The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මේ කරන කැපකිරීම අගය කළ යුතු නොවන්නේ ද ? | චාන්දනි දිසානායක

T

The Leader Desk

December 22, 2024 • 11:40 AM

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මේ කරන කැපකිරීම අගය කළ යුතු නොවන්නේ ද ? | චාන්දනි දිසානායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෘශ්‍ය ආබාධ සහිත තරුණියක තුළ ඇති වූ ඒ සතුට සොයා ගිය ගමනේදී හඳුනාගත හැකි වූයේ, කාලයක් තිස්සේ විවිධ පාර්ශවයන්වල මැදිහත්වීමෙන් විවිධ සාකච්ඡාවල, අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලය ඇගේ ඒ සතුටට හේතු වී තිබේ.
  • ඒ අනුව ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ 29 වන වගන්තියට අනුව සමාන අයිතීන් තහවුරු කරන අතර ඒ සඳහා පහසුකම් සැපයීම රාජ්‍ය පාර්ශ්වයේ වගකීම බව පැහැදිලි කරයි.
  • එහෙත් මෙතෙක් අප රට තුළ ආබාධ සහිත පුද්ගලයන්ගේ සමාන අයිතිවාසිකම් හෝ සම අවස්ථා පිළිබඳව අවධානයට ලක් නොවුනු තරම්ය. පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ විශේෂ අවධානයට ලක් කිරීම රටක සාධනීය තත්ත්වයක් ලෙස දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
  • මේ සේවාවන් අතරින් පසුගිය මැතිවරණ දෙකේදී පෙනීමේ අපහසුතා ඇති අය සඳහා හඳුන්වා දුන් ස්පර්ශක රාමුව පළමු වතාවට 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට මෙම ස්පර්ශක රාමුව යොදා ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
දෘශ්‍ය ආබාධ සහිත තරුණියක තුළ ඇති වූ ඒ  සතුට සොයා ගිය ගමනේදී හඳුනාගත හැකි වූයේ, කාලයක් තිස්සේ විවිධ පාර්ශවයන්වල මැදිහත්වීමෙන් විවිධ සාකච්ඡාවල, අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලය  ඇගේ ඒ සතුටට හේතු වී තිබේ.
 
"ජනරජයක  ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම සඳහා හෝ ජනමත විචාරණවලදී ජන්දය දීම නිදහස්ව සමානව රහසේද විය යුත්තේ ය." යන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන පරිච්ඡේදයට අනුව ජන්ද බලය ,  ජන්ද විමසීම හා මැතිවරණ යටතේ 13 වන ව්‍යවස්ථාවට අනුව සඳහන්වේ.
 

ඒ අනුව ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ 29 වන වගන්තියට අනුව සමාන අයිතීන් තහවුරු කරන අතර ඒ සඳහා පහසුකම් සැපයීම රාජ්‍ය පාර්ශ්වයේ වගකීම බව පැහැදිලි කරයි.

එහෙත් මෙතෙක් අප රට තුළ ආබාධ සහිත පුද්ගලයන්ගේ සමාන අයිතිවාසිකම් හෝ සම අවස්ථා පිළිබඳව අවධානයට ලක් නොවුනු තරම්ය. 

 

පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ විශේෂ අවධානයට ලක් කිරීම රටක සාධනීය තත්ත්වයක් ලෙස දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

ඊට හේතුව මැතිවරණ කොමිෂන් සභාව විසින් ආබාධ සහිත වූවන් අතරින්  ශ්‍රවණ දෝෂ සහිත පුද්ගලයන් සඳහා සංඥා භාෂාව හැසිර විය හැකි නිලධාරීන් යෙදවීම, චලන ආබාධ සහිත වූවන් සඳහා හසුවෙන්  ඡන්ද  මධ්‍යස්ථාන වලට යාමට ප්‍රවේශ පහසුකම් සැපයීම සහ එවැනි ස්ථාන තෝරා ගැනීම, ආබාධ සහිත වූවන් සඳහා විශේෂිත හැඳුනුම්පතක් භාවිතා කිරීමට අවස්ථා සැලසීම, මෙන්ම පෙනීමේ අපහසුතා ඇති අය සඳහා ඡන්දය භාවිතා කිරීමේදී විශේෂිත ස්පර්ශක රාමුවක්  හඳුන්වා දීම  සිදුකෙරිණි.

