The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

'දෙවියන් වහන්සේ ජැක් පොට් මැෂිමක් නොවේ' කාදිනල් හිමියන් එහෙම කිව්වේ ඇයි? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

December 30, 2024 • 11:25 AM

'දෙවියන් වහන්සේ ජැක් පොට් මැෂිමක් නොවේ' කාදිනල් හිමියන් එහෙම කිව්වේ ඇයි? | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් උන් වහන්සේ මුල් කොට සමාජයට ලෝකයට දේව නියමයන් පදනම් කර ගත් පණිවිඩ ලබා දීමේ පූර්ණ හිමි කමක් කිතුනුවන් තුළ තිබේ.
  • මා මෙසේ සඳහන් කළේ මෙවර නත්තල වෙනුවෙන් ජාඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේ දී ඉකුත් 24 වන දා රාත්‍රි 12.00ට පැවති ප්‍රධාන දේව මෙහෙයේ දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමිනි.
  • නමුත් ඉලක්කයක් නැති, අර්ථයක් නැති, අනුන්ට දුක ගෙන දෙන, නිදහසක් නැති මායාවලට හිර වූ අය ලෙස අපගේ ජීවිත ගෙවී යනවා.
  • නමුත් එය එසේ නොවන බව වැඩිකල් යන්නට පෙර අපට වැටහෙනවා.හන්දිපත් රුදාව, හිසරුදාව, හැදෙන කොට විවිධ අසනීප අප සොයා එනකොට අපට වැටහෙනවා අප සදාකාලිකව මෙහේ ඉන්න ඇවිත් නොමැති බව.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් උන් වහන්සේ මුල් කොට සමාජයට ලෝකයට දේව නියමයන් පදනම් කර ගත් පණිවිඩ ලබා දීමේ පූර්ණ හිමි කමක් කිතුනුවන් තුළ තිබේ. මා මෙසේ සඳහන් කළේ මෙවර නත්තල වෙනුවෙන් ජාඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේ දී ඉකුත් 24 වන දා රාත්‍රි 12.00ට පැවති ප්‍රධාන දේව මෙහෙයේ දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමිනි.

“අද අප ජීවත්වන සමාජය බාහිර වශයෙන් නත්තල් දින සතුටු වෙනවා. නමුත් ඉලක්කයක් නැති, අර්ථයක් නැති, අනුන්ට දුක ගෙන දෙන, නිදහසක් නැති මායාවලට හිර වූ අය ලෙස අපගේ ජීවිත ගෙවී යනවා. මෙවැනි සමාජයක් තුළ දෙවියන් වහන්සේටත් ඉඩක් නැහැ. අද බොහෝ දෙනෙක් සිතන්නේ තමන්ගේ භෞතික පැවැත්ම සදාකාලයටම පවත්වා ගෙන යා හැකියි කියලා. නමුත් එය එසේ නොවන බව වැඩිකල් යන්නට පෙර අපට වැටහෙනවා.හන්දිපත් රුදාව, හිසරුදාව, හැදෙන කොට විවිධ අසනීප අප සොයා එනකොට අපට වැටහෙනවා අප සදාකාලිකව මෙහේ ඉන්න ඇවිත් නොමැති බව. ජීවිතයේ භෞතික සැප සඳහා ජීවත්වන බොහෝ දෙනකු අත්විඳින්නේ අර්ථ ශූන්‍ය ජීවිතයක්. ඒක තමයි ඇත්ත” අගරදගුරුතුමන් එහි දී දේශනා කොට තිබේ.

 

එහි දී ඒ සම්බන්ධයෙන් තව දුරටත් විස්තර කළ එතුමන් පවසා ඇත්තේ උත්තරීතර මනුෂ්‍යත්වය නොසලකා ධනය, බලය, සමාජ තරාතිරම යනාදී ආත්මාර්ථකාමි මිනිස් මිනුම් දඬු තුළ මිනිස් වර්ගයා මනින වෙන් කරන වැඩපිළිවෙළක් මේ වන විට සමාජය මුල් කොට මුල් බැසගෙන බිහිවී තිබෙන බවකි.

