ගුප්ත විද්‍යා ජ්‍යොතිෂය හෙදකම් ආදී විෂයන් ඇසට නො පෙනේ. ඒවා නො නැසී පවත්නේ විශ්වාසයන් සමග ය. ලාංකේය සමාජයේ මෙම විෂයන් ගැන ප්‍රතික්ෂේප කරන්නන් මෙන්ම විශ්වාස කරන්නන්ද බොහෝ වෙති. එහෙත් අපරදිග වැසියන් මෙවැනි විෂයක් අල්ලා ගත් විට එහි ගුප්ත භාවය පසු පස හඹා යමින් විවිධ අත්දැකීම් පසුපස ගොස් විවිධ පර්යේෂණ කරති. පෙරදිග සහ අපරදිග අතර පවත්නා එක් වෙනසක් නම් මේ තත්වයයි. ඔවුන් ආගන්තුක යමක් දුටු විට ඇසූ විට සම්මතය ගුරු කොට එය වහා බැහැර නො කර මේ කුමක්දැයි සොයා යති. පෙරදිග අප එක්කෝ ගෙඩි පිටින් ප්‍රතික්ෂේප කරති. දේවාලයක් නම් එතෙක් ඇදහූ සියල්ල විසි කොට ඒ පසුපස ආධානග්‍රාහීව දුවන්නට පටන් ගනිති.

අහසේ එළියක් දුටු විට එය එක්කෝ උල්කාපාතයකි. නැතහොත් දේවතා එළියකි. අප ඉන් බැහැරව යමක් සිතන්නේ නැත. මෙයින් දශක කිහිපයකට පෙර මහනුවර ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් පැවැති දිනවල රාත්‍රී කාලයේ මාලිගාවට ඉහළ ආකාශයේ දක්නට ලැබුණ අවිනිශ්චිත ආලෝකයක් ගැන කරුණු වාර්තා වෙමින් පැවතිණ. අපේ මාධ්‍ය වේදින් මෙවැනි සිද්ධියක් ආශ්චර්යයක් කිරීමට අනුපාන සපයමින් සැදැහැතියන් ලවා සාධුකාර දීමට පොළඹවනු මිස එහි යථාර්ථය ගැන ජනතාවට සිතන්නට හුරු පුරුදු නො කරති. සතියක් පමණ මහනුවර නගරයේ අහසේ දිස්වු ඒ අවිනිශ්චිත ආලෝකය ගැන විවිධ මත ප්‍රකාශ විය. එහෙත් පේරාදෙණිය විශ්ව විද්‍යලයේ මැදිහත්වීමෙන් සත්‍යය සොයා ගැනිණ. ඒ ආලෝකය සරුවත් වෙළෙන්දෙකු සිය වෙළඳාමට අවශ්‍ය ආකර්ෂණය අපේකෂාවෙන් දල්වා ගත් ආලෝකය වරින් වර ඉහළට විහිදී යමින් දිස්න දීමක් පමණකි. බුද්ධාලම්බන ප්‍රීතියෙන් සාධුකර දුන් උවැසියන් තවත් එවැන්නක් දකින තෙක් තමන් රැවටුණා කියා හිතන්නවත් කල්පනා කළේ නැත.
