The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

ලිංගික ශ්‍රමිකයින්ට මාතෘ නිවාඩු සහ විශ්‍රාම වැටුප් ගෙවන ලොව පළමු රට

T

The Leader Desk

November 29, 2024 • 2:45 PM

ලිංගික ශ්‍රමිකයින්ට මාතෘ නිවාඩු සහ විශ්‍රාම වැටුප් ගෙවන ලොව පළමු රට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවවාදයයි: ලිංගික ස්වභාවය පිළිබඳ විස්තර අන්තර්ගත වේ.
  • දරු ප්‍රසූතියට සතියකට කලිනුත් මට සේවාදායකයින් එක්ක ලිංගිකව හැසිරෙන්න සිද්ධ වුණා." දරුවන් පස් දෙනෙකුගේ මවක් වීම හේතුවෙන් ඇයට සිය රැකියාව සහ ජීවිතය කළමනාකරණය කර ගැනීම “සැබවින් ම දුෂ්කර” වී තිබේ.
  • අනන්‍යතාව හෙළි කිරීමට අකමැති සොෆීට ඇගේ පස් වන දරුවා ලැබුණු විට, ඇයට සිසේරියන් සැත්කමක් කළ අතර ඇයට සති හයක් ඇඳක් මත විවේක ගැනීම අවශ්‍ය බවට උපදෙස් දී තිබිණි.
  • නමුත් ඇය පවසන්නේ, ඊට විකල්පයක් නොවූ බවත් ඇය වහා ම වැඩට ගිය බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


අවවාදයයි: ලිංගික ස්වභාවය පිළිබඳ විස්තර අන්තර්ගත වේ.

බෙල්ජියමේ ලිංගික සේවිකාවක වන සොෆී පවසන්නේ, “මම මාස නවයක් ගැබ්ගෙන සිටියදී මට වැඩ කරන්න සිද්ධ වුණා. දරු ප්‍රසූතියට සතියකට කලිනුත් මට සේවාදායකයින් එක්ක ලිංගිකව හැසිරෙන්න සිද්ධ වුණා."

දරුවන් පස් දෙනෙකුගේ මවක් වීම හේතුවෙන් ඇයට සිය රැකියාව සහ ජීවිතය කළමනාකරණය කර ගැනීම “සැබවින් ම දුෂ්කර” වී තිබේ.

අනන්‍යතාව හෙළි කිරීමට අකමැති සොෆීට ඇගේ පස් වන දරුවා ලැබුණු විට, ඇයට සිසේරියන් සැත්කමක් කළ අතර ඇයට සති හයක් ඇඳක් මත විවේක ගැනීම අවශ්‍ය බවට උපදෙස් දී තිබිණි. නමුත් ඇය පවසන්නේ, ඊට විකල්පයක් නොවූ බවත් ඇය වහා ම වැඩට ගිය බවත් ය.

"මට රැකියාවට නොගිහින් ඉන්න බැරි වුණා. මට සල්ලි ඕන වුණා."

ඇයගේ සේවායෝජකයා විසින් වැටුප් ගෙවනු ලබන මාතෘ නිවාඩු සඳහා ඇයට අයිතියක් තිබුණේ නම් ඇගේ ජීවිතය වඩාත් පහසු වනු ඇත.

ලෝකයේ පළමු වරට බෙල්ජියම හඳුන්වා දුන් නව නීතියක් යටතේ මෙය දැන් යථාර්ථයක් වනු ඇත. ලිංගික ශ්‍රමිකයින්ට නිල රැකියා කොන්ත්‍රාත්තු, සෞඛ්‍ය රක්ෂණය, විශ්‍රාම වැටුප්, මාතෘ නිවාඩු සහ අසනීප දින සඳහා හිමිකම් ලැබේ. අත්‍යවශ්‍යයෙන් ම, එය වෙනත් ඕනෑ ම රැකියාවක් මෙන් සලකනු ඇත.

"මේක අපටත් මනුෂ්‍යයින් විදිහට ජීවත් වෙන්න ලැබුණු අවස්ථාවක්," සොෆී පවසයි.

ලිංගික ශ්‍රමිකයන්ගේ ජාත්‍යන්තර සංගමයට අනුව ලොව පුරා ලිංගික ශ්‍රමිකයින් මිලියන 52ක් පමණ සිටිති.

