The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

එක වාහන ප්‍රශ්නයක් හරි: එත්, අනිත් තඩි වාහනයේ ප්‍රශ්නය? - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

December 6, 2024 • 5:18 AM

එක වාහන ප්‍රශ්නයක් හරි: එත්, අනිත් තඩි වාහනයේ ප්‍රශ්නය? - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය ඉතා කාලෝචිත සහ ප්‍රශංසනීය තීරණයකි.
  • හරි නම්, මෙවැනි වාහන රටට ගෙන්වීම පවා නතර කර දැමීමටත් ක්‍රමයක් ඇත්දැයි සලකා බැලීම නරක නැත. දැනටමත්, අධිධාරිතාවෙන් යුත් සමහර මෝටර් බයිසිකල් වර්ග මෙරටට ගෙන්වීම එසේ තහනම් කර ඇති බව කලකට පෙර දැනගන්නට ලැබණි.
  • ආණ්ඩුවේ මෙම පියවර, ඒ ගැන සිතාබලා ගත් වැදගත් තීරණයක් බව පෙනේ.
  • කෙසේ වෙතත්, ළඟ තියෙන සල්ලිවලට කරගැනීමට තරම් දේවල් ලංකාව වැනි රටක ඛෙහෙවින් සීමිත නිසා මෙවැනි නාස්තිකාර දේවල්වලට මුදල් වීසි කිරීම සඳහා සල්ලිකාරයන් තුළ ඇති විය හැකි ආශාව මර්දනය කිරීම පහසු නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
එය ඉතා කාලෝචිත සහ ප්‍රශංසනීය තීරණයකි. හරි නම්, මෙවැනි වාහන රටට ගෙන්වීම පවා නතර කර දැමීමටත් ක්‍රමයක් ඇත්දැයි සලකා බැලීම නරක නැත. 

දැනටමත්, අධිධාරිතාවෙන් යුත් සමහර මෝටර් බයිසිකල් වර්ග මෙරටට ගෙන්වීම එසේ තහනම් කර ඇති බව කලකට පෙර දැනගන්නට ලැබණි. කෙසේ වෙතත්, තහනම යන්න ප්‍රජාතන්ත්‍රවාදී රටකට එතරම් හිතකර දෙයක් නොවන නිසා, එසේම ලිබරල් විවෘත වෙළෙඳපොළ ආර්ථීකයකට නොහොබිනා දෙයක් නිසා, අප බැලිය යුත්තේ මේ ප්‍රශ්නය තරමක්වත් විසඳාගත හැකි වෙනත් මාර්ග කෙරෙහි ය. ආණ්ඩුවේ මෙම පියවර, ඒ ගැන සිතාබලා ගත් වැදගත් තීරණයක් බව පෙනේ.
 
