The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : දියව් දියව් ආතල් දියව්!

T

The Leader Desk

December 1, 2024 • 7:31 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : දියව් දියව් ආතල් දියව්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේම, එය දැන ගැනීම අවශ්‍යද නොවන්නේ, එකී වර්තමාන නාමය, ස්ථාවර ලෙසම “ජනගත” වී ඇති බැවිනි.
  • ලාන්තරස්ගේ සැබෑ නම, පිය උරුමයෙන් ඔහුට ලැබී ඇති, දැනට ඔහු පදවන, බසයේ ස්වරූපයට අදාළව නිර්මාණය වූවකි.
  • එය කෑලි හැලෙන තරමට පරණ බසයක් වූ අතර, ඇතැම් විට කොන්දොස්තරට බසයෙන් බැස, මග හැලුණු කෑලි ඇහිඳ ඒමට දිව යාමටද සිදුවිය.
  • අද නවීන බසයකට ඒ සඳහා ගතවනු ඇත්තේ, දින දෙකකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේම, එය දැන ගැනීම අවශ්‍යද නොවන්නේ, එකී වර්තමාන නාමය, ස්ථාවර ලෙසම “ජනගත” වී ඇති බැවිනි.

ලාන්තරස්ගේ සැබෑ නම, පිය උරුමයෙන් ඔහුට ලැබී ඇති, දැනට ඔහු පදවන, බසයේ ස්වරූපයට අදාළව නිර්මාණය වූවකි.

 

old bus 24
ලාන්තරස්ගේ පියා, මුලින්ම පැදවූයේ හොම්බ දිග, ඕපල් වර්ගයේ බසයකි. එය කෑලි හැලෙන තරමට පරණ බසයක් වූ අතර, ඇතැම් විට කොන්දොස්තරට බසයෙන් බැස, මග හැලුණු කෑලි ඇහිඳ ඒමට දිව යාමටද සිදුවිය.

එම බසයෙන් ගිය, වන්දනා ගමනකට එකල දින පහක් පමණ ගත විය. අද නවීන බසයකට ඒ සඳහා ගතවනු ඇත්තේ, දින දෙකකි. ඕපල් බසයට ඒ සඳහා වැය වූ දින පහෙන්, තුනක්ම ගත වුණේ, අතරමගදී සිදු කරන්නට වූ රෙපෙයාර් සඳහාය. බසය පිළිබඳ කතා බොහෝය.

එක් අවස්ථාවක, ගමේ පිරිසක් අර බසයෙන්, දුර බැහැර පෙදෙසක තිබූ අවමඟුලකට යාමට පිටත් වූහ. එහෙත්, ඔවුන් එහි ළඟා වූයේ, හත් දවසේ පින්කමදාය.

 

pinkam
මෙම රියැදුරු පරම්පරාවේ, වර්තමාන සාමාජිකයා වන ලාන්තරස්ට, එහි ගමන් කරන මගියෝ, තම තම වයස්වලට සරිලන අන්දමට, අයියා, අංකල්, උන්නැහේ වැනි යෙදුම් භාවිත කරති.

ලාන්තරස්ගේ, කොන්දොස්තර මැදිවියට ආසන්න, අහිංසක පුද්ගලයෙකි. බසයෙන්, පාසල් යන ළමුන්, ඔහුට දී ඇති නම පයිතගරස්ය. භාවිතයට පහසු වන අන්දමින්, පසුව එය ‘පයිතා’ බවට පත්වුණි. නිකම්ම පයිතා කීම හොඳ නැති බැවින්, ළමෝ ඊට, අයියා කෑල්ලක්ද එක් කළහ. එහෙත්, ශීලාචාර ගැහැනු ළමුන් නම්, ඔහු ඇමතුවේ ‘අංකල්’ යනුවෙනි.

ලාන්තරස් එම ගමේ ට්‍රිප් ඕගනයිසර්ද වෙයි. ඔහු තම ‘ලාන්තරස් බසයෙන්’ නොයන තැනක් මේ සිරි ලංකාවේ නැති තරම්ය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාද, පිදුරුතලාගල සිට තොප්පිගල දක්වාද, හෝර්ටන්තැන්නේ සිට විල්පත්තුව දක්වාද, යනාදී වශයෙන් ඕනෑම ගමනාන්තයක් ඔහුට ‘නතින්’ ය. කොන්දොස්තර පයිතගරස්ද, මේ සෑම චාරිකාවකදීම, ඔහුගේ සහායකයා මෙන්ම මුදල් අයකැමි වශයෙන්ද කටයුතු කරයි.

කාලීන වශයෙන් ආකර්ශනය දිනාගන්නා පූජනීය හෝ ඓතිහාසික ස්ථාන කරා සංචාර සැලසුම් කිරීම, මේ දෙදෙනාගේම උපක්‍රමයකි. කුට්ටිගල, දිඹුලාගල, යාපනය (නාගදීපය), නෙල්ලිගල ආදිය ඊට නිදසුන්ය.

