The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

හාම්පුතුන් නොමැති විට ඇතැම් සුනඛයන් ගෙවල්වල යකා නටන බව දන්නවා ද?

T

The Leader Desk

December 17, 2024 • 3:09 PM

හාම්පුතුන් නොමැති විට ඇතැම් සුනඛයන් ගෙවල්වල යකා නටන බව දන්නවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ හැසිරීම් රටා ඉතා නිහඬ සන්සුන් තත්ත්වයන්ගේ සිට කුෂන්, මෙට්ට, නිවසේ ඇති වෙනත් දෑ විනාශ කිරීමේ මට්ටම දක්වා විහිදී යන බව පෙනෙන්නට තිබේ.
  • නිවෙස්වල සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිවල මෙවැනි හැසිරීම් බොහෝ ගණනක් පටි ගත වී ඇති අතර ඒවා මගින් සුනඛයින්ගේ මානසික තත්ත්වය සහ හැසිරීම් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ.
  • සුනඛයින් පිළිබඳ විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීම සඳහා බිහිව ඇති ‘සුනඛවේදය’ (cynology) ඔස්සේ මේ තොරතුරු විශ්ලේෂණය කිරීම තුළින් ඔවුන් ඒ විවිධාකාරයෙන් හැසිරෙන්නේ මන්දැයි අවබෝධ කර ගැනීමේ හැකියාව පවතී.
  • ඇතැම් සුනඛයින් සිය හිමිකරුවන් නිවසේ නොමැතිව හුදෙකලාව සිටිය දී සන්සුන්ව හැසිරෙන තත්ත්වයන් පෙන්නුම් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ හැසිරීම් රටා ඉතා නිහඬ සන්සුන් තත්ත්වයන්ගේ සිට කුෂන්, මෙට්ට, නිවසේ ඇති වෙනත් දෑ විනාශ කිරීමේ මට්ටම දක්වා විහිදී යන බව පෙනෙන්නට තිබේ. නිවෙස්වල සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිවල මෙවැනි හැසිරීම් බොහෝ ගණනක් පටි ගත වී ඇති අතර ඒවා මගින් සුනඛයින්ගේ මානසික තත්ත්වය සහ හැසිරීම් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ. සුනඛයින් පිළිබඳ විද්‍යාත්මක ව අධ්‍යයනය කිරීම සඳහා බිහිව ඇති ‘සුනඛවේදය’ (cynology) ඔස්සේ මේ තොරතුරු විශ්ලේෂණය කිරීම තුළින් ඔවුන් ඒ විවිධාකාරයෙන් හැසිරෙන්නේ මන්දැයි අවබෝධ කර ගැනීමේ හැකියාව පවතී.

 

ඥාති මිත්‍රාදීන් හමුවේ ඔවුන් ගේ සුනඛයන් පිළිකුල් කිරීම එදාට වඩා අද බරපතළ  වරදක්

ඇතැම් සුනඛයින් සිය හිමිකරුවන් නිවසේ නොමැතිව හුදෙකලාව සිටිය දී සන්සුන්ව හැසිරෙන තත්ත්වයන් පෙන්නුම් කරයි. ආරක්ෂිත කැමරා පද්ධතිවල පටි ගත වී ඇති ආකාරයට ඔවුන් විවේකීව සිටීම, නිදාගෙන සිටීම හෝ කුමක් සමග හෝ සෙල්ලම් කිරීම ආදිය දැකිය හැකිය. මෙසේ සන්සුන්ව හැසිරෙන්නට හේතූ කිහිපයක්ම බලපායි. ඉන් එකක් වන්නේ බැඳීම සුරක්ෂිත තත්ත්වයක පැවතීමය. එනම් සිය හිමිකරුවා කුමන මොහොතක හෝ නැවත පැමිණේය යන විශ්වාසය ඔවුන් තුළ පැවතීමය. සුනඛවේදය මේ පිළිබඳ සඳහන් කරන්නේ සිය හිමිකරුවාගේ දිනචර්යාවන් පිළිබඳ සුනඛයින්ට වැටහීමක් ඇති බව සහ හුදෙකලාව සිටින කාලය තුළ තමාව සනසා ගැනීමට ඔවුන් හුරුපුරුදුව සිටින බවය. හිමිකරුවා නිවසින් පිටව යන්නට පෙර සුනඛයාට ප්‍රමාණවත් තරම් ව්‍යායාම (දුව පැන ඇවිදීම වැනි) සහ මානසික සතුට හිමි වන්නේ නම් හිමිකරුවා නිවසේ නොසිටින අවස්ථාවේ දී සන්සුන්ව හැසිරෙන බව හෙළි වී තිබේ. සුනඛයින්ව යම් කිසි දින චර්යාවකට හුරු කිරීමේ ඉහළ හැකියාවක් පවතින අතර එවැන්නකට හුරු වූ සුනඛයින්ගෙන් ද යහපත් හැසිරීමක් අපේක්ෂා කළ හැකිය. එවිට දිනපතා තමාට හුදෙකලාව සිටිය යුතු කාලපරිච්ඡේදය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ලැබෙන අතර ඒ කාලසීමාව තුළ සන්සුන්ව සිටීමට ඔවුහු ඉගෙන ගනිති.

