The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

අනාරාධිතව පැමිණ පොලීසියට මිනීමරුවකු කොටු කර ගැනීමට සහාය දුන් නිල 'නොලත්' සුනඛ රාළහාමි

T

The Leader Desk

November 24, 2024 • 5:34 AM

අනාරාධිතව පැමිණ පොලීසියට මිනීමරුවකු කොටු කර ගැනීමට සහාය දුන් නිල 'නොලත්' සුනඛ රාළහාමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, පොලිස් නිලධාරීන්ට සොයාගත නොහැකි වූ ඝාතනයට ලක් වූ පුද්ගල මළ සිරුරක් සහ තවත් සාක්ෂි සමුදායක් ස්වේඡාවෙන් සොයා දීමට සමත් සාමාන්‍ය සුනඛයකු පිළිබඳ පුවතක් කොස්ලන්ද ප්‍රදේ­ශයෙන් වාර්තා වෙයි. එම සිදුවීම මෙලෙසිනි.
  • තණ­ම­ල්විල, අර­ඹෙ­කෙම පදිංචි පුද්ග­ල­යකු කොස්ලන්ද ප්‍රදේ­ශයේ කැලෑ­ව­කට රැගෙන ගොස් ගෙල කපා ඝාත­නය කර වළ ­දමා තිබි­යදී තණමල්විල මූලස්ථාන පොලී­සිය විසින් පසුගිය 22 දහ­වල් එම මළ සිරුර සොයා­ගෙන තිබේ.
  • මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ ඊට දින කිහිපයක සිට අතුරුදන්ව සිටි තණ­ම­ල්විල අර­ඹෙ­කෙම පදිංචි රොෂාන් දිනුක නමැති 35 හැවි­රිදි අවි­වා­හකයෙකි.
  • ඒ අතර ඔහු ගේ මව වන හම්බෙ­ග­මුව අර­ඹෙ­කෙම පදිංචි රණ­සිංහ ආර­ච්චිගේ කාන්ති ඉන්ද්‍රානි නමැති අය විසින් තම පුතු දින කිහි­ප­යක් තිස්සේ ආගිය අතක් නැති බවට පසුගිය 18 දින තණ­ම­ල්විල පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත්, පොලිස් නිලධාරීන්ට සොයාගත නොහැකි වූ ඝාතනයට ලක් වූ පුද්ගල මළ සිරුරක් සහ තවත් සාක්ෂි සමුදායක් ස්වේඡාවෙන් සොයා දීමට සමත් සාමාන්‍ය සුනඛයකු පිළිබඳ පුවතක් කොස්ලන්ද ප්‍රදේ­ශයෙන් වාර්තා වෙයි. 

එම සිදුවීම මෙලෙසිනි. තණ­ම­ල්විල, අර­ඹෙ­කෙම පදිංචි පුද්ග­ල­යකු කොස්ලන්ද ප්‍රදේ­ශයේ කැලෑ­ව­කට රැගෙන ගොස් ගෙල කපා ඝාත­නය කර වළ ­දමා තිබි­යදී තණමල්විල මූලස්ථාන පොලී­සිය විසින් පසුගිය 22 දහ­වල් එම මළ සිරුර සොයා­ගෙන තිබේ.

මෙලෙස ඝාත­න­යට ලක්ව ඇත්තේ ඊට දින කිහිපයක සිට අතුරුදන්ව සිටි තණ­ම­ල්විල අර­ඹෙ­කෙම පදිංචි රොෂාන් දිනුක නමැති 35 හැවි­රිදි අවි­වා­හකයෙකි. ඒ අතර ඔහු ගේ මව වන හම්බෙ­ග­මුව අර­ඹෙ­කෙම පදිංචි රණ­සිංහ ආර­ච්චිගේ කාන්ති ඉන්ද්‍රානි නමැති අය විසින් තම පුතු දින කිහි­ප­යක් තිස්සේ ආගිය අතක් නැති බවට පසුගිය 18 දින තණ­ම­ල්විල පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත.

එහිදී සිය පුත්‍රයා හම්බෙ­ග­මුව සූරි­ය­ගොඩ ප්‍රදේ­ශයේ පදිංචි කාන්තා­වක සමඟ අනි­යම් සම්බන්ධ­තා­වක් පව­ත්වා­ගෙන ගිය බවත් පුතු ගේ අතුරුදන් වීම හා එම සම්බන්ධතාව අතර කිසියම් ගැලපීමක් ඇතැයි සිතෙන බවත් ඇය සිය පැමි­ණිල්ලේ සඳ­හන් කර තිබේ. 

 

මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි
තණ­ම­ල්විල මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩාය­මක් 44 හැවිරිදි එම කාන්තාව මුල් කොට විම­ර්ශන ආරම්භ කොට ඇත්තේ ඒ හෝඩුවාව අනුව ය.

මුලින්ම පොලීසිය අදාළ කාන්තා­වගේ නිවෙ­සට ගොස් මේ පිළි­බඳ ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ ඝාත­න­යට ලක් වූ පුද්ග­ල­යා තමන් දන්න හඳුනන අයකු බවත් ඔහු සිය කැබ් රථය තම නිවෙසේ නවතා ගිය මුත් තමන් යන ස්ථාන­යක් පිළි­බඳ කිසි­වක් තමන් සමඟ නොකී බවත් ය. 