IMG 20241218 WA0112

 

මේ සේවාවන් අතරින් පසුගිය මැතිවරණ දෙකේදී පෙනීමේ අපහසුතා ඇති අය සඳහා හඳුන්වා දුන්  ස්පර්ශක රාමුව  පළමු වතාවට 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට මෙම ස්පර්ශක රාමුව යොදා ගැනිණි. පුද්ගලිකව නිදහසේ ස්වාධීනව ඡන්දය භාවිතා කිරීමට මේ තුළින් හැකියාවක් ඇති කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ අරමුණ විය.

මෙවර මැතිවරණ දෙකෙහිදී  ස්පර්ශක රාමුව භාවිතා කිරීමේ දී ඔවුන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳව  පෙනීමේ අපහසුතා සහිත පුද්ගලයන්  විවිධ අදහස් පල කළහ. 

සත්යා නිර්මාණී kසත්‍යා  නිර්මාණි
එම ස්පර්ශක රාමුව මහ මැතිවරණයට වඩා ජනාධිපතිවරණයේදී සාර්ථක වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  සේවයේ නියුතු සත්‍යා  නිර්මාණි අදහස් පළ කළාය. 


" ඇත්තටම මේක පෙනීමේ දුර්වලතා සහිත අයට කරන ලද  හොඳ ක්‍රියාවලියක්. පළමු වතාවට මම ස්පර්ශක රාමුව භාවිතා කළා.  මෙවර ජනාධිපතිවරණය සඳහා ඉතාමත් පහසුවෙන් තනියෙන්ම එම ස්ථානයේ දී ඡන්දය භාවිතා කරන්නට මට හැකියාවක් ලැබුණා මට හරි සතුටුයි කාගේවත් සහයෝගයක් නැතිව මගේ චන්දය මටම භාවිතා කරන්න ලැබීම ගැන. මොකද එතුළින් රහසේ භාවය ආරක්ෂා වීම තමයි වඩා වැදගත්. එහෙත් මහ මැතිවරණය සඳහා යොදාගත් ස්පර්ශක රාමුව අදාළ කොටු සඳහා ගානට සෙට් වුනේ නැහැ කියලයි මගේ අදහස. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා මට හිතෙනවා.
 
සෑම පුද්ගලයකුටම ස්වාධීනව ඡන්දය භාවිතා කිරීමට ඇති පහසුකම් සැපයීම පිළිබඳව අවධානයට යොමු කළ මැතිවරණ කොමිෂන් සභාව 2020 වසරේදී නියමූ ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන දහයකදී පෙනීමේ දුර්වලතා සහිත අය සඳහා ස්පර්ශක පුවරු භාවිතා කර ඡන්දය භාවිතා කරන්නට ඉඩ සලස්වා ඇත. එහි හඳුනා ගත්  අඩු ලුහුඩුකම් සංස්කරණය කොට  ඉතාමත් සාර්ථක ආකාරයට 2024 ජනාධිපතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථාන 13421 ක්  සඳහාම  මෙම ස්පර්ශක පුවරු ලබා  දීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
 
එහෙත්, මෙම ස්පර්ශක රාමුව භාවිතා නොකළ  ඒ පිළිබඳව කිසිම දැනුවත් වීමක් නැති දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් අපට හමුවිය.
 
සඳරු ප්රියංවදා kසඳරු පියන්වදා
ඒ අතරින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටින ගුරුවරියක වන සඳරු පියන්වදා  කියා සිටියේ, ඡන්දය භාවිතා කිරීම සඳහා එවැනි ස්පර්ශක භාවිතා කිරීමක් සම්බන්ධව දැනුවත් ව නොසිටි බවයි.  

