The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සුදු රෙදි හොරු

T

The Leader Desk

December 22, 2024 • 10:07 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සුදු රෙදි හොරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසියම් වංචාවකට වැරදිකරු වී, සිරගත කෙරුණු ඔහු, එහිදී ලද අත්දැකීම් හා ඇසූ කතා ද, තම කෙටිකතාවලට වස්තු කර ගත්තේය.
  • හෙන්රි, 1904 දෙසැම්බරයේදී ලියූ “The cop and the Anthem” (පොලිස් භටයා සහ ගීතිකාව) නමැති කෙටිකතාව, නත්තල් සමයේදී නැවත නැවතත් පළවන, කියැවෙන, රූප මාධ්‍යයන්ට නැගෙන අතිශය ජනප්‍රිය නිර්මාණයකි.
  • මෑතකදී, සභාගත කෙරුණු ලැයිස්තුවකින් කියැවුණේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව උදෙසා බිලියන ගණනක් වියදම් කර ඇති බවය.
  • සභාගත වූ තවත් ලැයිස්තුවකින් කියැවුණේ, මැති ඇමැතිවරුන්ගේ ලෙඩරෝග සඳහා, ජනාධිපති අරමුදලින් ලක්ෂ සිය ගණනින් වියදම් කර ඇති ආකාරයයි.
අකුරු ප්‍රමාණය (Font Size):
කිසියම් වංචාවකට වැරදිකරු වී, සිරගත කෙරුණු ඔහු, එහිදී ලද අත්දැකීම් හා ඇසූ කතා ද, තම කෙටිකතාවලට වස්තු කර ගත්තේය.


ඕ. හෙන්රි, 1904 දෙසැම්බරයේදී ලියූ “The cop and the Anthem” (පොලිස් භටයා සහ ගීතිකාව) නමැති කෙටිකතාව, නත්තල් සමයේදී නැවත නැවතත් පළවන, කියැවෙන, රූප මාධ්‍යයන්ට නැගෙන අතිශය ජනප්‍රිය නිර්මාණයකි.

 

shutterstock7436084951w400

එහි එන කතානායකයා, නිව්‌යෝක් නගරයේ වීදියක වෙසෙන, නිවාස අහිමි, සෝපි නමැති දිළිඳු පුද්ගලයෙකි. ශීත ඍතුව එන ලකුණු දකිද්දි ඔහුට, උණුසුම් නවාතැනක අවශ්‍යතාව දැනෙයි. එහෙත් ඒ සඳහා වත්කමක් නැත. එහෙයින්, සෝපි උපායක් කල්පනා කරයි. කුඩා හොරකමක් හෝ වරදක් කළහොත්, ඊට දඬුවම් වශයෙන්, කෙටි කලකට සිරගත විය හැකිය. දඬුවම නිමා වෙද්දී ශීත කාලය ද ගෙවී ගොසිනි. ඉදින්, සෝපි, කුඩා වැරදි කිහිපයක්ම කර බලයි. ඒ සියල්ල අසාර්ථක වන්නේ ඔහුට අනුකම්පාව හෝ සමාව ලැබීමෙනි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : නත්තල් සීයාට ලියුමක්

 

අවසානයේ ඔහු තමන්ගේ පුරුදු ස්ථානය වෙතම ගමන් කරන්නට ගනී. අතරමගදී දේවස්ථානයකින් ඇසෙන මිහිරි ගීතිකාවක් නිසා, ඔහු සිත තම අතීතයට ඇදී යයි. මෙතෙක් තමා ගත කළ පාපී ජීවිතය අතැර, යහපත් මිනිසකු විය යුතු යැයි තීරණය කරයි. හෙට උදෑසනම කුමක් හෝ රැකියාවක් සොයාගත යුතුය. එවිටම පොලිස් ජීප් රථයක් ඔහු අසල නතර කරයි.

”ඒයි... තමුසෙ මොකද මෙතන කරන්නෙ?”

“මොකුත් නෑ.”

“එහෙනං නගිනව ජීප් එකට”

පසු දින උසාවියේදී සෝපිට, තෙමසක සිර දඬුවමක් නියම වෙයි.

 

සොරකු පිළිබඳ මේ නත්තල් කතාව මගේ මතකයට නැගුණේ, මෑතක සිට, පාර්ලිමේන්තුව නම් උත්තරීතර ආයතනය තුළින් ඇසෙන, මෙතෙක් නීතියෙන් සනාථ වී නැති නමුත්, ඕ. හෙන්රිගේ කතාවලටත් එහා ගිය පුදුමාකාර සොර කතා නිසාය. ඒ කතාවලින් චෝදනා ලබන සමහරු “සුදු රෙදි හොරු”, “අපි වැරදි නම් ඔප්පු කරපල්ලා” යැයි අභියෝග කරති.

