The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම වහා නැවත ඇරඹිය යුතු වැඩිහිටි අසරණ සරණ සේවාවකි | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

December 20, 2024 • 8:55 AM

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම වහා නැවත ඇරඹිය යුතු වැඩිහිටි අසරණ සරණ සේවාවකි | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකරනු ඇතැයි ද ඔහු පවසා ඇත.
  • මෙය ඉතා සාධනීය ප්‍රකාශයකි.
  • ඒ දක්වා රුපියල් ලක්ෂ දහයක උපරිම තැන්පතුවකට යටත් ව තිබූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුව රුපියල් ලක්ෂ පහලොව දක්වා ඉහළ නැංවීම 2017 මාර්තු පළමු වන දා සිට ක්‍රියාත්මක වූ අතර ඉන් වැඩිහිටියනට අසීමිත සහනයක් අත් වූ බව නොරහසකි.
  • එහෙත්, එම ගිනුම් වල පොලිය සඳහා භාණ්ඩාගාරයට අති විශාල වියදමක් දැරීමට හේතු වීම මත 2022 වසරේ සැප්තැම්බර් 22 දා ගත් කැබිනට් තීරණයකට අනුව එම ගිනුම් අවලංගු කොට සාමාන්‍ය ස්ථාවර තැන්පතු බවට පත් කරවන ලද්දේ මෙරට වැඩිහිටි පරපුරට මෑත කාලීනව සිදු කළ ලොකුම කෙනහිල්ල ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකරනු ඇතැයි ද ඔහු පවසා ඇත.

ජාතික ජන බලවේගයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී අනුපාතය සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට පහකින් ඉහළ දමන බවට සඳහන්ව තිබෙන මුත් මේ වන විට එය 7.5% දක්වා වන පහළ අගයකට වැටී ඇති බව පවසමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මේ බව පවසා තිබේ. මෙය ඉතා සාධනීය ප්‍රකාශයකි.

 

මේ අතර අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 02ක කාලයක් සඳහා ලබා දීම පිණිස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ යෝජනාව පසුගිය අගෝස්තුවේ එවක අමාත්‍ය මණ්ඩලය විසින් ද අනුමත කළ බව මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරිණ. එහෙත්, එය ද ක්‍රියාත්මක නොවීම මත එය ඉකුත් ජනපතිවරණය ඉලක්ක කර ගත් ඇස් බැන්දුමක් ද යන සැකය ජනතාව අතරේ පැතිර යනු දක්නා ලදී. ඒ දක්වා රුපියල් ලක්ෂ දහයක උපරිම තැන්පතුවකට යටත් ව තිබූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුව රුපියල් ලක්ෂ පහලොව දක්වා ඉහළ නැංවීම 2017 මාර්තු පළමු වන දා සිට ක්‍රියාත්මක වූ අතර ඉන් වැඩිහිටියනට අසීමිත සහනයක් අත් වූ බව නොරහසකි.

 

එහෙත්, එම ගිනුම් වල පොලිය සඳහා භාණ්ඩාගාරයට අති විශාල වියදමක් දැරීමට හේතු වීම මත 2022 වසරේ සැප්තැම්බර් 22 දා ගත් කැබිනට් තීරණයකට අනුව එම ගිනුම් අවලංගු කොට සාමාන්‍ය ස්ථාවර තැන්පතු බවට පත් කරවන ලද්දේ මෙරට වැඩිහිටි පරපුරට මෑත කාලීනව සිදු කළ ලොකුම කෙනහිල්ල ලෙසිනි. නමුත් ඒ සම්බන්ධ කිසිදා සිදු නොවූ හා කිසිවකු බලාපොරොත්තු නොවූ ඛේදනීය තත්වයක් මේ වන විට උදා වී ඇත. එනම් අනුර කුමාර දිසානායක ජනාධිපති සහ මුදල් ඇමති වරයාගේ ජාතික ජන බලවේග රජය තුළ පසුගිය කාලයේ 8.5%ක් ව පැවැති සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලිය තැන්පතු වල පොලී අනුපාතය 7.5%තෙක් තව දුරටත් පහත හෙළීම ය. මෙය කිසි සේත්ම සිදු නොවිය යුතු එම අසරණ වියපත් ජන කොටස කබලෙන් ලිපට ඇද දැමීමකි.

