The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

November 22, 2024 • 5:17 AM

අලි සබ්රිගේ ටයර් දානය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමට වාර්තා තබා ඇති රටක, මෙවැනි පරාජිත අපේක්ෂකයෙකු තමන් දුන් පොරොන්දුවක් පරාජයෙන් සතියක් ගතවීමටත් කලින් ඉටු කරනු ලැබීම අහ්ලාදජනක ය.
  • ඒ සඳහා ඔහු වැය කර ඇත්තේ තමාගේ පුද්ගලික ධනය වීමත් ආශ්චර්යමත් ය. එක ටයරයක් රුපියල් 10,000 ක් යැයි ගණන් බැලූවත් මේ සඳහා ඔහු රුපියල් ලක්ෂ හැටක් (6,000,000) හෙවත් මිලියන 6 ක්වත් වියදම් කරන්නට ඇති.
  • එම ප්‍රදේශයේ ත්‍රීවීලර් හිමියන්ට නොමිලේ ටයර් ලබා දෙන බව ඔහුගේ එක පොරොන්දුවක් විය.
  • ඒ පොරොන්දුව ඉටු කරමින්, ත්‍රීවීලර් 200 ක් සඳහා පසුගිය දා ඔහු ටයර් ලබා දුන් බව ගිය සති අන්තයේ පුවත්පත් වාර්තා කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමට වාර්තා තබා ඇති රටක, මෙවැනි පරාජිත අපේක්ෂකයෙකු තමන් දුන් පොරොන්දුවක් පරාජයෙන් සතියක් ගතවීමටත් කලින් ඉටු කරනු ලැබීම අහ්ලාදජනක ය. ඒ සඳහා ඔහු වැය කර ඇත්තේ තමාගේ පුද්ගලික ධනය වීමත් ආශ්චර්යමත් ය. 

 

44b9a6a6 f165 4a41 ab37 c2e51b1af65b 1එක ටයරයක් රුපියල් 10,000 ක් යැයි ගණන් බැලූවත් මේ සඳහා ඔහු රුපියල් ලක්ෂ හැටක් (6,000,000) හෙවත් මිලියන 6 ක්වත් වියදම් කරන්නට ඇති.
මොහු, පුත්තලම් දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අල් සබ්රි ය. ඔහු නියෝජනය කෙළේ, සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රස් පක්ෂයයි. එහෙත් මෙවර ඔහු පුත්තලම් දිස්ත්‍රික්කයට තරග කෙළේ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙනි. එම ප්‍රදේශයේ ත්‍රීවීලර් හිමියන්ට නොමිලේ ටයර් ලබා දෙන බව ඔහුගේ එක පොරොන්දුවක් විය. ඒ පොරොන්දුව ඉටු කරමින්, ත්‍රීවීලර් 200 ක් සඳහා පසුගිය දා ඔහු ටයර් ලබා දුන් බව ගිය සති අන්තයේ පුවත්පත් වාර්තා කර තිබුණි. එක ත්‍රීවීලරයකට ටයර් තුනක්වත් දෙන්නට ඇතැයි උපකල්පනය කළොත් අඩු වශයෙන් ටයර් 600 ක්වත් දෙන්නට ඇති. වෙළෙඳපොළේ විවිධ මිල ගණන් ඇතත්, දළ වශයෙන් එක ටයරයක් රුපියල් 10,000 ක් යැයි ගණන් බැලූවත් මේ සඳහා ඔහු රුපියල් ලක්ෂ හැටක් (6,000,000) හෙවත් මිලියන 6 ක්වත් වියදම් කරන්නට ඇති. 

මේ දානය වැලඳීමෙන් එම ප්‍රදේශයේ ත්‍රීවීලර් හිමියන් ඉමහත් සතුටට පත්වන්නට ඇති. තමන් ඔහුට ඡන්දය නොදීම ගැන කනගාටු වන්නටත් ඇති. නැවත මැතිවරණයක් තිබ්බොත් (උදාහරණයක් වශයෙන් පළාත් සභා) ඔහුට ඡන්දය පාවිච්චි කළ යුතු යැයි සිතන්නටත් ඇති.

