The Leader News
BREAKING
තේ මිල රුපියලෙන් නැග්ගට ඩොලර් ආදායම පහළට●අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!●කලාපීය බල අරගලය සහ පැවැත්ම : ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්ති යථාර්ථ(ය) | Athulasiri Samarakoon●වැලිගම W 15 හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති ඇතුළු නවදෙනාට මහාධිකරණයේදී අධිචෝදනා●කොළඹ වරාය ඉන්දියන් සාගරයේ බල කේන්ද්‍රයක් වෙයි●කොරියාවේ විවාහ රැල්ල වෙනස් වෙයි: මනාලිය වැඩිමල්!●පාස්කු විමර්ශන: බුද්ධි නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්●අනාවරණය වූ තොරතුරු මත අත්අඩංගුවට ගැනීම් සිදුකළා - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි.●රුමේෂ් තරංගගේ නමින් පැතිරෙන ලෝක සම්මාන පුවතේ ඇත්ත●ඥානසාර හිමියන්ගේ මාස 9ක සිරදඬුවම මහාධිකරණයෙන් තහවුරු කෙරේ●
Top Ad
විශේෂාංග

බදු දැනුම ප්‍රගුණ කිරීම වගකිව යුතු පුරවැසියකුගේ අවශ්‍යතාවයකි - (ආචාර්ය නදී දිසානායක)

T

The Leader Desk

December 2, 2024 • 6:09 AM

බදු දැනුම ප්‍රගුණ කිරීම වගකිව යුතු පුරවැසියකුගේ අවශ්‍යතාවයකි - (ආචාර්ය නදී දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකිනෙකට වෙනස් බදු වර්ග, ඊට අදාල බදු වගකීම ගණනය කරන ආකාරය වෙනස් වීම සහ වරින් වර වෙනස් වන බදු අනුපාත වැනි කරුණු සංකීර්ණ බදු පරිසරයක් අප වටා නිර්මාණය කිරීමට හේතු වී ඇත.
  • රජයක් බද්දක් ලෙසින් මහජනතාවගෙන් මුදලක් එකතු කරගන්නේ කුමක් සඳහා ද කියා අප දැනගත යුතුය.
  • මහන්සි වී උපයාගත් ආදායමෙන් කොටසක් බදු මුදල් ලෙසින් රජයට ලබා දෙද්දී අප එය කළ යුත්තේ අකමැත්තකින් හෝ හිතෙහි සැකයකින් හෝ නොව ඒ ගැන අවබෝධයක් ඇතිවය.
  • රටක් සංවර්ධනය කිරීමට එරටෙහි සිටින ජනතාව විසින් ගෙවනු ලබන බදු මුදල් මූලික වන බව ඔබ අසා තිබෙනවා විය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

එකිනෙකට වෙනස් බදු වර්ග, ඊට අදාල බදු වගකීම ගණනය කරන ආකාරය වෙනස් වීම සහ වරින් වර වෙනස් වන බදු අනුපාත වැනි කරුණු සංකීර්ණ බදු පරිසරයක් අප වටා නිර්මාණය කිරීමට හේතු වී ඇත. මෙකී පරිසරය තුළ මැනවින් මුල්‍ය කළමනාකරණය කිරීමට බදු දැනුම අත්‍යවශ්‍ය කරුණකි. බදු පිළිබඳ දැනුමින් පෝෂිත පුද්ගලයකුට තම පෞද්ගලික මුදල් මනාව පාලනය කිරීමට හැකිවනවා මෙන්ම තමා අයත් ආර්ථිකය දියුණු කිරීමට දායක වීමට ද අවස්ථාව ලැබේ.

 

2023දී රජයේ අපේක්ෂිත බදු ආදායම උපයා ගැනීමට බැරි වෙලා

රජයක් බද්දක් ලෙසින් මහජනතාවගෙන් මුදලක් එකතු කරගන්නේ කුමක් සඳහා ද කියා අප දැනගත යුතුය. මහන්සි වී උපයාගත් ආදායමෙන් කොටසක් බදු මුදල් ලෙසින් රජයට ලබා දෙද්දී අප එය කළ යුත්තේ අකමැත්තකින් හෝ හිතෙහි සැකයකින් හෝ නොව ඒ ගැන අවබෝධයක් ඇතිවය. බදු ක්‍රියාවලිය සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබීමෙන් රාජ්‍ය ආදායම එකතු කිරීමට අප දායකවන්නේ කැමැත්තෙනි. රටක් සංවර්ධනය කිරීමට එරටෙහි සිටින ජනතාව විසින් ගෙවනු ලබන බදු මුදල් මූලික වන බව ඔබ අසා තිබෙනවා විය හැක.