 

“අප සැම විටම සෑම මනුෂ්‍යයකුගේම වටිනාකම වටහා ගත යුතු වෙනවා. මෙහිදී ඔවුන්ගේ සමාජ තරතිරමට ඔවුන් උපයන ධනය මෙන්ම ඔවුන් සමාජයේ කොතරම් උසස් තැනක ඉන්නවාදැයි කියන එක වැදගත් නැහැ. බලය, තරාතරම, ශක්තිය මත නොවෙයි මනුෂ්‍යයකුගේ වටිනාකම රැඳී පවතින්නේ. දෙවියන් වහන්සේ අපට ආදරය කරන තරමට අපි අපේ අසල්වැසි සහෝදරයන්ට ආදරය කළ යුතුයි. ඔවුන් සමග අපගේ ජීවිතය බෙදාගත යුතුයි. වස්තු සම්පත් අප ලැබ තියෙන්නේ ටික කාලයකටයි. අප මෙලොවින් නික්ම යන විට ඒ සැප සම්පත් කිසිවක් අපට ගෙන යන්න බැරි බව අප කවුරුත් අවබෝධ කරගත යුතු වනවා. සමාජ විෂමතාවන්ට ලක්වූවන්ට මිනිස් ආත්මාර්ථකාමීත්වය තුළ තුවාල කරනු ලැබූ අසරණයන්ට අප සරණ විය යුතුයි. විශේෂයෙන් දිළිඳු අසරණ වූවන් සමාජය තුළ කොන් වූවන් වෙත අපගේ කරුණාව, උදව් උපකාර පමණක් නොව ඔවුන්ට ගෞරවයක් ද සැමවිට ලබා දිය යුතුයි. මේවා ක්‍රිස්තියානු ජීවිතයේ ඉතා වැදගත් නියමයන්.

 

පුවත් - Results from #9048

අප පොහොසත් විය යුත්තේ ශාරීරිකව පමණක් නොවෙයි. ආධ්‍යාත්මික වශයෙනුත් අප පොහොසත් විය යුතුයි. ශ්‍රී ලංකාවේ අපේ සමාජය තුළ ජාති, ආගම් බේදයෙන් තොරව සෑම කෙනෙකුටම ගෞරවය ලබා දිය යුතුයි. සෑම කෙනෙකුගේ අදහස්වලට ගරුත්වයක් ලබා දෙන්න ඕනෑ. ඔවුන්ගේ පැවැත්මට උත්තරීතර තත්ත්වයට සැලකිය විය යුතුයි. දයාව හා ප්‍රේමය කියන්නේ ඒකයි. ප්‍රේමය ඇති තැන දෙවියන් වහන්සේ වැඩ සිටිනවා”කොළඹ අග රදගුරුතුමන් කළ මෙම ප්‍රකාශය නූතන සමාජයේ බොහෝ දෙනකු ගේ ප්‍රායොගික ආගම වන ධනෝපායනය පිළිබඳව සඳහන් වන්නකි.

ශුද්ධ මාක් සුභාරංචියේ දස වන පරිච්ඡේදයේ 23-27පාඨ වලින් එය මෙසේ දැක්වෙයි “එවිට ජේසුස් වහන්සේ අවට බලා ධනවතුන් හට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුදැයි ගෝලයන්ට කී සේක. ගෝලයෝ උන්වහන්සේගේ වචනවලට විස්මයට පත් වූහ. නමුත් ජේසුස් වහන්සේ නැවතත් උත්තර දෙමින්: දරුවෙනි, වස්තුව කෙරෙහි විශ්වාස කරන්නවුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුද? ධනවතකු ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉදිකටු සිදුරෙන් ඔටුවෙකුට යන්ට පහසුයයි කී සේක. ඔව්හු අතිශයින් මවිත වී එසේ නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි උන්වහන්සේට කීවෝය. ජේසුස්වහන්සේ ඔවුන් දෙස බලා: මනුෂ්‍යයන්ට නම් නුපුළුවන, නමුත් දෙවියන්වහන්සේට එසේ නොවේය. මක්නිසාද දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කී සේක” අද වන විට අප මඟ තොටේ දකින බයිබල් වැකි අතුරින් “දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය” යන්න ප්‍රමුඛ තැනක් ගනී.

