The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

ඇමට අහුවෙලා නහින මාළුවෙක් වෙනව ද ?

T

The Leader Desk

December 19, 2024 • 12:49 PM

ඇමට අහුවෙලා නහින මාළුවෙක් වෙනව ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Please I need a little favor from you එකපාරටම මට භාෂා විලාසයේ අමුත්තක් දැනුන.
  • Copy & paste ගතියක් දැණුන) I'm trying to send 50,000 LKR to someone it not going through I don't know if you can help send to the person details will definitely be refunded tomorrow morning මම දැන ගත්ත scam එකක් කියල.
  • (හැම තිස්සෙම පණිවිඩය යථාර්තවාදීද කියල විමසිලිමත් වෙන්න)" මෙම සටහන නිවේදකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන නාරද බක්මීවැව සිය ෆේස්බුක් ගිණුමේ තැබූවකි.
  • අදාළ සිදුවීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධ නාලිකාවක නිවේදකයකු මෙන්ම දක්ෂ තබ්ලා වාදකයකු වන පේෂල මනෝජ් සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සඳහන් කොට තිබුණේ, ‘මගේ WhatsApp ගිණුම Hack කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

Good day. How are you doing today?
Please I need a little favor from you

එකපාරටම මට භාෂා විලාසයේ අමුත්තක් දැනුන. (පණිවිඩයේ ශෛලිය ගැන අවධානයෙන් ඉන්න)  

එත් මම උදව්ව මොකක්ද කියල ඇහුව. මයික්‍රෝ තත්පර ගනනකින් ආපු උත්තරේ මේ. (උත්තරේ ආපු වේගෙ වැඩියි. Copy & paste ගතියක් දැණුන)

I'm trying to send 50,000 LKR to someone it not going through I don't know if you can help send to the person details will definitely be refunded tomorrow morning

මම දැන ගත්ත scam එකක් කියල. මොකද පේශලට එහෙම අහේනියක් නෑ කියල දන්න නිසා. (හැම තිස්සෙම පණිවිඩය යථාර්තවාදීද කියල විමසිලිමත් වෙන්න)"

මෙම සටහන නිවේදකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන නාරද බක්මීවැව සිය ෆේස්බුක් ගිණුමේ තැබූවකි.

 

NB FB 2024.12.19

 

මේ පිළිබඳ ලීඩර් අප ඔහුගෙන් විමසා සිටියෙමු. එහිදී ඔහු අප සමඟ කියා සිටියේ, තම හිත මිතුරෙකුගේ මාර්ගයෙන් වට්සැප් පණිවිඩයක් ලෙස ලැබුණු ෆිශින් ප්‍රහාරයක් සම්බන්ධයෙන්, එවැනි පණිවිඩවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ජනතාව සහ සමාජජාල පරිහරණය කරන්නන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන් එයින් ආරක්ෂාකර ගැනීම පිණිස දැනුවත් කිරීමක් ලෙස අදාළ සිදුවීම පිළිබඳ, සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තැබු බවයි.

 

 

අදාළ සිදුවීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධ නාලිකාවක නිවේදකයකු මෙන්ම දක්ෂ තබ්ලා වාදකයකු වන පේෂල මනෝජ් සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සඳහන් කොට තිබුණේ,

‘මගේ WhatsApp ගිණුම Hack කර ඇත. උදවු ඉල්ලා එවන massages වලට reply නොකරන්න‘ යනුවෙනි.

 


ඔහු මේ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුම වෙත වීඩියෝවක් මුදාහරිමින් ඒ පිළිබඳව දැනුවත් කිරීම කර සිටියේය.



ඇත්තටම මේ කුමක්ද සිදුවන්නේ සෝෂල් මීඩියා ෆිශින් යනු කුමක්ද ? ෆිශින් ප්‍රහාරයක් යනු කුමක්ද ? යන්න පිළිබඳ ලීඩර් අප සොයාබැලීමක් සිදු කරනු ලැබීය. ඉදිරියේදී ඔබට එවැනි පණිවුඩයක් හෝ දැනුම් දීමක්, ආයාචනයක් ලැබේනම් ඒ ගැන හොඳින් සැලකිලිමත් වීමට මේ කරුණු ප්‍රයෝජනවත් වේවි.

