The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

බල්ලා සහ තිරිසනුන් දෙදෙනා - 'දිවයින' කතුවැකිය

T

The Leader Desk

December 21, 2024 • 11:34 AM

බල්ලා සහ තිරිසනුන් දෙදෙනා - 'දිවයින' කතුවැකිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම වීඩියෝව ගැන අවධානය යොමු කළ පොලිස්පතිතුමා ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇත.
  • ත්‍රිරෝද රථයකින් පැමිණි තිරිසන් අයියා කෙනෙක් සහ තිරිසන් මල්ලි කෙනෙක් මහ මඟ සිටි සුනඛයකුට පොල්ලකින් පහර දී ඝාතනය කරන ආකාරය එළාර රජු මේ ආකාරයෙන් සාධාරණ ලෙස කටයුතු කළ කෙනෙකි.
  • වසු පැටවාගේ මව රජ වාසලට පැමිණ රජ වාසලේ ගේට්ටුවෙහි එල්ලා ඇති සීනුවක් නාද කළාය.
  • පසුව සොයා බැලීමේ දී ගව මාතාව පැමිණ ඇත්තේ වසු පැටියාගේ මරණය ගැන දැනුම් දීමට බව එළාර රජු දැන ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම වීඩියෝව ගැන අවධානය යොමු කළ පොලිස්පතිතුමා ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන ලෙස නියෝග කර ඇත. තිරිසන් අයියා සහ තිරිසන් මල්ලී අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය. මේ දෙදෙනා පැමිණි ත්‍රිරෝද රථයට බල්ලකු බුරාගෙන පැන්නේය. පහර දීමත්, මරා දැමීමත් සිදුවන්නේ එවිටය. සාමාන්‍යයෙන් ඒ තිරිසන් අයියාට සහ මල්ලීට සුනඛයාට දුන් දඬුවම ම දීමේ වරදක් නැත.

 

dogත්‍රිරෝද රථයකින් පැමිණි තිරිසන් අයියා කෙනෙක් සහ තිරිසන් මල්ලි කෙනෙක් මහ මඟ සිටි සුනඛයකුට පොල්ලකින් පහර දී ඝාතනය කරන ආකාරය

 එළාර රජු මේ ආකාරයෙන් සාධාරණ ලෙස කටයුතු කළ කෙනෙකි. ඔහුට කොයි ජීවිතයත් ජීවිතයක්ම පමණක් විය. දිනක් රජුගේ පුත්‍රයා පැදවූ අශ්ව කරත්තයට යටවී වසු පැටවකු මළේය. වසු පැටවාගේ මව රජ වාසලට පැමිණ රජ වාසලේ ගේට්ටුවෙහි එල්ලා ඇති සීනුවක් නාද කළාය. පසුව සොයා බැලීමේ දී ගව මාතාව පැමිණ ඇත්තේ වසු පැටියාගේ මරණය ගැන දැනුම් දීමට බව එළාර රජු දැන ගත්තේය. ඒ අනුව රජු සිය පුත්‍රයාගේ අශ්ව රථයටම යටකොට පුත්‍රයා මරා දමන ලෙස අණ කරන ලදි. සමහර විට මෙය ප්‍රබන්ධයක් වීමටත් ඉඩ තිබේ. එහෙත් මෙයින් හැඟී යන්නේ ශ්‍රී ලංකාව රජවරුන් විසින් පාලනය කළ සමයේ දී සාධාරණය ක්‍රියාත්මක වූ ආකාරයයි.

