The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

රුසියාවට ගිය ශ්‍රී ලාංකික සෙබල පවුල්වල ශෝකාන්තය

T

The Leader Desk

December 23, 2024 • 8:38 AM

රුසියාවට ගිය ශ්‍රී ලාංකික සෙබල පවුල්වල ශෝකාන්තය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කාලේ රුපියල් 50,000 - 60,000ක විතර පෙන්ෂන් එකෙන් ජීවිතේ ගැටගහගත්තේ හරිම අමාරුවෙන්.
  • අනික හමුදාවේ වැඩකරන කාලේ ණයක් අරගෙන ගත්තු ඉඩම් කෑල්ල නිසා ඒ පෙන්ෂන් එකෙනුත් අතට හම්බවුණේ සොච්චමක් විතරයි.
  • මාස ගාණක් ආරංචියක් නැති නිසා සේනකගේ විශ්‍රාම වැටුපත් කපල.
අකුරු ප්‍රමාණය (Font Size):
2009 යුද්දේ ඉවර වුණාට පස්සේ සේනක හමුදාවෙන් අයින් වෙන්න හදන කොට රේණුකා තමයි කිවුවේ පෙන්ෂන් යන්න තව අවුරුදු හයයිනේ තියෙන්නේ ඒ නිසා විශ්‍රාම යනතුරුම ඉන්න කියල. 


කසාද බඳින කල් රේණුකාත් ටික කාලයක් හමුදා සෙබළියක්. 

හැබැයි විශ්‍රාම ගත්තට පස්සේ දරුවෝ තුන් දෙනාටත් උගන්න ගෙන සේනක ලට ගත කරන්න සිද්ද වුණේ ටිකක් අමාරු කාලයක්.

ඒ කාලේ රුපියල් 50,000 - 60,000ක විතර පෙන්ෂන් එකෙන් ජීවිතේ ගැටගහගත්තේ හරිම අමාරුවෙන්. අනික හමුදාවේ වැඩකරන කාලේ ණයක් අරගෙන ගත්තු ඉඩම් කෑල්ල නිසා ඒ පෙන්ෂන් එකෙනුත් අතට හම්බවුණේ සොච්චමක් විතරයි.

පෙන්ෂන් අරගෙන ගෙදර ඉන්න කාලේ තමයි හමුදාවේ කට්ටිය රුසියාවේ හමුදාවට බැඳෙනවා කියල සේනකට ආරංචි වුණේ. 

කෝල් කරලා ඒ ගැන කිවුවෙත් සේනකත් එක්ක හමුදාවේ හිටපු ඉහළ නිලධාරියෙක්. 

රුසියාවේ යුද්ධෙට ගියාට යුද පෙරමුණට යන්න වෙන්නේ නෑ, කරන්න තියෙන්නේ transport වැඩ, බංකර් මුර කරන එක වගේ වැඩ විතරයි කියල ඒ 'සර්' සේනකට කිවුව. වැඩේට ලක්ෂ 12ක් විතර යනවා, සල්ලි ටික ඉක්මනට ලෑස්ති කරගන්න කියලත් 'සර්' කිවුව. 

කොයි තරම් අග හිඟකම් තිබුණත් රේණුකා වැඩේට කැමති වුණේ නෑ, ඒත් සේනක රේණුකා කියන දේ ඇහුවේ නෑ. 

 

471268687 10160436917712155 3260817285050037887 n
ණයක් අරගෙන 'සර්' ඉල්ලපු ගාණත් දීල, ටිකට් එකටත් ගෙවල සේනක රුසියාවට ගියේ අප්‍රේල් මාසේ. 

එදා ඉඳල ටික දවසක් සේනක පුළුවන් හැම වෙලාවකම ගෙදරට කෝල් කළා. ඒත් මැයි මාසෙන් පස්සේ කෝල්ස් සේරම නතර වුණා. 

එදා ඉඳල රේණුකා නොගියපු තැනක් නෑ, කතා නොකරපු තැනක් නෑ. 

ඒ අතරේ තමයි ජුනි මාසේ දවසක විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කෝල් එකක් එන්නේ.  

යුද බිමේදී සේනක නැති වෙලා කියල ඒ කෝල් එක දුන්න මිස් රේණුකාට කියනවා. 