පසුගිය දශක කිහිපයක් තුළ ජන හා නිවාස සංගණන මගින් රැස් කරන ලද තොරතුරු වයස් කාණ්ඩ අනුව විශ්ලේෂණය කිරීමේ දි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගල ප්‍රජාව ක්‍රමයෙන් වර්ධනය බව පැහැදිලිව නිරීක්ෂණය වී තිබේ. නමුත් කෙටි කාලයක් තුළ රටේ ශ්‍රම බලකායට අයත් නොවන වයස අවුරුදු 60ට වඩා වැඩි වයස් කාණ්ඩවලට අයත් වීම දියුණු රටකට කෙසේ වෙතත් දියුණු වෙමින් පවත්නා රටකට විශාල අභියෝගයකි. නමුත් සදාචාරවත් සමාජයක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යනු සම්පතකි. එබැවින් ඔවුන් ගේ සුරක්ෂාව උදෙසා රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ විසින් සැලසුම් සකස් කිරීම ඉතා වැදගත් ය.

 

06 Senior 01
2012 ජන හා නිවාස සංගණනයේ දී වාර්තා වූ පරිදි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගල සංඛ්‍යාව 2,520,573ක් එනම් මුළු ජනගහනයෙන් සියයට 12.4 කි. එම ජන හා නිවාස සංගණනයෙන් වාර්තා වූ තොරතුරු අනුව වැඩිහිටියන්ගෙන් සියයට 99ක්ම ගෘහ කාණ්ඩවල ජීවත් වන්නෝ ය. මේ වන විට එම සංගණන වාර්තා අනුව වැඩිහිටි ජනගහනයෙන් සියයට 78ක් අයත් වන්නේ අවුරුදු 60-74ක් අතරේ වන තරුණ වැඩිහිටි කාණ්ඩයට වන අතර ඉතිරි සියයට 22 අවුරුදු 74ට වඩා වැඩි වයස්ගත පුද්ගලයෝ වෙති. එම වැඩිහිටියන්ගේ විවාහක තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී සෑම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු වැන්දඹු බව සංගණන දත්ත අනුව පැහැදිලි ව තිබේ. තවද ස්ත්‍රී පුරුෂ බව අනුව වැන්දඹු භාවය අධ්‍යයනය කිරීමේ දී වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන්ගෙන් සියයට 86.3ක් වැන්දඹු බව ද අනාවරණය වී තිබේ.

ශ්‍රී ලාංකීය වැඩිහිටි ජනගහනය සංඛ්‍යාත්මකව ඉහළ යාමෙන් ඔවුන්ගේ නඩත්තුව උදෙසා ජාතියේ ශ්‍රම බලකායට අනාගතයේ දී වන පීඩනය අවම කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියත්මක වීම ආරම්භ විය යුතුම ය.ඊට සමගාමීව වැඩිහිටි සුරක්ෂිතභාවය පිළිබඳව ආකල්පමය වර්ධනයක් සිදු විය යුතු අතර වැඩිහිටියන් රැකබලා ගැනීම කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කළ යුතුම ය.

media 230514014716

 

ඉහත සඳහන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම සම්බන්ධයෙන් එක්තරා පිරිසක් විසින් නඟනු ලබන කිසියම් චෝදනාවක් ද තිබේ. එනම් එය අප රටේ සමස්ත වැඩිහිටි ජනගහනයෙන් මධ්‍යම පන්තිය නියෝජනය කෙරෙන එක්තරා කොටසක් ඉලක්ක කර ගත් විශේෂිත ප්‍රතිලාභයක් බව ය. සමස්තයක් වශයෙන් සලකන විට වත්මන් ශ්‍රී ලාංකේය ජන සමාජය මධ්‍යම පාන්තික කේන්ද්‍රීය වූවකි. එහි විවිධ සමාජ ආර්ථික පසුබිම් නියෝජනය කෙරෙන වැඩිහිටියෝ වෙති. ඔවුන් අතුරින් මෙම රුපියල් ලක්ෂ පහලොවක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා විශේෂිත පොලියකට හිමිකම් කියන්නවුන් ගෙන් බහුතරය රජයේ විශ්‍රාම වැටුපකට හෝ රජය මගින් ලබා දෙන වැඩිහිටි දීමනාවකට හිමිකම් නොකියන අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ දීර්ග කාලීන රැකියාවන් හි යෙදී විශ්‍රාම යාමත් සමඟ සේවක අර්ථසාධක අරමුදල මගින් සහ සේවා නියුක්ති භාරකාර අරමුදල වෙතින් ස්වකීය හිමිකම් ප්‍රදානයන් ලද්දෝ වෙති.