 

එහෙත්, අද සමාජය සිදු කරනුයේ උන් වහන්සේ ගේ ඒ ප්‍රකාශය මත පදනම් ව සැබෑ කිතුනු මඟ දැන හැඳින ඒ මඟට අවතීර්ණ වීම නොවේ. දෙවියන්වහන්සේට සියල්ල කළ හැකිය” යන්න ලෝකයට පවසා අප අපේ වැඩක් බලා ගැනීම පමණි. ඊට පෙර ද එනම් පසුගිය දෙසැම්බර් 23 වන දා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් රාගම තේවත්ත ලුර්දු මාතා දේවස්ථානයේ ඉදිකළ මීසම් ගෘහය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් පවසා සිටියේ ඊට සමාන්තර ප්‍රකාශයකි. එනම් දෙවියන් වහන්සේ ‘ජැක්පොට්’ මැෂිමක් නොවන බවකි. ඒ මෑතක දී එක්තරා පුද්ගලයකු සිදු කළ කිතුනු ඉගැන්වීම් අවභාවිතාවක් සම්බන්ධයෙන් කිතුනු ප්‍රජාව දැනුවත් කරමිනි.

එහි දී දිවැස් ප්‍රසාදිවරුන් ලෙස පෙනී සිටිමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට ඇතමුන් දරණ උත්සහය පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවත් දෙවියන් වහන්සේ තෝරා ගන්නා පුද්ගලයාට පමණක් ‘දිවැස් ප්‍රසාදි’ ධූරය හිමිවනවා මිස ‘දිවැස් ප්‍රසාදි’ යැයි තමන්ම නම් කරගත නොහැකි බවත් කොළඹ අගරදගුරු තුමෝ පැවසූහ. 

කිතුනු දහම නියෝජන කරන බව අඟවමින් එක්තරා පුද්ගලයකු වෙනත් ආගම්වල සහෝදර සහෝදරියන්ට අපහාස කිරීමේ ක්‍රියාවලියක ද නිරතව සිටින බවත් ඔවුන් ධර්මයට නිගා කිරීමේ වැඩසටහනක ද නිරතව සිටින බවත් කොළඹ අගරදගුරු තුමන් පවසා සිටීම ද විශේෂත්වයකි. ඉහත සඳහන් පුද්ගලයා බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කෙනකු ලෙස යමකු අන්දවාගෙන “සුව කරන්නේ යැ”යි පෙන්වන බව කී අගරදගුරු තුමෝ බෞද්ධයන්ගේ සිත පෑරීමට මෙම පුද්ගලයා කටයුතු කරන බව ද සඳහන් කළහ.

 



බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ලෙස පෙනී සිටින පුද්ගලයා ආගම් අතර ගැටුම් ඇති කිරීමේ ඉලක්කයේ සේවකයෙක් බවට පත්ව සිටින බවත් එය බෞද්ධ භික්‍ෂූන්වහන්සේගේ සිත රිදවන කටයුත්තක් බවට පත්ව ඇති බවත් අගරදගුරු තුමෝ පැවසූහ. එම කටයුත්ත සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් වීම හේතුවෙන් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද අගරදගුරු හිමිපාණෝ එහි දී අවධාරණය කළහ. එම පුද්ගලයා තමන් ‘දිවැස් ප්‍රසාදි’ යැයි කියමින් ජනතාව මුලාකිරීමේ ව්‍යාපෘතිවලට ගොදුරු කරගෙන ඇති බවත් එම පුද්ගලයා කරගෙන යන වැඩපිළිවෙළට සමාජයේ පොහොසත් සහ කෙරුම් කරුවන් වන කොටසක් ද හසුවී සිටින බවත් කොළඹ අගරදගුරු තුමෝ කීහ.

