The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ, වීඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න

T

The Leader Desk

November 20, 2024 • 11:18 AM

ඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ, වීඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒවා බොහෝ විට මෙලෙස පළ කෙරෙන්නේ, පෙම් සබඳතා හෝ ලිංගික සබඳතා බිඳී යාමෙන් පසු හෝ පළිගැනිමේ අරමුණෙනි.
  • එසේම ඇතැම් අවස්ථා වලදී දුරකථන අලුත්වැඩියා කිරීම ආදීයට ලබාදීමෙන් පසු අදාළ සේවා ස්ථාන වලින් දුරකථනයේ ඇති පෞද්ගලික ඡායාරූප සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැරී අවස්ථා පිළිබඳ ද මෑත ඉතිහාසයේ වාර්තා වී තිබේ.
  • මෙලෙස අන්තර් ජාලයට මුදා හැරෙන ඇතැම් ඡායාරූප හෝ වීඩියෝ සත්‍ය නොවන අතර; AI තාක්ෂණය උපයෝගි කර ගනිමින් සකසන ලද ඡායාරූප හෝ විඩියෝ ද වලට ද දැන් ලෝකය පුරා උදාහරණ තිබේ.
  • මෙවැනි සිදුවීමවල බහුල වශයෙන් ඇත්තේ තර්ජනය කිරිම් හා බිය වැද්දීම් බව පෙන්වා දුන් ඇය එම නිසා ඇතැම් විට දිගින් දිගටම හිංසනයට ගොඳුරු වෙමින් සම්බන්ධතාව පවත්වාගෙන යාමට සිදුවන බව ඇය කියා සිටියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒවා බොහෝ විට මෙලෙස පළ කෙරෙන්නේ, පෙම් සබඳතා හෝ ලිංගික සබඳතා බිඳී යාමෙන් පසු හෝ පළිගැනිමේ අරමුණෙනි.

 

එසේම ඇතැම් අවස්ථා වලදී දුරකථන අලුත්වැඩියා කිරීම ආදීයට ලබාදීමෙන් පසු අදාළ සේවා ස්ථාන වලින් දුරකථනයේ ඇති පෞද්ගලික ඡායාරූප සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදා හැරී අවස්ථා පිළිබඳ ද මෑත ඉතිහාසයේ වාර්තා වී තිබේ.

 

මෙලෙස අන්තර් ජාලයට මුදා හැරෙන ඇතැම් ඡායාරූප හෝ වීඩියෝ සත්‍ය නොවන අතර; AI තාක්ෂණය උපයෝගි කර ගනිමින් සකසන ලද ඡායාරූප හෝ විඩියෝ ද වලට ද දැන් ලෝකය පුරා උදාහරණ තිබේ.

මෙවැනි අපයෝජනයන්ගෙන් මෙන් ම හිංසනයන්ගෙන් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද?

 top 15 cute texts to send to boyfriend throughout the day 1 .jpg

 

ඔබේ පෙම්වතාට, පෙම්වතියට, ආදරවන්තයාට, ආදරවන්තියට හෝ ලිංගික සහකරුට හෝ සහකාරියට නිරුවත් ෆොටෝ, වීඩියෝ යැවීමට පෙර ඔබ ඒ ගැන සැලකිලිමත් වීමට අත්‍යවශ්‍ය වන කරුණු මොනවද යන්න පිළිබඳව බීබීසී සිංහල ඔබේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් විශේෂඥ අදහස් සහිතව විමසා බැලීය.

 

'මෙවැනි දේවල් යවන්න එපා කියලා හැම වෙලාවෙම අපි කිව්වට ඒක යල් පැන ගිය එකක් වෙලා'

 

“මෙවැනි දේවල් යවන්න එපා කියලා හැම වෙලාවෙම අපි කිව්වට ඒක යල් පැන ගිය එකක් වෙලා; මොකද කෘතිම බුද්ධිය වගේ තාක්ෂණය එක්ක දැන් මේවගේ දේවල් ව්‍යාජ විදියට හදන්න පුළුවන් වෙලා තියෙන නිසා.”

 fty

"අපි කියන දෙයක් තමයි ඔයා පින්තූරයක් යවන්න කැමති නැති නම් ඒක කරන්න එපා. හැබැයි තමන්ගේ පෙම්වතා පෙම්වතිය විශ්වාස කරනවා නම්, හම්බ වෙන්න විදියක් නැති නම් කැමැත්තෙන් පින්තූර හරි වීඩියෝ හරි යවනවා නම් පුළුවන් තරම් යවනකොට අඳුරගන්න බැරි වෙන්න යවන්න කියලා."

