The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

නාථ දෙවියන් පවා අපයෝජනයට ලක් වූ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය මැඬලන්න සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට හැකිවේද?

T

The Leader Desk

December 18, 2024 • 6:54 AM

නාථ දෙවියන් පවා අපයෝජනයට ලක් වූ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය මැඬලන්න සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට හැකිවේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව සඳහන් කරන ලද්දේ එම රෝගය මැඩපැවැත්වීම උදෙසා නව ක්‍රියාන්විතයකට මුල පුරමිනි.
  • සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය, චීන විද්‍යා ඇකඩමිය සහ මෙරට විද්වතුන්ගේ සහයෝගීතාවයෙන් ඒකාබද්ධව සිදු කළ පර්යේෂණ එළිදැක්වීම වෙනුවෙන් ඉකුත් 14දා බත්තරමුල්ලේ පැවති වැඩමුළුවේ සමාරම්භක උත්සවය එහි සමාරම්භය සේ සැලකිය හැකි ය.
  • එය මූලික වශයෙන් අතිශය සාධනීය ක්‍රියා මාර්ගයක් බව අප ගේ වැටහීම ය.
  • මෙම වැඩමුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරන ලදී පසුගිය දශකයේ ආරම්භයත් සමඟ මෙම හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය සම්බන්ධ ජාතික මට්ටමේ ආන්දෝලනයක් ඇති විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ එම රෝගය මැඩපැවැත්වීම උදෙසා නව ක්‍රියාන්විතයකට මුල පුරමිනි. සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය, චීන විද්‍යා ඇකඩමිය සහ මෙරට විද්වතුන්ගේ සහයෝගීතාවයෙන් ඒකාබද්ධව සිදු කළ පර්යේෂණ එළිදැක්වීම වෙනුවෙන් ඉකුත් 14දා බත්තරමුල්ලේ පැවති වැඩමුළුවේ සමාරම්භක උත්සවය එහි සමාරම්භය සේ සැලකිය හැකි ය.

මෙම වැඩමුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරන ලදී. මෙහිදී චීන විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලාංකීය විද්වතුන් විසින් සිදු කරන ලද වකුගඩු රෝග ආශ්‍රිත පර්යේෂණ එළිදැක්වීම ද සිදු කෙරිණ. මෙම පර්යේෂණ මඟින් සොයා ගත් නවතම කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරි කාලය තුළ දී අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ හැකි ආකාරයන් පිළිබඳ නිර්දේශ කිරීමට නියම වී තිබේ. එම නිර්දේශ වකුගඩු රෝගයේ ව්‍යාප්තිය අවම කරගැනීම සඳහාත්, ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සඳහාත් ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී පාදක කර ගැනීමටද අපේක්ෂිත ය. එය මූලික වශයෙන් අතිශය සාධනීය ක්‍රියා මාර්ගයක් බව අප ගේ වැටහීම ය.


මෙම වැඩමුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරන ලදී 

පසුගිය දශකයේ ආරම්භයත් සමඟ මෙම හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය සම්බන්ධ ජාතික මට්ටමේ ආන්දෝලනයක් ඇති විය. ඒ 2010 වසරේදී එවකට කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශ ප්‍රධාන මහාචාර්ය ප්‍රියානි පරණගමගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පර්යේෂණයක් ආරම්හ කිරීමත් සමඟිනි. එවකට එම සරසවියේ විද්‍යා පීඨාධිපතිව සිටි මහාචාර්ය නලින් ද සිල්වා මෙම පර්යේෂණයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කොට තිබිණ.
 
water contaminationඋතුරු මැද පළාතේ පානීය ජලයේ, ශාකවල, සහල්වල සහ අනිකුත් නියැදිවල ආසනික් අධික ප්‍රමාණවලින් අඩංගු වන බව

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල 2011 වර්ෂයේ ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, පර්යේෂක කණ්ඩායම උතුරු මැද පළාතේ පානීය ජලයේ, ශාකවල, සහල්වල සහ අනිකුත් නියැදිවල ආසනික් අධික ප්‍රමාණවලින් අඩංගු වන බව ප්‍රකාශ කොට තිබිණ. මෙම ආසනික් ආනයනික පළිබෝධ නාශක වලින් පරිසර පද්ධතියට එකතු වූ බව ඔවුන්ගේ නිගමනය වූ නමුත් පර්යේෂණයට අදාළ දත්ත ප්‍රසිද්ධ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එනිසා මෙම නිගමනයේ නිරවද්‍යතාව පිළිබදව ඇතැම් පාර්ශව සැක පළ කළේ එය එම පර්යේෂණ කණ්ඩායමේ උපකල්පනයක් විය හැකි බව පවසමිනි.