Politics in sri lankaඡන්දදායකයන්ට වරදාන ප්‍රදානය කිරීම හෝ එසේ කරන බවට පොරොන්දු වීම තුළින් දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ ඡන්දය ඩැහැගැනීම අප සුලබව දකින කාරණයකි

මේ කතාව, අපේ දේශපාලන සංස්කෘතිය විසින් දූෂණය නඩත්තු කරගෙන යන ආකාරය පෙන්වන දර්ශක අතරින් පොදුවේ දකින්නට ලැඛෙන එක් සිල්ලර දර්ශකයකි. තම තමන්ගේ ඡන්දදායකයන්ට වරදාන ප්‍රදානය කිරීම හෝ එසේ කරන බවට පොරොන්දු වීම තුළින් දේශපාලනඥයන් විසින් ඔවුන්ගේ ඡන්දය ඩැහැගැනීම අප සුලබව දකින කාරණයකි. රට සංවර්ධනය කිරීමේ සැලස්මක් ඔස්සේ යනවාට වඩා, තම තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරන සීමිත ඡන්දදායකයන් පිරිසක් සතුටු කිරීමෙන් හැමදාමත් බලයේ රැඳී සිටීම ඉතා පහසු ක්‍රමයක් බව අපේ දේශපාලනඥයෝ අත්දැකීමෙන් දනිති.

විකල්පය කොතනද? - ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහතමන් වෙනුවෙන් එවැනි 'පරිත්‍යාග' කිරීම සඳහා තව තවත් දූෂිත ක්‍රමවලින් සමස්ත රටේ ධනය සොරාකෑමට දේශපාලනඥයාට සිදු වන බවත් ඡන්දදායකයා නොසිතයි.

 

ඔහුට/ඇයට එසේ කළ හැකිව තිඛෙන්නේ, ඡන්දදායකයා අමතක කරන එක් වැදගත් කාරණයක් නිසා ය. එනම්, දේශපාලනඥයා විසින් තමන්ට වරදාන දෙන්නේ (කොටහලූ මඟුලකට, මරණයකට හෝ දානයකට ආදී වශයෙන්), හැම විටකම පාහේ, රටේ ධනයෙන් අයථා පරිදි උපයාගත් ධනයෙන් බවයි. එක්කෝ ඡන්දදායකයා එය නොදනී. නැත්නම්, ඒ ගැන නොතකයි. එසේම තමන් වෙනුවෙන් එවැනි 'පරිත්‍යාග' කිරීම සඳහා තව තවත් දූෂිත ක්‍රමවලින් සමස්ත රටේ ධනය සොරාකෑමට දේශපාලනඥයාට සිදු වන බවත් ඡන්දදායකයා නොසිතයි.

 

