The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

අක්කරපත්තුවේ විසි වසරක සුනාමිය | ඉෂංඛා සිංහආරච්චි

T

The Leader Desk

December 31, 2024 • 5:05 AM

අක්කරපත්තුවේ විසි වසරක සුනාමිය | ඉෂංඛා සිංහආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ දී සුනාමියට ගොදුරුව දිවි හැර ගිය ළමා ළපටින් ඇතුළු වැඩිහිටි ආදරනීයන්ගේ මතකය වසර විස්සක් පුරා ආවර්ජනය කළ ද නිවාස දේපල හානි වුවන්ට ඒවා යළි ගොඩනගා ගැනීමේ අවස්තාව නොමදව ලැබිණි.
  • විපතට පත් මොවුන් වෙනුවෙන්, සෞදි අරාබි රාජ්‍යයේ මුල්‍යධාර මත ගොඩනැගුනු, අම්පාර -අක්කරපත්තු මාර්ගයේ 03 වැනි සැතපුම් කනුවේ සිට ආලම්කුලම් ගම්මානය පසු කරමින් 08 වැනි සැතපුම් කනුව හන්දිය දක්වා ගමන් කරන විට නුරෛච්චෝළයි සුනාමි නිවාස යෝජනා ක්‍රමය හමුවෙයි.
  • ''සර්ප විමානයක්- සොර තිප්පොළක්'' එම්.ඒ.සුබයිදා රුපියල් මිලියන දහසක වියදමින් පාසැල්,රෝහල්, තැපැල් කන්තෝරු, ඇතුළු සියලු පහසුකම් ඇතිව අංගසම්පුර්ණ ඉදි කෙරෙනු නිවාස 500 බෙදා දීමේදී මතු වූ ගැටලුවට දැන් පහළොස් වසකි.
  • ඇතැම් ගොඩනැගිලි වල බොහෝ දේ සොරුන් විසින් ගලවා ගෙන ගොසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

2004 වසරේ දී  සුනාමියට ගොදුරුව දිවි හැර ගිය ළමා ළපටින් ඇතුළු වැඩිහිටි ආදරනීයන්ගේ මතකය වසර විස්සක් පුරා ආවර්ජනය කළ ද නිවාස දේපල හානි වුවන්ට ඒවා යළි ගොඩනගා ගැනීමේ අවස්තාව නොමදව ලැබිණි. ඒ වෙනුවෙන් රාජ්‍ය, පෞද්ගලික මෙන්ම පොදු මහජනයාගේ සහාය ද මහත් ඉහලින් පැවතිණි. එහෙත් අක්කරපත්තුවේ සුනාමියට ගොදුරුව සිය වාසස්ථාන අහිමිවූ ජන සමුහයක් තවමත් සිටින්නේ කුලී නිවාසවල එසේත් නැත්නම් ඥාතියෙකුගේ හෝ හිත මිතුරෙකුගේ බිම් කඩක් බෙදා ගනිමින්ය.

 

 

විපතට පත් මොවුන් වෙනුවෙන්, සෞදි අරාබි රාජ්‍යයේ මුල්‍යධාර මත ගොඩනැගුනු, අම්පාර -අක්කරපත්තු මාර්ගයේ 03 වැනි සැතපුම් කනුවේ සිට ආලම්කුලම් ගම්මානය පසු කරමින් 08 වැනි සැතපුම් කනුව හන්දිය දක්වා ගමන් කරන විට නුරෛච්චෝළයි සුනාමි නිවාස යෝජනා ක්‍රමය හමුවෙයි.

''සර්ප විමානයක්- සොර තිප්පොළක්''

 

එම්.ඒ.සුබයිදාඑම්.ඒ.සුබයිදා


රුපියල් මිලියන දහසක වියදමින් පාසැල්,රෝහල්, තැපැල් කන්තෝරු, ඇතුළු සියලු පහසුකම් ඇතිව අංගසම්පුර්ණ ඉදි කෙරෙනු නිවාස 500 බෙදා දීමේදී මතු වූ ගැටලුවට දැන් පහළොස් වසකි. වඩාත් ශෝචනීය වන්නේ වල් වැදුණු මේ නිවාස හා ගොඩනැගිලි සතා සර්පයන්ගේ මෙන්ම සොරුන්ගේ තිප්පොළක් වී තිබීමය. ඇතැම් ගොඩනැගිලි වල බොහෝ දේ සොරුන් විසින් ගලවා ගෙන ගොසිනි.

''ගෙවල් හැදුවට අපිට ඒවා බෙදා දුන්නේ නැහැ. ලංකාවේ සුනාමියෙන් විපතට පත් වුනු මිනිස්සුන්ට නිවාස ලැබිලා තියෙනවා.ඒත් අක්කරපත්තුවේ පීඩාවට පත්වුණු මිනිස්සුන්ට නිවාස දුන්නේ නැහැ.'' යැයි  සුනාමියෙන් සිය ගේ දොර අහිමිවූ, දරුවන් හය දෙනෙකුගේ මවක් වන ඇම්.ඒ. සුබයිදා පවසන්නේ හිතේ අරෝවකිනි. තම දරුවන් සමගින් කුලී නිවසක වෙසෙන දිරිය ස්ත්‍රියක් වූ ඈ නිවසක් ලබා ගැනීම වෙනුවෙන් තවමත් අරගල කරන්නීය.

වසර 40 කට වැඩි කාලයක් ධීවර, ගොවි හා දෛනික කුලීයේ යෙදුනු සුබයිදලාගේ බොහෝ දෙනාට  සුනාමියෙන් විනාශ වුනු නිවාස යළි  ඉදි කරගන්නට අවස්තාව නොලැබුණි. ඒ මීටර් 200 අවදානම් කළාපයට හසුවීම නිසාවෙනි.