 
මේ කියන රජයේ වාහන පාවිච්චි කරන දේශපාලනඥයන් සහ නිලධාරීන් හැරුණු විට මෙවැනි වාහන පාවිච්චි කරන තවත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් රටේ සිටිති. ඔවුන්ගේ වාහන සඳහා නාස්ති වන්නේද, රටේ සමස්ත ජනතාව සඳහා තිඛෙන විදේශ විනිමයයි. කෙසේ වෙතත්, ළඟ තියෙන සල්ලිවලට කරගැනීමට තරම් දේවල් ලංකාව වැනි රටක ඛෙහෙවින් සීමිත නිසා මෙවැනි නාස්තිකාර දේවල්වලට මුදල් වීසි කිරීම සඳහා සල්ලිකාරයන් තුළ ඇති විය හැකි ආශාව මර්දනය කිරීම පහසු නැත. කෙසේ වෙතත්, 'පුද්ගල වරණය' නමැති නිදහසට ඉඩක් තිබිය යුතුය. එසේ නම් කළ යුත්තේ මේ සෑම පෙට්‍රල් ලීටරයක්ම රටට ආනයනය කිරීම සඳහා වැය කිරීමට සිදුව තිඛෙන විදේශ විනිමය මෙවැනි වාහනයක් රටට ගෙන්වූ දා පටන් මේවායේ අයිතිකරුවන්ගෙන් පොළියක් සමග අය කරගැනීමට කටයුතු කිරීමයි.
ඒ සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන්නේ, වාහනය ආනයනය කිරීමේදී විශාල තීරුබද්දක් අයකරගැනීම සහ අවුරුද්දකට වරක් 'ආදායම් බලපත්‍රය' අලූත් කරගැනීමේදී වෙනත් වාහනවලට වඩා වැඩි ගාස්තුවක් අයකරගැනීම වැනි සොච්චම් මුදලක් රජයට අයකරගැනීම පමණි. එම වාහනයකට සාමාන්‍යයෙන් භාවිත කරන පෙට්‍රල් හෝ ඩීසල් ගැන බැලූවත්, සුපර් ඩීසල් හෝ සුපර් පෙට්‍රල් වැනි මිල ගණන් සාමාන්‍ය වාහනවලට යොදාගන්නා ඩීසල් හෝ පෙට්‍රලේවලට වඩා මිලෙන් තරමක් ඉහළයි. එහෙත් සමස්තයක් වශයෙන් මෙවැනි වාහන සඳහා නාස්ති කෙරෙන විදේශ විනිමය සඳහා එය ප්‍රමාණවත් හිලව්වක් නොවේ. ඒ නිසා අඩු වශයෙන්, එවැනි වාහනයක් සඳහා හැම දවසකම පාව්චිචි කරන හැම පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයක් සඳහාම අය කෙරෙන වෙළෙඳපොළේ මිල දැනට පවතින මිලට වඩා තුන් ගුණයකින්වත් ඉහළ නැංවීම යම් විසඳුමක් විය හැකිය. එහෙත් එවැනි යාන්ත්‍රණක් කෙසේ ක්‍රියාවට නැංවිය හැකිද යන ප්‍රශ්නය මෙහිදී උද්ගත වෙයි. 
 

මේ ගැන සිතද්දී මෙවැනි දෙයක් මට සිතුනි. එනම්, එම වාහනය ඉන්ධන පිරවුම් හලේදී පෙට්‍රල් පොම්පය ළඟට එමේදී ඉලෙක්ට්‍රොනිකව එම වාහනය හඳුනාගැනීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් භාවිතයට ගැනීමයි. උදාහරණයක් වශයෙන්, පෙට්‍රල් පොම්පය ළඟට එම වාහනය එන විට එහි අංකය ස්වයංක්‍රීයව පෙට්‍රල් පොම්පය තුළ සටහන් වීම හරහා, අර කියන ඉහළ මිළ ගණන, එම වාහනයට යොදවන පෙට්‍රල් ලීටර් ගණන සඳහා ස්වයංක්‍රීයව පෙට්‍රල් පොම්පයෙ සටහන් වීමේ ක්‍රමයකි. 

එහෙත් එවැනි ක්‍රමයක් ප්‍රායෝගිකව ගත් විට මොන තරම් නිරර්ථක විය හැකිද යන්න පෙන්වා දීමට මගේ මිතුරෙක් කරුණු කිහිපයක් ගෙනහැරපෑවේය. ඉන් එකක් මෙයයි: අර කියන පුද්ගලයාට ඊට වෙනස් තවත් වාහනයක් තිබේ. ඔහු කරන්නේ, ඒ වාහනයට පෙට්‍රල් ලබාගෙන ගෙදර ගොස් පසුව මේ කියන අධිධාරිතාව සහිත වාහනයට ඒවා පොම්ප කරගැනීමයි. මගේ මෝඩ සිහිනය මොන තරම් පුස්සක්ද යන්න මට එවිට පසක් විය. එහෙත්, තව එක් ප්‍රතිතර්කයක් තිබුණි. එනම්, මේ පුද්ගලයා ඉහළ පෙළේ සල්ලිකාරයෙකු නිසා එවැනි සිල්ලර හොරකමක් කිරීමට තරම් දීන කෙනෙකු නොවන බවයි. මගේ යහළුවා කෙළේ මා දෙස බලා සෝපාහාසාත්මකව සිනාසීම පමණි.
 