ඒබ්‍රහම් කොවුර්
වරක් වව්නියාවේ ගම්බද වන ලැහැබක රාත්‍රීයේ අවිනිශ්චිත ආලෝක රැසක් දකින්නට ලැබිණ. මේ ආරංචිය මුලින්ම ගමේ පැතිරිණ. ඉන්පසුව අසල් ගම්මාන කරා ගලා යන්නට විය. ඉන් අනතුරුව ජාතික පුවත්පත් හරහා මේ කතාව රටේ ප්‍රමුඛ ප්‍රවෘත්තියක් බවට පත්විය. මේ කියන කාලයේ ඒබ්‍රහම් කොවුර් නම් යථාර්ථවාදියා ගැන රට දැන සිටියහ. ඔහු රටේ නො එක් ස්ථානයන් ගෙන් වාර්තා වූ මෙවැනි සිද්ධින් පිළිබඳ යථාර්ථය කතා කරමින් සිටියේය. කොවුර් සිය සහායකයන් සමග වව්නියා ගොස් එකී ගම්මානයේ කඳවුරු බැන්දාහ. දින ගණනාවත් තුළ රාත්‍රීයෙත් දහවලේත් සිදු කළ විශේෂ සොයා බැලීම් අවසානයේ ඒබ්‍රහම් කොවුර් කීවේ කුමක්ද? රාත්‍රීයේ පමණක් දිස්වුණ ඒ ආලෝක ධාරා එකී ප්‍රදේශයේ දිරාගිය ගස්වල හටගත් දිලීර වර්ගයක් හේතුවෙන් ඇතිවූ බවය. කොවුර්ගේ මැදිහත්වීම නිසා එය හාස්කමක් නොවීය.
හොල්මන් ගැන පවත්නේද මෙවැනි තත්වයකි. බොහෝ කොට පැතිරෙන්නේ කියන්නන් වාලේ අසන කතාවන්ය. රාත්‍රීයක මාතෘකාවක් නැති කණ්ඩායමකට පාලූ කැපිය හැකි සාරවත්ම මාතෘකාව හොල්මන්ය. අවශ්‍ය ආරම්භයක් පමණකි. යටත් පිරිසෙයින් එක කෙනෙකුට කතා හත අටක් හෝ ඇද බා හැකි තරමට හොල්මන් කතා සාහිත්‍යයක් අප සතුව පවතී. ඉන්පසුව අහළ පහළින් ඇසෙන කොලයක් වැටුණත් දොරක් වැසුනත් හොල්මනකි. මේ උත්සාහ කරන්නේ හොල්මන් නැත කියන්න නොවේ. ඒබ්‍රහම් කොවුර්ගේ හැම පර්යේෂණ ප්‍රතිපලයම සාර්ථක වුණේ නැත. මොනවා හෝ කියා ආරංචිය නිශේධ කිරිම ගැන මධ්‍යස්ථ මතධාරින් එකග වන්නේ නැත. යථාර්ථය යනු නිශේධ කිරීමක් නොව සොයා බැලීමකි.

එක්තරා පුරාණ විහාරයක රාත්‍රී කාලයේ බෝ මළුවට ඉහළින් ඉඳහිට දක්නට ලැබුණ ආලෝක වස්තුන් හෙවත් ගමේ භාෂාවෙන් ''එළි'' ගැන ගමක කතා පැතිරෙන්නට විය. දින සති ගණන් ඉක්ම යන විට කතාව කොළ මල් අතු ඉති හැටියට පෝෂණය වී විහාරයේ නායක හාමුදුරුවන් වෙතටද ලඟා විය. ආසන්න දවසක දහම් පාසලේ ඉහළ පන්තිවල දරුවන් මේ ගැන ලොකු හාමුදුරුවන් විමසා සිටියහ.
''රෑට අහසේ කොච්චර විච්චූර්ණ දේවල් සිද්ධ වෙනවාද? විනාඩි හත අටක් බලාගෙන හිටියොත් නො දැක්ක දේ කොච්චර පෙනෙයිද? ඒක ලෝක ස්වභාවය. මම සමහර දවස්වල අර කන්ද දිහා රාත්‍රී කාලයේ බලාගෙන ඉන්නවා. පුදුම එළි තොගයක් කන්ද හරහා ගමන් කරනවා. කන්දෙන් පහළට වැටෙනවා. ඒ විදියට පන්සලේ බෝධීන් වහන්සේට ඉහළින් නොඑක් දේ රෑට පෙනුනොත් ඒ ගැන පුදුම වෙන්න එපා. මොකද පන්සලත් පන්සලේ බෝධීයත් තියෙන්නේ අර කන්ද තියෙන විශ්වයේම නිසා. ලොකු හාමුදුරුවෝ තැම්පත්ව ගමේ දරුවන්ට අමුතු බණක් කීහ.
