The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජබ සිලින්ඩර් ජාතික ලැයිස්තු අවුල - (රජිත් කීර්ති තෙන්කෝන්)

T

The Leader Desk

November 20, 2024 • 7:10 AM

සජබ සිලින්ඩර් ජාතික ලැයිස්තු අවුල - (රජිත් කීර්ති තෙන්කෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු යන්නේ රවී බව මම ඔහු නාම යෝජනා අත්සන් කළ දින සිට දැන සිටියෙමි.
  • රවී ගේ පත්වීම 100% ක් නීත්‍යානුකුල ය.
  • එය උසාවියකින් හෝ ආපසු හැරවීම කළ හැකි යැයි මම නොසිතමි. එක්සත් සමාජවාදී පෙරමුණ (මැටි පහන) ට 1989 දී ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හවුල්කාර පක්ෂ අතර මෙවැනිම කුලල් කා ගැනීමක් ඇති විය.
  • එජාපයට 2020 ලැබුණු මන්ත්‍රී ධූරය වසරකට වැඩි කලක් පුරප්පාඩුව තබා රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයෙකු ලෙස පාර්ලිමේන්තු ගොස් අගමැති, ජනපති දක්වා ඉහළ නැග්ගේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු යන්නේ රවී බව මම ඔහු නාම යෝජනා අත්සන් කළ දින සිට දැන සිටියෙමි. රවී ගේ පක්ෂය, විධිමත් සන්ධාන ගිවිසුමක් නැති කම, රවී ට පූර්ණව එකඟවන පක්ෂයේ තනතුරු ලැයිස්තුව අනුව රවී ගේ නම ගැසට් නොවුණා නම් පුදුමය. රවී ගේ පත්වීම 100% ක් නීත්‍යානුකුල ය. එය උසාවියකින් හෝ ආපසු හැරවීම කළ හැකි යැයි මම නොසිතමි. 

එක්සත් සමාජවාදී පෙරමුණ (මැටි පහන) ට 1989 දී ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හවුල්කාර පක්ෂ අතර මෙවැනිම කුලල් කා ගැනීමක් ඇති විය. අවසානයේ ජාතික ලැයිස්තුවට පුරවනු ලැබූවේ පක්ෂයේ මහ ලේකම් කේ.පී.සිල්වා තමාගේම නම යෝජනා කරමිනි.

 

අතීතය පසෙකලා රට වෙනුවෙන් එක්වන්න - ජනපති රනිල් වික්‍රමසිංහ

එජාපයට 2020 ලැබුණු මන්ත්‍රී ධූරය වසරකට වැඩි කලක් පුරප්පාඩුව තබා රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයෙකු ලෙස පාර්ලිමේන්තු ගොස් අගමැති, ජනපති දක්වා ඉහළ නැග්ගේය. ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබිය දී, හරීන් ප්‍රනාන්දු ගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පාර්ලිමේන්තුව විසිරවන තුරුම පිරවීමට සජබ කටයුතු කළේ නැත. 

ජාතික ලැයිස්තුවට ඇතිවී තිබෙන ගැටුමේ ප්‍රමාණය අනුව සිලින්ඩරයේ ජාතික ලැයිස්තුව තවත් ටික කලක් හිස්ව තිබේ නම් පුදුම විය යුතු නැත.

සජබ ලැයිස්තුව 

 


සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර දැනටම පත්වී ඇත. තවත් ආසන හතරක් ඉතිරිය.  

මනෝ ගනේෂන් 2010 දී ද, 2020 දී ජාතික ලැයිස්තුව අරභයා රැවටීමට ලක් විය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ රිෂාඩ් ගේ ඒ.සී.එම්.සී. පක්ෂයට මන්ත්‍රී ධූර ලබා දෙන බවට එකඟතාවයක් තිබුණි. 2020 ද එම පක්ෂ සමගත් අසාත් සාලි සමඟත් එවැනිම එකඟතා පැවතුණි. නමුත්, සජබ එම එකඟතා ඉටු නොකළේය.  

සරළවම, මනෝ, හකීම්, රිෂාඩ් ගෙන් දෙදෙනෙකුට හෝ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර ලබා දීමට අනිවාර්යයෙන්ම සජබට සිදුවේ. මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු තේරීම නිසාම් කාරියප්පර් ය.

මෙවර (ලග්ගල හැර) සජබ  15% ඉක්මවා ඡන්ද ලබාගත් සෑම ආසනයකම එම ඡන්ද ලැබුණේ වතු දෙමළ හා මුස්ලිම් ඡන්ද මත බව කිසි ලෙසකින් හෝ නොතකා හැරිය නොහැකිය.   

 

vwte4
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් කාන්තාවකට දීම සාමාන්‍ය සම්ප්‍රදාය යි. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විශාඛා සූරියබණ්ඩාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තබා ලිහිණි ප්‍රනාන්දුට ජාතික ලැයිස්තුව මන්ත්‍රී වරම් නොලැබීමට ඇති ඉඩ වැඩිය. 

ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම ජාතික ලැයිස්තුවට බලාපොරොත්තු ඇති අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාය.

මම දන්නා සජිත් ප්‍රේමදාස නම්, කිසිම දවසක ඩලස් ට ජාතික ලැයිස්තුව දෙන්නේ නැත. ඩලස් මන්ත්‍රී ධුරයක් ලබන්නේ නම්, එහි දිගු කාලීන අවාසිය තමාට බව ඔහු ගණන් හදනු ඇත. ඒ අර්ථයෙන් ගත් විට, ජී.එල්.ට නැවත ජාතික ලැයිස්තුවෙන් පැමිණීම ට ඇති ඉඩ අන් සියල්ලට වඩා වැඩිය.  නමුත්, එය කිසි ලෙසකින් හෝ සජබට, හෝ විපක්ෂයට ආලෝකයක් වන්නේ නම් නැත.

ලක්ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තුවට පත් කරන ලෙස මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට තරම් සජබ තීරණ ගන්නා කණ්ඩායම කිසි විටෙක ඉඩ දෙන්නේ නැත. ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ලගේ නම ටිපෙක්ස් වන්නේ ඒ නිසාමය. කිරිඇල්ල නැති අඩුව නම් පාර්ලිමේන්තුවට දැඩිව දැනෙනු ඇත. 

සජිත් ගේ ලඟම හිතවතුන් වන අශෝක් අබේසිංහ සහ බුද්ධික පතිරණටත් ජාතික ලැයිස්තු කැරට් අල දික්වී ඇති බව දනිමි. ඉතිහාසය පුරා එවැනි කැරට් ගුණරත්න වන්නිනායක, ශිරාල් ලක්තිලක, රවී ජයවර්ධන, අසාත් සාලි, වැනි මාගේ මිතුරන්නට සජිත්ගෙන් නොඅඩුව ලැබී තිබුණි. මා දන්නා සජිත් මුලින්ම නොතකා හරින්නේ තම සමීපතම හිතවතුන්ය. 

 

ජනතාව අනතුරක : ආණ්ඩුවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල පට්ට අවුල් ! -එරාන් කියයි  (VIDEO)
මහේෂ් සේනානායක, සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න ඉදිරියෙන්ම සිටින අනෙක් පුද්ගලයින් ය. සූජීවට පක්ෂය තුලින් දැඩි විරෝධයක් ඇතත් තවමත් වැඩිම අවස්ථාව ඇති තෝරා ගැනීම ඔහුය. සජබ ලැයිස්තුවේ ඉන්න වෙනත් මිනිහෙකුට මතයකට ඇහුම්කම් දෙන පුද්ගලයෙකු ඇත්නම් ඒ එරාන් වික්‍රමරත්න ය. නමුත්, මේ වන විට මන්ත්‍රී ධූරට ඔහුට ද දුරය. 

ගිය වර සජබ ජාතික ලැයිස්තුවෙන් ආ හරීන් ප්‍රනාන්දු, ඩයනා ගමගේ පක්ෂය හැර ගියේය. මෙවර දැනටම රංජිත් මද්දුම බණ්ඩාර ජාතික ලැයිස්තුවට පත්වී අවසන්ය. ඉදිරි දින කිහිපයේ සජිත් ට ලොකුම අභියෝගය වනු ඇත්තේ රංජිත් මද්දුම බණ්ඩාර මය.

මේ ටික කියවන ඔබ මේ පක්ෂ දෙකට ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නට කුමන හෝ නිර්ණායකයක් ප්‍රමිතියක් නැති දැයි අසනු ඇත. එහෙම ප්‍රතිපත්තියක් තිබුණා නම්, ජනාධිතිවරණයේ ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් දෙකෙන් එකක් වත් මහා මැතිවරණයේ දී ලැබිය යුතු නේද? එවන් ප්‍රතිපත්තියක් ඇති නායකයෙකුට වසර හතරක් තුල සිය මනාප ප්‍රමාණය අඩකට වඩා අඩු වනු ඇති ද? 

පාර්ලිමේන්තුවේ විපක්ෂය මෙහෙයවිය හැකි පුද්ගලයා හර්ෂ සිල්වා, කබීර් හෂීම් වැනි අලුත් මුහුණ කි. විපක්ෂ නායක ධූරයට කිසිවෙකු පත් වන තුරුම සජබ ජාතික ලැයිස්තුව පත් නොකිරීම ස්ථිර ඒ නිසාමය.

අලුත් පාර්ලිමේන්තුව අභියෝගය ආණ්ඩුවට නොව විපක්ෂයට ය - (රජිත් කීර්ති තෙන්නකෝන් )(රජිත් කීර්ති තෙන්නකෝන්) 
හිටපු විධායක අධ්‍යක්ෂ 
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )
rajith_tennakoon@yahoo.com

සබැඳි පුවත් :
සජබ ජාතික ලැයිස්තුවෙත් ගැටුමක් : මහ ලේකම් තමාව පමණක් නම්කර ගනී !


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...