 

 

ලංකාවේ නීති රීතිවලට අනුව සතුන්ට හිංසා කිරීම තහනම්ය. සතුන්ට පහර දීම, සතුන් නොසලකා හැරීම, ඔවුන්ට රැඳී සිටීමට තරම් ඉඩ නැති බහලුම්වල දමා ඔවුන් රැගෙන යෑම ඇතුළු නීති රීති බොහොමයක් ලංකාවේ තිබේ. ලංකාවේ සිටින සමහරු සෑම විටකම පාහේ මෙසේ තහනම් කළ සත්ත්ව හිංසා ක්‍රියා සිදු කරති. ලංකාව යනු මාර චූන් රටකි. මේ චූන් එක කොතෙක් ද යත් පෝයදාට මස් කඩ වසා ඇත. එහෙත් මාළු කඩ ඇර ඇත. එයින් හැඟෙන්නේ මාළුවා ගස්වලින් කඩන දෙයක් බවයි. මේ රටේ හරක් මරන්නේ ඉතාම අමානුෂික ක්‍රමයකටය. මුලින්ම හරකාගේ කකුල් කඩා ඌ බිම දමනු ලැබේ. ඉන් පසු ඔළුවට කුළු ගෙඩියකින් පහර දෙනු ලැබේ. තෙවනුව ගෙල කපනු ලැබේ. ඇතැම් කුකුල් ෆාම්කාරයන් කුකුළන් මරන්නේ කුකුළාගේ පාද පයින් පාගා ගෙන උගේ ගෙල පිහියකින් කැපීමෙනි. තවත් සමහර ෆාම්කාරයෝ රතිඤ්ඤයක් පත්තු කර කුකුළු කූඩුව ඇතුළට දමති. මෙවිට හෘදයාබාධය වැළඳී කුකුල්ලු සිය ගණන් මිය යති.


gon karaththayaඑක්තරා කලකදී මේ රටේ ප්‍රධාන වාහනය වුණේ ගොං කරත්තයයි.
එක්තරා කලකදී මේ රටේ ප්‍රධාන වාහනය වුණේ ගොං කරත්තයයි. මුලින් කරත්තයට යොදන ගොනා පුස්සකු බවට පත් කරනු ලැබේ. එසේ කරන්නේ උගේ වෘෂණ කෝෂ තැලීමෙනි. මෙය මොනතරම් පාපී සහ වේදනාසහගත දෙයක් ද? හරකා පුස්සකු බවට පත් කළ පසු මහ පාරේදී එළදෙනුන් දැකීමෙන් ඌ කුලප්පු වන්නේ නැත. හරක් හංවඩු ගැසීම ද ඉතා වේදනා සහගත ක්‍රියාවකි. හරකා බිම දමා උගේ කකුල් හතර ගැට ගසා යකඩ කූරක් ගිනියම් කර එමගින් හරකාගේ සිරුරෙහි අයිතිකාරයාගේ නම කොටනු ලැබේ. මේ තුවාල සුව වීමට සෑහෙන කලක් ගත වෙයි.

 අප යෝජනා කරන්නේ මේ ක්‍රියාවම හරක් අයිතිකාරයාට ද කළ යුතු බවය. එනම් හරකාගේ නම හරක් අයිතිකාරයාගේ පිටේ හංවඩු ගැසිය යුතුය. මෙයට කලකට පෙර සාවුන් ඇති කරන ලද්දේ සුරතලයටය. අද සුරතල් සාවා නුවරඑළිය පැත්තේ ෆාම්වල මස් පිණිස ඇති කරනු ලැබේ. හා මස් රාත්තලක් ලබා ගැනීම සඳහා අඩුම ගණනේ හාවුන් පස් දෙනකුගේවත් බෙල්ල කැපිය යුතුය. අපි අවුරුදු 2500ක් පරණ ශිෂ්ටාචාරයක් ඇති බෞද්ධ රාජ්‍යයක් වෙමු. එහෙත් අප කරන තරමක් කරන්නේ පව්ය. අප කියන තරමක් කියන්නේ බොරුය. ඒ නිසා අපායේ දී අප වෙනුවෙන්ම පැසෙන ලෝදිය ගංගා සහ කටුඉඹුල් වනාන්තර තිබිය යුතුමය.

5සාවුන් ඇති කරන ලද්දේ සුරතලයටය. අද සුරතල් සාවා නුවරඑළිය පැත්තේ ෆාම්වල මස් පිණිස ඇති කරනු ලැබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...