සෝෂල් මීඩියා ෆිශින් පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මගින් පවත්ගෙන යනු ලබන onlinesafety.lk වෙබ් අවඩියෙන් ලබා ගත් තොරතුරු අපි මෙසේ ඉදිරිපත් කරමු.

සෝෂල් මීඩියා ෆිශින් (Social media phishing) ගැන ඔබ දන්නේ මොනවා ද ?

 

vere
සෝෂල් මීඩියා ෆිශින් යනු ඔබ දන්නා හඳුනන අයකුගේ සබදතාවය භාවිත කර ඔබව වංචනික ලෙස රවටා ඔබගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ ක්‍රමවේදයක්. 

ඔබගේ මිතුරෙකුගෙන්, ඥාතියෙකුගෙන් හෝ ඔබට සම්බන්ධ ආයතනයකින් (උදා: ඔබ මූල්‍ය කටයුතු සිදු කෙරෙන බැංකුව) යයි පවසමින් යම් පණිවුඩයක් ඔබට ලැබුන හොත් එම පණිවුඩයේ අඩංගු තොරතුරු ඔබ විශ්වාස කිරීමේ සහ ඒ අනුව ක්‍රියාත්මක වීමේ වැඩි සම්භාවිතාවයක් තියනවා.

ෆිශින් ප්‍රහාරයන් සඳහා බොහෝ විට බැංකුවක්, ව්‍යාපාරයක් හෝ රජයේ කාර්යාලයක් වැනි විශ්වාසවන්ත ආයතනයක් නියෝජනය කෙරෙමින් සකසන ලද ‘කොපි කැට්’ වෙබ් අඩවි නමින් හැඳින්වෙන නීත්‍යානුකූල වෙබ් අඩවියේ නිශ්චිත ආකෘතිය සහ අන්තර්ගතය පිටපත් කර සැකසු ව්‍යාජ වෙබ් අඩවි භාවිතා කෙරේ. ඔබට විශ්වාසවන්ත පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් යයි හැඟෙන ආකාරයක විද්‍යුත් තැපැල් පණිවුඩයක් හෝ සමාජ මාධ්‍ය හරහා එවන පණිවුඩයක් හරහා අදාළ ව්‍යාජ වෙබ් අඩවි වලට ලින්ක් එවීම සිදු කෙරේ. එම ලින්ක් හරහා නීත්‍යානුකූල වෙබ් අඩවියට සෑම අතින්ම සමාන ව්‍යාජ වෙබ් අඩවියට පිවිසුන විට ඔබගේ මුරපද, ක්‍රෙඩිට් කාර්ඩ් අංක, ඇතුළු පෞද්ගලික තොරතුරු එම වෙබ් අඩවියට ඇතුලත් කිරීමට ඔබව රවටා පොළඹවනු ලබයි. මීට අමතරව එම ලින්ක් මත ක්ලික් කිරීම හරහා ඔබගේ පරිගණකයට අනිෂ්ට මෘදුකාංග බාගත වීමද සිදු විය හැකියි.

සුලබව දැකිය හැකි ෆිශින් ප්‍රහාර සිදු කරන ආකාර

qeScreenshot 2024 12 19 at 17.20.10 copy

1. ඔබේ තොරතුරු “සත්‍යාපනය” කිරීමට සිදුවන ගැටළුවක් ඉදිරිපත් කිරීම. 