 

රජයේ රෝහල් ගැන ජනතා විශ්වාසය නැති වෙයි ද?
එම මුදල බොහෝ විට ඔවුන් සතු සමස්ත ධන සංචිතය වන අතර කිනම් අයුරකින් හෝ එය ආයෝජනය කිරීමෙන් ජීවිතයේ සන්ධ්‍යා භාගය ගෙවා නිම කර දැමීම ඔවුන් බහුතරයක ගේ පොදු අරමුණ බව පෙනේ.එමෙන්ම ඉන් පසු ඔවුන්ගේ අවමඟුල් කටයුතු සහ ඒ සම්බන්ධ ආගමික කටයුතු උදෙසා දරුවන් විසින් වැය කරනුයේ ද එම මුදලම බව පෙනෙයි. එමෙන්ම මෙම වැඩිහිටියන් ජීවිතය පුරා ගොඩනංවා ගත් කිසියම් සමාජ තත්වයකින් පසුවන හා තම පවුල සහ ප්‍රජා පරිසරය තුළ යම් පෞරුෂයක් ගොඩනංවා ගත්තෝ වෙති. එහි දී ඉහත සඳහන් තම ධන සංචිතයෙන් කොටසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුමක තැන්පත් කළ ඔවුන් ගෙන් බහුතරයක් තමන් ගේ රෝග පීඩා සඳහා වන ඖෂධ ලබා ගැනීම තම දරුවන්ට අත නොපා තමන් ගේ රෝග පීඩා සඳහා වන ඖෂධ ලබා ගැනීම සහ එදිනෙදා වියහියදම් පිරිමසා ගැනීම නූතනයේ දොරින් දොර දක්නට ලැබෙන තත්වයකි. කලින් 15% ඉක්ම වූ පොලී ප්‍රතිශතයක් හිමි වූ එම ගිණුම සඳහා වන මේ වන විට ලැබෙන පොලිය ඉන් අඩක් දක්වා අඩුවීම අතිශය බරපතල කරුණක් වනුයේ ඉහත සඳහන් අවශ්‍යතා සපුරා ගැනීම පිණිස එය කෙසේවත් ප්‍රමාණවත් නොවන බැවිනි.

එමෙන්ම ඉහත සඳහන් අන්දමට අප සමාජයේ කිසියම් සමාජ ආර්ථික ස්ථාවරයක් මත පවුල් සහ ප්‍රජාමය සබඳතා පැවැත් වූ ඉන් බහුතරයකට එම අවකාශය අහිමි කිරීම ඔවුන් කායික හා මානසික වශයෙන් ඔත්පල කොට දැමීමක් බව ද කිව යුතු ය. මෙය ජෛවමය වශයෙන් මනෝ කායික ප්‍රතිශක්තිය හීන වැඩිහිටියන් ගේ දිවි පැවැත්ම කෙරෙහි අන්තරායකාරී බලපෑම් ඇති කරවන්නකි.

 

තැන්පතු පොළී අනුපාත අඩු කිරීමෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අනාතයි!

අප සමාජයේ ජීවත් වන කිසිවකුත් දීර්ඝ කාලයක් තිස්සේ තමන් විසින් ගොඩ නංවා ගත් පවුල්, ප්‍රජා සමාජ හා ආර්ථික ව්‍යුහය බිඳ ඉන් පහල තලයකට කඩා වැටීමට කැමති නොවෙති. කලක් තිස්සේ සොරමැරකම් වංචා දූෂණ හුරු වූවන් තම ජීවන පැවැත්ම උදෙසා එවැනි දේට පෙළඹීම ඉතා ස්වභාවික ය. එහෙත් මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු මගින් විශේෂිත සහන පොලියක් ලබන වැඩිහිටි ප්‍රජාවෙන් බහුතරය එවැන්නකට පෙළඹෙනු තබා අඩුම තරමින් තම දරුවකුටවත් දුක කියා ගැනීමට නොහැකි වීමේ නිහඬ ඛේදවාචකයකට ගොදුරු වී හිඳින බව ප්‍රායෝගික වශයෙන් අපට නිතර අත් දකින්නට ලැබෙන සත්‍යයකි. එවිට ඔවුන් බොහෝ දෙනකු කරනුයේ වැඩිහිටි බව මුල් කොට ගත් තම දුක් වේදනා සම්භාරය සුසුම් වලින් පිට කර හැරීමේ නිරර්ථක උත්සාහයක යෙදීම පමණි. එමෙන්ම එම නිහඬ ඛේදවාචකයේ ගමනාන්තය අකල් මරණයක් වීමට ද පහසු අවකාශයක් තිබේ.

image cdb45ad3a4

 

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය යළි ඉහළ නැංවීම රජය මඟින් හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතු මධ්‍යම පාන්තික ප්‍රජාවක් ඉලක්ක කොට ගත් විශේෂ සමාජයීය වරප්‍රසාදයක් නොව වත්මන් සමාජය තුළ නිහඬ ඛේදවාචකයට ලක් වී හිඳින වැඩිහිටි අසරණ ජන කණ්ඩායමක් උදෙසා අප්‍රමාදවම ගත යුතු සාතිශය වැදගත් අසරණ සරණ ක්‍රියා මාර්ගයක් බව සැවොම වටහා ගත යුතු ය.

| ප්‍රණීත් අභයසුන්දර
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)

සබැඳි ලිපි :
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වැඩි කිරීමට රජයේ අවධානය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...