නමුත් බහුතර සුනඛයින්ට මේ තත්ත්වය අදාළ වන්නේ නැත. බොහෝ සුනඛයින් හිමිකරුවා නොමැතිව නිවසේ හුදෙකලාව සිටිය දී විනාශකාරී හැසිරීම් රටාවන්ට යොමු වන බව පෙන්නුම් කරයි. කුෂන් ඉරා දැමීම, මෙට්ට විනාශ කිරීම හෝ ගෘහ භාණ්ඩ සැපීම වැනි දර්ශන ආරක්ෂිත කැමරා පද්ධතිවල ඕනෑවටත් වඩා පටි ගත වී තිබෙනු දැකිය හැකිය. සුනඛයින්නේ මෙවැනි හැසිරීම් මතු වන්නට හේතු කිහිපයක්ම බලපායි. ඉන් එකක් වන්නේ වෙන්වීමේ කාංසා තත්ත්වය ය. තමාට සමීපයෙන්ම බැඳී සිටින පුද්ගලයා නික්ම ගිය පසු ඔවුන් තුළ මේ වෙන්වීමේ කාංසා සහගත තත්ත්වය මතුවෙයි. සුනඛවේදය මේ පිළිබඳ පවසන්නේ සුනඛයින් ස්වභාවයෙන්ම රංචු වශයෙන් සිටීමට ඇති කැමැත්ත මේ හැසිරීමට මුල් වන බවය. හුදෙකලා තත්ත්වයට පත් වීම තුළ රංචු මානසිකත්වය බිඳ වැටෙන අතර නොකඩාව බිරීම, දොර ජනෙල් පහුරුගාමින් එතැනින් පළා යන්නට උත්සාහ කිරීම හෝ තමා තුළ වූ කාංසා තත්ත්වය මග හැර ගැනීම සඳහා නිවසේ ඇති විවිධ දෑ විනාශ කරන්නට පෙළඹීම මෙහිදී දක්නට හැකිය.

 

ඥාති මිත්‍රාදීන් හමුවේ ඔවුන් ගේ සුනඛයන් පිළිකුල් කිරීම එදාට වඩා අද බරපතළ  වරදක්

 

එළිමහනේ ප්‍රමාණවත් තරම් දුව පැන යන්නට අවස්ථාව හෝ සිය හිමිකරුවාගෙන් ප්‍රමාණවත් තරම් ආදරයක්, කරුණාවක් නොලැබීම මත සිය ශක්තිය විනාශකාරී ක්‍රියාවන් සඳහා යොදවන්නට සුනඛයෝ පෙලඹෙති. මානසික වශයෙන් නීරස තත්ත්වයට පත් වූ සුනඛයා විවිධ දේවල් විනාශ කිරීම තුළින් සතුටක් ලබන්නට උත්සාහ කරනු දැකිය හැකිය. සුනඛවේදීන් (Cynologists) දැඩිව අවධාරණය කරන කාරණයක් වන්නේ ඔවුන්ට ප්‍රමාණවත් තරම් පුහුණුවක් ලබා දීම තුළින් මේ හැසිරීම් තත්ත්වය වෙනස් කළ හැකි බවය. සිය සීමාවන් මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පුහුණුවක් ලබා නොමැති සුනඛයින් මෙවැනි විනාශකාරී ක්‍රියාවන්ට යොමු වන සුනඛවේදීහු පෙන්වා දෙති.

