The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

ආණ්ඩුවට වෙට්ටු දමා රටම වට්ටමු ද?- (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

November 21, 2024 • 7:50 AM

ආණ්ඩුවට වෙට්ටු දමා රටම වට්ටමු ද?- (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂයේ අවසන් මාස හතරෙන් තුනක්ම ගත කළේ මැතිවරණ උන්මාදයෙනි.
  • තම තමන් බලයට පත්වනු ඇති බවට වෙන වෙනම හීන දුටු කණ්ඩායම් තුනක් රටේ සිටියහ.
  • ජනාධිපතිවරණයේ දී මේ කණ්ඩායම් තුනම අපූරු හීන දුටු බව පෙනෙන්නට තිබුණි.
  • විපක්ෂ නායක සජිත් ගේ කණ්ඩායම හිතා හිටියේ විපක්ෂයේ ඉඳගෙනත් බස් දීපු, සුහුරු පංති කාමර දීපු සෞඛ්‍ය උපකරණ දීපු සජිත් ලොක්කා ජනාධිපති වුණොත් මොන දීමක් දෙනු ඇත්දැයි සිතන ජනතාව මෙවර අනිවාර්යෙන්ම ඔහු ජනපති කරනු ඇති බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


2024 වර්ෂයේ අවසන් මාස හතරෙන් තුනක්ම ගත කළේ මැතිවරණ උන්මාදයෙනි. තම තමන් බලයට පත්වනු ඇති බවට වෙන වෙනම හීන දුටු කණ්ඩායම් තුනක් රටේ සිටියහ. ජනාධිපතිවරණයේ දී මේ කණ්ඩායම් තුනම අපූරු හීන දුටු බව පෙනෙන්නට තිබුණි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම හිතා ගෙන හිටියේ “ලොක්කා වැඩ කාරයා කොහොම හරි ගේමක් ගහලා මේ පාරත් ගොඩ ය‍යි” කියා ය. විපක්ෂ නායක සජිත් ගේ කණ්ඩායම හිතා හිටියේ විපක්ෂයේ ඉඳගෙනත් බස් දීපු, සුහුරු පංති කාමර දීපු සෞඛ්‍ය උපකරණ දීපු සජිත් ලොක්කා ජනාධිපති වුණොත් මොන දීමක් දෙනු ඇත්දැයි සිතන ජනතාව මෙවර අනිවාර්යෙන්ම ඔහු ජනපති කරනු ඇති බව ය. අන්තිම හරිය වන විට සජිත්ගේ කට්ටියට අඩුව තිබුණේ සජිත් මීළඟ ජනාධිපති ලෙස පත්වුණාය කියන මැතිවරණ කොමිසමේ නිල ප්‍රකාශය විතර ය. ඒ තරමටම කායිකව හා මානසිකව සජිතුත් පාක්ෂිකයිනුත් මානසිකව තිරිහන් වී තිබුණි.

1724665830 650x433

මේ සියලු මනෝ රාජිකයන් අතරේ ජාතික ජන බලවේගය සුලු මොහොතකටවත් සටන අත නොහැර ජනපතිවරණය නිමවන තුරුත් සිය අපේක්ෂකයා ජනාධිපති බවට පත්කර ගනීමේ සටනේ අඛණ්ඩවම නිරත විය. අවසානයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රබල තුන් කොන් සටනකින් ජයග්‍රාහකයා වෙමින් අනුර දිසානායක ජනපති ධුරයට පත් විය.


ජනපති ධුරය සඳහා තුන් කොන් සටනක් පැවතීම හේතු කරගෙන මින් පෙර කිසි කලෙකත් නොවූ පරිදි සරල බහුතර බහුතරය නොව සාපේක්ෂ බහුතරය ලබා ගත් අපේක්ෂකයා ජනාධිපති ධුරයට පත්වීම ද විශේෂ ය. මේ නිසාම ජනාධිපති වරයා තමන්ට ලැබුණු බලයේ ප්‍රමාණය පිළිබඳ තමන්ට හොඳ අවබෝධයක් ඇති බව ආරම්භයේදීම ප්‍රකාශ කළේ ආවාට ගියාට නොවේ. දශක දෙක හමාරකට ආසන්න පාර්ලිමේන්තු දේශපාලන පළපුරුද්දක් සහිත ජනාධිපති වරයා ගේ දේශපාලන තීන්දු තීරණ යනු හොඳින් කිරා මැන බලා සාමුහිකව ගන්නා කණ්ඩායම් තීරණ බැව් ඔහුගේ දේශපාලන පක්ෂය ගැන දන්නෝ දනිති. ජනාධිපතිවරයා විසින් ගනු ලබන ක්‍රියා මාර්ග ඔහුගේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තියුණු ලෙස සාකච්ඡාවට ගෙන හොඳින් වාසි අවාසි සසඳා බලා ගන්නා තීරණ බව පෙනේ.

