The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

සුරතල් සතුන් හරහා ආ හැකි 'මාරයාගෙන්' ඔබේ දරුවා ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

T

The Leader Desk

December 1, 2024 • 12:00 PM

සුරතල් සතුන් හරහා ආ හැකි 'මාරයාගෙන්' ඔබේ දරුවා ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුරතල් සතුන් මානසික ආතතිය, කාන්සිය ඇතුළු මානසික තත්ත්වයන්ට විසඳුමක් වන බව පිළිගැනුණ ද, ඇතැම් විට ඔවුන් හරහා කුඩා දරුවන් අනතුරට පත්වන අවස්ථා ද විරල නොවේ.
  • බලු පැටවෙකු සමග සැඟව ආ මාරයා මීට සතියකට පමණ ඉහතදී ගාල්ල, නෙළුව ප්‍රදේශයේ 7 හැවිරිදි දරුවෙකුගේ දිවි අහිමි වීමට කුඩා බලු පැටවෙකු හරහා පැමිණි ජලභීතිකා වෛරසය හේතු විය.
  • ආගන්තුක ලෙස නිවසට පැමිණි බලු පැටවෙකු අදාළ නිවසේ සිට ඇති අතර, දින කිහිපයකින් පසු එම බලු පැටවා අතුරුදහන් වී තිබිණි.
  • එම සිදුවීමෙන් මාස දෙකකට පමණ පසුව උණ රෝගය වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දරුවාට නැවත නිවසට පැමිණීමට ජලභිතිකා වෛරසය ඉඩ දී තිබුණේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

සුරතල් සතුන් මානසික ආතතිය, කාන්සිය ඇතුළු මානසික තත්ත්වයන්ට විසඳුමක් වන බව පිළිගැනුණ ද, ඇතැම් විට ඔවුන් හරහා කුඩා දරුවන් අනතුරට පත්වන අවස්ථා ද විරල නොවේ.

 

බලු පැටවෙකු සමග සැඟව ආ මාරයා

 

මීට සතියකට පමණ ඉහතදී ගාල්ල, නෙළුව ප්‍රදේශයේ 7 හැවිරිදි දරුවෙකුගේ දිවි අහිමි වීමට කුඩා බලු පැටවෙකු හරහා පැමිණි ජලභීතිකා වෛරසය හේතු විය.

 

ආගන්තුක ලෙස නිවසට පැමිණි බලු පැටවෙකු අදාළ නිවසේ සිට ඇති අතර, දින කිහිපයකින් පසු එම බලු පැටවා අතුරුදහන් වී තිබිණි.

 

එම සිදුවීමෙන් මාස දෙකකට පමණ පසුව උණ රෝගය වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දරුවාට නැවත නිවසට පැමිණීමට ජලභිතිකා වෛරසය ඉඩ දී තිබුණේ නැත.

 

නිවසට පැමිණි ආගන්තුක බලු පැටවාගෙන්, දරුවාට ජලභීතිකා රෝගය ආසාදනය වී ඇති බවට වෛද්‍යවරුන් සැක පළ කරන අතර, බලු පැටවා දරුවා සූරා තිබූ බවට, වෛද්‍යවරුන් රෝග නිධානය සොයාගන්නා තුරු දෙමාව්පියන් දැනුවත් වී තිබුණේ නැත.

 

ඔබේ නිවසේ ද සුරතල් සතුන් මෙන් ම කුඩා දරුවන් ද සිටිය හැක. එම සතුන් නිසා දරුවන්ට ආසාදනය විය හැකි ලෙඩ රෝග ගැන ඔබ දැනුවත් ද? නොඑසේ නම් ඉහත කී ආකාරයේ ශෝකාන්තයක් ඇති නොවීමට ඔබගේ දරුවා ගැන අවදානය යොමු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ඔබ දැනුවත් ද?

 

ඔබේ දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය දැනුම ලබා දීමට බීබීසි සිංහල සේවය මේ පිළිබඳව ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රොෂාන් වෙළඳගේගෙන් කරුණු විමසීය.


සුරතල් සතුන්ගෙන් දරුවන්ට බෝ විය හැකි රෝග මොනවා ද?

 

සතුන් සමග සෙල්ලම් කිරීම, එකට ගැවසීම හෝ දරුවන් සිටින ස්ථානවල සුරතල් සතුන් ගැවසීමෙන් ළමුන්ට විවිධ රෝග වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතී.

 

එසේ දරුවන්ට බෝ විය හැකි රෝග පිළිබඳව වෛද්‍ය රොෂාන් වෙළඳගේ පැහැදිලි කළේ ය.

 

“ජලභිතිකා රෝගය හැදෙන්න පුළුවන්, ඒක තමයි මාරන්තික. සමහර සතුන්ට හැදෙන වෛරස් රෝග බෝ වෙන්න පුළුවන්, හපනවාට අමතරව සීරිම් නිසා සිදුවන තුවාලවලිනුත් විවිධ රෝග බෝ වෙන්න පුළුවන්, මදුරුවෝ හරහා බල්ලන්ගේ සිරුරේ සිටින පණුවන් පවා ඇඟට ඇතුළු වෙන්න පුළුවන්.”

 

“සත්තුන්ගේ බූල් නිසා ඇදුම හැදෙන්න පුලුවන්, කැස්ස හැදෙන්න පුළුවන්, පීනස තියෙන අය, ස්වසන රෝග තියෙන අය ඒ වගේ සත්තු නොහදා ම ඉන්න එක තමයි සුදුසු,” යැයි වෛද්‍ය රොෂන් වෙළඳගේ කියා සිටියේ ය.

 

පරවියන්, ලව් බර්ඩ්ස් වැනි කුරුල්ලන් නිසා ස්වසන රෝග ඇති වීමේ අවදානමක් ගැන ද වෛදවරයා සිහිපත් කළේ ය.

 

 

දෙමාව්පියන් කළ යුත්තේ කුමක්ද?

 

කුඩා දරුවන් සිටින නිවසක සුරතල් සතුන් ඇති නොකිරීමට හැකි නම් වඩා සුදුසු බව පැවසූ වෛද්‍යවරයා එසේ කළ නොහැකි නම් දරුවන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටී.

 

“සත්තු ගෙදර ආදායම් මාර්ගය නොවේ නම් නොහදා ඉන්න එක හොඳ යි. ඉන්නවා නම් ගේ ඇතුළට, නිදාගන්න ඇඳන්වලට, ළමයා සෙල්ලම් කරන දිහාවට නොගෙන්වා ඉන්න එක හොඳ යි.”

 

අවුරුද්දකට වඩා අඩු එක් වරක් පමණක් එන්නත් කරන ලද බල්ලන් හෝ පූසන් එක් වරක් සීරීමට හෝ හැපීමට ලක් කළහොත් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ජලභීතිකා එන්නත ලබා ගැනීම කළ යුතු යැයි වෛද්‍යවරයා පැවසීය.

 

දරුවන් නිදැල්ලේ සතුන් ආසන්නයට නොයවා තබා ගැනීම ද ඉතා වැදගත් බව වෛද්‍යවරයා අවධාරණය කරයි.

 

“විශේෂයෙන් කතා කරලා හරියට විස්තර කරන්න බැරි වයසක ඉන්න ළමයි දිහා වැඩිපුර ඇස් ඇරලා බලාගෙන ඉන්නවා නම් වඩාත් සුදුසු යි,” යනුවෙන් ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රොෂාන් වෙළඳගේ වැඩිදුරටත් කියා සිටියේ ය.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...