ඒ සුදු රෙදිකාරයන් එකක් වටහාගත යුතුය. ලෝක නීතිය යටතේ, අධිකරණයටත් වඩා ප්‍රබල අධිකරණයක් පවතී. එනම්, ස්වභාව ධර්මයයි.

මෑතකදී, සභාගත කෙරුණු ලැයිස්තුවකින් කියැවුණේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව උදෙසා බිලියන ගණනක් වියදම් කර ඇති බවය. විශ්‍රාම ගිය ලොක්කන්ට මේ තරම් ආරක්ෂාවක් කුමකටද? ඔවුන් හොඳ පාලකයන්ව සිටියා නම් කාගෙන් ආරක්ෂා වන්නටද? ඇයි අපි මෙතරම් බය? ඔවුන්ගේ දෑත් පිරිසුදු නම්, ජනතාව විසින්ම ඔවුන්ට ආරක්ෂාව සලසනු නිසැකය.

 

පුවත් - Results from #4632

සභාගත වූ තවත් ලැයිස්තුවකින් කියැවුණේ, මැති ඇමැතිවරුන්ගේ ලෙඩරෝග සඳහා, ජනාධිපති අරමුදලින් ලක්ෂ සිය ගණනින් වියදම් කර ඇති ආකාරයයි. අසරණ රෝගීන්, ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ඇඳක් ලබා ගැනීමට නොහැකිව ළත වන (නොඑසේ නම් ඇඳන් යට ලගින) මේ සිරි ලංකාවේ, තමන්ගේ හෝ තම පවුලේ උදවියගේ සුඛ විහරණය සඳහා රට රටවල රෝහල්වලට යාම සඳහා, මහජන මුදල් කෝටි ගණනින් කොල්ලකෑමට තරම්, සුදු රෙද්දන් පහත් වූයේ කෙසේද? ඒ දේශපාලනයද?

පාණ්ඩුකම්බල ශෛලාසනය ගැන දැන් අපට විශ්වාසයක් නැත. එක්කෝ, එය දැන් කෞතුකාගාරයකය. නැත්නම්, ශක්‍රයාගේ ගෝලයකු විසින්, පරණ බඩු ලොරියට පටවනු ලැබ ප්ලාස්ටික් බේසමක් ලබා ගත්තා විය යුතුය.


එහෙත්, අප දුක් විය යුතු නැත. මුලින්ද සඳහන් කළ පරිදි සොබාදහමේ නීතිය හා දඬුවම ස්ථිරය. ප්‍රබලය. ආරක්ෂකයන් සිය දහස් ගණනින් වට කරගෙන සිටියත්, ඉන් ගැලවිය නොහැකිය.

‘එල් බෝඩ්’ ආණ්ඩුව, මේ සා විශාල බලයක් සහිතව ජය ලැබීමද, සොබාධර්මයාගේම උප්පරවැට්ටියකැයිද සැකයක් උපදී. මක් නිසාද යත්, එසේ නොවන්නට, මේ සිත් පිත් නැති මුදල් කොල්ල, කාලයේ වැලිතලාවට වැසී යන්නට ඉඩ තිබූ බැවිනි. දැන්

ඉතින් කුඩු කෑ කාගෙ කාගේත්, විත්ති එළියේය.
 
විශේෂාංග - Results from #1164
 
හොරකම ගැන හොඳින්ම දන්නෙ හොරකම කළ එකාය. එහෙයින් ඌට ඉන් ගැලවීමක් නැත. තරුපහේ හෝටලේ හිටියත්, බන්ධනාගාර හෝටලේ හිටියත්, ඒකා එය විඳවයි. ඒ විඳවිල්ලට සුව බෙහෙතක් මේ තුන් ලෝකයේම නැත. බැංකුවල සඟවා ඇති, කෝටි ගණන් වියදම් කළත්, ඒ හොර සිතේ විඳවීම සුවපත් කිරීමට ජීවකයාටවත් නොහැකිය. එසේම, කර්මයට කල් ඉකුත්වීමේ දිනයක් නැති බවද සුදු රෙදි හොරු දැනගත යුතුය.
 
සොරුන් ගැන බොහෝ කතා ඇත. ඉන් එකකින්, අද මගේ ලියැවිල්ල හමාර කරමි.

ගුණදාසගේ ගෙදරට හොරෙක් පැන්නේය.

නිදා සිටි ගුණදාස, අවදි වූයේය. හොරා දැක මෙසේ ඇසුවේය.

“තමුසෙ කවුද? මොකද මෙහෙ?”

“මට මේ ගෙදර තියෙන සල්ලි ඕනෙ.”

“මේ ගෙදර? අනේ පුළුවන් නං හොයාගන්නවකො. මාත් ෆුල් සපෝට් එක දෙන්නං. කොහෙ හරි තිබුණොත්, දෙන්නා බෙදාගමු. කරන මඟුලක්, නෝනා ඇහැරෙන්න කලින්.”

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන්(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...