" කොහොමත් මම ඡන්දය දානවා නම් පවුලේ කෙනෙක් එක්ක ගිහින් තමයි ඡන්දය භාවිතා කරේ. ඒත් දෘශ්‍යාබාධ සහිත අපි වෙනුවෙන් මෙවැනි ක්‍රියාවලියක් මැතිවරණ කොමිෂන් සභාව කරන බව මම දැනගෙන හිටියේ නෑ.  " 

උපතින්ම හෝ ජීවිතය කාලය අතරතුරදී හෝ යම් කිසිවෙකුගේ පෙනීමේ ආබාධ තත්ත්වයක් ඇතිවන්නේ නම් ඔවුන් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ක්‍රියාවලිය පෙනීමේ දුර්වලතා සහිත අය දක්වා නොගියේ ඇයි ?
 
 ජයන්ත බණ්ඩාර
මාවතගම ප්‍රදේශයේ දෘශ්‍යාබාධ සහිත අයෙකු වූ  ජයන්ත බණ්ඩාර 
 
කුරුණෑගල  මාවතගම වැලි කුඹුර ප්‍රදේශයේ තමයි මගේ ඡන්ද මධ්‍යස්ථානය. මෙවර ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදී ඉතාමත් නිවැරදිව ස්වාධීනව මම මගේ ඡන්දය භාවිතා කළා. ඒ සඳහා මට උපකාරී වුණේ මැතිවරණ කොමිෂන් සභාවෙන් හඳුන්වා දුන් ස්පර්ශක රාමුවයි.

ඇත්තටම ඒ සම්බන්ධව අපිට  නාරම්මල ප්‍රදේශයේ දි විශේෂ පුහුණුවක් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්  ලබා දුන්නා.
 
නමුත් ඒකට සම්බන්ධ කරගෙන තිබුනෙ තිහක කණ්ඩායමක් විතරයි. තව පෙනීමේ දුර්වලතා තියෙන අය ගොඩක් ඉන්නවා. ඒ උනාට අනිත් අයට ඒ අවස්ථාව ලැබුණේ නෑ. මේක ඉතාමත් සාර්ථක හොඳ ක්‍රමයක්. උනත් හැමෝටම මේ පුහුණුව අවශ්‍යයි. එහෙම නැතුව ඒ අයට මේක භාවිතා කරන්න තේරෙන්නෙ නැහැ.  
 
මං ඒ පුහුණුවෙන් පස්සේ ඇවිත් ග්‍රාම නිලධාරී මහත්තයාට කිව්වා. ඇස් නොපෙනෙන අයට මැතිවරණ කොමිෂන් සභාවෙන් ස්පර්ශක පුවරුවක් හදලා තියෙනවා. මේ ගැන අපේ වසමේ ඉන්න අය දැනුවත් කරන්න කියලා. අපේ වසමේ ග්‍රාම සේවක මහත්තයා නං හැමෝම දැනුවත් කරලා තිබුණා. ඒ වගේම මධ්‍යස්ථානයේ හිටපු නිලධාරිනුත් මේ ස්පර්ශ කර රාමුව පිළිබඳ දැනුවත්ව හිටියා.

බැලට් පේපර් එකේ මම ඡන්දය භාවිතා කරන අපේක්ෂකයාගේ නම කීවෙනියටද තියෙන්නේ කියලා මගේ විශ්වාසවන්තම කෙනා වෙච්ච මගේ බිරිඳගෙන් ඒ ගැන අහලා දැනගෙනයි ඡන්ද මධ්‍යස්ථානයට ගියේ.

නිවැරදි තොරතුරු ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරින්  හරියටම කියනවද කියලා දැනගන්න මං එතන හිටපු පොලිස් රාළහාමි කෙනෙකුගෙන් ඇහුවා . එයත් මගේ නෝනා කිව්ව පිළිවෙලටම කියා දුන්නා. ඊට පස්සෙ මම මගේ ඡන්දය ලකුණු කිරීම තනියම කළා. හැබැයි මීට පෙර  මම ඡන්ද මධ්‍යස්ථානයට ගියේ මගේ  නෝනා  එක්ක. ඒත් මෙවර මැතිවරණ කොමිසම හඳුන්වලා දුන්  විශේෂිත ස්පර්ශක රාමුව මට වඩා වැදගත් වුණා. 
 