''ගමේ අය කියන්නේ පන්සලේ බෝධින් වහන්සේ වඳින්න දේවතාවෝ වඩිනවා කියලා. ''
'' එහෙම වෙන්න පුළුවන්නේ. බෝධීන් වහන්සේ වටා වෙනත් වෘක්ෂයකට නැති ආකර්ශනයක් බලයක් තියෙන්න පුළුවනි. අපි පරම්පරා ගණනාවක් තිස්සෙ තෙල් මල් පහන් තියා වන්දනා කරනවා. එහෙම පුද පුජා පවත්වන කොට ඒ ස්ථානයට දෙවි දේවතාවුන් එන්නත් පුළුවන්. ඒ වාගේම නො එන්නත් පුළුවන්. එච්චරයි. අපි අපේ බෝධින් වහන්සේට වඳින්න පුදන්න පටන් ගත්තේ දේවතාවෝ ගෙන්න ගන්න හිතාගෙන නොවෙයි. අප තුළ පවතිනා ශර්ධාව නිසා. ඒ ඇත්තෝ එනවා නම් ඇවිත් වැඳලා යයි. අනෙක් කාරණය ඒ උදවිය එන්නේ රාත්‍රීයටනේ. ඒ නිසා අපට ඒ ගැන කරදර වෙන්න උවමනාවක් නැහැ.'' එදා දහම් පාසලේදි ලොකු හාමුදුරුවෝ ඒ දරුවන්ට දුන් දැනුම ඒබ්‍රහම් කොවුර්ගේ විග්‍රහයක් තරමට යථාර්ථවාදි කතාවකි. මේ විශ්වයේ බොහෝ දේ සිදුවිය. තවමත් සිදු වෙමින් පවති. තවත් බොහෝ දේ ඉදිරියටත් සිදුවිය හැකිය. එපමණකි. වරක් ගෞතම බුදුන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා ගෙන් අපූරු ප්‍රශ්නයක් විමසා සිටියහ.
''කිං කරස්සති තාරකා? තාරකා කුමක් නම් කරයි ද? හෝ තාරකා වලට කළ හැක්කේ කුමක්ද? අපට විශ්මය ගෙනෙන බොහෝ දේ පවතී. එහෙත් අප ඒවා කෙරෙහි වහ වැටී පැවතිය යුතුද?

සති අන්ත පත්‍ර කිහිපයක් ගෙන බලන්න. ඒවායේ පළ කරන වෙළඳ දැන්වීම් වලින් බහතරයක් ශාන්ති කර්ම වෙති. හදි හුනියම් වෙති. වශී ගුරුකම් වෙති. වෙන්වී ගිය ගෙන්වා ගැනීමේ හැකියාව කියා පාති. අනවශ්‍ය අය වෙන් කර දෙන ශාස්ත්‍රවන්තයන්ද සිටිති. ඒ සියලු දෙනා සැදී පැහැදී සිටින්නේ ජන සෙත වෙනුවෙනි. ඒ දෙන ආරංචි පත්‍ර මිලදි ගෙන කියවන සමහර අයට දෙන පණිඩිව මහා අස්වැසිල්ලකි. බොහෝ ගැටළු අතර සිරවී සිටින ජනී ජනයාට ඉන් ලැඛෙන සහනය අපමණ විය හැකිය. ඒකත් දේවතා එළි තරමටම තම තමන් තුළ පවත්නා විශ්වාසය අවබෝධය පිළිබඳ කතාවකි. එහෙත් සමහර අතාර්කික ආගම හා බැඳුණ භක්තිමත් විශ්වාසයන් ගෙන් යුක්තව අප තුළ පවත්නා ඇදහීම් ගැනද මෙහිදී යමක් සටහන් කළ යුතුවේ.