 



අඩු බලයකින් ජනාධිපති පදවිය දිනා ගත් ඔවුන් ඉතා ඉක්මනින් බලය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව තේරුම් ගන්නට ඇති බව පැහැදිලි වුණේ දින දෙකක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට නියම කිරීමෙනි. මැතිවරණය සඳහා එලෙස ඉක්මනින්ම දිනය නියම කිරීමෙන් තමන්ට විරුද්ධ දේශපාලන කණ්ඩායම් බිත්තියටම හේත්තු කර දැමීමට ද ජනාධිපතිවරයා සමත් විය. ඔවුන් ගේ ඒ දේශපාලනික උපාය මාර්ග වල සාර්ථකත්වය මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල වලින් පෙනෙයි.

මෙබඳු තමන්ට අතිශය අවාසි සහගත අවස්ථාවන් කලමණාකරණය සඳහා විපක්ෂයේ පක්ෂවලට ඇති හැකියාව මැන බැලීම සඳහා විපක්ෂ ඡන්ද දායකයන්ට මහඟු අවස්ථාවක් ලැබුණේ සාපේක්ෂ බහුතර බලයකින් බලයට පත් ජනාධිපති වරයා බලයට පත් වූ සැනෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වන්න තීරණය කළ අවස්ථාවේදී ය.

 

 109463939 gettyimages 1174969161.jpgවිපක්ෂයේ ප්‍රධාන බලවේගය බවට පත්ව තිබුණේ සමගි ජන බලවේගයයි. ජනාධිපතිවරණයේදී එහි ඡන්ද පදනම 32 %විය. ඊළඟ විපක්ෂ බලවේගයව තිබුණේ රනිල් වික්‍රමසිංහ වටා සිටි ජනතාව ය. එහි 17% ඡන්ද පදනමක් විය.

විපක්ෂයේ ප්‍රධාන බලවේගය බවට පත්ව තිබුණේ සමගි ජන බලවේගයයි. ජනාධිපතිවරණයේදී එහි ඡන්ද පදනම 32 %විය. ඊළඟ විපක්ෂ බලවේගයව තිබුණේ රනිල් වික්‍රමසිංහ වටා සිටි ජනතාව ය. එහි 17% ඡන්ද පදනමක් විය. පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ බලවේග දෙක එකතුව මුහුණ දීමෙන් බැලූ බැල්මට 42%ක් වූ ජාතික ජන බලවේගය පදනම් ඡන්ද ප්‍රමණය අතික්‍රමණය කළ හැකි වාසිදායක තත්වයක් පෙනෙන්නට තිබුණි. ජනාධිපතිවරණයෙන් ජාජබය ජයග්‍රහණය කර තිබූ තත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂයට ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ බලයක් ගැනීම අතිශය අසීරු වුණත් අඩුම තරමින් සුලු බහුතරයකට ජාජබය සීමා කර ගැනීමට ඉඩ කඩක් පාර්ලිමේන්තු මැතිවරණ පිටියේ විපක්ෂයේ ප්‍රධන කණ්ඩායම් දෙක ඒකබද්ධ කිරීමෙන් ඇතිකර ගත හැකිව තිබුණි.

 

Ranil Wickremesinghe 1රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට තරඟ නොකරන බව හා ජාතික ලැයිස්තුවටවත් නම ඇතුලත් නොකරන බව පැවසීම