"අපි කියනවා මුහුණ නැතිව යවන්න කියලා. එහෙම් නැති නම් වටපිටාව හඳුනාගන්න බැරි විදියට යවන්න කියලා. ඒත් එක්කම තමන්ගේ ශරිරයේ තියෙන උපන් ලප වගේ විශේෂයෙන් හඳුනාගත හැකි කොටස් තියෙනවානේ ඒවා නැතිව යවන්න කියලා." යැයි මෙවැනි සිදුවීම්වල වින්දිතයන්ට සහාය වී අත්දැකිම් බහුල, ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය පැවසුවාය.

 

මෙවැනි සිදුවීමවල බහුල වශයෙන් ඇත්තේ තර්ජනය කිරිම් හා බිය වැද්දීම් බව පෙන්වා දුන් ඇය එම නිසා ඇතැම් විට දිගින් දිගටම හිංසනයට ගොඳුරු වෙමින් සම්බන්ධතාව පවත්වාගෙන යාමට සිදුවන බව ඇය කියා සිටියා ය.

 

“ආදරය කරන්න එපා කියලානේ, මේ තරුණ වයසේ දී ඒ අයට ලැබෙන පණිවිඩය. ඉතින් එතකොට කරදරයක් වුණාම කියන්න කෙනෙක් නැහැ, මොකද හැමෝම ආදරය කරන්න එපා කියලා බය කරලානේ තියෙන්නේ.”

 

‘මොනවා හරි අන්තර්ජාලයට දැම්මොත් ඒක අයින් කරන්න බැහැ’

 අන්තර්ජාලය භාවිත කරන සියලුදෙනාට වැදගත් පණිවිඩයක්

 

මෙවැනි ගැටලුවලට තාක්ෂණයෙන් පිළිතුරු සොයනවා වෙනුවට හැසිරීම තුළින් මෙවැනි දේ නිරාකරණය කර ගත යුතු බව පබා දේශප්‍රිය සඳහන් කළාය.

 

එමෙන්ම අන්තර්ජාලයට එක් කරන ලද ඡායාරූප හෝ වීඩියෝ සම්පූර්ණයෙන් ම මකා දැමිය නොහැකි බව මෙන්ම වෙනත් තැනකින් හෝ යළි මතුවිය හැකි යැයි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව සිය අත්දැකිම් ඇසුරෙන් පබා දේශප්‍රිය අවධාරණය කළාය.

 

“ෆේස්බුක් එකට හරි වෙන සමාජ මාධ්‍යවලට ලියලා දාන ඒවා අපි අයින් කළාට ඊට පස්සේ ආපහු කවුරුහරි දානවා. ඒ කියන්නේ ඒක අයින් කළා කියලා නවතින්නේ නැහැ.”

 

එමෙන්ම වට්ස්ඇප් වැනි ඇප් හරහා හුවමාරු වන වීඩියෝ හෝ ඡායාරූප ඉවත් කිරිමේ හැකියාවක් නැති බව ද ඇය පැවසුවාය.

“අපි ගාවට එන අය කියන දෙයක් තමයි අනේ කොහොමහරි මේක අයින් කරලා දෙන්න කියන එක. හැබැයි මූලික දෙයක් තමයි මොනවා හරි අන්තර්ජාලයට දැම්මොත් ඒක අයින් කරන්න බැහැ. මොන ඇප් එකෙන් මොනවා කිව්වත්; කොහේ හරි ඒක සේව් වෙලා ලෝඩ් වෙලා තියෙන්න පුළුවන්.”

පළිගන්න ෆොටෝ, වීඩියෝ පළ කරන්නේ ඇයි?

 Illustration of a simple person's rear view of a concept of secret photography, revenge pornography, or cybercrime with a smartphone

 

පළිගැනිමේ අරමුණින් වෙනත් කෙනෙකුගේ අතිශය පුද්ගලික ඡායාරූප හෝ වීඩියෝ පළ කිරිම ගැන ද ඇය පැහැදිලි කළාය.

 

“ගෞරවය කියන්නේ මොකක්ද කියලා කාගෙන් හරි ඇහුවොතින් හරි අමාරුයි පැහැදිලි කරන්න. හැබැයි ගෞරව කරන්නේ කාට ද කියලා ඇහුවොතින් ඔන්න ලැයිස්තුවක් කියනවා. ඒ කියන ලැයිස්තුවේ ඔක්කොම බලයෙන් වැඩි අය. ඕන තැනක වැඳ වැටෙන්න පුළුවන් හැබැයි ඇත්තටම ඒ පුද්ගලයාට ගෞරව කරනවා ද, අපි සහකම්පනයෙන් සමානාත්මතාවයෙන් සලකනවා ද, එයාට ඇත්ත වටිනාකමක් දෙනවා ද කියන එක අපි ඉගෙනගෙන නැහැ. අනිත් එක කේන්තිය පාලනය කරගන්න එක ගැන අපිට පාසලෙන්වත් පුහුණුවක් ලැබෙන්නේ නැහැ.”

