The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

හසුන් පත්වල සිට ඩේටින් ඇප් දක්වා: ආදර හමු වෙනස් වුණේ කොහොම ද?

T

The Leader Desk

December 7, 2024 • 5:18 AM

හසුන් පත්වල සිට ඩේටින් ඇප් දක්වා: ආදර හමු වෙනස් වුණේ කොහොම ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ රෙඩිට් සමාජ මාධ්‍යයේ, ශ්‍රී ලංකා සබ් රෙඩිට් සමූහයේ තරුණයෙකු විමසා තිබූ පැනයකි.
  • එයට පිළිතුරු වශයෙන් එක් අයෙකු සටහන් කර තිබුණේ ටින්ඩර් වැනි ඩේටින් යෙදවුම් දැනටමත් ශ්‍රී ලංකාව තුළ භාවිත වන බවත්, එමගින් හෝ ෆේස්බුක් හරහා තරුණියක් හඳුනාගැනීමට උත්සහ කරන ලෙසත් ය.
  • හසුන් පත් යැවූ 90' දශකය ගම්පෙරළිය නවකතාවේ පියල් විසින් ඔහු තුළ නන්දා පිළිබඳ තිබූ අදහස් ප්‍රකාශ කළේ ලියුම් ලිවීමෙනි.
  • දුරකතන භාවිතය සීමිත වූ 90 දශකය තුළ ඔවුන් ආදර සම්බන්ධතා ගොඩනගා ගැනීම බොහෝවිට ඔවුන්ගේ මිතුරු කවවලින් සිදු වූ බව මාගේ එක් මිතුරෙකු පැවසුවේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ රෙඩිට් සමාජ මාධ්‍යයේ, ශ්‍රී ලංකා සබ් රෙඩිට් සමූහයේ තරුණයෙකු විමසා තිබූ පැනයකි. ඔහු එහි විමසා තිබුණේ සමාජ මාධ්‍ය හරහා තරුණියක් හඳුනාගෙන හමු වීම ප්‍රතිඵලදායක ද යන්නයි.

එයට පිළිතුරු වශයෙන් එක් අයෙකු සටහන් කර තිබුණේ ටින්ඩර් වැනි ඩේටින් යෙදවුම් දැනටමත් ශ්‍රී ලංකාව තුළ භාවිත වන බවත්, එමගින් හෝ ෆේස්බුක් හරහා තරුණියක් හඳුනාගැනීමට උත්සහ කරන ලෙසත් ය.

තවත් පිළිතුරක දැක්වුණේ "සමාජ මාධ්‍ය ගැන සම්පූර්ණයෙන් අමතක කරලා, එළියට ගිහින් යාලුවන් එක්ක කතා කරලා ගෑනු ළමයෙක්ව අඳුරගන්න," යනුවෙනි.

GettyImages 605769100 5bd9e33ec9e77c002692469a

ඩේටින්, එසේත් නැතිනම් දෙදෙනෙකු එකට කාලය ගත කිරීමට හමුවීම, ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකය පුරා ම ආසන්න දශක කිහිපය තුළ බොහෝ වෙනස්කම්වලට භාජනය වී තිබේ.


තාක්ෂණය දියුණු වීම, පරම්පරා අතර පරතරය සහ කාලයත් සමග අවශ්‍යතාවයන් වෙනස් වීමත් සමග මෙම ආදර හමු සංස්කෘතිය ද වෙනස් වී තිබේ.

හසුන් පත් යැවූ 90' දශකය

ගම්පෙරළිය නවකතාවේ පියල් විසින් ඔහු තුළ නන්දා පිළිබඳ තිබූ අදහස් ප්‍රකාශ කළේ ලියුම් ලිවීමෙනි. ඔහු එම ලියුම් නන්දාට කියවීමට දුන් පොත් අස්සේ සඟවා දුන් අතර, නන්දා ඒවා කියවා අල්මාරියේ සඟවා තැබුවා ය.