පුවත් - Results from #1530
ඒ හිනාවේ අර්ථය හරියටම මට වැටහුණේ ඉන්පසු සිදු වූ තවත් හෙළිදරව්වක් නිසා ය. එනම්, දියුණු යුරෝපා රටක කිසි සමාජ වටිනාකමක් නැති වාහන දෙකක් හොරෙන් මෙරටට ගෙන්වා මෙහිදී එකලස් කළ මහා සල්ලිකාර දේශපාලනඥයන් දෙන්නෙකු ගැන කතාවයි. ඔවුන්ට ඇති අධිකතර ධනයේ හැටියට මෙතරම් තුට්ටුදෙකේ හොරකමක් කරතියි කෙසේ නම් සිතන්නද!!.  එයින් කියැවෙන්නේ, අපේ රටේ ධනපතියා පවා හැදියාව අතින් අන්ත 'හිඟන්නෙකු' බවයි. 
 
එක පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 3 ක් පමණක් ධාවනය වන වාහන කිහිපයක් තමාට සහ තමාගේ පවුලේ පාවිච්චියට තියාගෙන සිටි, දීර්ඝ කාලයක් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ ප්‍රබල දේශපාලනඥයෙකු ගැන මම දනිමි. මොහු සම්බන්ධයෙන් මට හැඟුණු දෙය වන්නේ, ඒ වාහන කිහිපය නිසා අපේ රටට ආර්ථීක වශයෙනුත්, සමස්ත ලෝකයාට අයත් පරිසරයට පොදුවේත් ඇති කෙරෙන අලාභය ගැන නොවේ. අර දේශපාලනඥයා තමන්ට එවැනි වාහන කිහිපයක් තිබීම ගැන දක්වන සාඩම්බර අභිමානය ගැන ය. ඒ සඳහා වැය වන එක සතයක්වත් තමාගේ සාක්කුවෙන් වැය නොවීම නිසා ඇති වන මනෝභාවයකි එය.

දැන්, අප කතා කරන, අලූත් දේශපාලන සංස්කෘතිය නමැති මාතෘකාවට පැමිණිය හැකිය. එහිදී අලූත් ආණ්ඩුව අවධාරණය කරන්නේ 'තමන්' ගැන ය. ආදර්ශමත් වීම වශයෙන්ද එය හඳුන්වනු ලැබේ. එනම්, තමන් වනාහී වෙනස් මනුෂ්‍ය කොට්ටාශයක් වන බව පෙන්වීමට ඇති ආශාවයි. තමන් සොරකම් නොකරනු ඇත. තමන් දූෂණයේ නොයෙදෙනු ඇත. තමන් නාස්ති නොකරනු ඇත යනාදී පුද්ගලවාදී ප්‍රවේශයකි. එය නරක නැත. එවැනි මිනිසුන් ලෝකයේ ජීවත්ව සිටි බවට සහ සිටින බවටත් සාක්ෂි තිබේ. එහෙත් ඒ පිරිස ඉතා අල්ප ය. ඔවුන් ජීවත් වූ යුගයටවත්, ඔවුන් ජීවත් වූ රටටවත් ඔවුන්ගේ චර්යාවෙන් පොදු සෙතක් අත් වී නොමැත.
 
Sri Lanka's President Anura Kumara Dissanayake (L) arrives for the opening ceremony of the country's tenth parliament at the national parliament in Colombo on November 21, 2024. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)
 
