The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

2024 මානව හිමිකම් දිනය: පුරවැසි සමාජය මුහුණ දෙන අභියෝග - (සුනන්ද දේශප්‍රිය)

T

The Leader Desk

December 10, 2023 • 5:32 AM

2024 මානව හිමිකම් දිනය: පුරවැසි සමාජය මුහුණ දෙන අභියෝග - (සුනන්ද දේශප්‍රිය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ.
  • තවද මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට යම් මට්ටමක විසඳුමක් ලෙස ඇති කරන ලද පලාත් සභා ක්‍රමය, එකී මැතිවරණ දිගින් දිගටම කල් දැමීම මගින් අත්හිටුවා තිබේ.
  • ජනාධිපති රනිල් රාජපක්ෂ කටයුතු කරන්නේ මැතිවරණ කොමිසම යනු ස්වකීය අතකොළුවක් ලෙස සලකමිනි.
  • අන් සියලු අයිතීන්හි පදනම වන සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම අරමුණු කර ගත් මාර්ගගත ආකර්ෂණ පනත සහ විකාශන අධිකාරී පනත යන බිය ජනක පනත් කෙටුම්පත් දෙකක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර සම්මත කිරීමට සූදානම් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒවා මෙසේ දැක්විය හැක.

1. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ. 2021 මැයි මාසයේ පැවැත්වීමට නියමිත වූ පලාත් පාලන මැතිවරණ දින නියමයකින් තොරව කල් දමා එම ආයතනයන්හි බලය මහජන නියෝජිතයින් වෙනුවට නිලධාරීන්ට පවරා තිබේ. තවද මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට යම් මට්ටමක විසඳුමක් ලෙස ඇති කරන ලද පලාත් සභා ක්‍රමය, එකී මැතිවරණ දිගින් දිගටම කල් දැමීම මගින් අත්හිටුවා තිබේ. ජනාධිපති රනිල් රාජපක්ෂ කටයුතු කරන්නේ මැතිවරණ කොමිසම යනු ස්වකීය අතකොළුවක් ලෙස සලකමිනි.

රටේ කට වැසීම, බලය රැකගැනීමේ පූර්ව-කොන්දේසියකි ! - (ගාමිණී වියන්ගොඩ)
2. අන් සියලු අයිතීන්හි පදනම වන සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම අරමුණු කර ගත් මාර්ගගත ආකර්ෂණ පනත සහ විකාශන අධිකාරී පනත යන බිය ජනක පනත් කෙටුම්පත් දෙකක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර සම්මත කිරීමට සූදානම් වෙයි. රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ආ තවත් පනත් කෙටුම්පත් ගණනාවක ද මාධ්‍ය මර්දනය අතුල් කර තිබේ. එමෙන්ම මානව හිමිකම් සුරැකීමට පිහිටුවන ලද “සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” ප්‍රකාශන නිදහස මැඩලීමේ මෙවළමක් බවට පත් කර තිබේ.

3. යුද්ධ කාලීන මානව හිමිකම් කෙලෙසීම් ආමන්ත්‍රණය කිරීම පිණිස දියත් කරන ලද සංක්‍රමනීය යුක්ති ක්‍රියා දාමය අතහැර දමා දේශපාලන බලපෑමට යටත් ව්‍යාජ සංහිදියා කොමිසමක් පිහිටුවා යලිත් වරක් වින්දිත ප්‍රජාව මුලා කිරීමට ආණ්ඩුව කටයුතු කර ගෙන යයි. ඒ අරභයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ ඇති කර ගත් එකඟතා කුණූ කුඩයට දමා තිබේ.

ප්‍රති-ත්‍රස්ත පනත මගින් සුවිශේෂී තත්වයන්හිදී පමණක් කල හැකි දේ සාමාන්‍යකරණය  නැවැත්විය යුතුය - (මහාචාර්ය රොහාන් සමරජීව)
4. දේශීය සහ අන්තර්ජාතික වශයෙන් උග්‍ර විවේචනයකට ලක් වූ සහ එය සංශෝධනය කරන තුරු භාවිතා කිරීම අත්හිටවන බවට ලංකාණ්ඩුව එක්සත් ජාතීන් වෙත පොරොන්දු වූ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යළි මර්දන මෙවළමක් ලෙස පාවිච්චියට ගැනීම ආරම්භ කර තිබේ. 

