The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුව පිරවීම සඳහා අත්‍යවශ්‍ය පළාත් සභා මැතිවරණ - (රොහාන් සමරජීව)

T

The Leader Desk

December 9, 2024 • 11:16 AM

ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුව පිරවීම සඳහා අත්‍යවශ්‍ය පළාත් සභා මැතිවරණ - (රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සීමාවන් දේශපාලනිකව හා අධිකරණමය වශයෙන් ක්‍රියාත්මක කළ හැකි වන සේ උසස් ඉහළ නීති පද්ධතියක් තුළ සංග්‍රහ කළ යුතුය.
  • මෙම ප්‍රශ්නය විසඳීම සඳහා සීමා නිර්ණ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව 2018 දින 52 ව්‍යවස්ථා අර්බුදය මධ්‍යයේ යටපත් විය.
  • මෙම සමාව දිය නොහැකි ප්‍රමාදය ජනතා පරමාධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.
  • එබැවින් ශ්‍රී ලංකාව තවදුරටත් ව්‍යවස්ථාවාදයට ගරුකරන රාජ්‍යයක් ලෙස සැලකිය නොහැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම සීමාවන් දේශපාලනිකව හා අධිකරණමය වශයෙන් ක්‍රියාත්මක කළ හැකි වන සේ උසස් ඉහළ නීති පද්ධතියක් තුළ සංග්‍රහ කළ යුතුය. එය නීතියේ ආධිපත්‍යයේ නැතිවම බැරි කොටසකි.

සෑම පළාතකම ඡන්දදායකයින්ට පළාත් සභාවට (PC) මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිවාර්ය අංගයකි. වඩාත් දුෂ්කර තත්වයන් යටතේ, යුද්ධය මැද පවා එවැනි මැතිවරණ පැවැත්විණි. පළාත් සභා මැතිවරණ සම්බන්ධ සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කරගත නොහැකි වූ නිසා වසර පහකට වැඩි කාලයක් පළාත් සභා මැතිවරණ නොපැවැත්විණි. මෙම ප්‍රශ්නය විසඳීම සඳහා සීමා නිර්ණ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව 2018 දින 52 ව්‍යවස්ථා අර්බුදය මධ්‍යයේ යටපත් විය. එතැන් සිට කිසි විටෙකත් සලකා බැලීම සඳහාවත් සීමා නිර්ණ යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ නැත. මෙම සමාව දිය නොහැකි ප්‍රමාදය ජනතා පරමාධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. එබැවින් ශ්‍රී ලංකාව තවදුරටත් ව්‍යවස්ථාවාදයට ගරුකරන රාජ්‍යයක් ලෙස සැලකිය නොහැකිය.

විශ්වාසය දිනාගැනීම

 

සහල් මාෆියාව මට්ටු කරන හැටි ජනපති හෙළිකරයි
2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ ව්‍යාපාරය තුළදී ජයග්‍රාහකයා සහ අනුශූරයා යන දෙදෙනාම 13වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සහ කල් දැමූ උප ජාතික හෙවත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කැපවන බව ප්‍රකාශයට පත් කර ඇත. විධායක ජනාධිපති ක්‍රමය, 13වැනි සංශෝධනය, මැතිවරණ ක්‍රමය ඇතුළු ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නොනිල වශයෙන් අඟවා තිබේ. එහෙත්, පළාත් සභා මැතිවරණ ගැන සඳහන් කර නැත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි යෝජිත වෙනස්කම් බොහොමයක් සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද 150 කින් සහ ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගැනීම අවශ්‍යය.1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වැනි සහ 20වැනි සංශෝධනවලටත් අත් වූ කණගාටුදායක ඉරණම මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට ද අත් නොවීමට නම්, ඒ සඳහා බහුවිධ පක්ෂවල නියෝජිතයින්ගේ කැමැත්ත අවශ්‍ය වේ. දැනට පවතින ව්‍යවස්ථාවට ගරු කිරීමෙන් ඒ සම්බන්ධ විශ්වාසය දිනාගත හැකිය.

රට තුළ මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි

 

ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් නොවූවද, පළාත්වලට බලපාන වෙනස්කම් පළාත් සභාවල එකඟතාව ඇතිව සිදුකිරීම යහභාවිතාවකි. එහෙත්, පළාත් සභා මැතිවරණ දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන නිසා පළාත් සභා ක්‍රියාත්මක නැත. මැතිවරණ පැවැත්වීම සහ පළාත් සභා යළි සක්‍රිය කිරීම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා පූර්ව කොන්දේසියකි. 