2022 දී බෙල්ජියමේ මෙම වෘත්තිය සාපරාධී රැකියා ලැයිස්තුවෙන් ඉවත් කරන ලද අතර, තුර්කිය සහ පේරු වැනි බොහෝ රටවල එය නීත්‍යනුකූල ය. එහෙත්, රැකියා අයිතීන් සහ කොන්ත්‍රාත්තු ස්ථාපනය කිරීම ගෝලීය වශයෙන් සිදුවන්නේ පළමු වරට ය.

හියුමන් රයිට්ස් වොච් ආයතනයේ පර්යේෂකයෙකු වන එරින් කිල්බ්‍රයිඩ් පවසන්නේ, “මෙය රැඩිකල් පියවරක් වන අතර එය ලෝකයේ ඕනෑ ම තැනක මෙතෙක් අප දැක ඇති හොඳ ම පියවර යි. සෑම රටක් ම එම දිශාවට ගමන් කරනු දැකීම අපට අවශ්‍ය යි," යනුවෙනි.

w35dfලිංගික ශ්‍රමිකයින් සඳහා වන කම්කරු නීති සඳහා සහය දැක්වීමේ විරෝධතා කොවිඩ් වසංගතයෙන් පසුව වැඩි වශයෙන් සිදුවිය
විවේචකයින් පවසන්නේ, ලිංගික ව්‍යාපාරය, මිනිස් ජාවාරම්, සූරාකෑම් සහ අපයෝජනයට හේතු වන අතර මෙම නීතියෙන් එය නොවළකින බව ය.

බෙල්ජියමේ වීදිවල සිටින ලිංගික ශ්‍රමිකයින්ට උපකාර කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන Isala ආයතනයේ ස්වේච්ඡා සේවිකාවක වන ජුලියා කෘමියර් පවසන්නේ, “එය භයානක වන්නේ සෑම විට ම ප්‍රචණ්ඩකාරී වෘත්තියක් සාමාන්‍යකරණය කරන නිස යි," යනුවෙනි.

බොහෝ ලිංගික ශ්‍රමිකයින්ට රැකියාව අත්‍යාවශ්‍ය දෙයක් වන අතර නීතිය ප්‍රමාණවත් තරම් ඉක්මනින් බලාත්මක නොවීමට ඉඩ ඇත.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (STI) ගණිකා නිවාසයේ පැතිර යන බව දැන ගත් විට, කොන්ඩම් නොමැතිව මුඛ සංසර්ගය සඳහා සේවාදායකයෙකු ඇයට බල කළ විට මෙල් තැති ගත්තා ය. නමුත් ඇයට වෙනත් විකල්පයක් නොමැති බව ඇයට දැනිණි.

"ආසාදනය ව්‍යාප්ත කරනවා ද, නැත්නම් සල්ලි හම්බ කරන එක නතර කරනවා ද කියන තීරණය ගන්න මට සිද්ධ වුණා."

වයස අවුරුදු 23 දී ඇය මෙම රැකියාවට යොමු විය. ඇයට මුදල් අවශ්‍ය වූ අතර ඉක්මනින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉපැයීමට පටන් ගත්තා ය. ඇය සිතුවේ ඇයට රන් ආකරයක් ලැබුණු බවකි. එහෙත්, ලිංගාශ්‍රිතව බෝවන රෝග පිළිබඳ අත්දැකීම් ඇයව බරපතළ ලෙස කම්පනයට පත් කළේ ය.

මෙල්ට දැන් අපහසුතාවක් දැනෙන ඕනෑ ම සේවාදායකයෙකු හෝ ලිංගික ක්‍රියාවක් ප්‍රතික්ෂේප කිරීමට හැකි වනු ඇත - එයින් අදහස් කරන්නේ, ඇයට එම තත්ත්වය වෙනස් ආකාරයකින් හැසිරවිය හැකිව තිබූ බව ය.

"මට මගේ මැඩම්ට [සේවායෝජකයා] ඇඟිල්ල දික් කරලා මෙහෙම කියන්න තිබුණා: 'ඔබ මේ කොන්දේසි කඩ කරනවා, ඔබ මට සලකන්නේ මෙහෙම යි.' එහෙම කිව්වා ම මට නීත්‍යනුකූලව ආරක්ෂාව ලැබෙන්න තිබුණා."

xfrte45sවික්ටෝරියා සලකන්නේ, ලිංගික වෘත්තිය සමාජ සේවාවක් ලෙස ය.
බෙල්ජියමේ තීරණය 2022 වසරේදී මාස ගණනාවක් පුරා පැවති විරෝධතාවල ප්‍රතිඵලයක් වූ අතර, කොවිඩ් වසංගතය අතරතුර එම වෘත්තියට රාජ්‍ය සහය නොලැබීම එම විරෝධතාවලට හේතු විය.