ඒ අනුව තණ­ම­ල්විල පොලී­සිය වැඩි දුර­ටත් කළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූයේ මේ කාන්තා­ව බල­හ­රුව ප්‍රදේ­ශයේ තවත් අනි­යම් සැමි­යකු ඇසුරු කරන බවකි. ඔහු 46 වන වියේ පසුවන්නෙකි.

 

ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බුද්ධි අංශ නිලධාරියකුට වටකර ගෙන නෙලලා
ඒ අතර අතුරුදන් වූ පුද්ග­ලයා ඇගේ දෙවන අනියම් පුරු­ෂයා සමඟ යතු­රු­පැ­දි­ය­කින් කොස්ලන්ද දෙසට යනු දුටු බවටත් ඇතැමුන් ගෙන් පොලීසියට තොරතුරු ලැබෙන්නට විය. ඒ අනුව බොහෝ විට අපරාධයක් සම්බන්ධ වැදගත් හෝඩුවාක් බව වටහා ගත් පොලීසිය ඇගේ දෙවන සැමියාගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී එසේ ඝාතනයට ලක් වූ පුද්ගලයා තම අනියම් බිරිඳට කරදර කිරීම මත තමන් ඔහු ඝාතනය කළ බවක් පවසා තිබේ.

පසුව අනාවරණය වූ පරිදි තම පළමු අනියම් පුරුෂයා ඝාතනය කරවීමට දෙවන අනියම් පුරුෂයාට අවස්ථාව සළසා ඇත්තේ එම කාන්තාව විසිනි.

ඒ අනුව ඇගේ මඟ පෙන්වීම මත ඇගේ පළමු අනියම් පුරුෂයා සමඟ ව්‍යාජ මිතුරු දමක් ඇති කර ගත් දෙවන අනියම් පුරුෂයා කොස්ලන්ද ප්‍රදේශයේ වනයේ ගංජා වගාවක් ඇරඹීමට යෝජනා කොට තිබේ. ඒ එමඟින් විශාල ආදායම් ලද හැකි බවක් පවසමිනි. ඔවුන් දෙදෙනා දෙවන අනියම් පුරුෂයා ගේ මෝටර් සයිකලයෙන් කොස්ලන්ද බලා පිටත් වන්නේ ඒ අනුව ය.

පසුව කොස්ලන්ද වනය තුළ දී එම කාන්තාවගේ දෙවන අනියම් පුරුෂයා තම අතේ තිබූ කැත්තෙන් පළමු අනියම් පුරුෂයා ගේ ගෙලට පහර දී ඔහු ඝාතනය කොට මළ සිරුර හඳුනා ගත නොහැකි වන සේ එහි කඳ සහ හිස ස්ථාන දෙකක වළ දමා තිබේ.

dogScreenshot 2024 11 24 at 10.16.44 copy

පසුව සැක­ක­රුගේ මඟ­පෙ­න්වීම මත ඝාත­න­යට ලක් වූ පුද්ග­ල­යාගේ සිරුර සොයා­ගැ­නී­මට පොලී­සිය කොස්ලන්ද ප්‍රදේ­ශ­යට ගොස් ඇත. ඔහු ද කැටුව පොලිස් නිල­ධා­රීන් කොස්ලන්ද ප්‍රදේ­ශයේ වනය තුළට කිලෝ මීටර් අටක පමණ දුරක් ගොස් තිබේ. මෙලෙස සැකකරු ද සමඟ පොලී­සිය පා ගම­නින් වනය තුළට ගමන් කිරී­මේදී පසෙක සිටි සුන­ඛ­ය­කු ද පසු­ප­සින් පැමිණ ඇත්තේ කිසිවකු ගේ අවධානයෙන් තොරව ය.

නමුත් එහි දී පොලීසියට මෙන්ම සැක­ක­රු­ට ද අදාළ ඉසව්ව සොයා­ගැ­නී­මට අප­හසු වී තිබේ. නමුත් ඝාත­න­යට ලක් වූ පුද්ග­ල­යාගේ සිරුර හා හිස වළ ­දමා තිබූ ස්ථානය මෙන්ම කැලයේ සඟවා තිබූ කැත්ත හා උදැ­ල්ල ද සොයා ­ගැ­නී­මට පොලිස් නිල­ධා­රීන් හා පසු­ප­සින් පැමිණි සුන­ඛයා උප­කාර කොට ඇත්තේ සියල්ලන් විස්මයට පත් කරමිනි.

ඒ අනුව සැක­කාර අනි­යම් බිරිය හා බල­හ­රුවේ පදිංචි සැක­කරු සමඟ යතු­රු­පැ­දිය හා කැබ් රථය පොලිස් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. 

මිනිසා සහ සුනඛයා අතර මානව ශිෂ්ඨාචාරයටත් පෙර සිට මේ දක්වා පවතින අඛණ්ඩ සබැඳියාව මුල් කොට මිනිසුන් සුනඛයන්ට පිහිට වන පාරාසයට වඩා පුළුල් පාරාසයකින් සුනඛයන් මිනිසුන්ට පිහිට වන බව මේ වන විට අනාවරණය වී තිබේ. ඉහත සඳහන් සිදුවීම ඒ සඳහා වන එක් නිදසුනක් පමණි.

රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදා ද? - (රේණුකා  දමයන්ති)(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...