 

අරගල බිමෙන් සංහිඳියාවට

මෙම ලාන්තරස් සංචාරකයන් සංවිධානය කළ එබඳු කාලීන සංචාර අතර, පරාජිත මහින්ද රාජපක්ෂ ජනපතිතුමා බැහැදැකීමට මැදමුදලන යාම සහ අරගලය නැරැඹීමට ගාලුමුවදොර යාම විශේෂය. ඒ දෙවැනි ගමනේදී, බේරේ වැවේ වැටීමෙන් ගැලවීමට, ඒ නඩයට හැකි වුණේ, ලාන්තරස්ගෙ පසුම්බියට පිං සිද්ධ වෙන්නට යැයි සමහරු කියති.

අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසු, ලාන්තරස්ගේ අදහස වූයේ, ගාලු මුවදොරට ගාල් කළ රජයේ වාහන රාශිය නැරඹීමට යාමටය.

“අරගලේට ගියාට පස්සෙ, ගෝල්ෆේස් යන්ඩ ලැබුණෙත් නෑ. යමු යමු...”

තරුණ පිරිස් ගමනට දැක්වූයේ මහත් උද්‍යෝගයකි. එහෙත්, ටික දිනකින්ම වාහන ආපසු තිබූ තැන්වලටම ගෙන ගියෙන්, ඒ ගමන අවලංගු කෙරිණි.

 

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8

ඉන්පසු යළිත් අවස්ථාවක් උදා වුණි. ඒ අලුත් පාර්ලිමේන්තුව රැස්වීමේ උළෙලය. ගමේ පිරිසද කැටුව, උළෙල නැරඹීමට යාමට ලාන්තරස් සහ පයිතගරස් සූදානම් වූහ. එහෙත්, එයද අතරමගම ව්‍යර්ථ වී ගියේ, විවෘත කිරීමේ උත්සවය ඉතා චාම් ස්වරූපයකින් සිදුකෙරෙන බව, නිවේදනය කිරීම නිසාය. රථ පෙළපාලි, ආචාර වෙඩිමුර, කිසිත් නැත.

ලාන්තරස් බලවත් කලකිරීමට පත් විය.

“මෙහෙම ගියොත් අපිට කෙළවෙනවා. ඒ අතින් අර හිටපු ලොක්කො නියමයිනෙ. අවුරුද්දකට උත්සව කීයක් ගත්තද.. ගම් උදාව, මහපොළ, තියෙන කාලේ අපි ට්‍රිප් කීයක් ඇද්දද?”

“කලබල නොවී ටිකක් බලං ඉමු. මේගොල්ලො හදන්නෙ, පුළුවන් තරං අනවශ්‍ය වියදම් කපල දාන්ඩනෙ.”

“ඒ වුණාට, රටක් වුණාම උත්සවයක් තියෙන්ඩ එපායැ... දුක් විඳින ජනතාවට ආතල් එකකුත් තියෙන්ඩ එපායැ.”

 

වන්නිනායකලා නැවත සොයා යාම - (අජිත් පැරකුම් ජයසිංහ)

“ඒගොල්ලො ආතල් එකට විරුද්ධ නෑ. ඒකනෙ අගමැතිනියයි, ලේකම් සහෝදරයයි, ඇබා ෂෝ එක බලන්ඩ ගියෙ.”

“අපිට ඒවට සෙනඟ අදින්ඩ බෑනෙ බං.”

“පොඩ්ඩක් ඉවසමු... මැයි දිනේ එනවනෙ. මෙදා පාර තියෙයි නියම පෙළපාලියක්. කවදත් ඒගොල්ලෝ, ඒකට දක්ෂයිනෙ.”

“මොන පිස්සුද බං.. මැයි දිනෙත් කරන එකක් නෑ.”

ලාන්තරස් මුහුණ හකුළා, දෙපසට වැනීය.

“ඇයි?”

“දැන් බලය ලැබිල ඉවරයිනෙ. මොනවද දැන් ඉල්ලන්නෙ? මොකටද සටන් කරන්නෙ. සටන් පාඨ නැතුව, මොන මැයි දිනද පයිතෝ.”

පයිතා ද නිහඬ විය. ලාන්තරස් යළිත් කතා කළේය.

“අපරාදෙ... අර යක්කු හිටිය නං ඉන්දියාවෙන් හිට ගායක ගායිකාවො ගෙන්නල, නියම සංගීතයක් කරයි, ගෝල්ෆේස් එකේ. අපිට ගමම අදින්ඩ තිබ්බා.”

ජනතාව පුනරුද දැක නැත. එහෙත්, ආතල් විඳ ඇත.


(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...