20 වන සියවසේ මුල් භාගයේ දී ලියැවුණු මෙම නවකතාවේ දෙදෙනෙකු අතර තරුණයෙකු සහ තරුණියක ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කරගත්තේ ලිපි වලින් ය.

මේ සම්බන්ධයෙන් අදහස් සොයා යන විට විවිධ වයස්වල මාගේ මිතුරු මිතුරියන් සමග ඔවුන් එක් එක් කාලවල දී ආදරය කළ ආකාරය ගැන අදහස් හුවමාරු කරගත්තෙමි.

දුරකතන භාවිතය සීමිත වූ 90 දශකය තුළ ඔවුන් ආදර සම්බන්ධතා ගොඩනගා ගැනීම බොහෝවිට ඔවුන්ගේ මිතුරු කවවලින් සිදු වූ බව මාගේ එක් මිතුරෙකු පැවසුවේ ය.

"ඇත්තට ම එයා මගේ හොඳ ම යාළුවගේ නංගි," ඔහු පැවසුවේ ය.

man

"අපි ඉතින් ඒ කාලේ ලියුම් ලියපු එක තමයි කළේ. එයා මගේ කොළඹ ඔෆිස් එකට ලියුම් එවුවා. ඒත් මම යැවුවේ අපි දෙන්නගෙම යාලුවෙක්ගෙ ගෙදරකට. එයා ඒ ගෙදරින් තමයි ලියුම ගත්තේ," ඔහු සිනාසෙමින් අතීතය සිහි කරයි.


"අපිට ලොකු අරමුණු තිබුණේ නෑ. දෙන්නත් එක්ක බස් එකක වාඩි වෙලා කතා කර කර යනවා. ගමනාන්තයට ගිහින් කිරි පැකට් එකක් වගේ බීලා ආපහු නැවත ඒ බස් එකේ ම එනවා," ඔහු පැවසුවේ ය.

මේ කාලය වන විට දුරකතන භාවිතය පැවතිය ද එය සුලභ නොවී ය.

නමුත් මාගේ තවත් මිතුරෙකු පැවසුවේ එකල ඔහුගේ ආදරවන්තිය සමග ඔහු මිතුරෙකුගේ නිවසක තිබූ ස්ථාවර දුරකතනයෙන් කතා කළ බවයි.

"මම රෑට යාලුවගෙ ගෙදර ගිහින් සැහෙන්න වෙලාවක් ෆෝන් එකෙන් කතා කර කර හිටියා. අන්තිමට බලද්දි මාසේ අන්තිමට ලොකු බිලක් ඇවිල්ලා තිබුණා," පවසමින් ඔහු සිනාසුණේය.

ඔහුගේ පළමු ප්‍රේමයට තිත තැබී ඇති ආකාරය ද රසවත් කතාවකි.

"මම මුලින් හිටියේ කුරුණෑගල. පස්සෙ ඉගෙන ගන්න කොළඹ ආවා. එයා හිටියේ කුරුණෑගල. ඒත් ගෙදරට ලියුම් යවන්න බැරි නිසා ලියුම් යැවුවේ නෑ," ඔහු පැවසුවේ ය.

"ඒ කාලේ ෆෝන් එහෙම තිබුණේ නෑ කෝල් එකක් දෙන්නවත්. ඉතින් අන්තිමේ දි එයා මට ටෙලිග්‍රෑම් එකක් එවලා තිබුණා මේ දවසේ හවස හතර වෙද්දි කුරුණෑගල තැනකට එන්න කියලා. එන්න කියපු දවසෙම හවස දවල් දෙකට විතර තමයි ටෙලිග්‍රෑම් එක ලැබුණේ. ඉතින් යන්න බැරිවුණා," ඔහු ඔහුගේ ප්‍රථම ප්‍රේම අවසන් වූ ආකාරය සිහි කළේ ය.


සඟරාවෙන් හමු වූ ප්‍රේමය

 

OLYMPUS DIGITAL CAMERA         බොහෝ නගරවල දුරකතන ඇමතුම් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල දුරකතන සවි කර තිබුණි.

