The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ලංකාවට අමතක වූ රුසියාවේ යුද වදින ශ්‍රී ලාංකික රණවිරුවෝ | සරෝජ් පතිරණ

T

The Leader Desk

December 30, 2024 • 10:55 AM

ලංකාවට අමතක වූ රුසියාවේ යුද වදින ශ්‍රී ලාංකික රණවිරුවෝ | සරෝජ් පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදාට මම මුළු දවසම ඉන්නේ ෆෝන් එකේ.
  • ඒත් තවමත් ඔබ වෙනුවෙන් වැදගත් යමක් කරන්න බැරිවීම ගැන මම ඇත්තටම කණගාටු වෙනව. පහත සටහන ඊයේ මට කෝල් කරපු එක කාන්තාවක් කියපු ඇගේ අනුවේදනීය කතාව.
  • අවුරුදු 20ක් හමුදාවේ සේවය කරපු විමල් විශ්‍රාම ලැබුවට පස්සේ අම්පාරේ කම්හලක වැඩට ගියා ආරක්ෂක නිලධාරියෙක් විදියට.
  • මුලින්ම ලැබුණ දීමනාවත් ගෙදරට එවුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එදාට මම මුළු දවසම ඉන්නේ ෆෝන් එකේ. ඊයෙත් ඒ වගේ දවසක්. 

රුසියාවේ යුද්ධ කරන සොල්දාදුවෝ, ලංකාවේ ඉන්න ඒ අයගේ බිරින්දෑවරු, දරුවෝ, අම්මලා තාත්තලා මේ හැමෝම කෝල් කරනවා. ඒ අතරේ WhatsApp එකෙත් voice message ගොඩක්. සමහරු දුක කියන්න. 

තවත් සමහරු ඔවුන් වෙනුවෙන් මම කරමින් ඉන්න දේ ගොඩක් අගය කරනවා. ඒ ගොඩක් අය කියන විදියට මුළු ලංකාවටම අමතක වුණ ඔවුන් ගැන අද කතා කරන්නේ මම විතරයි. ඒ හැමෝගෙම හෘදයාංගම පණිවුඩ ගැන ස්තුතියි. ඒත් තවමත් ඔබ වෙනුවෙන් වැදගත් යමක් කරන්න බැරිවීම ගැන මම ඇත්තටම කණගාටු වෙනව. 

 

ලාංකිකයින් රුසියානු යුද බිමේ මිය යද්දී මොස්කව් නගරයේ තානාපති පුටුව හිස්!
පහත සටහන ඊයේ මට කෝල් කරපු එක කාන්තාවක් කියපු ඇගේ අනුවේදනීය කතාව.

අම්පාරේ ඉඳල කෝල් කරපු පූර්ණිමා කතාව පටන් ගත්තෙම ලොකු කැස්සකුත් එක්ක. (සැබෑ නම, ගම නොවේ) මීට අවුරුදු දෙකකට කලින් තයිරොයිඩ් පිළිකාවක් වැළඳුණු ඇය තවමත් සුවය ලබල නැහැ. ඒ නිසා කතා කරද්දී ලොකු කැස්සක් එනවා. පිළිකාව මදිවට පූර්ණිමා හදවත් රෝගියෙක්. 2023 දී ඇයගේ හදවත් සැත්කමත් කළාට පස්සේ තමයි විමල් (සැබෑ නම නොවේ) රුසියාවට ගියේ. අවුරුදු 20ක් හමුදාවේ සේවය කරපු විමල් විශ්‍රාම ලැබුවට පස්සේ අම්පාරේ කම්හලක වැඩට ගියා ආරක්ෂක නිලධාරියෙක් විදියට. ඒ අතරේ තමයි පූර්ණිමා අසනීප වෙන්නේ. දූලා දෙන්නත් තාමත් ඉස්කෝලේ යනවා.

දරුවන්ගේ විය හියදම් අමාරුවෙන් කරගෙන යද්දී පූර්ණිමාත් අසනීප වුණාම විමල් හතර අතේ ණය වුණා. ණය ගෙවාගන්න විදියක් නැතුව කල්පනා කර කර ඉන්න අතරවාරේ තමයි කම්හලේ එකට වැඩ කරපු යාලුවෙක් රුසියාවට ගියේ. යාලුවා ගියපු ගමන්ම විමල්ට කෝල් කළා. කිසිම කරදරයක් නෑ හැමදේම හොඳින් සිද්ද වෙනවා ඉක්මනට වීසා හදාගෙන එන්න කියල යාලුවා විමල්ට කීව. පූර්ණිමාගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ ඒත් විමල් යාලුවා කියපු දේ විශ්වාස කළා.