“අපි විවේචනාත්මක ව බලන්න ඕනේ සම්බන්ධතාවයක් ගැන හිතන්නේ කොහොමද කියන එක ගැන. දෙමාව්පියෝ ළමයින්ට ගහන එක පවා සෑහෙන ප්‍රශ්නයක් නේ. ගුටි කාලා බැනලා ගොඩනැගෙන ළමයා මොකක්ද එයාට ටිකක් බලය ආවාම කරන්නේ? එයාට වැඩිය බලය අඩු කෙනෙක් පාගනවා. හුදෙකලා කරලා මේ සම්බන්ධතා ඇතුළේ තියන පළිගැනීම ගැන කතා කරන්න අමාරුයි. ඒක සමාජයෙම තියෙන හිංසනය සහ පළිගැනීම කියන එකත් එක්ක ආමන්ත්‍රණය කරන්න ඕනේ.”

මෙවැනි සිදුවීම්වලට ශ්‍රී ලංකාව තුළ නීති ඇතැයි කී පබා දේශප්‍රිය 'දණ්ඩ මුක්තිය බිඳ දැමීමට' නම් මෙවන් පීඩාවකට පත්වුවහොත් නීතිය හමුවට යාම අනිවාර්යෙන් ම කළ යුතු යැයි අවධාරණය කළාය.


උපකාර ලබා ගත් හැක්කේ කාගෙන් ද?

 

මෙවැනි හිංසන හා අපයෝජන සම්බන්ධව ගත හැකි ආරක්ෂාකාරී පියවර මොනවා ද යන්න ගැන පබා දේශප්‍රිය ගෙන් බීබීසී සිංහල විමසීය.

 IMG 1418

“තමන්ගේ පින්තූරයක් කැමැත්ත නැතිව කවුරු හරි කොහේ හරි දාලා තියෙනවා නම්, දානවා කියලා තර්ජනය කරනවා නම් එහෙම නැති නම් අල්ලස් ඉල්ලනවා නම් පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පැමිණිල්ලක් දාන්න පුළුවන්.”

'විනිශ්චය භාවයකින් තොරව' එවැනි වින්දිතයින් සමාන්‍ය පැමිණිලිකරුවන් ලෙස භාර ගනිමින් ඔවුන් ට අවශ්‍ය සහාය ලබා දීමට පොලීසිය දැනුවත් කර ඇතැයි ඇය බීබීසි සිංහල සමග කියා සිටියාය.

 

වයස අවුරුදු 18 වඩා අඩු තැනැත්තෙක් මෙවැනි සිදුවීමකට මුහුණ දුනහොත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ උපකාර පැතිය හැකිය.

 

එමෙන්ම හෑෂ්ටැග් පරපුර, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ කාන්තා පිහිට සංවිධානය වැනි ආයතනය පීඩාවට පත් වින්දිතයන් වෙනුවෙන් සිය සහාය ලබා දෙයි.


'පින්තූරේ යැව්වට නෙමෙයි ලැජ්ජා වෙන්න ඕනේ'

 delete nothing

“බොහෝ දෙනෙක් පොලිසියට යන්න කැමති නැහැ. නමුත් අපි විශ්වාස කරනවා පොලිසි නොගියත් මේවා කොහේ හරි වාර්තා වෙන්න ඕනේ කියලා එතකොට තමයි අපිට ප්‍රශ්නේ ගැඹුර තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.”

 

‘Delete nothing’ කියලා වෙබ් සයිට් එකක් තියෙනවා ඒකේ තමන්ට වෙච්ච දේ රෙකෝඩ් කරලා තියන්න පුළුවන්. තමන්ට වෙච්ච අසාධාරණය කොහේ හරි ලියලා තියන්න ඕන කියන එකයි අපි පිළිගන්නේ ඒ නිසා මේ වෙබ් සයිට් එකට යන්න පුළුවන්.”

 

“පින්තූරේ යැව්වට නෙමෙයි ලැජ්ජා වෙන්න ඕනේ. තමන්ගේ කැමැත්ත නැතිව අනිත් අයට පළ කරන කෙනා තමයි ලැජ්ජා වෙන්න ඕනේ.” යැයි සිය අත්දැකීම් හා දැනුම බීබීසි සිංහල සමග බෙදාගත් ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය තවදුරටත් පැවසුවාය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...