2010 ට පෙර කාලවකවානුව යනු ශ්‍රී ලංකාව තුළ දුරකතන භාවිතය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ කාලයයි.

මේ කාලයේ දී බොහෝ නගරවල දුරකතන ඇමතුම් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල දුරකතන සවි කර තිබුණි.

මා සමග අත්දැකීම් බෙදාගත් මිතුරියක් පවසන්නේ එම කාලයේ දී පළ වූ සඟරා හරහා ද තරුණ තරුණියන් හඳුනාගත් බවයි.

"ඒ කාලෙ අපි හැම මාසෙම සඟරා ගන්නවා. සඟරාවේ පිටු කීපයක් වෙන්වෙලා තිබුණා තරුණ අයට."

"අපට පුළුවන් අපේ ෆොටෝ එකක් එක්ක පොඩි විස්තරයක් ලිපිනයත් එක්ක යවන්න. එතකොට ඒක ඒ සඟරාවේ යනවා. අපිට කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ ලිපිනයට ලියුම් එවනවා. ගොඩක් හමුදාවෙ අයගෙ එහෙම ඒ කාලෙ දාලා තිබුණා," ඇය පැවසුවා ය.


"මගේ යාලුවො දෙන්නෙක් විවාහ වුණේ එහෙම. ඒ දෙන්නා පත්තරේ දැකලා ලියුම් ලියාගෙන අවසානෙදි කසාද බැන්දා," ඇය එකතු කළා ය.

'ඉරිදාට පල්ලියෙදි සඳුදාට පන්තියෙදි'

2000 දශකයේ අග භාගය සහ 2010න් පසු මුල් වසර කිහිපය තුළ ජංගම දුරකතන භාවිතය බහුල විය.

මේ කාලයේ දී ම සමාජ මාධ්‍ය ද කෙමෙන් කෙමෙන් ජනප්‍රිය වූ අතර බොහෝ තරුණ තරුණියෝ සමාජ මාධ්‍ය පරිශීලනයට හුරු වූහ.

වසර 15කට පමණ ඉහත දී ගායන ශිල්පී ගයාන් පෙරේරා ඇතුළු DADDY සංගීත කණ්ඩායම විසින් එළිදැක්වූ ගීයක් මගේ මතකයට එයි.

High school student and her friends using their smart phones in a hallway.

"සුවඳැති කොළවල පෙම් වදන් ලියපු කාලේ...," ලෙස ආරම්භ වන එම ගීතයේ කියන්නේ තවදුරටත් ලියුම් ලිවීම නොකරන බවත්, මෙතැන් පටන් එම තරුණයා තරුණියට කෙටි පණිවුඩ එවන බවත් ය.


බොහෝ දෙනෙකු සතුව කුඩා සේල් ෆෝන් තිබූ අතර, මාගේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුම මෙම කාලවකවානුව තුළ දී ඔවුන් සම්බන්ධතා ඇති කරගත් ආකාරය සහ පවත්වාගෙන ගිය ආකාරය පිළිබඳව විස්තර කළ හ.

"අපි ඉස්කෝල යන කාලෙ අපට හෑන්ඩ් ෆෝන් තිබුණේ නෑ. ඒ කාලයේ දී අපි එක මිනිත්තුවකට රුපියල් 10ක් 20ක් ගෙවලා ෆෝන් බූත්වලින් කෝල් ගන්නවා," මිතුරියක් විස්තර කළා ය.

"තාත්තගේ ෆෝන් එකෙන් ඉස්සර මැසේජ් යවන්නේ ආපහු රිප්ලයි දාන්න එපා කියලා," ඇය සිනාසෙමින් පැවසුවා ය.

"ඒ කාලෙ සුන්දර මතක ගොඩක් තියෙනවා. දැන් ඉස්සර වගේ නෑ. හැමෝම ගාව ෆෝන් තියෙනවා, සෝෂල් මීඩියා ඉන්නවා. ඒ නිසා ඉස්සර වගේ බයෙන් හරි හොරෙන් හරි කතා කරන්න දෙයක් නෑ."