14
 
සෑම ඡන්දදායකයාගේම නියෝජනය සහ ඔවුන්ගේ ඡන්දයෙහි ඇති වටිනාකම පිළිබඳව අවධානයට ලක්කරන මැතිවරණ කොමිෂන් සභාව  2024 ඔක්තෝබර් මස 18 දින ආබාධ සහිත පුද්ගලයන් සඳහා PE/2024/29 යටතේ  ආබාධ සහිත වූවන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරණය සඳහා කටයුතු කරන නිලධාරීන්ගේ සහ ඡන්දදායකයින්ගේ දැනුවත් වීම සඳහාය .එමෙන්ම  දෘශ්‍යාබාධ සහිත වූවන් ජනාධිපතිවරණයේදී  ඡන්දය භාවිතා කිරීමට  ඡන්ද පත්‍රිකාව මත ස්පර්ශක රාමුව තබා ඡන්දය සලකුණු කිරීමට ඇති පහසුකම පිළිබඳව PE/2024/30 යටතේ ඔක්තෝබර් 18 දින කළ නිවේදනය කර තිබේ.
 
2024 මහ මැතිවරණය සඳහාද PE/2024/73 යටතේ නොවැම්බර් මස 12 දින මැතිවරණා කොමිෂන් සභාව විසින් ආබාධ සහිත වූවන් සඳහා ඇති ප්‍රවේශ පහසුකම පිළිබඳවත්, ඡන්ද පත්‍රිකාව භාවිතා කිරීමේදී ස්පර්ශක රාමුව භාවිතා කිරීම පිළිබඳවත්  මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබියදී  සහ මෙම මාධ්‍ය නිවේදන මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබියදී ද  ඇතැම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් , මෙන්ම ඡන්ද මධ්‍යස්ථානවල වැඩ කළ නිලධාරීන්  සහ  රජයේ බොහෝ නිලධාරීන් මෙම ස්පර්ශ ක රාමුව පිළිබඳව නොදැන සිටීම ඔවුන්ගේ දුර්වලතාවක් ලෙස මැතිවරණ නිරීක්ෂක  කණ්ඩායම් පෙන්වා දෙයි.  
 
සුජීව ගයානාත්සුජීව ගයානාත්
පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන සුජීව  ගයානාත් මහතා ගේ නිරීක්ෂණයට අනුව ඔහු සඳහන් කළේ,

'' ඇත්තටම මැතිවරණය නිරීක්ෂණය ආයතනයක් විදිහට ආබාධ සහිත පුද්ගලයන් මැතිවරණයට දායක වීම පිළිබඳව අපේ වැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා . ඒ අනුව ගොඩක් ආබාධ සහිත පුද්ගලයන් ඡන්ද මධ්‍යස්ථාන කරා නොයා සිටීමට එක හේතුවක් තමයි ඔවුන්ට  මැතිවරණයෙන් මැතිවරණයට වෛද්‍ය සහතික  ඇතුළු ලිපි ලේඛන ඉදිරිපත් කරන්න සිදුවීම. ඒවට රස්තියාදු වෙනවට වඩා ඒ අය ඡන්දය නොදා ඉන්නයි වැඩිපුරම කටයුතු කරන්නේ. මේ ගැටලුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව ආබාධ සහිත පුද්ගලයන්ට හැඳුනුම්පතක් කරන්නට තීරණය කළා. පැෆරල් සංවිධානය විදිහට ආබාධ සහිත පුද්ගලයන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේ කටයුත්තේ දී අපි මෙවර ආබාධ සහිත පුද්ගලයින්  5000 කට හැදුනුම්පත් නිකුත් කළා. ඒ වගේම අනිකුත් අය සඳහා ඉදිරියේදී හැඳුනුම්පත් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.''
 
ඒ වගේට ලක්ෂ දාහතක් ආබාධ සහිත පුද්ගලයන් ඉන්නවා කීවට, ඡන්දය භාවිතා කළ හැකි පුද්ගලයන් දළ වශයෙන්  හතක් විතර ඉන්නවා. නමුත් මේ පිළිබඳ විධිමත් සංඛ්‍යා ලේඛන කිසිම තැනක නැහැ. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තියෙන්නේ ආබාධ සහිත අයට දීමනා දෙන ලැයිස්තුව විතරයි. රැකියාවල නිරත ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන ඒ අය ළඟ නැහැ  අපි ඉල්ලීමක් කරලා තියෙනවා මෙවර ජන සංගණනයේදී ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් එක තීරුවක් වෙන් කරලා ඒ තොරතුරුත් එක් රැස් කරන්න කියලා. මම දන්න තරමින් මෙවරත් ඒක සිදුවෙන්නෙ නෑ . ඇත්තටම ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම රාජ්‍ය නිලධාරීන් ගේ පැත්තෙන් විය යුතුයි.
 
