The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : වෙල්ඩන් එල් බෝඩ්

T

The Leader Desk

November 24, 2024 • 9:14 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : වෙල්ඩන් එල් බෝඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එල් බෝඩ්කාරයා දකින, පුහුණු රියැදුරෝ ඔහු කෙරෙහි කරුණා සිතින්, වැඩි ඉඩක් දෙති.
  • තමන්ද එලෙස පුහුණු වූ අය බව ඔවුන්ට මතකය.
  • “පාර්ලිමේන්තුව සුද්ද කරලා, ඒ වෙනුවට හදන්නේ එල් බෝඩ් පාර්ලිමේන්තුවක්ද?” (Are we going to clean the dirt and creat an L board Parliament?) අවසානයේදී, රනිලුන්ද ඇතුළුව දේශපාලනයේ වෙට්ට පිත්තල වෙටරන්ස්ලා තොගයක්ම, “එක්ස්, වයි, ඉසෙඩ්” වී ගෙදර ගියහ.
  • තමන්ගේ එල් බෝඩර්ස්ලා ගැන, නව ජනාධිපති පැවසුවේ, ඔවුන් පාර්ලිමේන්තුවට අලුත් නමුදු, දේශපාලනයට අලුත් නැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

එල් බෝඩ්කාරයා දකින, පුහුණු රියැදුරෝ ඔහු කෙරෙහි කරුණා සිතින්, වැඩි ඉඩක් දෙති. පරිස්සමින් යති. තමන්ද එලෙස පුහුණු වූ අය බව ඔවුන්ට මතකය.

 

මෑතකදී මෙරට දේශපාලන මාවතේද, එල් බෝඩ් කතාවක් මතුව ආයේ, පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරු පිරිස නිසාය. ඊටත් පෙර සිටම, “මෙලෝ දෙයක් දන්නේ නැති අලුත් පිරිසකට රට දුන්නොත්, වළ පල්ලට යතැ”යි, අඬහැර දෙන්නට ගත්තේ, පළපුරුදු දේශපාලන රියැදුරන් කිහිප දෙනෙකි.

එල් බෝඩ්කාරයන්, පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව තීරණය කළේ ද, එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර්ස්ලා, රට සෞභාග්‍යයට ගෙන ගිය හැටි හොඳ හැටි තේරුම් ගෙන සිටි නිසාමය.

එල් බෝඩ් කතාවට මුල පිරුවේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහය. පාර්ලිමේන්තුව ශුද්ධ පවිත්‍ර කර දෙන මෙන්, ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනතාවගෙන් කළ ඉල්ලීමට පිළිතුරක් වශයෙන්, රනිලුන් ඇසුවේ මෙසේය.

 


“පාර්ලිමේන්තුව සුද්ද කරලා, ඒ වෙනුවට හදන්නේ එල් බෝඩ් පාර්ලිමේන්තුවක්ද?”

(Are we going to clean the dirt and creat an L board Parliament?)

අවසානයේදී, රනිලුන්ද ඇතුළුව දේශපාලනයේ වෙට්ට පිත්තල වෙටරන්ස්ලා තොගයක්ම, “එක්ස්, වයි, ඉසෙඩ්” වී ගෙදර ගියහ.

තමන්ගේ එල් බෝඩර්ස්ලා ගැන, නව ජනාධිපති පැවසුවේ, ඔවුන් පාර්ලිමේන්තුවට අලුත් නමුදු, දේශපාලනයට අලුත් නැති බවය. අනෙක් අතට, කබාය පිටුපස, එල් බෝඩ් තිබුණත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මහාචාර්යවරුය. වෛද්‍යවරුය. නීතිඥවරුය. ඉංජිනේරුවරුය.

රාජපක්ෂලාට මුවාවී චීනයට ටොකු අනින ඉන්දියාව - රටේ රාළඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම

 

රනිලුන්ගේ ‘ගෝඩ් ෆාදර්’ වූ, ජේ.ආර්. උන්නැහේටද, නවකයන් හෑල්ලු කිරීමේ පුරුද්ද තිබුණේය. ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී, ඔහු, එවකට එරට අගමැතිව සිටි රජීව් ගාන්ධිට නක්කලයක් දැම්මේ, තමන් රජීව්ගේ අත්තලා, මුත්තලා, අප්පලා සමඟ ළඟින් ඇසුරු කළ ජ්‍යෙෂ්ඨයකු බව කියමිනි.

මේ කතාවට, ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණක් නොව මාධ්‍යවේදීන්ටද තද වුණේය. ඔවුන් පෙරළා, ජේ.ආර්. ට පහර දුන්නේ, එය සමුළුවකදී නොකළ යුතු සීමාව ඉක්මවා ගිය, සදාචාරාත්මක නොවන වැඩි කතාවක් යැයි කියමිනි. එහෙත්, ජේ.ආර්. ඒවා, පයිසෙකටවත් ගණන් ගත්තේ නැත. ඔහු එදා, රජීව් ගාන්ධිට සැලකුවේද එල් බෝඩ්කාරයකු ලෙසිනි.

