The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

කලාපයේ සෙසු රටවලට වඩා විශාල රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාවට ඇත

T

The Leader Desk

November 30, 2024 • 9:20 AM

කලාපයේ සෙසු රටවලට වඩා විශාල රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාවට ඇත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පිරිසෙන් තුනෙන් එකක්ම සේවය කරමින් සිට ඇත්තේ ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන අංශ දෙකේ වීම කැපී පෙනෙනවා.
  • උදාහරණ හැටියට, ඉන්දියාවේ එම අගය 9%ක්, වියට්නාමයේ 8%ක් සහ බංගලාදේශයේ 5%ක් පමණ වෙනවා.
  • මේ වියදම 2023 අවුරුද්දේ රුපියල් මිලියන 940ක්.
  • ඒ වගේම පසුගිය දශකය ගත්තහම රජයේ වියදම්වලින් සාමාන්‍යයක් හැටියට 23%ක්ම ගිහිල්ලා තියෙන්නේ රාජ්‍ය සේවයේ වැටුප්වලට.
අකුරු ප්‍රමාණය (Font Size):


 මේ පිරිසෙන් තුනෙන් එකක්ම සේවය කරමින් සිට ඇත්තේ ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන අංශ දෙකේ වීම කැපී පෙනෙනවා.

 ලංකාවට සමාන ආර්ථික ව්‍යුහයක් තිබෙණ රටවල්වල රාජ්‍ය අංශයේ සේවක අනුයුක්තිය සාපේක්ෂව අඩුයි. උදාහරණ හැටියට, ඉන්දියාවේ එම අගය 9%ක්, වියට්නාමයේ 8%ක් සහ බංගලාදේශයේ 5%ක් පමණ වෙනවා.

 ලංකාවට සමාන ආර්ථික ව්‍යුහයක් තිබෙණ රටවල්වල රාජ්‍ය අංශයේ සේවක අනුයුක්තිය සාපේක්ෂව අඩුයි

 රාජ්‍ය සේවකයින්ට හිමිවන්නේ සාපේක්ෂව අඩු වැටුපක්. නමුත්, තරමින් විශාල නිසා රාජ්‍ය සේවයේ නඩත්තුවට ලොකු වියදමක් දරන්නට රජයට සිදුවෙනවා.

 මේ වියදම 2023 අවුරුද්දේ රුපියල් මිලියන 940ක්. ඒ වගේම පසුගිය දශකය ගත්තහම රජයේ වියදම්වලින් සාමාන්‍යයක් හැටියට 23%ක්ම ගිහිල්ලා තියෙන්නේ රාජ්‍ය සේවයේ වැටුප්වලට.

දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල් අතුරින් රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය ඉහළම රට වන්නේ ශ්‍රී ලංකාවයි.  

army 1

2023 වර්ෂයේදී, මිලියන 8 ක් වූ ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රමබලකායෙන් 15% ක පිරිසක් (ආසන්න වශයෙන් මිලියන 1.16 ක ජනතාවක්) මධ්‍යම රජය, උපජාතික ඒකක සහ ආරක්ෂක හමුදාව ද ඇතුළත්ව රාජ්‍ය අංශයේ සේවයේ යෙදී සිටියහ. රාජ්‍ය සේවකයින්ගෙන් තුනෙන් එකක් ආරක්‍ෂක සහ මහජන ආරක්‍ෂාව යන දෙඅංශයේ සේවයේ නියුතුව සිටීම මෙහිදී සැලකිය යුතු කරුණකි.


ශ්‍රී ලංකාව හා සමාන ආර්ථික ව්‍යුහයක් පවතින මෙම කලාපයේ අනෙකුත් රටවල රාජ්‍ය සේවයේ නියුතු වන්නේ ශ්‍රී ලංකාවට සාපේක්ෂව අඩු සේවක සංඛ්‍යාවකි. නිදසුනක් වශයෙන්, ඉන්දියාව තම ශ්‍රම බලකායෙන් 9% ක් ද, වියට්නාමය 8% ක් ද, බංග්ලාදේශය 5% ක් පමණක් ද රාජ්‍ය අංශයේ සේවය සඳහා බඳවා ගෙන තිබේ.

bond 24.11.27

රාජ්‍ය අංශයේ සේවකයින් හට සාපේක්ෂව අඩු වැටුපක් හිමි වුව ද රාජ්‍ය අංශය සඳහා රජයට අධික පිරිවැයක් දැරීමට සිදු වීමට ඉහත කරුණ හේතු වී ඇත. 2023 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 940 ක්–එනම්, රජයේ පුනරාවර්තන වියදමින් 20% ක් සහ ආදායමින් 31% ක්–රාජ්‍ය අංශයේ වැටුප් සඳහා වැය කර ඇත.


පසුගිය දශකය තුළ රජයේ වියදම්වලින් සාමාන්‍යයක් ලෙස 23% ක් වැටුප් සඳහා යොමු කර ඇති අතර, ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වැනි වැදගත් ක්ෂේත්‍ර සඳහා වෙන් කළ හැකි අරමුදල් සීමා වී ඇත.


image



image 2

සටහන :

මිලියන 5 ට වැඩි ජනගහනයක් සහිත දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් පදනම් කර ගනිමින් මෙම විශ්ලේෂණය සිදු කර ඇත. මෙම විශ්ලේෂණයේදී රැකියාවන්ට අදාළව එක් එක් රටක් සඳහා පවතින වඩාත්ම මෑතකාලීන දත්ත භාවිතා කර ඇත. ශ්‍රී ලංකාව සඳහා 2023 වර්ෂයේ දත්ත භාවිතා කර ඇති අතර නේපාලය (2017) සහ ඉන්දියාව (2019) හැරණු කොට අනෙකුත් රටවල් සඳහා 2021 වර්ෂයේ දත්ත භාවිතා කර ඇත.


මූලාශ්‍ර :

ශ්‍රී ලංකා මහ බැංකුව, 'මිල ගණන්, වේතන සහ සේවා නියුක්තිය' , [අවසන් වරට ප්‍රවේශය: 2024 නොවැම්බර් 19 වැනි දින].  

ලෝක බැංකුව, 'ගෝලීය නිලතන්ත්‍ර දර්ශක', [අවසන් වරට ප්‍රවේශය: 2024 නොවැම්බර් 19 වැනි දින].  

ජාත්‍යාන්තර කම්කරු සංවිධානය, 'ILOSTAT දත්ත සමුදාය', [අවසන් වරට ප්‍රවේශය: 2024 නොවැම්බර් 19 වැනි දින].  


පර්යේෂණය: ශාලෝමි ලියනගේ සහ අනුෂන් කපිලන්.
දත්ත සටහන: සදිනි ගල්හේන

(උපුටා ගැනීම -publicfinance)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...