5. විවිධාකාර මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනාවන්ට ලක්ව සිටින සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ද වගකිය යුතු  දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට මරු පහරක් එල්ල කර තිබේ. පොලිස් බලය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට සහ සුලුතර ප්‍රජාවන්ට එරෙහිව අයුතු ලෙස යෙදවීම දැන් සාමාන්‍ය නීතිය බවට පත්ව තිබේ. 

දෙමළ මහවිරුවන් සැමරීමට උතුරු නැගෙනහිර හමුදා පොලිස් බාධා
6. සිංහල මහා ජාතික දේශපාලනය තහවුරු කරමින් දෙමළ සහ මුස්ලිම් ජනයා මත විශම සැලකීමක් තහවුරු කරමින් තිබේ. දෙමළ ජනයාගේ අනුස්මරණය කිරීමේ අයිතිය පවා මර්දනය කරමින් බිය ගැන්වීමේ මර්දන දේශපාලනයක් දියත් කර ඇත.

7. ආරක්ෂක වියදම් එන්න එන්නම ඉහළ නංවන රජය ජනතාවගේ එදිනෙදා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වන පොදු ප්‍රවාහණය, නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය නොසළකා හරිමින් තිබේ. සෞඛ්‍ය සේවයේ ඔඩු දුවා ඇති ප්‍රශ්න වලට විසඳුමක් දීමට රජය උත්සාහ කරන්නේවත් නැත. එමෙන්ම කොවිඩ් වසංගත සමයෙහි සිට උග්‍ර වන අධ්‍යාපන සේවය සම්බන්ධයෙන් ද නිසි සැළකීමක් නැත. 

8. වැඩ කරන ජනයා මත එන්න එන්නම බදු බර සහ ජීවන බර පටවන රනිල් රාජපක්ෂ ආණ්ඩුව කම්කරු අයිතීන් මර්දනය කිරීම පිනිස නීති ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුව සැලසුම් කරයි. 

ජවිපෙ/ පරිපාලන සේවා සමිති ආදායම් බදු යෝජනා ප්‍රෙහෙලිකාව - (මහාචාර්ය රොහාන්  සමරජීව)
9. පොදු මහා ජනයාගේ ජීවන තත්වය නරක අතට පත් කරමින්, විවිධාකාර බදු බර මහා ජනයා වෙත පටවමින් මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ජන පීඩක ආර්ථික ප්‍රතිපත්ති ගිවිසුම ක්‍රියාවට නංවමින් තිබේ.

10. විධායක ජනාධිපති බලය අවභාවිත කරමින්. ව්‍යවස්ථා සභාව මෙන්ම පාර්ලිමේන්තුව ද මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා ද මඟ හැර සුජාත බලයක් නැති ජනාධිපති රනිල් රාජපක්ෂ ඒකාධිපති වෙස් ගනිමින් තිබේ. 

මෙම අභියෝග අභිසය එළඹෙන 2024 වර්ෂය තීරණාත්මක මැතිවරණ වර්ෂයක් ද වනු ඇත. එමගින්  මෙරට මහා ජනයා හමුවේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සහ සැමට සිවිල්, ආර්ථික, සංස්කෘතික සහ සමාජ යන සෑම මානව සියලු මානව හිමිකම් හිමි දේශයක් බවට පත් කරලීමේ පළමු පියවර ගැනීමට අවස්ථාව සැළසෙයි.

මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න ! - දේශපාලන පක්ෂවලට බලපෑම්

ක්‍රම වෙනසක් සඳහා මෙරට ජනතාව තුල ඇති අභිලාෂයන්ගේ ප්‍රකාශණයක් බවට මැතිවරණ වසර පත් කිරීමට අප හැම දෙනා උත්සාහ කල යුතුය. ඒ සඳහා වන ජන පෙළ ගැසීම දිනක් පාසා ඉහළ යමින් තිබේ.


එසේ නමුත් කවර හෝ ගැලවුම්කරුවකු විසින් ලංකාව මුහුණ දී සිටින මෙම තියුණූ අර්බූදයන්ට විසඳුම් දෙනු ඇතැයි අප විශ්වාස නොකළ යුතුය. 

කළක යහපත්, දූෂිත පුද්ගලයින් බලයට පැමිණිමෙන් පසු අනීතික, පුද්ගල වාසි පමනක් තකන දූෂිතයින් බවට පත්වනු අප සෑම මැතිවරණයකින්ම පසු අත්දැක තිබේ.