 

නව ආණ්ඩුකාරවරුන් 9 දෙනා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පළාත් සභාවලට නිශ්චිත විෂයයන් බෙදා දී ඇති අතර ඇතැම් කාර්යයන් සඳහා පළාත් සභාවල එකඟතාව අවශ්‍ය වේ. පළාත් සභා ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වීමක් සිදු වේ. වසර පහකට වැඩි කාලයක් ඔවුන්ට පළාත් නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව අහිමි වී ඇති අතර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද, ජනාධිපතිවරයාට පමණක් වගකියන ආණ්ඩුකාරවරුන් යටතේ කටයුතු කිරීමට ඔවුන්ට සිදු වී තිබේ. එමගින් රාජ්‍ය පාලනයේ පළාත් පාලන අධීක්‍ෂණයට හානි සිදුවී ඇත. පළාත් විෂයයන් සම්බන්ධ නීති සම්පාදනය කර නැත. පළාත් සභා එකඟතාව අවශ්‍ය මධ්‍යම නීති සම්පාදනය ද ඇනහිට තිබේ.

මේ හිරවීමෙන් ගැලවීම

පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමීමට හේතුවූ අර්බුදකාරී තත්ත්වය සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් පසුගිය පාර්ලිමේන්තුවේදී ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට අනුව නීතියක් පැනවීමෙන් පළාත් සභා දින නියමයක් නොමැතිව කල් ගිය මෙම හිරවීම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් වෙනස් කළ හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ පෙර පැවති මැතිවරණ ක්‍රමයට යලිත් එම අවහිරය බිඳ දැමීමටය. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුළු සංශෝධන සහිතව අනුමත කරන ලද නමුත් 9වැනි පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ නැත.

 

පෙර පැවති මැතිවරණ ක්‍රමයට ආපසු යාම ස්ථිර පසුබෑමක් හෝ සමානුපාතික ක්‍රමයට අවශ්‍ය වැඩිදියුණු කිරීම් නොකර පසුබෑමක් නොවිය යුතුය. 10වැනි පාර්ලිමේන්තුව විසින් පරිපූර්ණ ආණ්ඩුක්‍රමව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මාලාවක් පනවන තුරු මෙය තාවකාලික පියවරකි. නව මැතිවරණ ක්‍රමයක් සහ සමහර විට සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවකට එකඟ වීමට පාර්ලිමේන්තුව කාලය අවශ්‍යය. ඒ අතරතුර මෙම විසඳුම ක්‍රියාත්මක කිරීමෙන් පළාත් සභාවලට ක්‍රියාත්මක වීමට අවස්ථාව ලබාදෙයි.

දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ පළාත් පාලන මැතිවරණවලට පෙර හෝ සමගාමීව පැවැත්වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුව පිරවෙනු ඇත.

2023දී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස 2024 අගෝස්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් යම් නම්‍යශීලීභාවයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට සහ/හෝ මැතිවරණ කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිය හැක. එවිට මැතිවරණ දෙකම එකවර පැවැත්විය හැකි අතර එමඟින් මැතිවරණ දෙක වෙන වෙනම පැවැත්වීමට සාපේක්ෂව සැලකිය යුතු වියදමක් ඉතිරි වේ. ඒවා එකවර පැවැත්වීමෙන් මුදල් ඉතිරි වන අතර රජයේ සියලුම ස්ථරවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය බාධාවකින් තොරව සිදු කිරීමට අවස්ථාව ලබාදෙයි. එකවර මැතිවරණ කිහිපයක් පැවැත්වීම බොහෝ රටවල සිදු කෙරේ. මැතිවරණ කොමිෂන් සභාවට එසේ කිරීමට නොහැකි වීමට හේතුවක් නැත. 

ආදායම් බදු: ප්‍රශංසා දෙකක් සහ යෝජනා කිහිපයක් - (මහාචාර්ය රොහාන් සමරජීව)(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 
rohan@lirneasia.net

X: @samarajiva. www.lirneasia.net

සබැඳි පුවතක් :
'පළාත් සභා අහෝසි කිරීමේ තීරණයක් තවම නෑ' - ජනපති


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුව පිරවීම සඳහා අත්‍යවශ්‍ය පළාත් සභා මැතිවරණ - (රොහාන් සමරජීව) | The Leader