අගලවත්තේ ඉස්කෝලේ සුමන ටීචර්ගේ මහත්තය එයාර්ෆෝස් එකේ ඉහළ නිලධාරියෙක්.

ප්‍රියන්තත් විශ්‍රාම අරගෙන ගෙදර ඉන්න කාලේ තමා රුසියාවේ යුද්ධෙට බැඳෙන්න පුළුවන් කියල ආරංචි වෙන්නේ. ඒ දවස්වල හමුදාවෙන් විශ්‍රාම ගියපු සිය ගණනක් රුසියාවේ හමුදාවට බැඳුණ.

සුමන ටීචර් කියන දේත් අහන්නේ නැතුව ප්‍රියන්ත රුසියාවට ගියේ මාර්තු මාසේ. මොස්කව් ගියාට පස්සෙත් ප්‍රියන්ත කිවුවේ බයවෙන්න දෙයක් නෑ පොඩි training එකක් තියෙනව ඊට පස්සේ බංකර් වැඩට දානවා කියල. 

'බංකර් එකේ' ඉන්න අතරෙත් ටික කාලයක් ප්‍රියන්ත සුමන මිස්ට වීඩියෝ කෝල් ගත්ත. Frontline එකට යන්නේ නෑ කිවුවට ඒ වෙලාවෙත් ප්‍රියන්ත හිටියේ හමුදා ඇඳුමෙන්. 

ඊට පස්සේ ජුනි මාසේ ඉඳල ප්‍රියන්තගේ කෝල්ස් එකපාරට නතර වුණා. එදා ඉඳල අද වෙනකල් ප්‍රියන්තට මොකද වුණේ කියල කිසිම ආරංචියක් නෑ, සුමන මිස් නොගිය තැනකුත් නෑ. 

ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ ලංකාවට එවන්න කියල මොස්කව් ඉන්න ලංකාවේ තරුණයෙකුට ප්‍රියන්ත දීපු සල්ලි අද වෙනකල් සුමන් මිස්ට ලැබුණෙත් නෑ. 

 

471281446 10160436934277155 2448676923318946138 n
අන්තිමට නැතිවුණ ප්‍රියන්ත හොයන්න ආණ්ඩුවේ office ගාණේ ඇවිදින අතරේ, ප්‍රියන්ත එවපු සල්ලි ටික ගන්න සුමන මිස්ට පොලිසි ගාණේත් යන්න සිද්ද වෙලා. 

සේනක වෙනුවෙන් වන්දිය ගන්න documents අරගෙන විදේශ අමාත්‍යංශයට එන්න කියල රේණුකාට දැනුම් දීල තිබුන. ඊට පස්සේ රේණුකා කිහිප සැරයක්ම ඒ වැඩවලට කොළඹ ගිහින් ආවේ නැන්දම්මට දරුවෝ දෙන්න බලාගන්න දීල. 

ඒ documents සේරම ටික රුසියානු තානාපති කාර්යාලයට දීල සහතික කරගෙන විදේශ අමාත්‍යංශයට භාරදීලත් දැන් මාස දෙකකට වැඩියි. 

මුලින් රුසියාව පැත්තෙන් කියල තිබුණේ පවුලේ දෙන්නෙකුට විතර funeral එකටත් යන්න පුළුවන් වේවි කියල. ඒත් පස්සේ ඒ කතාව වෙනස් වුනා. 

සමහරුන්ගේ අවමගුල් උත්සව මොස්ක්ව්වලදී තිබුණත් සේනක ගේ අවමගුල තිබුණද, නැද්ද කියලවත් රේණුකා තවමත් දන්නේ නෑ.

මාස ගාණක් ආරංචියක් නැති නිසා සේනකගේ විශ්‍රාම වැටුපත් කපල. ජීවිතේ ගැටගහගන්න කිසිම විදියක් නැති නිසා හමුදාවෙන් අස්වුණාට පස්සේ කවදාවත් රස්සාවක් නොකරපු රේණුකා දැන් පොඩි රස්සාවක් හොයාගෙන. ඒකෙන් ලැබෙන්නෙත් සොච්චම් වැටුපක්.