"ටියුෂන් පන්ති යද්දි, ඉස්කෝලෙ යද්දි තමයි අපට ගොඩක් වෙලාවට පිරිමි ළමයෙක් ව අඳුනගන්න අවස්ථාව ලැබුණේ. එහෙමත් නැතිනම් යාලුවො හරහා. හැබැයි ටික කාලයක් යනවිට ෆේස්බුක් වගේ දේවල්වලිනුත් අපි චැට් කරන්න පටන් ගත්තා."


cople sim

කපල් පැකේජ් දුරකතන ඇමතුම් සිට වට්සැප් වයිබර් දක්වා

ජංගම දුරකතන සුලභ වීමත් සමග කලක් ගත වන විට දුරකතන සමාගම් විසින් අංක දෙකක් සඳහා නොමිලේ ඇමතුම් හෝ කෙටි පණිවුඩ යැවිය හැකි පැකේජ විකිණීම ආරම්භ කරන ලදි.

මා සතුව ද වසර කිහිපයකට පෙර එවැනි ජංගම දුරකතන සේවාවක් පැවති අතර එහි සුළු මුදලක පෙර ගෙවීමකින් එම සේවාවේ ම දුරකතන අංකවලට කෙටි පණිවුඩ 500ක් යැවීමට හැකි විය.

හාස්‍යජනක ලෙස, එය මට ප්‍රමාණවත් වූයේ දින දෙකක් සඳහා පමණි.

global channels blog

ස්මාට් ජංගම දුරකතන සුලභ වීම ආරම්භ වූයේ මේ කාලයේ දී වන අතර, වයිබර්, වට්සැප් වැනි ජංගම දුරකතන යෙදවුම් ද එකල අප අතර ජනප්‍රිය විය.

 

එම දුරකතන ඇමතුම් සඳහා අවශ්‍ය මොබයිල් ඩේටා බවත්, මුදල් වැය නොවන බව මා මාගේ සහෝදරයෙකුගෙන් දැනගත් පසු මා පුදුමයට පත් වූ ආකාරය මට සිහි වේ.

සමාජ මාධ්‍ය තුළින් අපි බොහෝ මිතුරන් හඳුනා ගත්තෙමු.

ආදර හමුවක ස්වභාවය මේ කාලය වන විට වෙනස් වෙමින් පැවතියේ ය.

ඔන්ලයින් ඩේටින්


වර්තමානය වන විට ආදර හමුවල දිශානතිය තරමක් දුරට වෙනස් වී ඇති බවට නිරීක්ෂණය කළ හැකි ය.

මීට පෙර සම්බන්ධතාවයන්වල අවසාන අරමුණු සීමිත වූ අතර, බොහෝවිට එය විවාහ වීමේ අරමුණකින් පවත්වාගෙන ගිය සම්බන්ධයන් විය.

නමුත් වර්තමානයේ දී එම තත්ත්වය වෙනස් වී අරමුණු බොහෝ සෙයින් වෙනස් ව තිබේ.

තව ද සම්බන්ධතා විවෘත වී ඇති අතර, පෙර පැවති සීමිත අරමුණු වඩාත් සංකීර්ණ ලෙස වර්ධනය වී තිබේ.

Most Popular Social Media in Sri Lanka
වර්තමානය වන විට ලෝකය පුරා ජනප්‍රිය ටින්ඩර් වැනි ඩේටින් ඇප්ස් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ද ජනප්‍රිය වෙමින් පවතින අතර, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය හරහා ද තරුණ තරුණියන් හඳුනාගැනීම සහ සම්බන්ධතා ඇති කරගැනීම සිදුවේ.

රෙඩිට් සමාජ මාධ්‍ය තුළ ඩේටින් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විසින් පළ කර ඇති අදහස් නිරීක්ෂණයේ දී ඩේටින් ඇප්ස් හරහා වර්තමානය වන විට තරුණ තරුණියන් හඳුනාගැනීම සිදුවන බව දැකිය හැකියි.