images 69
 
එමෙන්ම ඒ මඟින් නිසි අන්දමට පළිබෝධ නාශක භාවිතය පිළිබඳ අනිසි බියක් ජනතාව අතරේ පැතිර යා හැකි බවට ද මත පළ විය. එවිට මෙම පර්යේෂණයේ ප්‍රතිඵල වල සත්‍යතාව තහවුරු කරමින් මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පර්යේෂක කණ්ඩායම දුන් පිළිතුර අතිශය අද්භූත එකක් විය. එනම්, ආසනික් ප්‍රතිශතය සම්බන්ධයෙන් නාථ දෙවියන් විසින් ද තමන් දැනුවත් කරනු ලැබූ බව ය. මෙය එවක සමාජ ජාල පරිශීලකයන්ට ඉතා රසවත් කට ගැස්මක් හෙවත් “බයිට් එකක්” වූ බව ද අපට මතක ය. එහි දී මෙම හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය සහ නාථ දෙවියන් අතර අද්භූත සම්බන්ධය ගොඩ නැඟීමට පසුගිය රජයේ අමාත්‍ය පදවියක් හෙබවූ වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද ඉදිරියට පැමිණි අතර විද්‍යාව හා දේවත්වය සම්බන්ධ කළ ඔහු ගේ එම අපබ්‍රංසය හිස් මුදුනින් පිළිගන්නා පිරිසක් ද එකල වූහ.
WhatsApp Image 2024 12 14 at 3.22.03 PM 1නලින්ද ජයතිස්ස
එනිසා ඒ සම්බන්ධයෙන් වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එවක මෙසේ පවසා තිබිණ. “අපට පේනවා වසර ගණනාවක් තිස්සේ මේ වකුගඩු රෝගය සහ වකුගඩු රෝගීන් දඩමීමා කරගෙන තමන්ගේ දේශපාලනය කරන කණ්ඩායමක් ඉන්නවා. චන්න ජයසුමන එක්කෙනෙක්. එක වෙලාවක චන්න ජයසුමන ඇතුළු කණ්ඩායමක් මේ වකුගඩු රෝගයට හේතුව ආසනික්ය, ආසනික් කියලා ඔවුන්ට කිව්වේ නාථ දෙවියොය කියලා කිව්වා. ඒක මම හිතනවා මේ රටේ ජනතාවට මතකයි. ඒ වගේම දිගින් දිගටම මෙ පර්යේෂණ සිද්ධ කරන එකට සහ මේ පර්යේෂකයන් එකතුවෙලා විද්‍යාත්මක විසඳුමක් හොයන එකට මොවුන් බාධා කරමින් හිටියා. ඇත්තටම ඔය චන්න ජයසුමන පාර්ලිමේන්තු එන්නෙත් ඔය වකුගඩු රෝගය පෙන්නලා තමයි. ඒ නිසා මම කියන්නේ ඔහුගේ මෙම මහාචාර්ය කමටත් දොස්තර කමටත් නිගා වෙන ආකාරයේ ප්‍රකාශ කරන්න එපා කියලා. මේක ඇත්තටම විද්‍යාත්මකව රජයක් මැදිහත්වෙලා මේකට නිසි විඳුමක් හොයාගෙන මෙ ජනතාව බේරගන්න ඕන කම තියෙනවා” මෙහි දී පසුගිය කාලයේ කුරුණෑගල රෝහලේ සාෆි නම් වෛද්‍ය වරයාට අන්ත ජාතිවාදී පදනමක සිට අතිශය අභූත වඳ සැත්කම් චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ද වත්මන් සෞඛ්‍ය ඇමති වරයා එවක චන්න ජයසුමන දැඩි දෝෂ දර්ශනයට ලක් කොට තිබිණ.
 
 
derma organ 1646887781ජාතික ජන බලවේගය මේ නිශ්චිතව රෝගය මූලය හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගයට හේතුව හොයන්න පර්යේෂණ මෙහෙයවලා හොයනවා
” අර පසුගිය කාලයේ කාන්තාවන්ගේ පැලෝපීය නාල ඇඟිලි දෙනෙක් මිරිකලා 8000ක් විතර වඳ කරයි කියපු කණ්ඩායමේ රතන හාමුදුරුවෝ, විමල්, ගම්මන්පිල වෛද්‍ය විද්‍යාව නොදැන කිව්වයි කියමුකො. හැබැයි චන්න ජයසුමන තමයි ඒකට වෛද්‍ය විද්‍යාවෙන් ආවරණයක් ලබා දීපු කෙනා. පැලෝපීය නාලය එහෙම ඇඟිලි දෙනෙක් මිරිකලා කාන්තාවන් වඳ කරන්න පුළුවන් කියලා කියපු කණ්ඩායමේ පෙරමුණේ හිටපු න්‍යායාචාර්ය තමයි චන්න ජයසුමන. ඉතින් ඔය වගේ ගොඩක් ඒවට චන්න ජයසුමන කර ගහලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා මේ රටේ, විශේෂයෙන් රජරට ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න අපි කැපවෙනවා. විශේෂයෙන් ගොවි ජනතාව, අපේ රටට බත සපයන ජනතාව. ඒ ජනතාවගේ දරු පරම්පරාවන් බේරගන්න අපි කැපවෙනවා. ඒවට බාධා කරන ආකාරයෙන් කටයුතු කරන්න එපා. ඔබගේ ඔය අපරිණත, මෝඩ උද්දච්ච ප්‍රකාශ රටේ ජනතාවට වැඩක් නැහැ. මොකද ඔබ ඔබගේ ඉතිහාසයේ එවැනි ප්‍රකාශ ගණනාවක් කරලා ඔබ විද්‍යාවත් හෑල්ලු කරලා තියෙන්නේ. අපි අනිවාර්යවශයෙන්ම ජාතික ජන බලවේගය මේ නිශ්චිතව රෝගය මූලය හඳුනා නොගත් නිධන්ගත වකුගඩු රෝගයට හේතුව හොයන්න පර්යේෂණ මෙහෙයවලා හොයනවා. ඒ විතරක් නෙවෙයි ඒකට අපි අවශ්‍ය කරන ප්‍රතිකර්ම නිශ්චිතව ලබා දෙනවා කියන එකත් කියන්න කැමතියි.”  
 