බැංකුවක්, රජයේ දෙපාර්තමේන්තුවක්, ඔබේ පාසල, හෝ ඔබ මිලදී ගැනීම් සිදු කරනු ලබන වෙබ් අඩවියක් ආකාරයෙන් පෙනී සිටිමින් ඔබට එවනු ලබන විද්‍යුත් තැපැල් පණිවිඩයක් හරහා ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් ඔබගේ මුරපද, PIN අංකය හෝ වෙනත් රහස්‍ය තොරතුරු ලබා දී ඔබගේ අනන්‍යතාවය සත්‍යාපනය කරන මෙන් ඉල්ලා සිටින අවස්ථා දැකිය හැකිය. මෙහිදී බොහෝ විට අදාළ ආයතනයේ පද්ධතිවල යම් වෙනසක් සිදු කෙරෙන නිසා එම තොරතුරු ඉතා ඉක්මනින් ලබා දෙන ලෙස ඉල්ලුම් කෙරෙන අතර එසේ නොකළ හොත් ගිණුම අවලංගු කිරීමක් සිදු කරන බවට අනතුරු අඟවා රහස්‍ය තොරතුරු හෙළි කිරීමට ඔබව පොළඹවනු ලැබේ. 

2. ප්‍රධානියෙකු හෝ සහායකයෙකු ලෙස පෙනී සිටිමින් කටයුතු කිරීම

රහස්‍ය තොරතුරු ඔබගෙන් විමසා සිටිය හැකිය. බොහෝ විට ඇමුණුමක් ලෙස සරල වර්ඩ් (word) හෝ එක්සෙල් (Excel) ලේඛන එවිය හැකි අතර ඒවායේඔබගේ ආයතන ප්‍රධානියා හෝ වෙනත් සේවකයකු ලෙස පෙනී සිටිමින් ආයතනයේ දැනට ක්‍රියාත්මක වන වැදගත් ව්‍යාපෘතියක් පිළිබඳ යාවත්කාලීන කිරීමක් හෝ වැටුප් වැඩිවීම් හෝ උසස්වීම් පිළිබඳ ද වෛරස අඩංගු විය හැකිය. 

3. හදිසි උදව්වක් ලබා දෙන මෙන් ආයාචනා කිරීම
 
okuw
ඔබගේ මිතුරකුගෙන් සමාජ මාධ්‍යක් හරහා ඔබට ලැබෙන පණිවිඩයක අදාළ මිතුරාගේ දේපල සොරාගෙන හෝ පහර කෑමකට ලක්ව යම් රටක සිර වී සිටින බව සඳහන් වී තිබිය හැකිය. මෙය බොහෝ විට ඔබගේ මිතුරාගේ සමාජ ජාල ගිණුම අත්පත් කරගත් වංචාකරුවකු විසින් ඔබගේ මිතුරා ලෙස පෙනී සිටිමින් ඔබව නොමග යැවීමට එවනු ලබන්නක් වන අතර මිතුරාට ඉන් නිදහස් වී ඒමට අවශ්‍ය වන මුදල් වංචනික බැංකු ගිණුමකට බැර කරන මෙන් ඉල්ලා ඔබගේ මුදල් වංචනික ලෙස ලබා ගැනීමට උත්සහ දරනු ලැබේ. 

4. ස්පියර් ෆිශින් 

මෙයද ඔබගේ රහස්‍ය තොරතුරු සොරකම් කිරීමේ ක්‍රමයක් වන අතර ඔබගේ සගයකු, සේවකයෙකු හෝ ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ඔබ වෙත අන්තර්ජාලය හරහා එවනු ලබන පණිවිඩයකින් ඔබගේ වෙබ් අඩවි පිවිසුම් තොරතුරු (පරිශීලක නාම, මුරපද), සංවේදී සේවක දත්ත ඉල්ලා සිටීම හෝ ආසාදිත ඇමුණුමක් විවෘත කරන ලෙස ඉල්ලා සිටීම හෝ ලින්ක් එකක් ක්ලික් කරන ලෙස ඉල්ලා සිටීම හෝ සිදු කල හැකිය. 

 ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පවත්වගෙන යන   onlinesafety.lk වෙබ් අඩවිය  ඔස්සේ තවත් මේ පිළිබඳ තොරතුරු ඔබට ලබාගත හැකියි.

සටහන : සාරා
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමට අහුවෙලා නහින මාළුවෙක් වෙනව ද ? | The Leader