සේනකගේ මරණ සහතිකේ ලැබුණොත් රේණුකාට විශ්‍රාම වැටුප ගන්න පුළුවන්. ඒත් මරණ සහතිකේ ලැබෙන්නේ කවදද, වන්දිය ලැබෙන්නේ කවදද කියල රුසියාවෙන් කිසිම ආරංචියක් නෑ. 

වන්දිය තව මාසයක් ප්‍රමාද වුණොත් ණය වෙලා ගත්ත පර්චස් 80ක ඉඩම් කෑල්ලත් finance සමාගමටම සින්න වෙනවා. 

සේනක නැති වෙලා කියල රේණුකා දැන් දන්නවා, ඒත් ප්‍රියන්තට මොකද වුණේ කියල සුමන මිස්ට කිසිම ආරංචියක් නෑ. කවුරුවත් කිසි දෙයක් කියන්නෙත් නෑ. 

 

මට ආයෙත් යුද්ධෙට යන්න බෑ - රුසියාවේ දී තුවාල ලැබූ සොල්දාදුවෙකුගේ ආයාචනය  (වීඩියෝ)
ප්‍රියන්ත නැති නිසා ප්‍රියන්තගේ පෙන්ෂන් එකත් කපල. ප්‍රියන්ත ඉන්නවද, නැද්ද දන්නේ නැති නිසා සුමන මිස්ටත් පෙන්ෂන් එක ලැබෙන්නෙත් නෑ. 

විදේශ කටයුතු අමාත්‍යංශයට, දන්නා කියන ආණ්ඩුවේ නායකයින්ට, පළාතේ මන්ත්‍රීතුමාට, නොදන්නා නිලධාරීන්ට මේ හැම දෙනාටම සුමන මිස් එයාගේ දුක කිවුව. ඒ කාගෙන්වත් සුමන මිස්ට කිසිම සහනයක් ලැබුණෙත් නෑ.

සේනක නැතිවීම දරුණු වේදනාවක් වුණත්, අඩුම ගාණේ වෙච්ච දේ දැනගන්න ලැබීම රේණුකාගේ හිතට සහනයක්. දරුවෝ තුන්දෙනාත් හදාගෙන තනියම ජීවිතේ ගැටගහගන්න වෙනවා කියල රේණුකා දැන් දන්නවා. ඒ නිසා ඉඩම සින්න වෙන්න කලින් වන්දියෙන් කොටසක් හරි ලැබේවිදෝ කියල ඇය බලාගෙන ඉන්නවා.

ප්‍රියන්තට තුවාල වෙලාද, රෝහලකද, යුක්රේනයේ අත් අඩංගුවේ ද, නැත්නම් මිය ගිහින්ද කියල සුමන මිස් කිසි දෙයක් දන්නේ නෑ. 

යුද බිම ගැන ගොඩක් කට කතා පැතිරෙනවා ඒත් රුසියාවේ ආණ්ඩුවෙන් වත්, ලංකාවේ නිලධාරීන්ගෙන් වත් සුමන මිස්ට කිසිම තොරතුරක් ලැබෙන්නෙත් නෑ.  අවුරුදු දෙකක දරු පැටියත් තුරුළු කරගෙන ඇය නොගිය තැනක්, කෝල් එකක් නොදීපු තැනක් නැති තරම්. 

ඒ හැම උත්සාහයකින් පස්සෙම ඇයට ඉතිරිවෙන්නේ ඇස්වල කඳුළු බින්දුවක් එක්ක වාතලයට මුසු වෙන දිග සුසුමක් විතරයි. 

හෙට දවසේ වෙන්නේ මොකක්ද කියල දන්නේ නැතුව රේණුකාල දුසිම් ගණනකුත් (සමහර විට සිය ගණනක්?), සුමන මිස්ල සිය ගණනකුත් අවිනිශ්චිතව බලාගෙන ඉන්නවා. 

(නම්, ගම් මනඃකල්පිතය; ඡායාරූප අන්තර්ජාලයෙනි)

සිංහල සිනමාවේ අලුත්ම පර්යේෂණය My Red Comrade - (සරෝජ් පතිරණ)(සටහන | සරෝජ් පතිරණ)
(බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක)
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුසියාවට ගිය ශ්‍රී ලාංකික සෙබල පවුල්වල ශෝකාන්තය | The Leader