අරාබි බාත් සමාජවාදය නියෝජනය කළ පූරෝගාමින් වූ ඉරාකයේ සදාම් හුසෙන්, ලිබියාවේ ගඩාෆි, ඊජිප්තුවේ හොස්නි මූබාරක් ඇතුළු මැද පෙරදිග දීර්ඝ කාලීන පාලනයන් අරාබි වසන්තය විසින් පෙරලා දැමූ අතර සදාම් හුසේන්ට සහ ගඩාපිට ජීවිතය ද අහිමි විය.
බෂාර් අල්-අසාද්
ඒ අතර අසාද් සුවිශේෂ වන්නේ අරාබි වසන්තයට ද මුහුණ දෙමින් ඒ පිටුපස ආ ඉස්ලාමීය අන්තවාදී කැරලිකරුවන්ටද මුහුණ දෙමින් බිහිසුණු සිවිල් යුද්ධයකටද දීර්ඝ කාලයක් මුහුණ දෙමින් බලයේ රැඳී සිටීමට සමත් වූ අතර කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් තමන්ගේ සමීපතමයන් හා හමුදා ප්‍රධානීන් ප්‍රධාන තනතුරු දැරූ ඥාතීන් තනනාවක් අහිමි වුවද අසාද් තම ජීවිතය රැක ගැනීමට හා ඩමස්ක ස් පාලනය ආරක්ෂා කර ගැනීමට ඔහු සමත් විය.
ඇමරිකාව ඊශ්‍රායලය තුර්කිය කුරුදිවරුන් සමග පෙරමුණු කණනාවක සටන් කරමින් ඔවුන් පසුබස්වමින් තම පාලනය ආරක්ෂා කර ගැනීමට ඔහු සමත් වූ අතර ඒ සඳහා ඔහුට රුසියාව ඉරානය හා හිස්බුල්ලා සංවිධානය ෂියා මුස්ලිම්වරුන් ගේ ශක්තිය ඔහුගේ පාලනයට පිටුබලයක් විය.
කෙසේ වෙතත් මාස ගණනාවකට පෙර සිට කරනු ලැබූ බුද්ධි තොරතුරුවල අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හා එකවිට දියත් වූ කැරලිකරුවන්ගේ වේගවත් ක්ෂණික ප්‍රහාර මාලාවෙන් උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් ඇලප්පෝ නගරය අත්පත් වූ තැන් සිට ඔවුන් වේගෙන් ඩමස්කස් කරා පැමිණීම වැළැක්විය නොහැකි විය. දැන් දමස්කස් නගරය කැරලිකරුවන්ගේ පාලනයට නතු කරගෙන ඇත. බසාර් අල් අසාද්ගේ ඩමස්කස් පාලනය බිඳවැටී ඇති අතර රතින් පිටව ගිය අසාද්ගේ ගමනාන්තය පැහැදිලි නැත.
කෙසේ වෙතත් මෙය ඇමරිකාව ඊශ්‍රායලය හා තුර්කිය ලැබූ ජයග්‍රහණයකි. රුසියාව ඉරානය හා හිස් බුල්ලා සංවිධානයේ පසුබෑමකි.
කෙසේ වෙතත් අසාද් තම පාලනය අවසන් වන අවස්ථාවේ කැරලිකරුවන්ට හසු නොවී තම ජීවිතය රැක ගැනීමට සමත්වීම විශේෂත්වයකි. අසාද්ට හත් පණක් ඇතැයි මට සිතෙන්නේ ඔහු අවස්ථා ගණනාවක අනූනමෙන් ජීවිතය බේරා ගත් පාලකයකු බැවිනි.
ඩග්ලස් දේවානන්ද
මෙලෙස හත් පනක් තිබූ කෙනෙක් ලෙස අපේ රට තුළ මගේ මතකයට එන්නේ EPDP සංවිධානයේ ඩග්ලස් දේවානන්දය.
අරාබි වසන්තයෙන් හා සිවිල් යුද්ධයෙන් ජීවිතය බේරාගෙන මෙතුවක් කලක් ඇමරිකාව ඊශ්‍රායලය තුර්කිය ඇතුළු අතිශයින්ම සංකීර්ණ සිවිල් යුද්ධයක් මැද අභියෝග මැද මෙතරම් කලක් ඇත්තෙන්ම අතිරේක කාලයක් ඔහුගේ පාලනයත් ජීවිතයත් ආරක්ෂා කර ගැනීමට සමත් වීම සුවිශේෂත්වයකි.
අසාද්ගේ ලෞකික සිරියානු දිගු කාලීන පාලනය බිඳවැටීමෙන් පසු ඊළඟට නිර්මාණය වන්නේ කවර පන්නයේ පාලනයක්දැයි අපි බලා සිටිමු.
(නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය
nishanthasriws@gmail.com
Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..
සබැඳි ලිපියක් :
සිරියාවේ සිදු වූයේ කුමක්ද?