එමෙන් මීට පෙර කාලවල දී මිතුරු කව හරහා හෝ එදිනෙදා හමුවන අය හඳුනාගැනීම සිදුවූවත් වර්තමානය වන විට එම තේරීම ඉතා පුළුල් වී තිබේ.

අදහස් හුවමාරු කරගැනීමට ඇති පහසුව, දුර බැහැර බව ගැටළුවක් නොවීම හේතුවෙන් වර්තමානය වන විට ඔන්ලයින් ඩේටින් ජනප්‍රිය වී තිබේ.

ටින්ඩර් මෙන් ම Bumble ද ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට ජනප්‍රිය ය. රෙඩිට් හි එක් පරිශීලකයෙකු මේ සම්බන්දයෙන් පහත අදහස පළ කර තිබුණි.
 
0 rtM0TloGJlDdj6LD"Bumble හොඳයි. මට ගැලපීම් කිහිපයක් හම්බුණා. මම ඒ විදිහට ගැලපුණ දෙන්නෙක් එක්ක කොෆි ඩේට්වලටත් ගියා. 

"Bumble හොඳයි. මට ගැලපීම් කිහිපයක් හම්බුණා. මම ඒ විදිහට ගැලපුණ දෙන්නෙක් එක්ක කොෆි ඩේට්වලටත් ගියා. එක්කෙනෙක් එක්ක මම තව ම කතා කරනවා. අපි දෙවැනි ඩේට් එකටත් ගියා."

මෙවැනි ඔන්ලයින් ඩේටින් සංස්කෘතියේ වර්ධනය සමග සම්බන්ධතා බොහෝ නිදහස් මාවතකට පිවිස තිබේ.

තෝරාගැනීම පුළුල් වීම සහ එහි තාවකාලික ස්වභාවය වත්මන් ඔන්ලයින් ඩේටින් සංස්කෘතියේ කැපී පෙනෙන ලක්ෂණ දෙකකි.

ශ්‍රී ලංකාව තුළ මෙන් ම ලෝකය පුරා ම ද මෙම ඔන්ලයින් ඩේටින් සංස්කෘතිය ජනප්‍රිය වීමට 2020 දී ලෝකය ම වෙලා ගත් කොවිඩ් වසංගත තත්ත්වය ද හේතුවක් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස භෞතිකව පුද්ගලයන් හමුවීම අවදානම් සහගත වූ නිසා රූප තිරයක් ඉදිරියේ දෙදෙනෙකු කාලය ගත කිරීම පහසු විය.

දෙදෙනෙකු භෞතිකව මුණගැසී කතාබහ කරනවාට වඩා දැන් දැන් බොහෝ අය ප්‍රිය කරන්නේ රූප තිරයක් ඉදිරියේ හමු වී කාලය ගත කිරීමටයි.

වර්තමානේ පවතින කාර්යයබහුල ජීවන රටාව ද එයට හේතුවක් ලෙස සැලකිය හැකි ය.

දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සහ ලෝක ඉදිරියට යාම සමග මේ සංස්කෘතිය තව තවත් වෙනස් වනු ඇත.


(සටහන -අමන්දිකා කුරේ)
බීබීසී සිංහල සේවය
 

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර


ඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ, වීඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න

'ඩීප්ෆේක්' (Deepfake) තාක්ෂණය නිසා හොඳ ම මිතුරාගේ ගොදුරක් වුණු තරුණිය

'විවෘත සබඳතා' ගැන සමාජය තුළ වැඩෙන කුතුහලයක්

ලිංගික සබඳතාවන්ගෙන් තොර සහස්‍රකයන්ගේ විවාහ

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් යනු කුමක්ද? ඔබව ආරක්ෂා කර ගන්නේ කෙසේ ද?

දුරස්ථ පෙම් සබඳතා සඳහා වර්චුවල් සිපගැනුම් යන්ත්‍රයක්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...