The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් කප්පාදුව හෙවත් මිලියනයක් අසරණ වැඩිහිටියන් මරණයේ එළිපත්තට ඇද දැමීම - (රේණුකා දමයන්ති)

T

The Leader Desk

December 13, 2024 • 3:44 PM

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් කප්පාදුව හෙවත් මිලියනයක් අසරණ වැඩිහිටියන් මරණයේ එළිපත්තට ඇද දැමීම - (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වන විට හැත්තැ වියේ පසු වූ ඔහු පුරා තිස් අට වසරක් සෘජු මහජන සම්බන්ධතාවයක් සහිත අර්ධ රාජ්‍ය ආයතනයක අවංක හා කාර්යක්ෂම නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ගෙන සිටියේය.
  • ඒ වගේම දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් එහෙමත් සෑහෙන්න තිබුණා.
  • ඒ වගේම එයා ගේ දුවයි දුවගේ මහත්තයයි තමන් ගන්න පඩි දෙකෙන් පවුලේ වියදම් දරන්නෙත් බොහොම අමාරුවෙන් බව මෙයා දැන ගෙන හිටියා.
  • ඉහත සිදුවීම මඟින් පැවසෙන අන්දමට අද සමාජයේ දරුවන්ට ඇති ආර්ථික ප්‍රශ්න නිසා දෙමාපියන්ට සැලකීමට අවස්ථාවක් නැති බව නොරහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වන විට හැත්තැ වියේ පසු වූ ඔහු පුරා තිස් අට වසරක් සෘජු මහජන සම්බන්ධතාවයක් සහිත අර්ධ රාජ්‍ය ආයතනයක අවංක හා කාර්යක්ෂම නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ගෙන සිටියේය. මිය යන විට ඔහු රාජ්‍ය සේවයේ නියුතු තම විවාහක දියණිය සමීපයේ ජීවත් විය. එම දියණියට පාසල් යන වියේ දරු දෙදෙනෙක් ද වෙති. කලින් සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කළ ඔහු එම ඥාතියාගේ බිරිඳ මීට වසර කිහිපයකට ඉහත මියගොස් තිබූ අතර ඉන්පසු වරින් වර රෝගීව සිට පසුගිය දිනයෙක රාත්‍රී නිදි යහනේම මියගොස් තිබිණ.

“මේ මේක කාටවත් කියන්න හොඳ කාරණයක් නම් නෙවෙයි, ඒත්, මේ මනුස්සයා මේ විදිහට මැරෙන්න හේතුව මට හිතා ගන්න පුළුවන්” පාසල් වියේ සිටම මගේ මියගිය ඥාතියා හා සුහද ඇසුරක් පැවැත් වූ ඔහුගේ අසල් වැසියෙක් මා හා කීය.

“මෙයා පහුගිය කාලේ දිගින් දිගටම අසනීප වුණා. මෙයාට හාට් එකේ ප්‍රශ්නයක් තිබුණ. ඒ වගේම දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් එහෙමත් සෑහෙන්න තිබුණා. මම දන්න හැටියට මෙයා ඒ සේරටම මාසෙකට රුපියල් හත් අට දාහක විතර බෙහෙත් බිව්වා. ඒ මෙයා රස්සාව කරපු කාලේ හිමි වුණු ඊ.පී.එෆ්. එක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිනුමක දාලා ඒකෙන් ලැබුණු පොලියෙන්. ඒත්, පහුගිය කාලේ ඒ ගිණුම් අවලංගු කරලා ඒවා සාමාන්‍ය ස්ථාවර තැන්පතු ගොඩට දැමීමත් එක්කම මෙයාට තිබුණු ඒ එකම ආදායමත් නැති වුණා. ඊට පස්සේ මෙයා තමන් බොන බේත් අඩු කරලා පස්සේ එහෙම් පිටින්ම නතර කරලා දැම්මා විතරක් නෙවෙයි ඊට පස්සේ ඩොක්ටර්ස්ලා හම්බු වෙන්න යාමත් නතර කළා. මම කීප සැරයක් ඔය ගැන ඇහුවම මෙයා කිව්වේ දරුවන් ගෙන් කාලා ඇඳලා ඉන්නවා මදිවට එයාලගෙන් බේත් වලටත් සල්ලි ඉල්ලන්නේ කොහොමද? කියලා. ඒ වගේම එයා ගේ දුවයි දුවගේ මහත්තයයි තමන් ගන්න පඩි දෙකෙන් පවුලේ වියදම් දරන්නෙත් බොහොම අමාරුවෙන් බව මෙයා දැන ගෙන හිටියා. තමන් ගේ දූ දරුවන් ගැන හිතලා මෙයා තමන් ගේ අසනීප වලට බේත් නොගෙන කැමැත්තෙන්ම මේ මරණයට මූණ දුන්නා කියලයි මම හිතන්නේ” මගේ වැඩිහිටි ඥාතියා ගේ අසල් වැසියා කීය.