නමුත් මේ චෝදනා කිරීමක් නෙවෙයි මෙවර පෙනීමේ දුර්වලතා සහිත අය සඳහා ඡන්දය භාවිතා කිරීමට ස්පර්ශක රාමුවක් මැතිවරණ කොමිෂන් සභාවෙන් හඳුන්වා දුන්නත් ගොඩක් නිලධාරීන් මේ සම්බන්ධව දැනුවත් වෙලා හිටියේ නෑ. ඒ වගේම වැඩි දෙනෙක් ස්පර්ශක රාමුව පසෙකලා ඔවුන්ට කතිරේ ගහන්න උදව් කරන තැන් තමයි අපිට වාර්තා වුනේ.

 විශේෂයෙන්ම පැමිණිලි අටක් විතර ලැබිලා තියෙනවා . පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන්ට උදව් කරන්නට පෙනී සිටි නිලධාරීන් වෙනත් අපේක්ෂකයන්ට කතිරේ ගැසීම සම්බන්ධව.

මේ නිසයි ඔවුන්ගේ ඡන්දය ස්වාධීනව ප්‍රකාශ කරන්නට හැකියාවක් සහිත මේ ස්ටෙන්සිල් එක හඳුන්වා දීලා තියෙන්නේ. නමුත් ඒ සම්බන්ධව ඇතැම් නිලධාරීන් දැනුවත් නැහැ වගේම, විශේෂයෙන් ම පෙනීමේ දුර්වලතා සහිත ඡන්ද දායකයන් දැනුවත් කිරීමේ කටයුත්තත් බොහෝ දුරට නිලධාරීන්ගෙන් ගිලිහිලා තියෙන බවට අපට නිරීක්ෂණය වෙලා තියෙනවා. මේ නිසාම ඔවුන්ගේ ගැටලු කතා කිරීමේ හැකියාවක් සහිත නව රජයේ මන්ත්‍රීවරයෙක් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කර තිබීම නම් සාධනීය දෙයක් ලෙස අපි දකිනවා .
 
අඳුරුභාවය අතීතයට බාරදී අපේ රටට සුබ උදෑසනක් නිර්මාණය කළ හැකියි - AKD
නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් සිල්වා 
 
''ඇත්තටම මෙවර මැතිවරණවලදී පෙනීමේ අපහසුතා තියෙන අයටත් මේ ස්පර්ශ  රාමුව ඡන්දය භාවිතා කරන්න ඉතාමත් පහසුවක් වුණා. මෙතෙක් මේ අයට ඡන්දය භාවිතා කරන්න ක්‍රම දෙකක් තිබුණ .  නමුත් මධ්‍යස්ථානයේ ඉන්න නිලධාරියෙක් සම්බන්ධ කරගෙන ඡන්දය ලකුණු කිරීම තමයි ගොඩක් දුරට සිද්ධ වුණේ. 

 අනිත් එක තමයි ග්‍රාම සේවක  ඇතුළු නිලධාරීන්ගේ දැනුවත් වීමෙන් විශ්වාසවන්ත පුද්ගලයෙකු ඒ සඳහා රැගෙන යාම . එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීම ස්වාධීන විය යුතුයි කියන පදනමේ ඉඳලා මැතිවරණ කොමිෂන් සභාව මෙවර ගත් මේ ක්‍රියාමාර්ගය පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයන් විදියට අපි අගය කරනවා. යම් කෙනෙකුට මේ ක්‍රමයෙන් ඡන්දය දැමීමේ අපහසුතාවක් ඇතිවුණා නම් ඇත්තටම ඒ ඡන්ද දායකයාගේ දුර්වලතාවක් . පෙනීමේ දුර්වලතා සහිත හැමෝටම බ්‍රේල් බැරි උනත්,  මේ ස්පර්ශක රාමුව භාවිතා කරන්න අපහසු නෑ. ඡන්ද දායකයාගේ දැනුවත්භාවය තමයි අවශ්‍යය . ඔවුන් දැනුවත් කිරීමේ වගකීමේ කොටසක්  රාජ්‍ය නිලධාරීන්ට ත් පැවරෙනවා .
 