බෙල්ජියම් ලිංගික ශ්‍රමිකයන්ගේ සංගමයේ (UTSOPI) සභාපති සහ මීට පෙර වසර 12ක් ලිංගික සේවයේ යෙදී සිටි වික්ටෝරියා විරෝධතාවල ඉදිරියෙන් ම සිටි අයෙකි.

ඇයට එය පෞද්ගලික සටනක් විය. වික්ටෝරියා ගණිකා වෘත්තිය සමාජ සේවයක් ලෙස සලකයි, ලිංගිකත්වය ඇය කරන දෙයින් 10%ක් පමණි.

"ඒ මගින් මිනිසුන්ගේ අවධානය යොමු වෙනවා, ඔවුන්ගේ කථාවලට සවන් දීම, ඔවුන් සමග කේක් කමින්, වෝල්ට්ස් සංගීතයට නැටීම සහ අවසානයේ ඇති වන හුදෙකලාභාවය," ඇය පැහැදිලි කරයි.

නමුත් 2022ට පෙර ඇයගේ රැකියාවේ නීති විරෝධී වීම සැලකිය යුතු අභියෝග මතු කළේ ය. ඇය අනාරක්ෂිත තත්ත්‍වයේ සේවය කළ අතර, ඇයගේ ගනුදෙනුකරුවන් සහ ඇයගේ නියෝජිතායතනය ඇයගේ ඉපැයීම් විශාල ලෙස කප්පාදු කර තිබිණි.

ඇත්ත වශයෙන් ම, වික්ටෝරියා පවසන්නේ ඇය සම්බන්ධයෙන් උමතු කැමැත්තක් දැක්වූ සේවාදායකයෙකු විසින් ඇයව දූෂණය කරනු ලැබූ බව ය.

ඇය පොලිස් ස්ථානයකට ගිය අතර, ඇය පවසන්නේ, එහිදී කාන්තා නිලධාරිනියක තමාට “ඉතා අකාරුණික” ලෙස සැලකූ බව ය. "එයා මට කිව්වා ලිංගික ශ්‍රමිකයන්ව දූෂණය කරන්න බෑ කියලා. එයා මට හැඟෙව්වේ ඒක මගේ වරදක් කියලා. මම ඒ වැඩේ කරපු නිසා," වික්ටෝරියා අඬමින් පොලිස් ස්ථානයෙන් පිටව ගියාය.

අප සමග අදහස් දැක්වූ සෑම ලිංගික සේවිකාවක ම අපට පැවසුවේ, යම් අවස්ථාවකදී ඔවුන්ගේ කැමැත්තට එරෙහිව යමක් කිරීමට ඔවුන්ට බලපෑම් සිදුවූ බව ය.
එහෙයින්, මෙම නව නීතිය ඔවුන්ගේ ජීවිත වඩා පහසු කරනු ඇතැයි වික්ටෝරියා දැඩි ලෙස විශ්වාස කරයි.

“නීතියක් නොමැති නම් සහ ඔබේ රැකියාව නීති විරෝධී නම්, ඔබට උපකාර කිරීමට ක්‍රමවේදයක් නැහැ. මේ නීතිය අපව ආරක්ෂිත කිරීමට අවශ්‍ය මෙවලම් ලබා දෙනවා."

xcfye4hjඇලෙක්සැන්ඩ්‍රා සහ ක්‍රිස් පවසන්නේ, ඔවුන් සිය සේවිකාවන්ට හොඳින් සලකන බව ය.
ලිංගික රැකියා සම්බන්ධීකරණය කරන පුද්ගලයින්ට (Pimps) නව නීතිය යටතේ නීත්‍යනුකූලව ක්‍රියාත්මක වීමට අවසර ලැබේ. බරපතළ අපරාධයකට වරදකරු වූ කිසිවෙකුට ලිංගික ශ්‍රමිකයන් සේවයේ යෙදවීමට ඉඩ නොලැබේ.

“බොහෝ සේවා යෝජකයන්ට අපරාධ ඉතිහාසයක් තිබෙන නිසා බොහෝ ව්‍යාපාර වහල දාන්න සිදුවනු ඇතැයි මම හිතනවා,” ක්‍රිස් රීක්මන්ස් පවසයි. ඔහු සහ ඔහුගේ බිරිඳ ඇලෙක්සැන්ඩ්‍රා කුඩා නගරයක් වන බෙක්වූට්හි Love Street නමැති ආයතනයේ කාමුක සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යති.