ඉහත සිදුවීම මඟින් පැවසෙන අන්දමට අද සමාජයේ දරුවන්ට ඇති ආර්ථික ප්‍රශ්න නිසා දෙමාපියන්ට සැලකීමට අවස්ථාවක් නැති බව නොරහසකි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමෙන් දෙමාපියන්ට ලැබෙන පොලිය ඔවුන්ගේ බෙහෙත් මිලදී ගැනීමට සහ ඔවුන්ගේ අවමඟුල් කටයුතු කිරීමට ද හැකි වීම දරුවන් ලද විශාල සහනයක් විය. නො එසේ නම් අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාව කර වයස අවුරුදු හැට ඉක්ම වූ විට අතට ලැබෙන සේවක අර්ථසාධක මුදල සිය ජීවිතයේ අවසන් කාලයේ ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කිරීමට තිබූ ආරක්ෂිතම ක්‍රමය වන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම ජීවිත වල සන්ධ්‍යා භාගයේ පසුවන ඔවුන් ගේ ජීවිත වලට සහන් එළියක්ම විය.

xfrgter464
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වන විශේෂ පොලී අනුපාත යෝජනා ක්‍රියාත්මක කරනු ලැබුයේ මුදල් අමාත්‍යාංශය මගින් වන අතර 2022.09. 22 අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණය ප්‍රකාරව මුදල් අමාත්‍යාංශය මගින් එම යෝජනා ක්‍රමය අහෝසි කර එය සාමාන්‍ය ස්ථාවර ගිනුම් ගොඩට දමනු ලැබීය. ඉන් පෙර ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමෙහි රු. ලක්ෂ 15ට අඩු මුදලක් තැන්පත් කිරීමේ හැකියාව තිබූ අතර ඒ සඳහා 15%ක සහන පොලී අනුපාතයක් ද ලැබුණි.

රජයේ දෙපාර්තමේන්තුවල සේවය කළවුන්ට අවුරුදු 60 ඉක්ම වූ පසු මුළු ජීවිත කාලය තුළම මාසික විශ්‍රාම වැටුපක් ලැබෙන අතර ඔහු මියගිය පසු බිරිඳට ද එම මුදල ලැබීමට හිමිකම් තිබේ.එහෙත් එසේ නොවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ සානුකම්පිතව අවධානය යොමු කර 2022 ට පෙර පැවැති රජයන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සහනයක් වශයෙන් මෙම ගිණුම ලබා දී ඇත. මෙය ලොව බොහෝ රටවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සලසන සහන වලින් එකකි.