මහ මැතිවරණයේ දින වකවානු ගැන මැකොගෙන් ඉඟියක්
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්  සමන් ශ්‍රී රත්නායක ,
 
ඡන්ද දායකයා ඡන්දය ලකුණු කිරීමේදී ස්වාධීනව පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් එය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් විදිහටයි අපි මෙවරක් ස්පර්ශක රාමුව හඳුන්වා දුන්නේ. මේක  අපි 2020 වසරේදී නියමූ ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය මූලික කරගෙන ඡන්ද මධ්‍යස්ථාන දහයකදී මේ අත්හදා බැලීමක් කළා . එහි දී හඳුනාගත් ගැටලු  සංශෝධනය කරගනිමින් තමයි මෙවර සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ස්පර්ශ ක රාමු ලබා දීමට කටයුතු කළේ. කාට හරි මෙහි ගැටළුවක් ආවනම් ඒකත් අපි හඳුනගන්න කැමතියි. මොකද , ජනාධිපතිවරණයේදී භාවිතා කළ ස්ටෙන්සිල් එකට වඩා මහ මැතිවරණයේ ස්ටෙන්සිල් එක වෙනස්. 
 
ඒ වගේම තමයි ජනාධිපතිවරණයේදී අපි  එක රාමුවක් විතරයි මුළු ලංකාවට ම යොමු කළේ . අපේක්ෂක නම් 38 සහ ඉදිරියේ සලකුණු කරන ස්ථාන තුන . 

නමුත්, පක්ෂ සලකුණු සහ මනාප වෙන වෙනම යෙදීමට තිබුණා. ඒ නිසා මහ මැතිවරණයේදී වෙන වෙනම ස්පර්ශක රාමු මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා සකස් කළා. ඒත් අපි දන්නෙ නෑ ඒක කොච්චරක් පාවිච්චි කළාද කියලා. මොකද ඒ සම්බන්ධව වෙනම සංඛ්‍යා ලේඛන එකතු කිරීමක් සිදුවුණේ නෑ .  

ඒ වගේම  ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සමහර විට ස්පර්ශක රාමුව ක්‍රියාත්මක නොවෙන්නත් පුළුවන්. අපි උත්සාහ කරනවා පළාත් පාලන මැතිවරණයටත් ස්ටෙන්සිල් එකක් ලබාදෙන්න. මොකද එහි තියෙන බැරෑරුම් කම තමයි පළාත් පාලන ආයතන 340 වෙනුවෙන් ස්ටෙන්සිල් සකස් කරන්නට සිදුවීම. සහ ඒවා ඒ ඒ මධ්‍යස්ථාන තෝරා බේරා ගනිමින් මධ්‍යස්ථාන සියල්ලටම යැවීම. මේක ටිකක් බැරෑරුම්. නමුත් අපි උත්සාහ කරනවා පළාත් පාලන මැතිවරණයටත් මේ ස්පර්ශක රාමුව සකස් කරන්න . 
 
IMG 20241218 WA0111
 
ස්වාධීනත්වය මෙන්ම එකිනෙකාගේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීමේදී රාජ්‍යයට රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ජනතාවට බොහෝ දේ කැප කළ යුතුව තිබේ.ආබාධ සහිත වූ පුද්ගලයන් ගේ එක අවශ්‍යතාවක් වෙනුවෙන් කරන මේ කැපකිරීම අගය කළ යුතු නොවන්නේද ? තවත් අයෙකුගේ ගෞරවයට ස්වාධීනත්වයට කරන සේවාවකි.

 
| චාන්දනී දිසානායක
නිදහස් මාධ්‍යවේදීනී
chandissa12@gmail.com 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...