මොන කතා බස්ද මේ
කන්කරච්චලේ බෝ
සබේ කපුටන් වෙල මැද
නිවාපන් ඔය ගෝරණාඩුව
බලාපන් වෙන නාලිකාවක
සැමුවෙලා ඉංගිරීසිය නාන
බර්ටියා ගේ නඩුවට
සාක්කි ගලපන ඇපත් නැතිවන
මල් උයන් මැද ඉඳන්
අසා තිබුණද සළු මුදන්
ඇණ කොටා ගන්නවා
කුණ බෙදා ගන්න කපුටන්
කරකවාපන් තව වරක්
රියැලටිය ඉවර නං
මේ කතා බස් ඇසෙන්නෙත්
අලුත් කපුටන්ගෙ දෝ
(ආනන්ද රාජකරුණා කිවිඳුගෙන් සමාව අයැදිමි)
|කුසල් පෙරේරා
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 දෙසැම්බර 18