රත්‍රන් තොගය රාජසන්තකයි : අලි සබ්‍රි දඩයක් ගෙවා ගෙදර යයි

රත්‍රන් තොගය රාජසන්තකයි : අලි සබ්‍රි දඩයක් ගෙවා ගෙදර යයි

මේ දූෂිත වළල්ල ගැන යම් අවබෝධයක් අලි සබ්රි හරහාම අපට ලබාගත හැකිය. සොරකම, වංචාව සහ දූෂණය සම්බන්ධයෙන් මේ පුද්ගලයා කුප්‍රකටයි. මොහු 2023 මැයි 23 වැනිදා ඩුබායි රටට ගොස් එද්දී රත්තරන් කිලෝ 3.5 ක් සහ ජංගම දුරකථන 91 ක් හොරෙන් මෙරටට ගෙන ඒමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණි. ඔහු හොරෙන් ගෙන ඒමට තැත් කළ එකී භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 78 කි. මේ කිසි භාණ්ඩයක් ඔහුගේ හෝ ඔහුගේ පවුලේ අයගේ පෞද්ගලික පාවිච්චිය සඳහා (උදාහරණයක් වශයෙන්, බිරිඳට මාලයක් හෝ දරුවෙකුට ස්මාට් ෆෝන් එකක් වැනි භාවිතයක් සඳහා) ගෙන එන ලද්දක් නොවේ. එය එසේ වුණත්, එවැනි කාරණයකට පවා නීතිය පැත්තෙන් කිසි අවසරයක් නැතත්, මොහු නියැලී ඇත්තේ, ජාවාරම්කාර ව්‍යාපාරික කටයුත්තකම බව හොඳටම පැහැදිලියි.

 

මේ වනාහී, මොහු මෙවැනි ක්‍රියාවක් කර හසු වූ පළමු අවස්ථාවයි. හසු නොවූ අවස්ථා තව බොහොමයක් තිඛෙන්නට ඇති. ඉතිං, මිලියන 6 ක් වැනි සොච්චමක් සිය ඡන්දදායකයන් වෙනුවෙන් ටයර් දානයක් සඳහා වැය කිරීම එවැන්නෙකුට මහ කජ්ජක් නොවේ. 

ඊළඟට, මෙකී සොරකම හසු වූ අවස්ථාවේ පෙළගැසුණු සිද්ධි දාමය, ඒ සොරකමටත් වඩා අක්‍රමික සහ දූෂිත බව අපට නිරීක්ෂණය කළ හැකිය. මේ සොරකම හසු වන විට ඔහු සිටියේ විපක්ෂයේ නොව, ආණ්ඩු පක්ෂයේ ය. එහෙත්, 2020 මැතිවරණයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටියේ විපක්ෂයෙනි. එසේ සිටියදී, එවක ජනාධිපතිවරයාගේ, එනම් ගෝඨාභය රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීම සඳහා ඔහු ආණ්ඩුවට එක් විය. ඒ අනුව, අපේ ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසයේ අති කුප්‍රකට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා ඊට පක්ෂව ඔහු ඡන්දය පාවිච්චි කෙළේය.

 

බළලා මල්ලෙන් එලියට පනී! - ගෝඨා පාර්ලිමේන්තුව නොකැඳවන හේතුව මෙන්නමොහු ඇතුළු තවත් කිහිප දෙනෙකු, එසේ ආණ්ඩු පක්ෂයට නොයන්නට, එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වනු ඇත.

මොහු ඇතුළු තවත් කිහිප දෙනෙකු, තමන්ව පාර්ලිමේන්තුවට පත්කර යැවූ ජනතාවට ද්‍රෝහී වී, එසේ ආණ්ඩු පක්ෂයට නොයන්නට, එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වනු ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක්, එනම් මන්ත්‍රීවරුන් 150 ක් අවශ්‍ය කළ ඒ  කාර්යය සඳහා 156 ක්ම සපයාගැනීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට පිහිට වූ කිහිප දෙනාගෙන් කෙනෙකි මොහු. 

දැන්, 2023 මැයි 23 වැනිදා, කටුනායක ගුවන් තොටුපොළ හරහා හොර බඩු ගෙන ඒමට තැත් කරන්නේ, එකී අලි සබ්රි ය. ඔහුගේ අවාසනාව හෝ රේගු නිලධාරීන්ගේ දක්ෂතාව හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා එහිදී ඔහු කොටු විය. ඉන්පසුවත් මේ පුද්ගලයා පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය. ඔහුට දඬුවම් කිරීමට පාර්ලිමේන්තුවට මාස 10 ක්ම ගත විය. ඒ සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කෙරුණි. අවසානයේ, 2024 මාර්තු 6 වැනිදා ඔහුට දුන් දඬුවම කුමක්ද? පාර්ලිමේන්තුවට පැමිණිම මාසයකට අත්හිටුවීමයි!. ඒ මාසයේ පාර්ලිමේන්තුව රැස් වූ දින ගණන 4 කි. එනම්, දින 4 ක දඬුවමක් !.  පාර්ලිමේන්තු 'වරප්‍රසාද' යනුවෙන් අප හඳුන්වන්නේ එවැනි දේවල් ය. වෙනත් රටක නම් මෙවැනි පුද්ගලයෙකු දේශපාලනයට නැවත වැද්දගන්නේ නැත. 