ආර්ථික සංවර්ධනයක් සහිත රටක ජීවත්වන මිනිසුන්ට බොහෝ පොදු පහසුකම් සහ ප්‍රතිලාභ හිමිවේ. එසේනම් තමා විසින් ගෙවන බදු මුදල් වලින් කොටසක් හෝ වක්‍රාකාරව නැවත තමාටම පහසුකම් හෝ ප්‍රතිලාභ හෝ ලෙසින් ලැබෙන බව ඔබත් සිතිය යුතු කරුණකි. පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවා, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, මහජන ආරක්ෂාව, සහ නොයෙකුත් සමාජ සුභ සාධන සේවාවන් අපට ලැබෙන්නේ නොමිළයේ කියා සිතුනත් ඒ ඔබ හෝ ඔබේම වැඩිහිටියන්, හිතවතුන් හෝ විසින් රජයට ලබාදුන් බදු මුදල් කියා ඔබ හිතුවාද? 

 

නව ආදායම් බද්ද අධිකරණ විනිසුරුවරුන්ට අදාළ නැද්ද?
බදු පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති වීමෙන් ඇතැම් පිරිසකට බදු නීතිය තේරුම් ගත නොහැකි විෂයයක් විය හැක. සුළු නොදනුවත්කමක් නිසා හෝ සිදුවන කිසියම් ප්‍රමාදයක් හෝ හේතුවෙන් බදු සම්බන්ධ නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදුවිය හැක. එසේම බදු නිලධාරීන් සමඟ කතාකර ගිණුම් වලට අදාල කරුණු පැහැදිලිකිරීමට නොහැකිව අසරණ වීමට ද බදු පිළිබඳ නොදැනුවත්කම හේතු වේ. ගිණුම්කරුවන්, විගණකවරුන් වෙතින් සේවය ලබාගැනීමේදී ද බදු විෂය පිළිබඳ ඔබට තිබෙන දැනුම ප්‍රයෝජනවත් වන්නේ ඔවුන් ලියන කියන කරුණු සමඟ එකඟ වීමට පෙර ඒ දේවල් කියවා තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වන නිසාය. 

මේ සියළු කරුණු වලින් පෙනීයන්නේ බදු පිළිබඳ දැනුම ප්‍රගුණ කිරීමෙන් තමාට බොහෝ වාසි ලබා ගත හැකි බවයි. එමනිසා බදු ක්‍රමය සහ නීතිරීති  පිළිබඳව තමා හොඳින් දැනුවත්ව සිටීමෙන් ඇතිවිය හැකි අනවශ්‍ය කරදර බොහොමයක් මග හරවා ගත හැකි වේ. බදු ආශ්‍රිත දැනුම වැඩි කරගත් පුද්ගලයකු සැමවිට යහපත් බදු ක්‍රමයක් ගොඩනැංවීමට ශක්තියක් වනු ඇත.

 

බදු අංකයට බය වෙන්න එපා ! - වැඩබලන කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

බදු වාර්තා භාරදීම සහ බදු මුදල් ගෙවීම් කළ යුතු වැදගත් කාලසීමාවන්, මෙන්ම පුද්ගලයකු ලෙසින් හෝ ව්‍යාපාරයක් ලෙසින් හෝ පවත්වාගෙන යායුතු ලියකියවිලි, ගිණුම් වාර්තා සහ අනෙකුත් සහාය ලේඛන පිළිබඳව දැනුවත්ව සිටීම බදු නීතිවලට අනුකූල වී කටයුතු කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. තවද බදු ගෙවීමේ කාලසීමාවන් සහ ආදායම් වාර්තා භාරදිය යුතු අවසන් දිනයන් පිළිබඳව දැනුවත්ව සිටීම අනවශ්‍ය දඩ මුදල් ගෙවීම වළක්වා ගැනීමට උපකාරී වේ. එසේම අවශ්‍ය ලියකියවිලි පිළිබඳව දැනුවත්ව සිටීම බදු ගණනය කිරීමේදී සහ බදු සහන තීරණය කිරීමේදී ඉතා ප්‍රයෝජන වේ. මෙම තත්ත්වය පුද්ගලයෙකුගේ මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කර දීමට උපකාරී වන අතර පිළිවෙලක් සහිත බදු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීමට ද උපකාරී වේ.

පුද්ගල ආදායම් බදු මට්ටම ගැන රජයෙන් තීරණයක්

 

මහන්සියෙන් උපයාගත් ආදායමෙන් කොටසක් බදු ලෙසින් රජයට ගෙවන පුද්ගලයකුට එම මුදල් රජය විසින් කෙසේ වියදම් කරන්නේ ද කියා දැනගැනීමට අයිතියක් ඇත. පවතින බදු නීතියට අනුකූල වෙමින් අදාල නිවැරදි බද්ද රටට ගෙවීමට ඔබ දැනුම අවබෝධය ලබා ගත යුතු සේම රජය විසින් එසේ එකතු කර ගත් බදු මුදල් රටෙහි සංවර්ධනයට කෙසේ දායක කරන්නේද කියා සොයා දැනගැනීමට ත් ඔබ උනන්දු විය යුතුය. නිතරම තොරතුරු සොයන දැනුම එකතු කරන බදු ගෙවන ජනතාවක් සිටින තැනක විනිවිදභාවය සහ විශ්වාසය ඉහල මට්ටමක පවතින බදු ක්‍රමයක් ඇතිවීම සිදුවන්නේ නිරායාසයෙනි. 

