ඒ, ඇඳුම් එල්ලා තැබීම සඳහා රඳවනයක් (Hanger) මිලදී ගැනීම පිණිස ය. චීනයේ නිපදවූ රිදී පැහැ ආලේපිත කම්බිවලින් නිම කර ඇති මෙම රඳවනය කොකු අටකින් යුක්ත ය. ඒ සඳහා යොදාගෙන ඇති කම්බිවල දිග අඟල් 65ක් (cm165ක්) පමණ වේ. පසු ගිය සතියේ රු.200 ට මිලට ගත් මෙය මේ සතියේ රු.220කි. මම තවත් භාණ්ඩ කීපයක මිල අසා බැලුවෙමි. ඒ අතර දක්නට ලැබුණේ පාසල් ළමුන් සඳහා නිපදවා ඇති මල්, පැළෑටි, බෝනික්කන්, විවිධ රූපවලින් යුතු ස්ටිකර්ස් සියල්ලම චීන නිෂ්පාදන බව ය. ඒ අතර ම බිත්ති අලංකාර කරන පින්තුර කොළ (Wall Pictures) රු.250 සිට 450, 500, 700 පමණ මිල ගණන්වලට මිලදී ගත හැකි ය.

කම්බියක් පෑස්සීමට ඉගෙන ගන්නේ නම්...
කාර්මික විද්‍යාල සහ තාක්ෂණික විද්‍යාල ජාලයක් රට පුරා ක්‍රියාත්මක වන අතර වෘත්තිය පුහුණු මධ්‍යස්ථානවල ද ග්‍රැෆික් පුහුණුව ලබා දෙන රටක මෙවන් පින්තුර, ස්ටිකර්ස් නිර්මාණය කර වෙළඳ පොළට නිකුත් කිරීමට සමත් පිරිසක් නොසිටීම කණගාටුවට කරුණකි. එමෙන්ම, වෙල්ඩින් පාඨමාලා හැදෑරීමේ පහසුකම්: දෛනික දීමනා, අඩු මිල බස් සීසන් ටිකට් පත් යනාදි පහසුකම් සහිතව කාර්මික විද්‍යාලවල ක්‍රියාත්මක වේ. නමුත් එවැනි ස්ථානයකට ගොස් කම්බියක් පෑස්සීමට ඉගෙන ගන්නේ නම්, බිත්ති රාක්ක රඳවන L- iron, hangers වැනි කුඩා කර්මාන්තයක් කිරීමට පුහුණුවක් ලබා ගත හැකිය. මෙම කර්මාන්ත ලොකු මුදලක් වැය කිරීමෙන් තොරව අමුද්‍රව්‍ය සොයාගෙන තම හැකියා තුළින් දියුණු විය හැකි කර්මන්ත ය.

ඇසුරුම් කිරීමේ කවරයේ සිට ගොඩනැගිලි ඉදි කිරීම දක්වා ප්‍රයෝජනයට ගන්නා පොලිතින් ද අපි ආනයනය කරමු. රබර් නිෂ්පාදනය කරන අපේ රටට ළමුන් සඳහා අවශ්‍ය විසිතුරු භාණ්ඩ කෙතෙක් නිර්මාණය කළ හැකිද ? බැලුම් බෝල, අත් මේස්, බෝනික්කන්, පොත්වලට දමන රබර් මිශ්‍රිත පිට කවර යනාදිය කොතෙක් නිපද විය හැකිද? දේශීය බටපතුරු යොදා සාදා ගත් වෙසක් පහන් කුඩු වෙනුවට ප්ලාස්ටික් චීන වෙසක් කුඩු වෙළද පල ආක්‍රමණය කර ඇත. වෙසක් කාලයට බට ගසක් කපා පතුරු යොදා වෙසක් කූඩු තැනූ කාර්මික ශිල්පීන්ට අද එම රැකියා අහිමි වී ඇත. ගම්බද මෙන්ම නාගරික ප්‍රදේශ වලද වෙසක් කාලයට පාර අයිනේ ගොඩ ගසා තිබූ බට පතුරු වෙසක් කූඩු, කඩදාසි පහන් කුඩු (Wesak Lanterns) අද දක්නට නැත.

චීන සරුංගල් කරණම්
අපි අනුන්ගේ වෙසක් පහනින් වෙසක් සිරිය දකිමු. පාට පාට බල්බ් වැල්වලටද සරුංගලයටද මෙම කල දසාවම උදා වී තිබේ. බට පතුරු යොදා සෑදු සරුංගලය වෙනුවට ගෝල්ෆේස් අහසේ පමණක් නොව ගම්බද පළාත්වල අහසේ ද චීන සරුංගල් කරණම් ගසනු දැකිය හැකි ය. දැවැන්ත චීන සරුංගල්වල රැහැන්වල එතුණු කුඩා දරුවන්ට සිදු වූ අනතුරු පිළිබඳව ද අසන්නට ලැබේ. විදේශ රැහැන් පටවල එතී ඒවා ගලවා ගැනීමට අපහසු තත්ත්වයටත්, ගිලගත් රැහැන් පටවල් දිරවා ගත නොහැකි තත්වයටත් අප අද පත්ව සිටිමු.
‘‘හිස, හදවත මෙන්ම දෑත ද ප්‍රයෝජනයට ගෙන දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සිදු කරන සුළු කර්මාන්තවලට සහ නිෂ්පාදකයින්ට අත දිය යුතු ය.’’‘‘හිස, හදවත මෙන්ම දෑත ද ප්‍රයෝජනයට ගෙන දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සිදු කරන සුළු කර්මාන්තවලට සහ නිෂ්පාදකයින්ට අත දිය යුතු ය.’’
වර්තමානයේ අප මුහුණ දෙමින් පවතින මෙම ඛේදනීය තත්ත්වය දිවැසින් දුටුවාක් මෙන් ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස මහත්මිය විසින් වසර ගණනකට පෙර ගැයූ ‘‘කොළොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම’’ නමැති ගීතය වර්තමානයට කොතරම් ගැළපේ ද යන්න මා සිතට නැගුණේ නිතැතිනි.

කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටින් ගොඩ බැස්සේ අමනකමයි
ඒ වෙනුවටෙ
බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමට
නැවෙන් ඇවිත් කොළොම් තොටට ගොඩ බැස්සා අපුරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන් මිලදී ගෙන කාසිවලට
කිරි දරු පැටවුන්ගෙන් නැව් පුරවන්නේ ඒ වෙනුවට
කොළොම් තොටින් නැව් නැග්ගා....
මව් තුරුලේ පිපෙන මලට ලංසු තියන නොමිනිසුන් ය
දුප්පතුන්ගේ මල් නෙළමින් ඉසුරු සොයන බැතිමතුන් ය
කිරි දරුවන් විතරක් නොව මාරු වෙලා කාසිවලට
කොළොම් තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම
(නිලක්ෂි බණ්ඩාර)nilakshibandara0710@gmail.com