එසේ වෙතත්, වර්තමාන පාලකයන් රටට ආදර්ශමත් වීමට ගන්නා සෑම උත්සාහයක්ම අගේ කළ යුතු නැති බවක් ඉන් අදහස් නොවේ. ජනාධිපති අනුර කුමාර දිසානායක සිය වාහනයේ ඉදිරිපස අසුනේ වාඩි වී ගමන් කිරීම, සමහරුන්ගේ සිනාවට කාරණයක් වී ඇති බවක් පෙනෙන්ට තිබේ. එසේ සිනාසෙන බොහොමයක් දෙනා, පුහු ගර්වය සහ ප්‍රභූ චින්තනය රාජ්‍ය පාලනය සඳහා අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් හිසින් ගත්තෝය. සාමාන්‍ය පාපැදියෙන් ජනාධිපති කාර්යාලයට/අගමැති කාර්යාලයට පැමිණෙන රාජ්‍ය නායකයන්ද සමහර දියුණු රටවල සිටින බව මේ අය නොදන්නවා විය හැකිය. සිනාසෙන අනිත් පිරිස වන්නේ, පාරම්පරිකව තමන්ට හිමිව තිබූ පාලන බලය අහිමි වීම නිසා කෝපයට පත්ව, අලූත් ආණ්ඩුව කරන ඕනෑම දෙයක් විවේචනය කිරීමට බලාගෙන සිටින නරුමයන් ය. 
කෙසේ වෙතත්, වර්තමාන රජයේ මැති ඇමතිවරුන් සමාජයට පුද්ගල ආදර්ශ සැපයීමට සිතීම පිළිබඳ ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ මේ කියන යහපත් පුද්ගල ස්වභාවය සෑම විටම පාහේ තාවකාලික ස්වභාවයක් විය හැකි බවයි. අධි-ධාරිතාවක වාහනයක් පාවිච්චි කළ, මා කියන අර දේශපාලනඥයා නරක පුද්ගලයෙකු නොවේ. එසේම, දේශපාලනිකව ගත් විට, දක්ෂිණාංශිකද නොවේ. දීර්ඝ කාලීන වාමාංශික ඉතිහාසයක්ද ඔහුට තිබේ. එහෙත්, භෞතික වටපිටාව විසින් ඔහුව අධිකතර සුඛෝපභෝගීත්වය පිස්සුවක් කරගත් පුද්ගලයෙකු බවට පත්කර තිබේ. මෙවැනි චර්යාවන් තුළ දක්නට ලැඛෙන ඉතා බොළඳ සහ නිරර්ථක අංගයක් තිබේ. එනම්, බොහෝවිට මේ කියන සුඛෝපභෝගීත්වය ඒ පුද්ගලයා භෞතිකව විඳින දෙයක්ද නොවීමයි. ඒ වාහනය පැදවීමේ ආශාවක් ඔහුට නැත. පැයක්වත් ඒ  වාහනයේ වාඩි වී ගමනක් යාම ඔහුට අප්‍රියයි. එසේ ගිය විට කකුල් ඉදිමෙන බැවිනි. වෙනත් බොහෝ ශාරීරික අපහසුතාද ඔහුට තිබේ. ඔහු විඳින එකම සුඛෝපභෝගීත්වය වන්නේ, තමාට එවැනි වාහනයක් තිබීම ගැන ඇති කරගෙන තිඛෙන මනෝභාවයෙන පිනායාමයි. ඒ මනෝභාවය ඔහු උපතින් හෝ හැදියාවෙන් ගෙනා දෙයක් නොව, පසු කලෙක සමාජ පරිසරය විසින් ඔහුට බෝ කරන ලද්දකි. ක්‍රමය වෙනස් කළ යුතු යැයි කියන්නේ, අන්න ඒ සමාජ පරිසරය වෙනස් කිරීමයි.
 
විධායක කෝලම - රටේ රාළ
 
දැන් මේ සාදෘශ්‍යය වෙනත් තලයක තබා අපට බැලිය හැකිය. පරිසරය හැඩි කරන, ආකල්ප දූෂණය කරන, දේශපාලනය විකෘති කරන, අතිශය නාස්තිකාර, කොටින්ම කිව්වොත් 'පෙට්‍රල් බොන', මුළු රටේම දේශපාලන සංස්කෘතිය 'එක මිටට ගත්' තවත් වාහනයක් තිබේ. එය හැඳින්වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය යනුවෙනි. මේ වාහනය පාව්චිචි කිරීමට රජයට ඇති අයිතිය නතර කිරීම අනුර කුමාර දිසානායක කළ යුතුව ඇති ලොකුම 'සිස්ටම් චේන්ජ්' එකයි. එහෙත්, බලයට පත්වීමෙන් පසුව ඒ  ගැන ඔහු තවම එක වචනයක්වත් කතා කර නැත. පසුගිය සතියේ ඔහු කළ දීර්ඝ දේශනය තුළ සහ ඊට කලින් ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසුව කළ විවිධ දේශනවලදීත්, මේ කාරණය ගැන කිසිවක් නොකීමට ඔහු පරිස්සම් වූ බවක් පෙනුණි.