ඒ අනුව ස්ථාවර ගිනුම් වශයෙන් ඔවුන් තැන්පත් කර ඇති මුදලට ලැබෙන පොලී මුදල කළමනාකරණය කර ගනිමින් ජීවිතයේ සැඳෑ සමය ගත කරති. නමුත් පසුව මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් මිලියන 1.1ක් පමණ පවතින අතර ඒවායේ අතිරේක පොලී වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් අති විශාල මුදලක් වැය වන බවත් එම ගිනුම් විවිධ අවභාවිතයනට භාජනය වන බව එවක ප්‍රකාශ විය. ඒ අතර එකම පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය ද සිදුවන බව ද අනාවරණය විය.

නමුත් එම අවභාවිතාවන් නතර කොට වඩාත් ප්‍රමිතිගත ලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සුරක්ෂිත කරනු වෙනුවට පසුගිය රජය කරන ලද්දේ සොටු ගලන නිසා නාසය කපා දැමීම වැනි ක්‍රියාවකි. ඒ අනුව මෙම ගිණුම් අහෝසි කොට එහි පොලී අනුපාතය සාමාන්‍ය ස්ථාවර ගිනුමකට හිමි 8% මට්ටමකට පහළ වැටීම එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කබලෙන් ලිපට වැටීමක් බවට පත් විය. ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන ඒවා වැඩි පොලී සහිත අවදානම් සහිත ආයෝජනයන් හි යොදා ඇති බව පසුගිය කාලයේ නිරීක්ෂණය විය. ඒ ඇතැම් ආයෝජනයන් මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විවිධ ජාවාරම් කරුවන්ට ගොදුරු වී තම කෙටි දිවි පැවැත්ම තවත් කෙටි කර ගත්හ. ඒ සම්බන්ධ බොහෝ තොරතුරු ද තිබේ.

ert4wed

මෙවන් කරුණු සලකා බලා අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 02ක කාලයක් සඳහා ලබා දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව පසුගිය අගෝස්තුවේ එවක අමාත්‍ය මණ්ඩලය විසින් ද අනුමත කරන ලදී. එහෙත් එය ද ක්‍රියාත්මක නොවීම මත එය තවත් ප්‍රෝඩාකාරී ඇස් බැන්දුමක් ද යන සැකය මේ වන විට බොහෝ දෙනා තුළ ජනිත වී හමාරය.  

නමුත් ඒ සම්බන්ධ කිසිදා සිදු නොවූ හා කිසිවකු බලාපොරොත්තු නොවූ තත්වයක් මේ වන විට උදා වී ඇත.. එනම් අනුර කුමාර දිසානායක ජනාධිපති සහ මුදල් ඇමති වරයාගේ ජාතික ජන බලවේග රජය තුළ එම තැන්පතු වල පොලී අනුපාතය 7.5%තෙක් තව දුරටත් පහත හෙළීමය. මෙය එම අසරණ වියපත් ජන කොටස කබලෙන් ලිපට ඇද දැමීමකි.

ලොව ඕනෑම සමාජයක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් හැඳින්වෙන වැඩිහිටි ප්‍රජාව තම ජීවිත වල අවසන් භාගය තුළ විශේෂ සමාජයීය සුව සහනයන් අත් විඳිති. එවන් තත්වයක් යටතේ තමන් බලයට පැමිණි පසු ශ්‍රී ලාංකේය සමාජයේ සෑම ජන කොටසක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කරන බව අසා සිටින්නවුන් ගේ සිත් මෝහනය වන ලෙස පවසා සිටි ජනපති වරයා අප ජන සමාජයේ මිලියනයක් පමණ වන එම ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව සමාජයේ ඇස් පනාපිටම මරණයේ එළිපත්ත දෙසට ඇද දමා ඉවත බලා ගැනීම අපට කෙසේවත් තේරුම් ගත නොහැකි ප්‍රහේලිකාවකි. නමුත් මෙම ඛේදවාචකය පිටුදැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් කාලය විසින් එය අන් ආකාරයකින් විසඳනු වැලකීමට ද කිසිවකුටත් නොහැකි වනු නියත ය.

Renuka Damayanthi(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...