයක් අවශ්‍ය නැත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ තැබිය යුත්තකි. රජයේ මාධ්‍ය ආයතන සඳහා කිසිදු ඇමතිවරයෙකු යටතේ නොවන, පාර්ලිමේන්තුවට වග කියන්නාවූ මාධ්‍ය නියාමන කොමිසමක් පාර්ලිමේන්තු පනතකින් පිහිටුවිය යුතුය.

“ග්‍රාමීය සංවර්ධනය” විෂයක් ලෙස “කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග” විෂය පථයෙන් ඉවත් කෙරුණේ මන්දැයි තවත් ප්‍රශ්නයකි. “ග්‍රාමීය සංවර්ධනය” සඳහා “කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග” අනිවාර්ය විෂයන් ය.

එවගේම ධීවර, ජලජ හා සාගර සම්පත් යැයි වෙනම අමාත්‍යාංශයක් කුමටදැයි පැහැදිලි කළ යුත්තකි. ධීවර කර්මාන්තය හා සාගර සම්පත් සමග මිරිදිය කර්මාන්තය හා ජලජ සම්පත් අයත් වන්නේ ධීවර දෙපාර්තමේන්තුවටය. එක්සත් ජාතීන්ගේ 2013 “පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයුම්” මාර්ගෝපදේශන සටහනට අනුව කෘෂිකර්මය, අංශ සතරකින් සමන්විත වන්නකි. ඉන් තෙවැන්න, ධීවර හා ජලජීවී ක්ෂේත්‍ර වන්නේය. අසල්වැසි ඉන්දියාවේද ධීවර විෂය අයත් වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයටය. එබැවින් ධීවර හා ජලජ සම්පත් යැයි වෙනම අමාත්‍යාංශයක් අවශ්‍ය නොවන්නේය. ඒ සියල්ලෙන් කියන්නේ අපට අවශ්‍ය වන්නේ “ග්‍රාමීය සංවර්ධන” සහ “කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග” සමග “ ධීවර, ජලජ සහ සාගර සම්පත්” යැයි අමාත්‍යාංශ 03 ක් නොව, “කෘෂිකර්ම, ධීවර හා ග්‍රාමීය සංවර්ධන” ලෙස එක අමාත්‍යාංශයක් පමණක් බවය.

xfg4e5df
කම්කරු අමාත්‍යාංශය යටතේ තිබිය යුතු “විදේශ රැකියා” සඳහා ශ්‍රමිකයින් පිටරට පැටවීම සහ මෙරට “සංචාරක කර්මාන්තය”, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ලෙස “විදේශ කටයුතු” අමාත්‍යාංශයට බාර දුන්නේ කෙසේදැයි සිතා ගත නොහැක. “සංචාරක කර්මාන්තය” සඳහා යැයි මහජන බදු මුදලින් ලබා දෙන බදු සහන, විවිධ වරප්‍රසාද බුක්ති විඳින ව්‍යාපාරිකයින් සංචාරක සේවා ප්‍රවර්ධනය බාර ගත යුතුය. සංචාරක ව්‍යාපාරයට අදාල රජයේ වියදමින් නඩත්තු කෙරෙන සංස්ථා, අධිකාර, කාර්යංශ විසුරුවා හැරිය යුතුය. සංචාරක කර්මාන්ත නියාමන කාර්යංශයක් පමණක් “කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන” අමාත්‍යාංශය යටතේ තැබිය යුතුය.

ගෘහ සේවය ඇතුලු මැදපෙරදිග රැකියා සම්බන්ධ සංක්‍රමණික ශ්‍රමය රාජ්‍ය තාන්ත්‍රික විෂය පථයට ඇතුලු වන්නක් නොවේ. ‘80 දසකය වන විට ඒ සම්බන්ධ සියලු වගකීම් තිබූයේ කම්කරු දෙපාර්තමේන්තුවෙහි ඒකකයක් ලෙසය. එය ජනාධිපති ජයවර්ධනගේ ආරම්භක යුගයේ, පාර්ලිමේන්තු පනතකින් කාර්යංශයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු පැවතියේ කම්කරු අමාත්‍යාංශය යටතේය. තව දුරටත් එය තිබිය යුත්තේ එහි ය.

ජාතික ඒකාබද්ධතාව “අධිකරණ” අමාත්‍යාංශයට ඇති සම්බන්ධය කුමක්දැයි කිව යුතුය. ජාතික ඒකාබද්ධතාව විෂයක් ලෙස ඉස්මතු කරන්නේ නම්, එය පැවතිය යුත්තේ “පළාත් සහා සහ පළාත් පාලනය” සමග ය. අධ්‍යාපන අමාත්‍යාංශය මූලික වශයෙන් එහි රේඛීය අමාත්‍යාංශ විය යුතුය.

එවගේම, පාර්ලිමේන්තු කටයුතු “මහජන ආරක්ෂාවට” ඇති සම්බන්ධයද එවැනි අපභ්‍රංස පූට්ටුවකි. ඇත්තම කතාව නම්, පාර්ලිමේන්තු කටයුතු යැයි අමාත්‍යාංශයක් අවශ්‍ය නැත. ඊට අයත් යැයි නම් කෙරෙන වගකීම්, පැවතිය යුත්තේ අගමැති යටතේ ය. අනෙක් කාරණාව නම්, “මහජන ආරක්ෂාව” යැයි වන පොලිස් දෙපාර්තමේන්තුව සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස පැවතිය යුත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේය. 1970 දසකය අවසන් වන තෙක් එය පැවතියේද එළෙසින්ය.

මෙතෙක් පැවති විකාර රූපි ඇමති මණ්ඩල යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේදී එවැනි වෙනස්කම් සමූහයක් කළ යුතුව තිබිණ. එය මේ මාලිමා ආණ්ඩුවෙන්ද ඉටු නොවූවක් බැව් අවසන් වශයෙන් කිව යුතුය. එබැවින් මෙවැනි පටලැවිලි නිරවුල් නොකරගනු ලැබූ ඇමති මණ්ඩලයකින් රටේ අර්බුදය සඳහා ඉදිරිපත් කෙරෙන විසඳුම් ගැන සමාජයට තැබිය හැකි විශ්වාසය තව ටික කලෙකින් ජනතාවටම බැලිය හැකි වනු ඇත. “දීලා බලන්න” යැයි කියුවේ එනිසා විය යුතුය.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 නොවැම්බර 19

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...