The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

මේ වික්‍රමසුරිය : කම්කරු ස්ත්‍රී අයිතිය වෙනුවෙන් දශක හතරක අරගලය

T

The Leader Desk

December 13, 2024 • 11:13 AM

මේ වික්‍රමසුරිය : කම්කරු ස්ත්‍රී අයිතිය වෙනුවෙන් දශක හතරක අරගලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිට 1995 දක්වා දශක පහක කාලයක් වැඩ කරන ජනයා වෙනුවෙන් අමිල සේවාවක් කරමින් සිටියදී මේ වික්‍රමසුරිය සහෝදරියගේ මොලය අභ්‍යන්තරයේ වූ ලේ වැගිරීමක් හේතුවෙන් තුන් වසක් පුරා තදබල ලෙස රෝගාතුරුව සිට මිට 29 වසකට පෙරාතුව සිය දිවි සැරිය නිම කළාය.
  • ඒ 1998 දෙසැම්බර් 13 වැනිදාය.
  • බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඌව පළාතේ පොලිස් අධිකාරි ලෙස පත්කළ පලමු ශ්‍රීලාංකිකයා ඇගේ ආදරණිය පියා වූ අතර 1924 දී කුරුණෑගල දී උපන් ඇය කොළඹ මොතොදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය.
  • වසරේදී CMU හි විධායක සභාවට පත්වන ඇය ඊට දෙවසරක් අවෑමෙන් 1955 දී සංගමයේ නියෝජ්‍ය ලේකම්වරිය ලෙසින් කම්කරුවන්ගේ හා ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට එක් වන්නේ සහකාර ගෘහ නිර්මාණ වෘත්තියට ද සමු දෙමින් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ජාත්‍යන්තර වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රකට බුද්ධිමතෙකු වූ, එවකට ගෝලීය කම්කරු ආයතනයේ [GLI] සභාපති වූ ඩෑන් ගැලිත් මෙසේ සඳහන් කළේ මෙරට වෘත්තීය සමිති හා ස්ත්‍රී අයිතීන් දිනා ගැනීමේ ව්‍යාපාරයේ පුරෝගාමී ස්ත්‍රී නායිකාවක් වූ මේ වික්‍රමසුරිය සහෝදරියගේ අකල් වියෝව ගැන සිය ශෝකය සටහන් කරමින්ය.
 
IMG 20241213 WA0037
1953 සිට 1995 දක්වා දශක පහක කාලයක් වැඩ කරන ජනයා වෙනුවෙන් අමිල සේවාවක් කරමින් සිටියදී මේ වික්‍රමසුරිය සහෝදරියගේ මොලය අභ්‍යන්තරයේ වූ ලේ වැගිරීමක් හේතුවෙන් තුන් වසක් පුරා තදබල ලෙස රෝගාතුරුව සිට මිට 29 වසකට පෙරාතුව සිය දිවි සැරිය නිම කළාය. ඒ 1998 දෙසැම්බර් 13 වැනිදාය.
 
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී  ඌව පළාතේ පොලිස් අධිකාරි ලෙස පත්කළ පලමු ශ්‍රීලාංකිකයා ඇගේ ආදරණිය පියා වූ අතර 1924 දී කුරුණෑගල දී උපන් ඇය කොළඹ මොතොදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. පියාගේ හදිසි අභාවයෙන් පසු සිය පවුලේ බර කරට ගත් දහ අට හැවිරිදි මේ කොළඹ නාවික හමුදා පාලන කාර්යාලයේ  ලිපිකරු සේවාවට එක් වුයේ ඉන් අනතුරුවයි. දෙවැනි ලෝක යුද සමයේදී ලිපිකාරිනියන් 23 දෙනෙකු බාරව කටයුතු කරන්නට ඇයට සිදුවුවත් ඉන් පසුබට නොවී සිය රාජකාරිය මනා ලෙස ඉටු කළාය. 

වමේ දේශපාලනය
 
IMG 20241213 WA0034

ගෘහ නිර්මාණ ශිල්පයේ නිරත පෞද්ගලික සමාගමක් වූ එඩ්වර්ඩ් රීඩ් සහ බෙග් හි රැකියාවට එක්වූ මේ වික්‍රමසුරිය සහෝදරිය ඒ වන විට ප්‍රබල ට්‍රොස්කිවාදී පක්‍ෂයක් වූ ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකාවකි. ඇය හා සිඩ්නි වනසිංහ එක්ව `YOUNG SOCIALIST``සඟරාව සංස්කරණය කළාය. පසුව ඇය ලංකා වෙළඳ හා කාර්මික සංගමයේ [CMU] ද සාමාජිකාවක වුවාය.
 
