The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

වේයන්ගොඩ නිදානෙ රන් දෑකැති තියෙන්න බැරිද ? - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

November 23, 2024 • 10:06 AM

වේයන්ගොඩ නිදානෙ රන් දෑකැති තියෙන්න බැරිද ? - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ රජවරු නිතරම අභ්‍යන්තර කැරලි, කුමන්ත්‍රණ ආදියටත්, පරසතුරු ආක්‍රමණ ආදියටත් මුහුණ දුන්හ.
  • පසුව ගන්නට නිදන් කරපු ඒවා රජුගේ උරුමකරුවන් හෝ ඒ ගැන දැන සිටි වෙනත් අය අරගන්නට ඇත.
  • ලංකාවේ අතන මෙතන හැමතැනම නිධාන ඇතැයි කියන එක අර පියාඹන පීරිසි කතාව වගේ සාහිත්‍යමය හා සිනමාත්මක දෙයකි.
  • එහෙත්, ඒවා ඇත්ත නොවන බව දැන සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවේ රජවරු නිතරම අභ්‍යන්තර කැරලි, කුමන්ත්‍රණ ආදියටත්, පරසතුරු ආක්‍රමණ ආදියටත් මුහුණ දුන්හ. ඔවුන් ළඟ අති විශාල ධනස්කන්ධයක් එකතු වෙන්නට විදියක් නැත. එහෙම එකතු නොවූ ධනස්කන්ධයක් නිදන් කරන්නට විදියක් ද නැත.

පසුව ගන්නට නිදන් කරපු ඒවා රජුගේ උරුමකරුවන් හෝ ඒ ගැන දැන සිටි වෙනත් අය අරගන්නට ඇත. ආගමික භක්තිය නිසා වෙහෙර විහාරවල නිදන් කරපු ඒවා නිදන් හොරුන් විසින් ඩැහැගෙන දැන් බොහෝ කල්ය.

 

ලංකාවේ අතන මෙතන හැමතැනම නිධාන ඇතැයි කියන එක අර පියාඹන පීරිසි කතාව වගේ සාහිත්‍යමය හා සිනමාත්මක දෙයකි. පිටසක්වළ ජීවීන් ගැන කතාවක් රූපවාහිනියක විකාශය වූ ගමන්ම ලංකාව පුරාම පියාඹන පීරිසි පාවේ. ඒ ගැන ගොසිප් ප්‍රාදේශීය වාර්තාකරුවෝ පත්තරවලට ලියති.

 99282818 132888871734571 4366328864817807360 nලංකාවේ අතන මෙතන හැමතැනම නිධාන ඇතැයි කියන එක අර පියාඹන පීරිසි කතාව වගේ සාහිත්‍යමය හා සිනමාත්මක දෙයකි

රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
රත්‍ රන් පටි ඉන වට දිලිසෙනවා
රිවි දුටු පිනි බිඳු ලෙස පහවෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා


ඉහත දැක්වෙන්නේ ජනකවියකි. සාහිත්‍ය නිර්මාණයකි. පුරාණ සාහිත්‍ය නිර්මාණවල අතිශයෝක්තිය බහුලය. එය සාහිත්‍යමය ලක්ෂණයකි. ඊනියා සමාජ සත්තා යථාර්ථවාදය හා සෝවියට් පොත් ලංකාවට එන්නට කලින් මෙහි ජීවත් වූ මිනිසුන් අතිශයෝක්තිය රසවින්දහ. එහෙත්, ඒවා ඇත්ත නොවන බව දැන සිටියහ.

 Martin223මාර්ටින් වික්‍රමසිංහ

මාර්ටින් වික්‍රමසිංහලාගෙන් පසු තත්වය වෙනස් විය. පුරාතන සාහිත්‍යයේ තිබුණු සාමාන්‍ය දේවලට දැන් අධි යථාර්ථවාදය යයි නමක් ද පටබැඳ තවදුරටත් යථාර්ථවාදයම උත්කර්ෂයට නංවනු ලැබේ.

මේ ජනකවිය පාදක කරගෙන අපේ ගමේ එවුන් වගයක් රන්වලාගල රක්ෂිතයේ රත්තරං දෑකැති සොයා නිදන් හෑරූහ. පොලිසිය රත්තරං දෑකැති සොයා උන්ව වධහිංසනයටත් පැමිණවූහ. අපේ ගමේ රත්තරං දෑකැති ලැබුණු එවුන් ගැන කතා දැනුත් ඇත. රත්තරං දෑකැත්තක පවුම් කීයක් ඇද්දැයි හිතන්න.

 

 102964185 003.jpg රන්වලාගල රක්ෂිතයේ රත්තරං දෑකැති සොයා නිදන් හෑරූහ. පොලිසිය රත්තරං දෑකැති සොයා උන්ව වධහිංසනයටත් පැමිණවූහ.

ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය ද සමාජ සත්තා යථාර්ථවාදයෙන් ගොඩනැගුණු පරපුරකි. අප කැමති කුමන්ත්‍රණ න්‍යායවලටය. ඒ නිසා මෙහෙම නාටක පුදුම විය යුතු කාරණා නොවේ.

Ajith parakum J
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...