EYiC92jU4AAEUDfසිරි ලංකා නාවික හමුදා භටයකු තුවක්කු බඳෙන් දුන් පහරින්, රජීව් ගැලවුණේ අනූ නමයෙනි.

 

පසු කාලයකදී, රජීව් ගාන්ධි සිරි ලංකාවට ගෙන්වා, ඔහු සමඟ සහයෝගයෙන්, කොටි සංවිධානයට එරෙහිව, ඉන්දියානු සාම හමුදාව ගෙන්වීමට ගිවිසුම් ගැසුවේය. එදා, සිරි ලංකා නාවික හමුදා භටයකු තුවක්කු බඳෙන් දුන් පහරින්, රජීව් ගැලවුණේ අනූ නමයෙනි. ඉන්පසු, කොටි සංවිධානයේම බෝම්බයකින් ඔහු අකාලයේ මිය ගියේය.

ජේ.ආර්. ට විරුද්ධ උද්ඝෝෂණද රට පුරා පැවති කාලයක් විය. තාප්පයක් ගාණේ, “ජේ.ආර්. මරමු” යැයි සඳහන් පෝස්ටර් ඇලවුණි. එහෙත්, ඔහු මිය ගියේ ගෙනා ආයුෂ සපුරා, ස්වභාවික ලෙසය.මේ පරණ කතා ඇවිස්සුවේ, දේශපාලනයේ ඇති අරුම පුදුම බව පෙන්වා දීමටය.

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : අවමඟුල් සහ රතිඤ්ඤා

එල් බෝඩ්කාරයන්ගේ නායකයා වූ, අනුර සහෝදරයා, ජනපති වූ සැණින් පැවසුවේ තමා මැජික්කාරයකු නොවන බවය. එහෙත් ඊට මඳ කලකට පසුව, ඔහු තම සගයන් සමඟ, තුනෙන් දෙකේ බලයක් සහිතව පාර්ලිමේන්තුව සුද්ද කරන්නේ, දේශපාලනය තුළ ද, ඉන්ද්‍රජාලික දෑ සිදුවන බව පෙන්වමිනි. මැජික්කාරයා නොහොත් ඉන්ද්‍රජාලිකයා යනු, කළ නොහැකි යැයි විශ්වාස කරන ක්‍රියා, සිදුකොට පෙන්වන්නකු බව, “තුනෙන් දෙකේ මැජික්” එක දැක අන්ද මන්ද වූ පිවිතුරු දේශපාලනඥයෙක්ද, පවසා තිබුණි. ඒවා දකින අසන, හෙළය උරුම කරගත් කොයි කාට වුණත්, ‘අනේ අපොයි’ කියවෙනවාට සැක නැත.

කපන්න බැරි අත සිඹීම, පෘථග්ජන මිනිසුන්ගේ ගතියකි. සමහරු ඉඹීමෙන් නොනැවතී අතේ එල්ලීමට තැත් කරති. එසේම සමහරු අත සිඹින අතරේම, අත කපන්නට ඇත්නම් යැයි සිතති.

 

මාලිමාවේ' බහුතර ආණ්ඩුවක් සමග ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් - (ගාමිණී වියන්ගොඩ)
ලොතරැයි දිනුමක් ඇදුණු පුද්ගලයාට නෑදෑ - මිතුරන්ගෙන් අඩුවක් නැත. මැතිවරණ ජයග්‍රහණයකදීද එසේමය. දැන් රට පුරාම සිටින්නේ මාලිමාවට කතිරය ගැසූ ජනයාය. සුබ පැතුම්වලින්, සෙල්ෆි ගැසීම්වලින්, බොරු හැඳුනුම්කම්වලින් අඩුවක් නැත. මේ අතරින් කෙනෙක් රටට හොඳක් වෙතැයි සිතන අතර, තවත් කෙනෙක් තමන්ට හොඳක් වෙතැයි පතති.

කෙසේ වෙතත්, “වෙල්ඩන් - එල් බෝඩ්” යැයි කියා, වට කරගන්නා ඇතැමුන්ගෙන් පරිස්සම් වීමට, එල් බෝඩ්කාරයන් වග බලාගත යුතුය. ඇල් වතුරෙන් බෙල්ල කපන අය මෙන්ම, ඇල්ලට බැහැලා, වැල්ලට නියවන අයද ඒ අතර සිටිය හැකි බැවිනි.

පෙරළුණු පිට වඩා හොඳ යැයි කියන අයද මේ දිනවල සීන් එකට එති. “මේ පාර මාලිමාවේ ජයග්‍රහණය, අපේ අප්පච්චිගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට වීමක්” යැයි කීවේ එවැනි පුතෙකි. එවැනි පුතුන්ට යොදන විශේෂණ පද, අපේ ජනවහරේ ඕනෑ තරම්ය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...