මේ දේශපාලනික අවස්ථාව ඉතාම හොඳින් දැක්කේ රාජිත සේනාරත්න ඇතුලු රනිල්වාදී කණ්ඩායමකි. රනිල් වික්‍රමසිංහගේ තියුණු දේශපාලන ඥානයට ද මෙය වැටහී තිබුණු බව සජබ හා ඒකාබද්ධ වීමට ඔහු අකමැත්තක් පළ නොකිරීමෙන් පැහැදීලි විය. සත්‍ය වශයෙන්ම එබඳු ඒකාබද්ධ වීමකට තමන් බාධාවක් නොවන බව ද ඔහු පෙන්නුම් කළේ තමන් මහ මැතිවරණයට තරඟ නොකරන බව හා ජාතික ලැයිස්තුවටවත් නම ඇතුලත් නොකරන බව පැවසීමෙනි. එසේ වුවද සජිත් ප්‍රේමදාස මේ දේශපාලනික අවස්ථාව නිවැරදිව කියවා ගැනීමට සමත් වූයේ නැත. ඔහුගේ පිටුපස සිටින පවුලේ අය හෝ දේශපාලන උපදේශකයන් සිතා සිටියේ ජාජබ ජනාධිපතිවරයා ගේ යටතේ අගමැති කම සමගි ජන බලවේගයට ලබා ගත හැකි බවට විශ්වාසයක් මහ මැතිවරණයේ දී ජනතාව තුළ ගොඩනැඟීම සජිත්ට තනිවම කළ හැකි බව ය. ඒ සඳහා රනිල් ළඟ සිටි වරුණ රාජපක්ෂ බඳු දක්ෂයන් තමන් වෙත ඈඳාගෙන රනිල්ට කෝචොක් පාරක් දමා තමාගේ කෙරුවාව පෙන්නීමට ද ඔහු බලාපොරොත්තු විය.

 

kanakashehanakilaඅනුරාධපුරේ ෂෙහාන් සේමසිංහ, කුරුණෑගල අකිල විරාජ්, කෑගල්ලේ කනක හේරත් ආදී පිරිස් තරඟයට ඉදිරිපත් නොවීමේ තීරණයට පැමිණියේ ද එහි ප්‍රතිඵල ලෙස ය.

මේ තත්වය තුළ රාජිත සේනාරත්න ප්‍රමුඛ දේශපාලන කෞටිල්‍යලා බලාපොරොත්තු වූ ඒකාබද්ධ දේශපාලන පෙරමුණ අසාර්ථක විය. එ පමණක් ද නොව ඒ ගැන මහත් විශ්වාසයෙන් වෙනම තරඟ කිරීමට සූදානම් ව නොසිටි රනිල් වටා සිටි පිරිස් ද දුර්මුඛ වීමට එය හේතුවක් විය. අනුරාධපුරේ ෂෙහාන් සේමසිංහ, කුරුණෑගල අකිල විරාජ්, කෑගල්ලේ කනක හේරත් ආදී පිරිස් තරඟයට ඉදිරිපත් නොවීමේ තීරණයට පැමිණියේ ද එහි ප්‍රතිඵල ලෙස ය. අන්තිමට රනිල් වටා සිටි පිරිස රනිල්ගේ ලකුණෙන් රවි කරුණානායක ගේ ළඟ තිබුණු රූකඩ පක්ෂයකින් ඉදිරිපත් වීමට තීරණය කළේ වෙන කරන්නම දෙයක් නැතිවුණු තැන ය. මේ තත්වය තුළ පැවැත්වුණු මහ මැතිවරණය පටන් ගැන්මේ දීම ජාතික ජන බලවේගය ඉදිරියෙන් තබා ඊට මීටර් දෙතුන් සීයක් පිටුපසින් විපක්ෂය ඉඳගෙන පටන්ගත් මීටර් 800ධාවන තරඟයක් බවට පත්විය.

 109347008 gettyimages 181399144.jpg

මහ මැතිවරණයේ දී ජනාධිපතිවරණයේ දී තරම් වත් උනුසුමක් රටේ නොතිබුණි. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකශ කළේ 13619916දෙනෙකි. මහ මැතිවරණයේදී එය 11815246 බවට පත්වූයේ ජනාධිපතිවරණයේ දී ඡන්දය භවිතා කළ 1804670ක් ඡන්ද පොළට පැමිණීම ප්‍රතික්ෂේප කළ නිසා ය. ඒ අනුව ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් 7.5%මහ මැතිවරණයට ඡන්දය භාවිතා නොකළ බව පැහැදිලි වෙයි. ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළ අයගෙන් 300300 දෙනෙකු ගේ ඡන්ද ප්‍රතික්ෂේප විය. මහ මැතිවරණයේ දී ඡන්ද භාවිතා කළ සංඛ්‍යාවෙන් 667240ඡන්ද ප්‍රතික්ෂේප විය. ඉන් පැහැදිලිවන්නේ මහ මැතිවරණයේ දී ජනපතිවරණයට වඩා 366940දෙනෙකුගේ ඡන්ද ප්‍රතික්ෂේප වූ බව ය.