 

යුක්රේන යුද බිම උණුසුම්: රුසියානු හමුදා ආචාර මැද තවත් ශ්‍රී ලාංකික සෙබලෙක්  අවසන් ගමනේ (වීඩියෝ)

 

විමල් රුසියාවට ගියේ අප්‍රේල් මාසේ. ගිහිල්ල දිනපතාම වගේ ගෙදරට කතා කළා. මුලින්ම ලැබුණ දීමනාවත් ගෙදරට එවුවා. සති දෙකකට විතර පස්සේ දවසක් විමල් කිවුවේ අපි front එකට යනවා ටික දවසක් කතා කරන්න බැරි වේවි බයවෙන්න එපා කියල. එදා මෙදා තුර විමල්ගෙන් ආයෙත් කෝල් එකක් ආවේ නෑ.

 

පූර්ණිමා පස්සේ දැනගත්ත විදියට විමල් මිය ගිහින් තියෙන්න මැයි මාසේ දවසක. ඒ බව පූර්ණිමාට දැනුම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය. ඒ මේ අවුරුද්දේ ජුනි මාසේ දවසක. එදා ඉඳල පෝරම කොලත් පුරවාගෙන විදේශ කටයුතු අමාත්‍යාංශයටයි, රුසියානු සංස්කෘතික මධ්‍යස්තානයටයි, රුසියානු තානාපති කාර්යාලයටයි ඇවිදපු දවස් ගාන කීයද කියල දැන් පූර්ණිමාට මතකත් නෑ. රුසියාවට ගියාට පස්සේ පූර්ණිමාට කවදාවත් විමල්ගේ වැටුප ලැබුනේ නැහැ. ඒ මදිවට දැන් විමල්ගේ විශ්‍රාම වැටුපත් නතර කරලා.

 

විමල් යන්න කලින් ගනිපු ණය ටික ගෙවාගන්නවත් විදියක් නැහැ. දරුවෝ දෙන්නට යන්තමින් කන්න දෙයක් දීල ඉස්කෝලේ යවන්න පූර්ණිමා තවත් හතර අතේ ණය වෙලා. පෝරම කොළ පුරවලා, පරිවර්තනය කරලා, තුන් හතර පොළකට භාර දීල දැන් මාස ගාණක් ගත වෙලා. ඒත් තවමත් විමල් ගෙ මරණ සහතිකේවත්, වන්දි මුදල ලැබෙන දවස ගැනවත් කිසිම තොරතුරක් නෑ.  අඩුම ගාණේ death certificate එක තිබුණ නම් නවත්තල තියෙන පෙන්ෂන් එකවත් ගන්න පුළුවන්. වන්දිය ලැබුණොත් මේ සේරම ණය තුරුස් බේරගන්න පුළුවන්. පූර්ණිමා ගේ අසනීපවලට හරි බෙහෙතක් ගන්න පුළුවන්.

 

යුක්රේනයේ දී දිවි දුන් රනිෂ් හේවගේ ගේ දේහය යුක්‍රේනයේ මිහිදන් කෙරේ

රුසියාව කියන්නේ යුද බිමේදී ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙක් මිය ගියා කියල. ඒ අයගෙන් 6 දෙනෙකුගේ අවමගුල් උත්සව හමුදා ගෞරව සහිතව මොස්කව් නගරයේදී වරින්වර පැවැත්වුණා. ඒත් මියගිය ගාණ 53 වගේ කිහිප ගුණයක් කියල හැමෝම දන්නවා. සමහරු කියන්නේ සිය ගාණක් මිය ගිහින් කියල.

 

මියගිය, අතුරුදහන් වුණ තමන්ගේ පියා, ස්වාමි පුරුෂයා, පුතා ගැන හරි තොරතුරක් නොදැන සිය දහස් ගණනක් ලංකාවේ මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. අසරණ වුන වැඩි දෙනා කාන්තාවෝ.

මේ සොල්දාදුවන්ගේ දැනට නවත්තල තියෙන විශ්‍රාම වැටුප ලබාදෙන්න හැකියාවක් තියෙනවද කියල සොයා බලමින් ඉන්න බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මා එක්ක කීව. ඒ සහනයවත් ඉක්මනින්ම ලැබේවිද කියල මේ කාන්තාවෝ බලා ඉන්නවා. 

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2024 දෙසැම්බර් 30



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...