අනුරාධපුර සිරි මහ බෝධීන් වහන්සේ යනු මේ රටේ බහුතර ජනතාවට සුද්ධ වස්තුවකට වඩා මතකයෙන් බැහැර නොයන ආදරණීය මතකයකි. සිරි මා බෝ හාමුදුරුවන් වහන්සේ ගෙන් ගැලවී සුළගේ පාවි යන බෝ පත් අපේ පයට පෑ ගුණොත් පව් නැද්දැයි දරුවෙකු කළ අහිංසක විමසීමට විය පත් සැදැහැවත් මාතාවක් දුන් පිළිතුර මෙසේය.

'' සිරි මහ බෝ හාමුදුරුවන් ගෙන් ගැලවෙන රන් පත් ඔක්කෝම හුළගේ පාවෙලා ගිහින් තිසා වැවට වැටෙන්නේ. අපට පෑ ගෙන්න මළුවට වැටෙන්නේ නෑ.....'' ඒ කතාව කවුරු කවදා ඒ අම්මාට කියා දුන්නාද දන්නා කෙනෙක් නැත. එයත් පරම්පරාවෙන් පරම්පරාවට ශක්තිමත් වන සර්ධාවන්ත විශ්වාසයකි. එහි මෝඩකමක් අවිද්‍යාවක් ඇත්තේම නැත. එය අමනුස්ස බැල්මක් සද්දයක් විශ්වාස කරනවාට වඩා වෙනස් තත්වයකි. ඒ කතාව තුළ හාස්කමක් ගොඩ නැගී නැත. හිතේ කහටක් චකිතයක් නැතිව උඩ මළුවට පැමිණි සැදැහැතියෙකුට හිතේ කහටක් නැතිව නිදහසේ බෝ මළු පැදකුණු කිරීමට හිතේ හයියක් ඇති කරන මානසික වටපිටාවක් නිර්මානය කිරීමකි.
තවත් දැන්වීම් වර්ගයක පුරුෂ ශක්තිය වඩවන ඖෂධ හඳුන්වා දීමට කරන ව්‍යාපාර වෙති. ඒවා පවුල් ජීවිත වලට සලසන සහනය අනන්ත විය හැකිය. තවත් ආකර්ශණීය සේවාවක් වන්නේ ආගම දහම වෙනුවෙන් කැපවූ දේශකයන්ය. ඔවුන් කරන්නේ භාවනා උගන්වා සැදැහැවතුන් සසරින් එගොඩ කිරීමය. තරග විභාග ආසන්න වන විට කිසි දිනෙක අසා නැති සූත්‍ර ආශ්‍රීතව නිර්මානය කළ යන්ත්‍ර සුත්‍ර අලෙවිය පටන් ගැනෙයි.
මේ සියල්ල හමුවේ අර පන්සලේ ලොකු හාමුදුරුවන් දහම් පාසලේ සිසුන්ට කළ විස්තරය අති මනරම්ය. යථාර්ථවාදී වේ. අප ජීවත්වන මේ සමාජයේ මිනිසුන් උපතින් ගෙනා ශක්තිය සොරකම් කළෝ කවරෙක්ද? මේ මහා විශ්වයේ මහා විපර්යකාරකයා මිනිසාය. අද දවසේ මිනිසුන් බියෙන් තැති ගැන්මෙන් අසරණ සිටිති. එහෙත් ඔහුට එසේ වීමට හේතුවක් නම් නැත.
මගේ මිතුරෙක් මේ දිනවල වම් පය ආබාධයක් සහිත පිරිමියෙකු සොයමින් සිටී. ඒ දානයක් දීම සඳහාය. ඉන් අපේකෂා කරන්නේ අපලයකින් මිදිමය. ඒ සිද්ධියේ කෙලවර සිද්ධ වන්නේ දානයක් දීමය. බුද්ධ දේශනාව අනුව දන් දීම මහත්පල මහානිසංස අත්වෙන පින්කමකි.එහෙත් පින් ලැබීමට ආබාධිත කකුලක් සොයා යාම නම් වෙනම කතාවකි.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි)
නිදහස් ලේඛක
sugathcb@gmail.com