1953 වසරේදී  CMU හි විධායක සභාවට පත්වන ඇය ඊට දෙවසරක් අවෑමෙන් 1955 දී සංගමයේ නියෝජ්‍ය ලේකම්වරිය ලෙසින් කම්කරුවන්ගේ හා ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ  සටනට එක් වන්නේ සහකාර ගෘහ නිර්මාණ වෘත්තියට ද සමු දෙමින් ය. එතැන් පටන් මිය යනතෙක්ම ඇය CMU හි පුර්ණකාලීන ක්‍රියාකාරිණියකි.
 
1980 දී සංගමයේ සම ලේකම්වරිය වන ඇය 1995 රෝගාතුරු වන විට ජ්‍යෙෂ්ට ලේකම්වරිය ලෙස වසර කිහිපයක් කටයුතු කර තිබිණි.  CMU මහා මණ්ඩලයේත්, විධායක සභාවේත් ලබා ගත් පළමු ස්ත්‍රිය  මේ සහෝදරිය ලෙස සටහන්වේ.

මේ - බාලා එකතුව
 
IMG 20241213 WA0031
1966 දී CMU ප්‍රධාන ලේකම් බාලා තම්පෝ සමඟ විවාහ ගිවිස ගත්ත ද, මේ සහෝදරිය සිය තාරුණ්‍යයෙදී මෙන්ම, ඉන් පසුවත්  සිය දිවිය කැප කළේ කම්කරු හා වාමාංශික දේශපාලනය වෙනුවෙනි. ඇගේ උද්යෝගිමත් සමාජ හා දේශපාලන ක්‍රියාකාරිත්වයට බාධාවක් විය හැකි බැවින් දරුවන් වදමින්, කුටුම්බ රක්ෂණය කිරීම අත්හල විරල ස්ත්‍රියක් වුවාය.  බාලා - මේ  එකතුව කම්කරු දේශපාලනය ශක්තිමත් කරමින්, ස්වාධීන වෘත්තීය සමිතියක් ලෙස ඉදිරියට යාමට CMU හට ඉමහත් ශක්තියක් විණි.
 
``මම ලිපිගොනු සහ වාර්තා පිළිවෙලකට තබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළෙමි. වෙහෙස මහන්සි වී කළ යුනියන් වැඩ ..  දෛනික වැඩ පීඩනය යටතේ වුවත්, කාලය අපතේ නොයවා කැපවීමෙන්  වැඩ කටයුතු කලෙමි.`` යැයි පුවත්පත් කලාවේදියෙකු සමඟ ඇය එදා කළ ප්‍රකාශය අද දවසේ CMU සාමාජිකයන්ට මෙන්ම සෙසු වෘත්තීය සමිති ක්‍රියාධරයන්ට පුර්වාදර්ශයක් වනු නිසැකය.

හාම්පුතුන් සමඟ ගැටුම
 
IMG 20241213 WA0039
 
එංගලන්තයේ සිට මෙහි පැමිණි සමසමාජ පක්ෂයේ නායකයෙකු වූ අනිල් මුණසිංහගේ බිරිඳ ජේන් මුණසිංහ සහෝදරිය සමඟ එක්වූ මේ වික්‍රමසුරිය සහෝදරිය පක්‍ෂයේත්, වෘත්තීය සමිතියේත් මෙහෙයවීමෙන් වූ කම්කරු වැඩ වර්ජනයන්ට නායකත්වය ලබා දුන්නාය. ජාත්‍යන්තරවාදිනියක වූ ඇය අධිරාජ්‍ය විරෝධී මෙන්ම ස්ත්‍රී අයිතීන් දිනා ගැනීමට ද පෙරමුණ ගත් අතර විශේෂයෙන් පෞද්ගලික අංශයේ වැඩකරන නාගරික කම්හල් මෙන්ම වතු කම්කරු ස්ත්‍රීන්ගේ හිමිකම් දිනා ගැනීම වෙනුවන් පෙනී සිටියේ ස්ත්‍රී -පුරුෂ සමාජ ක්‍රියාකාරීන්ට පුර්වාදර්ශයක් වෙමින්ය.
 
වෘත්තීය සමිති කේෂේත්‍රයේ දී ස්ත්‍රීන්ගේ සෞඛ්‍ය හා සුභ සාධනය ගැන වැඩි අවධානයක් යොමු කළ ඇය අනාරක්ෂිතව ස්ත්‍රී කම්කරුවන් රාත්‍රී සේවයේ යෙදවීමේ රජයේ තීරණයට එරෙහිව උද්ඝෝෂණයට ද පෙරමුණ ගත්තාය. 