අප පැමිණෙන විට එය සම්පූර්ණයෙන් ම වෙන් කර අවසන් වී තිබිණි. සඳුදා උදෑසනක් සඳහා අප අපේක්ෂා කළ සේවාව ඉටු නොවී ය. සම්බාහන ඇඳන්, නැවුම් තුවා සහ ඇතිරිලි, උණුසුම් තටාක සහ පිහිනුම් තටාකයක් සහිත කාමර අපට පෙන්වන ලදී.

ක්‍රිස් සහ ඔහුගේ බිරිඳ ලිංගික ශ්‍රමිකයින් 15 දෙනෙකු සේවයේ යොදවා සිටින අතර, ඔවුන්ට ගෞරවයෙන් සැලකීම, ඔවුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට හොඳ වැටුප් ගෙවීම ගැන ආඩම්බර වෙති.

"නරක සේවා යෝජකයන් අයින් වෙලා අවංකව මෙම වෘත්තිය කිරීමට කැමති හොඳ මිනිසුන් රැඳී සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා," ඔහු පවසයි.

හියුමන් රයිට්ස් වොච් ආයතනයේ එරින් කිල්බ්‍රයිඩ් ඊට සමාන අදහසක් දරන්නෙකු වන අතර, සේවා යෝජකයන්ට සීමා පැනවීමෙන්, නව නීතිය “ලිංගික ශ්‍රමිකයින් කෙරෙහි තමන්ට ඇති බලය සැලකිය යුතු ලෙස කපා හැරීමක් සිදුවන,” බව පවසයි.

xfrte45vvමෙල් විශ්වාස කරන්නේ, ලිංගික වෘත්තිය රාමුවෙන් පිටතට ගෙන ඒමට සහය විය හැක්කේ, කාන්තාවන්ට පමණක් බව ය.
නමුත් ජූලියා කෘමියර් පවසන්නේ, තමන් උපකාර කරන කාන්තාවන්ගෙන් බහුතරයකට අවශ්‍ය වන්නේ ලිංගික වෘත්තියෙන් ඉවත් වී “සාමාන්‍ය රැකියාවක්” ලබා ගැනීමට මිස කම්කරු අයිතිවාසිකම් නොවන බව ය.

"එය ශීත කාලගුණය පවතිද්දී පිටතට නොපැමිණීම සහ ඔබේ ශරීරයට ප්‍රවේශ වීමට මුදල් ගෙවන නාඳුනන අය සමග ලිංගිකව හැසිරීමක්."

බෙල්ජියමේ ක්‍රියාත්මක නව නීතිය යටතේ, ලිංගික සේවා සිදුවන සෑම කාමරයක ම ලිංගික සේවකයෙකු ඔවුන්ගේ "නියෝජිතයා" සමග සම්බන්ධ වන අනතුරු ඇඟවීමේ සීනුවක් තබා ගත යුතු ය.

නමුත් ජූලියා විශ්වාස කරන්නේ, ලිංගික කාර්යය ආරක්ෂිත කිරීමට ක්‍රමයක් නොමැති බව ය.

“ඔබට අනතුරු ඇඟවීමේ සීනුවක් අවශ්‍ය වෙන්නේ වෙනත් කුමන රැකියාවකදී ද? එය ලෝකයේ පැරණිතම වෘත්තිය නොවේ, එය ලෝකයේ පැරණිතම සූරාකෑම යි."
ලිංගික කර්මාන්තය නියාමනය කරන්නේ කෙසේ ද යන්න ගෝලීය වශයෙන් මතභේදකාරී ගැටලුවක් ලෙස පවතී. නමුත් මෙල් සඳහා, එය රාමුවෙන් පිටතට ගෙන ඒම කාන්තාවන්ට පමණක් උපකාරී වේ.

“බෙල්ජියම බොහෝ ඉදිරියෙන් සිටීම ගැන මම ආඩම්බර වෙනවා,” ඇය පවසයි. "මට දැන් අනාගතයක් තියෙනවා."

ආරක්ෂාව වෙනුවෙන් ඇතැමුන්ගේ නම් වෙනස් කර තිබේ.

(සටහන - සොෆියා බෙටීසා)
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ අනන්‍යතා පිළිබඳ වාර්තාකරු, බීබීසී ලෝක සේවය

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලිංගික ශ්‍රමිකයින්ට මාතෘ නිවාඩු සහ විශ්‍රාම වැටුප් ගෙවන ලොව පළමු රට | The Leader