එබැවින් මෙරට ජන ජීවිතයේ සෑම අංශයක්ම බංකොළොත් තත්වයට ඇද දැමූ දූෂණයේ, භීෂණයේ සහ ජාතිවාදයේ දේශපාලන දුරු කිරීමේ මාවත වැටී ඇත්තේ කවර හෝ ගැළවුම්කරුවකු හරහා නොවේ. එය වැටී ඇත්තේ දේශපාලන ක්‍රම වෙනසක් හරහාය. යහපත් දේශපාලන නායකත්වයකට පවා සිය දැක්ම සහ භාවිතයට මඟ පෙන්වන සහ නියාමනය කැරෙන ක්‍රම පද්ධතියක් අවශ්‍ය ය.

ඒ සඳහා ප්‍රධාන වශයෙන් කරුණු තුනක් අත්‍යවශයය.

1.  ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුණු තුන, එනම් විධායකය. ව්‍යාවස්ථාදායකය සහ අධිකරණය අතර නිසි සම්බන්ධීකරණය, ගරු කිරීම පදනම් වන නිශ්චිත බල විභේදනය.

2. දේශපාලන බලයට තෙරපුමක් විය හැකි  මහජන දැනුවත් භාවය සහ පුරවැසියා බලවත් කැරෙන අඛන්ඩ සජීවී සහ ප්‍රබල සමාජ- දේශපාලන පුරවැසි ව්‍යාපාරය ජාලයක්.

3.  රාජ්‍ය බලයේ ඉක්මවා යෑම් පාලනය කළ හැකි, ස්වාධීන සහ ශක්තිමත් ස්වාධීන යාන්ත්‍රණයන් සහිත ශක්තිමත් තුලන සහ සංවරණ යාන්ත්‍රණ දාමයක්.

 

බලය දූෂණය ඇති කරයි. ඒකාධිපති බලය අත්‍යන්ත දූෂණය ඇති කරයි.
 
ජන අරගලය ගැන (අසම්පූර්ණ විය හැකි?) පුරවැසි ආවර්ජනයක් - (W.G.D. ප්‍රියංකර)
මහා ජනයා දශ ලක්ෂ ගණනින් විදී බට ආදරයේ සහ ක්‍රම වෙනසක අරගලය ඉගැන් වූ එක් පාඩමක් වන්නේ ජනබලයේ වැදගත් කමයි
 
එබැවින් පාරිශුද්ධ ගැළවුම්කරුවන් කෙරෙහි විශ්වාසය තබනවාට වඩා ක්‍රම වෙනසක් කෙරෙහි අප විශ්වාසය තැබිය යුතුය. එම ක්‍රම වෙනස ඇත් වන්නේ හුදෙක් දේශපාලන පක්ෂ හෝ දේශපාලන බලය හරහා නොවේ.

මහා ජනයා දශ ලක්ෂ ගණනින් විදී බට ආදරයේ සහ ක්‍රම වෙනසක අරගලය ඉගැන් වූ එක් පාඩමක් වන්නේ ජනබලයේ වැදගත් කමයි. රනිල් රාජපක්ෂගේ මර්දන අණපනත් දණ ගැස්වීමට සමත් වූයේ ද දේශපාලන පක්ෂ මෙන්ම විවිධාකාර පුරවැසි ක්‍රියාකාරිත්වයන් මගින් බව අප දනිමු.

වෙනසක් සඳහා වන දේශපාලන පක්ෂ සහ ව්‍යාපාරයන් මෙන්ම පුරවැසියන්ගේ සක්‍රීය ක්‍රියාකාරිත්වයක් නොමැති කිසිදු රටක මහජන අයිතීන් ආරක්ෂා වී නැත.

එබැවින් තීරණාත්මක වසරක් අභියස සමරන මෙම මානව හිමිකම් දින, පුරවැසි ජනයා බල සතු කිරීමේ අත නොහැරිය හැකි කාර්යය මතකයට නංවා ගමු.

අවකාශයේ සංසරණය වන 'ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය' ගැන කතාබහක් !(සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
 
sunandadeshapriya@gmail.com
Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ශ්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජාලය -ජර්මනිය
පුඵල් බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වන  සංවිධාන පුද්ගල එකතුව - ශ්‍රි ලංකාව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...