”සියලු දෙනාගේම මුදල් එකතු කරමින් ඒ මනුස්සයා විශාල ජාවාරම් කරුවෙක් බවට පත්ව සිටිනවා සල්ලිකාරයෝ තවත් සල්ලි සොයන්න ‘දිවැස් ප්‍රසාදි’ යැයි කියන පුද්ගලයා වෙත දුවනවා. සල්ලි මැෂින්වලින් දෙනවා යැයි එතනට යන මිනිසුන් සිතනවා. නමුත් දෙවියන් වහන්සේ ‘ජැක්පොට්’ මැෂිමක් නොවේ.

ආගම ; එහි සාරයෙන් වෙන් කිරීම

 

ශ්‍රී ලංකාව තුළ ආගම පදනම් කරගෙන සමාජය භේද භින්න කරන්නට මේ තැනැත්තා දරන උත්සහය අපිට කොහොමත් පිළිගන්නට බැහැ. අන්‍යයන් රවට්ටලා මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරවලට ස්වාමීන් වහන්සේ පටලවාගෙන ධනය ඉපැයීමේ ව්‍යාපාරයක් ඇති කරගෙන ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින මේ මනුස්සයා ගැන අපි ඇත්තෙන්ම කණගාටු වෙනවා. ඒ නිසා අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා අපේ බෞද්ධ සහෝදරයින්ට යම්කිසි සිත් පෑරීමක් වුණා නම්, මේ සම්බන්ධව අපේ කණගාටුව පළ කරන බව. මේ අවස්ථාවේදී සමහරුන් යම් යම් ජාත්‍යන්තර සංවිධානවල රටවල් වල අතකොළු බවට පත්වෙනවා මේ ගොල්ලෝ. ඒ නිසා මෙය වැළැක්වීමට රජය කටයුතු කළ යුතුයි. මෙවැනි දේ කරන්නවුන්ට “අනුග්‍රහ නොදැක්විය යුතුයි” යනුවෙන් ද අගරදගුරුතුමන් වැඩිදුරටත් සඳහන් කොට තිබේ.


මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කළ මේ ප්‍රකාශ දෙක තුළින්ම නූතන කතෝලික ප්‍රජාව කිතුනු මඟින් පිට පැන ඇති ආකාරය සම්බන්ධයෙන් අනතුරු හැඟවීමක් කොට ඇති බව පැහැදිලි ය. එමෙන්ම එතුමන් ගේ එම අසත් බලවේග විසින් උන් වහන්සේට මඩ ප්‍රහාර එල්ල කොට සැබෑ දෙව වචනය යටපත් කිරීමේ අපේක්ෂිත ක්‍රියාවලියකට ද මේ වන විට මුල පිරී ඇති බවක් පෙනෙයි. නමුත් එවන් කොළඹ අගරදගුරුතුමන් ගේ ඉහත සඳහන් ප්‍රකාශ මත පදනම්ව සජීවී සමාජ සංවාදයක් ගොඩ නඟා ගැනීමට මෙරට කතෝලික ප්‍රජාව අසමත්ව ඇති බවක් මට වැටහේ. එය මෙරට කතොලික බහුතරය විසින් වහා උපදවා ගත යුතු ජවයකි; ශක්තියකි. එසේ නොකළ හොත් මෙවැනි සමාජයක් තුළ දෙවියන් වහන්සේටත් ඉඩක් නැතැයි යනුවෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් කළ ප්‍රකාශය කිතුනු සමාජයට මුහුණ පෑමට සිදු වන ඛේදනීය යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවනු නියත ය.

Screenshot 2024 12 25 at 10.13.44 copy(සටහන | රීටා ජෙනට් පෙරේරා)

උපුටා ගැනීම - vinivida

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'දෙවියන් වහන්සේ ජැක් පොට් මැෂිමක් නොවේ' කාදිනල් හිමියන් එහෙම කිව්වේ ඇයි? | රීටා ජෙනට් පෙරේරා | The Leader