RSවිපක්ෂයේ සජිත් හා රනිල් නායකත්වය දුන් පක්ෂ දෙකම එකතුව මහ මැතිවරණයේ දී ලබාගෙන ඇත්තේ ඡන්ද 2469551කි.
මේ සංඛ්‍යා ලේඛන මගින් නිගමනය කළ හැක්කේ ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළ වලංගු ඡන්ද 2171610ක් මෙවර මහ මැතිවරණයේ මහජන නියෝජිතයින් තෝරා ගැනීමට එක් වී නැති බව ය. එමෙන්ම ඒ මුලු ඡන්ද ප්‍රමාණයම පාහේ ජනාධිපති ඡන්දයේදී ජාතික ජන බලවේගයට එරෙහිව විපක්ෂයට භාවිතා කළ ඡන්ද බව ය. විපක්ෂයේ සජිත් හා රනිල් නායකත්වය දුන් පක්ෂ දෙකම එකතුව මහ මැතිවරණයේ දී ලබාගෙන ඇත්තේ ඡන්ද 2469551කි. මේ පක්ෂ දෙක ඒකාබද්ධව මහ මැතිවරණයට මුහුණ දුන්නා නම් අඩුම තරමින් මහ මැතිවරණයේ දී ඡන්ද පොලට නොපැමිණ හා ඡන්ද පොලට පැමිණ ඡන්දය අවලංගු කළ 2171610 ඡන්ද ප්‍රමාණය ඒ ඒකාබද්ධ පක්ෂයට ලබා ගැනීමට ඉඩ තිබුණි. එසේ වූවා නම් මේ ඒකාබද්ධ පක්ෂයට මන්ත්‍රී ධුර 80ක් ඉක්මවා ලබා ගත හැකිව තිබුණි. එවිට විපකෂයේ අනිකුත් පක්ෂ සඳහා ලැබී ඇති 21ක් වූ මන්ත්‍රී සංඛ්‍යාව සමඟ විපක්ෂයේ බලය 100 ඉක්මවිය හැකි ව තිබුණි. එවිට ආණ්ඩුවට ප්‍රමාණවත් බලයක් ද විපක්ෂයට යම් සාධනීය බලයක් ද පවත්වා ගෙන යා හැකි ව තිබුණි.


මේ තත්වය අහිමි කර ගත්තේ සජිත් ප්‍රේමදාස හා ඔහුගේ දේශපාලන උපදේශකයින්ගේ පටු ආත්මාර්ථ කාමී ආකල්පයන් නිසා බැව් පැහැදිලි ය. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂයට ඇති ලොකුම බාධකය වන්නේ අගමැති හරිනි අමරසූරියගේ ආණ්ඩුව නොව සජබ නායක සජිත් ය. තමන්ගේ උද්ධච්ච මාන්නය නිසා විපක්ෂයේ බලය 50%කින් පමණ අඩුකර ගත් අයෙකු විපක්ෂ නායක වුනොත් එය ජාජබ ආණ්ඩුව ලබන ඊළඟ ලොකු ජයග්‍රහණය වනු ඇත.

 

tilvin silva 24.11.16 ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ මහා ජයග්‍රහණයෙන් උදම් වෙනවාට වඩා ඒ මහා ජන මතයට බෙහෙවින් ගෞරව කරමින් කතා කිරීම ආදර්ශමත්‍ ය.

මේ අතර තමන් බලාපොරොත්තු නොවූ දැවැන්ත මහජන විශ්වාසයක් ලබාගත් ජාජබ නායකයන් ඒ ජයග්‍රහණය පිළිබඳ අතිශය ඉවසීමෙන් හා අවබෝධයෙන් අදහස් දක්වනු දැකීමත් ප්‍රශංසා කටයුතු ය.ජාතික ජනබලවේගයේ කවර තනතුරක සිටීදැයි අපට සිතා ගත නොහැකි මුත් ජාතික ජනබලවේගයේ නියමු බලවේගය වන ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ ජයග්‍රහණය ගැන දැක්වූ අදහස් අතිශය සධනීය වේ. ඔහු මේ මහා ජයග්‍රහණයෙන් උදම් වෙනවාට වඩා ඒ මහා ජන මතයට බෙහෙවින් ගෞරව කරමින් කතා කිරීම ආදර්ශමත්‍ ය. විශේෂයෙන් ජවිපෙ නායකයකු එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපයකින් කතා කිරීම ඇතැමුන්ට සිහිනයකින් වත් දැක ගත හැකි දෙයක් නොවේ.