 

මේ වන විට නිවෙස්වල ආරක්ෂිත කැමරා පද්ධති මෙන්ම සුරතලුන්ගේ හැසිරීම් රටාවන් නිරීක්ෂණය කිරීම සඳහාම සකස් කළ කැමරා වර්ග වෙළෙඳපොළේ මිල දී ගැනීමට ඇති අතර ශ්‍රී  ලංකාවේ කෙසේ වෙතත් බොහෝ බටහිර සහ වෙනත් දියුණු රටවල මේවා බහුල වශයෙන් භාවිතයේ පවතින බව පැවසිය යුතුය. තමා නිවසේ නොසිටින අවස්ථාවල දී තම සුනඛ සුරතලා කෙසේ හැසිරෙන්නේ ද යන්න හොඳින් නිරීක්ෂණය කොට ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හිමිකරුවන්ට මේ ඔස්සේ අවස්ථාව ලැබෙන අතර යම් විටෙක විනාශකාරී හැසිරීම් රටා පෙන්නුම් කරන්නේ නම් එය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද මෙවැනි පද්ධති ඉවහල් වේ.

 

ඥාති මිත්‍රාදීන් හමුවේ ඔවුන් ගේ සුනඛයන් පිළිකුල් කිරීම එදාට වඩා අද බරපතළ  වරදක්

සුනඛයින්ගේ පෙන්නුම් කරන මෙවැනි හැසිරීම් පිළිබඳ සුනඛවේදය යම් යම් විශ්ලේෂණ ඉදිරිපත් කරයි. ඉන් එකක් වන්නේ ‘බන්ධන න්‍යාය’  (Attachment Theory) යි. සුනඛයින් සිතන්නේ සිය මූලික ආරක්ෂාව ලැබෙන්නේ හිමිකරුවාගෙන් බවය. එය බොහෝ විට දරුවකු දෙමාපියන්ගෙන් ආරක්ෂාව අපේක්ෂා කරනවා හා සමාන හැඟීමකි. මේ බන්ධනය බිඳී යන සෑම මොහොතකම ඔවුහු හිමිකරුවා සමග බැඳී සිටි ස්වභාවයට අනුකූලව ප්‍රතිචාර දක්වන්නට පෙළඹෙති.

සුනඛවේදය තුළින් ‘පරිණාමීය මූලයන්’ (Evolutionary Roots) සම්බන්ධ අදහසක් ද ඉදිරිපත් කරයි. වෘකයන්ගෙන් පැවතෙන සුනඛයින් ද හුරුපුරුදුව ඇත්තේ රංචු වශයෙන් ජීවත් වන්නටය. හුදෙකලා වූ විගස ඔවුන් තුළ රංචු වශයෙන් වූ හැසිරීම පිළිබඳ කැමැත්ත මතු වන අතර එම හුදෙකලා තත්ත්වයෙන් මිදී යාම සඳහා අධික ලෙස බිරීම හෝ එම ස්ථානයෙන් පළා යන්නට හෝ උත්සාහ දරයි.

 

‘සංජානනීය හැකියාවන්’ (Cognitive Capabilities) පිළිබඳව ද සුනඛවේදය තුළින් කතා කරයි. සුනඛයින්ට කාලය පිළිබඳ ඇත්තේ සීමිත හැකියාවක් පමණක් වුව ද, සිය හිමිකරුවා නොමැතිව ගත කරන කාලය අනවශ්‍ය තරම් දීර්ඝ වන්නේ ඒ පිළිබඳ අවබෝධ කර ගැනීමේ හැකියාව ඔවුන්ට පවතී. හුදෙකලාව ගත කරන කාලය අනපේක්ෂිත තරම් දීර්ඝ නම් සුනඛයින් තුළින් කාංසා තත්ත්වයක් මතු වන බව සුනඛවේදීහු පෙන්වා දෙති.

 

සැප ජීවිත ගෙවන ජෝර්ජියාවේ වීදි සුනඛයෝ - (වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ)

මේ තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා වෙන්ව යාමට පෙර සිදුකරන ව්‍යායාම, හුදෙකලාව සිටිය දී විවිධ ක්‍රියාකාරකම්වල යෙදීමට තරම් ප්‍රමාණවත් පරිසරයක් සැකසීම, කෙටි කාලයක සිට දීර්ඝ කාලයක් දක්වා හුදෙකලාව සිටීමට ක්‍රමිකව පුහුණු කිරීම, ආරක්ෂිත කැමරා ඔස්සේ සිය සුනඛයා සමග දුරස්ථව සන්නිවේදනය කළ හැකි පද්ධතියක් ස්ථාපනය කිරීම (two-way audio), දරුණු හැසිරීම් තත්ත්වයක් නම් ඒ සඳහා වෘත්තීමය උපදේශන ලබා ගැනීම හෝ සිදු කළ හැකිය.

chaminda karu| නිරංජන් චාමින්ද කරුණාතිලක
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හාම්පුතුන් නොමැති විට ඇතැම් සුනඛයන් ගෙවල්වල යකා නටන බව දන්නවා ද? | The Leader