 

ඊළඟට, සොරකම හසු වූ අවස්ථාවේ ගැනුණු පියවර කවරේ ද? ගෙන ඒමට තැත් කෙරුණු දේවල් රාජසන්තක කිරීම සාමාන්‍ය ක්‍රමයයි. ඒ අනුව, ඔහු ගෙන ඒමට තැත් කළ භාණ්ඩ සියල්ල රාජසන්තක කෙරුණි. වරද සඳහා පැනවුණු දඩය රුපියල් මිලියන 7.5 කි. එනම්, ගෙන ඒමට තැත් කළ භාණ්ඩවල වටිනාකමින් සියයට 10 කටත් අඩු දඩයකි. රේගු නීතිය ප්‍රකාරව, ගෙන ඒමට තැත් කළ භාණ්ඩවල වටිනාකම මෙන් තුන් ගුණයක දඩයක් (මිලියන 234 ක්) නියම කිරීමට රේගුවට බලය තිබේ. ඒ සමගම, දූෂණයට අවසරයක් ඉතිරි කරන තවත් පියවරක්ද නීතියෙන්ම නිර්දේශ කර තිබේ. එනම්, එම භාණ්ඩවල වටිනාකම නොව, ඒ භාණ්ඩ සඳහා රජයට අය විය යුතුව තිබූ බද්ද මෙන් තුන් ගුණයක දඩයක් නියම කිරීමටයි. මේ බලතල දෙකෙන් කැමති එකක් පාවිච්චි කිරීමේ අවසරය රේගුවට තිබේ. එයින් කුමන දඩ ක්‍රමය අනුගමනය කරන්නේද යන්න තීරණය කිරීමේ පූර්ණ බලය, රේගු පරීක්ෂණ නිලධාරීන්ට සහ වෙනත් ඉහළ නිලධාරීනට ඇති බව, රේගුවේ විශ්‍රාමික විශේෂඥ නිලධාරියෙකු වන මගේ මිතුරෙක් මට කීවේය.

මේ සමාජයේ පාර්ලිමේන්තු පත් කරන්නේ රට හදන්න නෙවෙයි - (කුසල් පෙරේරා)සොරකම කරන ලද පුද්ගලයාගේ ස්වභාවය අනුව දඬුවම් නියම වීම, මේ රේගු දඩය සම්බන්ධයෙන් මෙන්ම, මොහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අනුගමනය කළ ක්‍රමවේදය තුළිනුත් අපට පෙනෙන්ට තිබේ.

 

එබැවින්, මේ අඩු දඩයත් 'නීත්‍යනුකූල' නැතැයි එකහෙලා අපට කිව නොහැක. එහෙත්, උපරිම දඩයට යටත් නොකර මේ සහනදායී දඩයට යටත් කිරීම කෙරෙහි දේශපාලනික අතපෙවීමක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් කෙනෙකු තුළ ඇති වීම වැළැක්විය නොහේ. කොටින්ම, සොරකමට වඩා, ඒ සොරකම කරන ලද පුද්ගලයාගේ ස්වභාවය අනුව දඬුවම් නියම වීම, මේ රේගු දඩය සම්බන්ධයෙන් මෙන්ම, මොහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අනුගමනය කළ ක්‍රමවේදය තුළිනුත් අපට පෙනෙන්ට තිබේ.