 



ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ජේ ආර් ජයවර්ධන බඳු දේශපාලන පතාක යෝධයෙකු සිය 1977ජයග්‍රහණයෙන් උදම්ව ගෑනියෙක් පිරිමියෙක් කිරීමේ බලය හැර වෙන ඕනෑම දෙයක් තමන්ට කළ හැකි බවත් 80 ජුලි වර්ජනයේ දී වර්ජකයින්ට සේවය හැර යාමේ නියෝගය දී “ඔය අලියා ඔලුව හෙලෙව්වා පමණයි” කිය පුරාජේරු කතා කී රටේ සන්නද්ධකාමී ඉතිහාසයක් ඇති ජවිපෙ නියමුවකු වන ටිල්වින් සිල්වා මේ මහා බලය අබියස ප්‍රකාශ කළේ අප අපේක්ෂා නොකළ බලයක් අප වෙත දී ඇති බව හා ඒ බලය ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට වග බලා ගන්නා බව ය.

jaffna akd 241115

එසේම මහ මැතිවරණයේදී අවුරුදු පනහකටත් වඩා ජාතික දේශපාලන පක්ෂවලින් ඈත්වී සිටි උතුරු නැගෙනහිර හා වතුකරයේ දමිළ මුස්ලිම් ජන කොටස් ආකර්ශණය කරගෙන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැංවීමේ කාර්යයට හොඳ ආරම්භයක් ලබාදීමේ ගෞරවය ද නිතැතින්ම ජාතික ජන බලවේගය අත්කරගෙන ඇත. එය ද ඉමහත් සතුටට කරුණකි.


මේ අනුව ජාතික ජන බලවේගයේ නව ආණ්ඩුව ගත වූ කෙටි කාලය තුළ බලය පමණක් නොව ලකුණු ද රැස්කරමින් ඉදිරියට ගමන් කිරීම ආරම්භ කර ඇති බව පැහැදිලි ය. ඔවුන් දේශපාලන උපාය උපක්‍රම අතින් අන් සියලු දේශපාලන පක්ෂ හා දේශපාලකයින් පරාජය කර ඇති අතර දැන් ඉතිරිව ඇත්තේ රාජ්‍ය පාලනයේදී රටේ මහජනතාව හමුවේ සිය ක්‍රියාශීලිත්වය පෙන්වීම ය.

 

1672453264 rice L මේ දිනවල මතුව ඇති සහල් ප්‍රශ්නය ඔවුන් මුහුණ දෙන පළමු රාජ්‍ය පාලන අභියෝගයයි.

මේ දිනවල මතුව ඇති සහල් ප්‍රශ්නය ඔවුන් මුහුණ දෙන පළමු රාජ්‍ය පාලන අභියෝගයයි. ජනතාව ලෙස කළ යුත්තේ මේ රජයට අභියෝග ජය ගැනීමට ඉඩ සලසනු වස් ආණ්ඩුවට සහය දීමයි. සහය දීමට අකමැතිනම් අනවශ්‍ය බාධා නොකර සිටීමයි. විපක්ෂය කළ යුත්තේ තම අඩුපාඩු සකසාගෙන තමන් වඩා හොඳ විකල්පය බවට ජනතාවට ඒත්තු ගැන්වීම මිස ඡන්ද පොරොන්දු උළුප්පා දක්වමින් ආණ්ඩුවට උසුළු විසුළු කිරීම හෝ ජාතිවාදී ආගම්වාදී ප්‍රලාප පතුරුවමින් ආණ්ඩුවට උගුල් ඇටවීම නොවේ. ආණ්ඩුව වැටුණොත් හෝ අසාර්ථක වුනොත් අසාර්ථක වන්නේ හා වැටෙන්නේ ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවේ සමස්ත රටම ය. දේශපාලන භේදයෙන් තොරව ඒ බව අප කවුරුත් තේරුම්ගත යුතු ය.


sunil Kannangara
(සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

 


(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුවට වෙට්ටු දමා රටම වට්ටමු ද?- (සුනිල් කන්නන්ගර) | The Leader