බදු දැනුමින් පිරිපුන් පුරවැසියන්ට රජයේ බදු ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවලට ඉතා සක්‍රීයව සහභාගී වී තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා කර ගත හැක. තොරතුරු වලින් පෝෂිත බදු විෂය පිළිබඳ දැනුමින් පිරුණු පුද්ගලයකුට බදු පිළිබඳ කරුණු පැහැදිලි කර දීම පහසුය. බදු ක්‍රමය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ගොඩනැංවීමට පහසුය. පොදු ජනතාව සහ රජය අතර සබඳතා ශක්තිමත් කිරීමට විශ්වාසය සහ විනිවිදභාවය අවශ්‍ය වේ. ඵලදායී බදු ක්‍රමයක් ගොඩනැගීම සඳහා තොරතුරු මත පදනම් වූ තාර්කික බදු ගෙවන්නන් පිරිසක් වුවමනා වන්නේ එනිසාය.

 

හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකර පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව !
මේ වන විට ඔබ බදු සම්බන්ධ කරුණු දැනගැනීමට බොහෝ කැමැත්තෙන් සිටිනවා විය හැක. ඔබට බදු දැනුම වැඩි කර ගැනීම සඳහා බොහෝ අවස්ථා තිබෙන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. දේශීය ආදායම්  බදු දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයින්ගේ අවශ්‍යතාවය මත විවිධ පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණ පවත්වන අතර, එමගින් පුරවැසියන්ට බදු නීති සහ රෙගුලාසි පිළිබඳව තොරතුරු දැනගැනීමට හැක. බදු පිළිබඳ පොත්, ලිපි සහ මාර්ගගත සම්පත් බහුලව ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සහ යූ ටියුබ් සහ මුහුණු පොත වැනි සමාජ මාධ්‍යයන්  බදු පිළිබඳ විවිධ තොරතුරු සහ උපදෙස් ඔබ වෙතට තිළිණ කරන අතර බදු ගෙවන්නන්ට තමන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු සොයා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දුරකථන (1944) උපදේශන සේවාව භාවිතා කිරීමට ද පුළුවන. එසේම වුවමනා නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු උපදෙස්හල තුළදී නිලධාරීන් මුණගැසී වැඩි දුර කරුණු පැහැදිලි කර ගැනීමට ද අවස්ථාව ඇත. වුවමනා නම් බදු විශේෂඥයින්ගෙන් සහ ගණකාධිකරණ සමාගම්වලින් විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ද අවස්ථාව ඇත.

අවසාන වශයෙන්, බදු ගෙවන්නන්ට තමන්ගේ ප්‍රශ්න කතා කිරීමටත් අදහස් ප්‍රකාශ කිරීමටත් සමාජ මාධ්‍යයේ පිහිටුවා ඇති බදු පිළිබඳ කණ්ඩායම් සහ ප්‍රජා සංවාදවලට ද සහභාගී විය හැකිය. මෙවැනි බොහෝ පහසුකම් සහිත වාතාවරණයක් තුළ තව දුරටත් බදු විෂයයෙන් දුරස් වී බියවී සිටිනවා ද කියා තීරණය කළ යුත්තේ ඔබ විසිනි.

 

පළමු මාස 08හි රු.මිලියන 11,355 ක බදු අදායමක්
පවතින බදු නීතිය තුළ ඊට අනුකූල වෙමින් කටයුතු කිරීම පුරවැසි වගකීමකි. ඔබ උපන් දා සිට මිය යන තෙක් කොතෙක් පොදු සේවා, භාණ්ඩ සහ යටිතල පහසුකම් භුක්ති විඳින්නේද? ඒ සඳහා වියදම් දැරුවේ තමා දන්නා හෝ නොදන්නා හෝ පිරිසක් වියහැක. නමුත් ඊට කලගුණ සැලකීම ශ්‍රේෂ්ට පුරවැසි ගුණයක් නොවන්නේද? අනාගත පරපුර වෙනුවෙන් අද ඔබගේ වගකීම ඉටු කිරීමට අවස්ථාව එළඹ ඇත. ඔබ විසින් රජයට ගෙවිය යුතු බදු මුදලක් වේ නම් එය නිවැරදිව වෙලාවට ගෙවීමට තරම් ඔබ නිහතමානී වන්න. රටෙහි ආර්ථිකයේ කොටස්කරුවකු වීම පුද්ගලයකුට ආඩම්බර විය හැකි කරුණකි. එසේම හිතට ආශ්වාදයක් සහ අභිමානයක් ගෙනදෙන හේතුවකි.

දුවා දරුවන් 'වළාකුළු' අතරට ගෙන යන නදී...! - Kids Song (වීඩියෝ )
නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් 
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

[උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප ]


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...