වරක් මේ සහෝදරිය පුවත්පත් වාර්තාකරුවෙක් හමුවේ කියා සිටියේ, ``බොහෝ අවස්ථාවල අපේ මැයි පෙලපාලි වල ගිය එකම ස්ත්‍රිය මමයි. ඒ වගේම  කම්කරු ආරවුල් නිරාකරණයට  සෘජුවම හාම්පුතුන්ගේ සංගමයට ගිය පළමු ස්ත්‍රියත් මම තමයි.`` 

කම්කරු අණ පනත්, උසාවි වාර්තා ගැන වගන්තියෙන් වගන්තිය අධ්‍යනය කිරීමෙන් ලබා ගත්  මනා දැනුම හමුවේ කම්කරු නීති හා රෙගුලාසි පිළිබඳව හාම්පුතුන් හා කේවල් කිරීමේ හැකියාව නිසා සාමුහික ගිවිසුම් වලට එළඹීමේ  හැකියාව වෘත්තීය සංගමයක් ලෙස CMU හට මහත් දායාදයක් විණි. මේ වික්‍රමසුරිය සහෝදරියගේ මේ අවබෝධය නිසා සමාගම්වල හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ ඇය ඇමතුවේ කම්කරු නීතිඥවරියක් ලෙස සිතාය.

කම්කරු ස්ත්‍රී අයිතිය
 
IMG 20241213 WA0038
ඇගේ ස්ත්‍රීවාදී  ක්‍රියාකාරිත්වය ලංකාවෙන් ඔබ්බට ජාත්‍යන්තර ස්ත්‍රී සමුළු හා සම්මන්ත්‍රණ දක්වා දිවිනි. එහිදී ලාංකීය ස්ත්‍රියගේ ආර්ථික භූමිකාව ගැන ලොව හමුවේ කරුණු දැක්වූවාය.
 
එමෙන්ම ස්වාධීන වෘත්තීය සමිතියක් ලෙස CMU වට වැඩ කරන ස්ත්‍රීන්ගේ වැඩි සාමාජීකත්වයකට දොර කවුළු විවෘත කළ අතර සෑම වසරකම මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයක් එහි පවත්වා පිටස්තර ස්ත්‍රීවාදිනියන්ට ද ඇරයුම් කළාය. ස්ත්‍රී අයිතීන් කෙරෙහි වූ ඇගේ ශක්තිමත් ස්ථාවරය පෙන්නුම් කරමින් ඔවුන්ගේ දෛනික දිවියේ හා වැඩ කිරීමේ තත්වයන් ගැන දැඩි ලෙස අවධානය කළ බවට මෙරට ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ පුරෝගාමීන් සාක්ෂි දරනු ඇත.
 
CMU සතුව අදටත් පවතින කම්කරුවන් සඳහාම වෙන්වූ, සියලු පහසුකම් සහිත මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමට, ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ ඇය සතුව පැවති දැනුම හා නිපුනතාව මහත් රුකුලක් විණි. 
 
IMG 20241213 WA0030
ඇය මියගොස් වසරක් ගතවූ 1999 දෙසැම්බර් 13 CMU ශාලාව ``මේ වික්‍රමසුරිය අනුස්මරණ ශාලාව`` නමින් නම් කරමින් ඇය වෙනුවෙන් ඉදි කෙරුණු සමරු ස්මාරකයක් ද විවෘත කෙරුනේ ඇගේ සේවය අගයන්නට CMU මහා මණ්ඩලය විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුවය.
 
``සටනකදී තමන්ගේ පැත්තේ සිටිය හැකි ඉතාමත් විශ්වාසනිය සහෝදරියක ලෙස අපි සම විටම ඇය ගැන සිහිපත් කරන්නෙමු.`` ආහාර, කෘෂිකර්ම, හෝටල්, ආපන ශාලා, ආහාරපාන සැපයුම්, දුම්කොළ සහ ඒ ආශ්‍රිත කම්කරු සංවිධාන උදෙසා වූ ජාත්‍යන්තර වෘත්තීය සංගමයේ [IUF] ආසියා - ශාන්තිකර කලාපීය ලේකම්, මා වෙයි ජින් විසින් මේ වික්‍රමසුරිය ගැන ලියවුනු මේ සටහන ඇගේ වෘත්තීය සටන් දිවිය අවබෝධ කරගන්නට බෙහෙවින් උපකාර වනු ඇත. 
 
ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනී 

ishanka.singhe@gmail.com 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේ වික්‍රමසුරිය : කම්කරු ස්ත්‍රී අයිතිය වෙනුවෙන් දශක හතරක අරගලය | The Leader