අධිකරණ තීන්දුව
 
18312dd5 7223 4dd9 b4d1 6f3bab1ecff0
නුරෛචෝලයි නිවාස ව්‍යාපෘතියට ලබා ගත්තේ  හිඟුරාන සීනි කම්හලට අයත්, උක් වගාවට යොදාගත් පසුව දස වසක කාලයක් අත්හැර දමා තිබු අක්කර 64 ක බිම් කඩකි. නිවාස බෙදා දීමට යාමේදී ඒ ආසන්නයේ වූ දීඝවාපියේ බෞද්ධ සංවිධාන එකතුව අධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරිණි. දීඝවාපි පුදබිමට කිලෝ මීටර් 13 දුරින් පිහිටි, මේ නිවාස මුස්ලිම් ජනයාට පමණක් නොව ප්‍රදේශයේ සිංහල- දෙමළ ජනයාටත් ලබා දිය යුතු යැයි වූ ඔවුන්ගේ පෙත්සමට  2009 වසරේ ජුනි පළමු දා තීන්දුවක් ලැබුණි. එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සහ ඉඩම් සංවර්ධන නීති  අනුගමනය කරමින්, සාධාරණ සහ සමානාත්මක ක්‍රියාදාමයකට අනුව නිවාස බෙදා දිය යුතු බවය. අධිකරණ තීන්දුවත් සමඟ නිවාස ලබා දීම දිනෙන් දින පමා විණි. 
 
අක්කරපත්තුව, ප්‍රාදේශීය ලේකම් ටී.ඇම්. ඇම්. අන්සාර් ට අනුව සුනාමියෙන් විපතට පත්වුවන් අතරින් නිවාස සම්පුර්ණයෙන්ම හානිවූ පවුල් ගණන 308 කි. ඔවුන් අතරින් පනහකට වැඩි පවුල් වෙනත් ස්ථාන කරා පදිංචියට ගොස් ඇති විට ඉතිරිව ඇත්තේ පවුල් 268 කි. 2013 වසරේදී කැඳවූ සම්මුඛ පරික්ෂණයක් මගින් අනිවාර්යෙන්ම මෙම නිවාස ලබාදීමට නිර්දේශ කරනු ලැබූ පවුල් ගණන 263 ක් වූ අතර පසුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කළ අභියාචනා අනුව තවත් පවුල් පහක් ඊට එක්විණි. මිට අමතරව 2017 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර්  මාස වල පැවැත්වූ ඉඩම් කච්චේරියට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ඉඩම් නොමැතිවුවන් 667 දෙනෙකු අයදුම් කළද, තෝරා ගත්තේ 575 දෙනෙකි.
eb1e3de1 53c2 45da b5fb f1fbe0563714
 
ෆේරියල් -අතාවුල්ලා බල අරගලය
 
අක්කරපත්තු සුනාමියෙන් විපතට පත්වූවන්ගේ නිවාස වෙනුවෙන් තවමත් අරගල කරන ඉඩම් අයිතිය උදෙසා වූ අම්පාර දිස්ත්‍රික් එකමුතුව පවසන්නේ මෙය අධිකරණය දක්වා යාමට ප්‍රදේශයේ දේශපාලන බල අරගලය හේතු වූ බවකි. නුරෛචෝලයි නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට මුල් වූ එවකට නිවාස ඇමතිනි ෆේරියල් අශ්රොෆ් ට එරෙහිව ඒ.එල්. එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයා ක්‍රියා කරන්නට යෙදුනේ අක්කරපත්තුවේ තම බලය හීන වේ යන සැකය හේතුවෙනි. නිවාස ව්‍යාපෘතිය තුලින් ෆේරියල් අශ්රෝෆ්ට කිසියම් ජනප්‍රසාදයක් ඇතිවීම වැලැක්වීම අතාවුල්ලාගේ අරමුණ වූව ද මේ ආරවුල මගින් තවත් බොහෝ පාර්ශවයන්ට වාසි අත්කර දී තිබේ. අසරණව ඇත්තේ උන්හිටි තැන් අහිමිවූ දුගී දුප්පත් ජන සමුහයකි.
f1477822 1db8 4320 a11b e7178c8601c5 
සුනාමියෙන් විපතට පත් ජනයාට ප්‍රමුඛත්වය ලබා දෙමින් නුරෛච්චෝල නිවාස බෙදා දීම කෙරෙහි සාකච්ජාවක්  ඉඩම් අයිතිය උදෙසා අම්පාර දිස්ත්‍රික් එකමුතුව හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාල නිලධාරින් සමඟ පැවැත්විණි. පසුගිය වසරේ මාර්තු වල පැවති සාකච්ජාවන් අත් හැරුනේ  ඉන් පසු එළඹී මැතිවරණ සමය නිසාය. කෙසේ වෙතත් නිවාස අයිතිය වෙනුවෙන් තව දුරටත් අරගල කරන ඔව්හු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්නට ද සැරසෙති. 

ඉකුත් නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් එතෙක් අම්පාර දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන සිටී, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය, සමගි ජන බලවේගය වැනි සාම්ප්‍රදායික පක්‍ෂ අභිබවා ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. අක්කරපත්තුවේ සුනාමි විපතට පත් වුවන්ගේ විසි වසරක ගැටලුවට විසදුම් ගෙන දීමේ වගකීම දැන් පැවරී ඇත්තේ වත්මන් ජා.ජ.බ. ආණ්ඩුව වෙතය.

ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(සටහන | ඉෂංඛා සිංහආරච්චි) 
නිදහස් මාධ්‍යවේදිනී 
ishanka.singhe@gmail.com
[අනිද්දා සති අන්ත පුවත් පතේ පළවූවකි.]


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...