 
ඔහු ජනාධිපති වශයෙන් දිව්රුම් දුන් දවසේ හෝ ඊට ආසන්න දවසක, මොහු වනාහී ලංකාවේ අවසාන විධායක ජනාධිතිවරයා වන බව සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. එවැනි කතාවක් ඇසීම අපට මහත් වූ සතුටටත්, ප්‍රහර්ෂයටත් කාරණයක් විය. එසේම, ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ මාතෘකාව විවිධ අවස්ථාවලදී සිය දේශනයන්හි ප්‍රධාන කාරණයක් වශයෙන් ලාල් කාන්ත පාවිච්චියට ගන්නවා අප දැක තිබේ. තමන් බලයට පත් වූ පසු මේ විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන් අහෝසි කරන බව ඔහු නොයෙක් වර අවධාරණයෙන් කියා ඇත. එහෙත්, ජනාධිපතිවරණයේදී ලද සාමාන්‍ය ජයග්‍රහණය පාර්ලිමේන්තු මැතිවරණය මාර්ගයෙන් යෝධ ජයග්‍රහණයක් බවට පත්කරගැනීමෙන් පසුව මේ කිසිවෙකු ඒ ගැන කිසිවක් කතා නොකරන බවට වගබලාගනිමින් සිටීම, 'ඉතිහාසය නැවත් වරක් එයාකාරයෙන්ම සිදුවෙමින් තිඛෙන' බවට ඉඟියක්වත්ද?  

තමන්ගේ දෛනික පුද්ගල භාවිතාව තුළ ඉන්ධන කාර්යක්ෂමතාවට මුල් තැන දෙන, නාස්තිය පිටුදකින ආණ්ඩුවක් වශයෙන්, මේ අවස්ථාවේදී දේශපාලන සංස්කෘතියේ 'මහා නාස්තිකාරයාගෙනුත්' නිදහස් වීමේ යුතුකමක් සහ වගකීමක් අලූත් ආණ්ඩුවට තිබේ. එසේ කරන බවට මෙවරත් ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පැහැදිලිවම ඔවුන් සටහන් කර තිබේ. මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන සටන් පාඨය එක දිගට, වැඩිම කාලයක් තමන්ගේ දේශපාලනයේ ප්‍රධාන අංගයක් කරගත්, අදටත් සක්‍රීය දේශපාලන බිමේ සිටින එකම දේශපාලන පක්ෂයත් ඔවුන් ය. එය අහෝසි කරන බවට (චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන්) ලිඛිත පොරොන්දුවක් ලබාගැනීමට පවා කටයුතු කර ඇති එකම දේශපාලන පක්ෂයත් ඔවුන් ය. ඒ සියල්ලටමත් වඩා, එකී අහෝසිය සඳහා අවශ්‍ය කරන යෝධ ජනවරමක් සහ අති විශාල බහුතරයක් ලබා ඇති එකම පක්ෂයත් ඔවුන් ය.
 
අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! - (වික්ටර් අයිවන්)
 
එසේ නම්, ඩෙනිම් කලිසමක් සහ කැෂුවල් කමිසයක් හැඳගෙන සම්භාව්‍ය අවස්ථාවන්ට සහභාගී වීමෙන් 'උත්තුංග ජනාධිපතිතුමා' යන ප්‍රභූ සංකල්පය අළුයම ලෑ කෙල පිඩක් සේ සංකේතවත්ව ප්‍රකාශයට පත්කරමින් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක, කල් නොයවා ඊළඟ පියවර තැබිය යුතු බව අපි කියා සිටිමු. එදාට, දේශපාලන සංස්කෘතිය හරවත්ව වෙනස් කිරීමේ පුරෝගාමියා බවට ඔහු ඉතිහාසගත වෙනවා නොඅනුමානයි.
 
(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එක වාහන ප්‍රශ්නයක් හරි: එත්, අනිත් තඩි වාහනයේ ප්‍රශ්නය? - (ගාමිණී වියන්ගොඩ) | The Leader