මීට මාස තුනකට පෙර දවසක් නුවර සිට කොළඹ බලා එමින් සිටියදී අප පැමිණි බස්රථය පොලීසියෙන් නතර කෙරුණි. කරන ලද වරද වුණේ, පැයට කිලෝමීටර් 60 වේග සීමාව ඉක්මවා කි.මී. 63 ක වේගයෙන් බසය ධාවනය කර තිබීමයි. රියැදුරා බසයේ ලියවිලි සියල්ල රැගෙන පොලිස් නිලධාරීන් සිටි තැනට දිව්වේය. මිනිත්තු කිහිපයකින් පැමිණි‚ ඔහුගෙන් විස්තර විමසූ විට අපට දැනගැනීමට ලැබුණේ, රුපියල් තුන් දහසක් පොලීසියට දී බේරී ආ බවයි. ඔහු කර ඇත්තේ, වේග සීමාව ඉක්මවා යාමේ වරදට වැඩි වරදක් බව අප ඔහුට කී විට ඔහු අපට දීර්ඝ 'දේශනයක්' තිබ්බේය. ඔහු කී කරුණු සියල්ල සත්‍යයි. එවැනි පගාවක් දීම හැර, වෘත්තීය රියැදුරෙකු වන ඔහුට වෙනත් මාර්ගයක් නැති බව අපට අවබෝධ විය.

අනීතික ලෙස නීතිය යොදවා ගැනීම ගැන පොලිස් ලොක්කාට මානව හිමිකම් පාඩමක්''මහත්තුරු නං කියයි, අපිනෙ පරිප්පුව කන්නෙ !'' යන්න ඔහුගේ විත්තිවාචකයේ සාරාංශය විය.

අප ඔහුට 'දේශනා' කළ පරිදි නීතිගරුක පුරවැසියෙකු වශයෙන් ඔහු කටයුතු කෙළේ නම්, එනම් පගාව දීම ප්‍රතික්ෂේප කෙළේ නම්, ඔහුත්, ඒ බස්රථයේ ගමන්ගත් අප සියල්ලන්මත් අනුගමනය කළ යුතුව තිබුණු ක්‍රමවේදය දීර්ඝ එකකි. පාරේ සිටි පොලිස් කොස්තාපල්වරයා කරන්නේ, රියැදුරාගේ රියැදුරු බලපත්‍රය තමන් සන්තකයට ගෙන, රිසිට් පතක් නිකුත් කිරීමයි. ඊට පසු අර රියැදුරා ඒ රිසිට් පත රැගෙන ළඟම ඇති පොලිස් ස්ථානයට යා යුතුය. එහිදී ඔහුට 'දඩ කොළයක්' ලැබේ. ඒ  'දඩ කොළය' රැගෙන ඊළඟට ඔහු තැපැල් කන්තෝරුවකට ගොස් දඩය ගෙවිය යුතුය. අනතුරුව, දඩය ගෙවූ බවට තැපැල් කන්තෝරුවෙන් නිකුත් කළ කුවිතාන්සිය ගෙනැවිත් අර පොලිස් නිලධාරියාට භාර දිය යුතුය. රියැදුරාගේ අතට රියැදුරු බලපත්‍රය යළි ලැඛෙන්නේ ඉන් අනතුරුව ය.

එහෙත්, මේ රියැදුරාගේ රාජකාරියේ ස්වභාවය අනුව එවැනි පිළිවෙතක් අනුගමනය කිරීම කොහෙත්ම ප්‍රායෝගික නොවන බව ඔහු අපට කළ 'දේශනයෙන්' අපට පසක් විය. ''මහත්තුරු නං කියයි, අපිනෙ පරිප්පුව කන්නෙ !'' යන්න ඔහුගේ විත්තිවාචකයේ සාරාංශය විය. 