 


ඒ අනුව වත්මන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ වන විට අත ගසා ඇත්තේ එම බැරෑරුම් වගකීමට බව අපගේ වැටහීම ය. එමෙන්ම ඉකුත් 14දා බත්තරමුල්ලේ පැවති වැඩමුළුවේ ඉදිරියේදී වකුගඩු රෝගීන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමේ කටයුතු සඳහා සැලසුම් සකස් කරගැනීමට මෙම පර්යේෂණ තුළින් අවස්ථාව ලැබෙනු ඇති බවද පෙන්වා දෙන ලදී.

මෙම වැඩමුළුවේදී චීන විද්‍යා ඇකඩමියේ පරිසර හා පරිසරික විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය මින් යැංග්, චීනයේ පීකින් විශ්ව විද්‍යාලයේ නාගරික හා පාරිසරික විද්‍යාලයේ මහාචාර්ය ජියෑනිං හූ, එම විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥ මහාචාර්ය සුක්සියා වෑන්ග්, වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග විජේවික්‍රම, චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ සහ ජල තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය එස්.කේ. වේරගොඩ, ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිස්නා රණසිංහ එම දෙපාර්තමේන්තුවේ ආචාර්ය එම්. මාකෙහෙල්වල, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, පීකින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙං ලිකියැංග් යන විද්වත්හු දේශන පැවැත් වූහ.

ජල ලීටර් 5000ක ධාරිතාවයකින් යුත් (දිනකට සරිලන) විද්‍යුත් විච්ඡේදක තාක්ෂණය මත පදනම් වූ ජල පිරිපහදු ඒකකයක් චීන විද්‍යා ඇකඩමියේ පරිසර හා පරිසරික විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය මින් යැංග් මහතා විසින් මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පරිත්‍යාග කිරීමද මෙහි දී සිදුවිය.


WhatsApp Image 2024 12 14 at 3.22.03 PMජල ලීටර් 5000ක ධාරිතාවයකින් යුත් (දිනකට සරිලන) විද්‍යුත් විච්ඡේදක තාක්ෂණය මත පදනම් වූ ජල පිරිපහදු ඒකකයක් චීන විද්‍යා ඇකඩමියේ පරිසර හා පරිසරික විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය මින් යැංග් මහතා විසින් මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පරිත්‍යාග කිරීමද මෙහි දී සිදුවිය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චින්තා ගුණරත්න, වෘක්කවේද පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුලු‍ පිරිසක් මෙම වැඩමුළුව සදහා සහභාගී වූ බව පැවසෙයි.

සැබැවින්ම පසුගිය කාලය තුළ විද්වතුන් වශයෙන් සමාජමය හැඳින්වීමට ලක් ව සිටි පිරිස් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයේ නාමයෙන් නාථ දෙවියන් පවා අපයෝජනයට ලක් කොට ඇති පසුබිමක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ මෙම විද්‍යාත්මක විසඳුම් ක්‍රමවේදයේ සාර්ථකත්වය පිළිබඳව අපි බලා පොරොත්තු සහගතව පසු වෙමු.
 
 


ඒ අප රටේ කෘෂිකර්මාන්තය සහ වන ජීවීන් ගේ පැවැත්ම සම්බන්ධයෙන් විද්‍යාත්මක නිර්නායක මත තුලනාත්මක විසඳුම් ගත යුතුව තිබිය දී එසේ වගා හානි කරන සත්ව විශේෂ මරා දැමීම,ගල්ගමුවේ අලි විල්පත්තුවට එලවා දැමීම, රිලවුන් අල්ලා ජන ශූන්‍ය දූපතකට දැමීම වැනි නූතන අවවහරකට අනුව කිවහොත් වත්මන් ආණ්ඩුවේ “මඤ්ඤං වැඩ” දැඩිව හෙලා දකින අතරේ ය.

renuka 1
| රේණුකා දමයන්ති ගමගේ
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...