 

shutterstock 1935646285 1024x576එහිදී ඇත්තෙන්ම කෙරෙන්නේ, දූෂණයට යට වෙන මානව සාධකය (පොලිස් නිලධාරියාව) ඉවත් කරනු ලැබීමයි.
නෙළුම් කුලූනක් තැනීමට වියදම් කළ මුදලෙන් අලූක්කාලකටත් අඩු වියදමකින් ඩිජිටල් කැමරා පද්ධතියක් රටේ ප්‍රධාන මාර්ගවල, හඳුනාගත් තැන්වල සවි කළ හැකිය. වේග සීමාව පාලනය කිරීම සඳහා පමණක් නොව, මේ නූතන තාක්ෂණය, නගරය ඇතුළත සිදු වන වෙනත් මාර්ග නීති උල්ලංඝණයන්ද (උදාහරණයක් වශයෙන්, රතු සංඥා නොතකා ධාවනය කිරීම) නීතියේ රැහැනට හසු කරගැනීම සඳහා පාවිච්චි කළ හැකිය. එවැනි තාක්ෂනික පද්ධතියක් ඔස්සේ, වාහනයේ හිමිකරුවා වෙත, කරන ලද වරද සහ දඩය ඔහුගේ ලිපිනයට දන්වා යවනු ලැබේ. ඉන්පසු, දඩය ගෙවීම සඳහා යම් කාලයක් දෙනු ලැබේ. අලි සබ්රිගේ සිද්ධිය මෙන් නොව, දූෂණයට ඉඩ සලසන මෙවැනි ක්‍රියාකලාපයන්, නූතන තාක්ෂනික ක්‍රමවේදයක් ඔස්සේ ඉතා පහසුවෙන් පාලනය කළ හැකිය. එහිදී ඇත්තෙන්ම කෙරෙන්නේ, දූෂණයට යට වෙන මානව සාධකය (පොලිස් නිලධාරියාව) ඉවත් කරනු ලැබීමයි.

 

ඡන්දය දානවා නම්.... මේක කියවලා යන්න - (කුසල් පෙරේරා)නොමිලේ දෙන ටයර් තුන ප්‍රතික්ෂේප කිරීමට, ඊට වඩා සබුද්ධික පුරවැසියෙකු අවශ්‍ය කෙරේ.

නොමිලේ දෙන ටයර් තුන ප්‍රතික්ෂේප කිරීමට, ඊට වඩා සබුද්ධික පුරවැසියෙකු අවශ්‍ය කෙරේ. එය, ඉහත සඳහන් පරිදි, පරිපාලනමය ක්‍රමවේද මගින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. ටයර් තුනකට නොවිකිණෙන පොහොසත් පුරවැසියෙකු බිහි කිරීම ඊට ඇති එකම ඔසුවයි. එය කළ හැක්කේ, නිවැරදි ආර්ථීක ප්‍රතිපත්ති මත, සීග්‍රයෙන් රට සංවර්ධනය කිරීමේ සහ පොහොසත් කිරීමේ මාර්ගයක් තුළ පමණි. අල්ලස් නොවන අල්ලස්වලටත් නොරැවටෙන ඡන්දදායකයන් බිහි වෙනු ඇත්තේ එදාට ය. ඒ දක්වා, අලි සබ්රිලා අද පැරදුණත්, හෙට නැවත හිස ඔසවනු ඇත.

අලූත් පාර්ලිමේන්තුව සහ අලූත් ආණ්ඩුව, දූෂණය සහ නාස්තිය පිටුදැකීමේ ඓතිහාසික ගමනක පෙරගමන්කරු වන බවට විශාල විශ්වාසයක් රටවැසියන් තුළ තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තුව අරක්ගෙන සිටි මහපරිමාණ සොරුන්, වංචනිකයන් සහ දූෂිතයන්ගෙන් සියයට අනූනවයක්ම වත්මන් පාර්ලිමේන්තුවේ අසුන් නොගනිති. එයම, අලූත් ගමනට ඉමහත් පන්නරයක් වනු ඇත.  

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...