The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

2024 ප්‍රගති කතාව (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

April 22, 2024 • 12:29 PM

2024 ප්‍රගති කතාව (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහනුවර ශ්‍රී ලංගම ප්‍රාදේශීය කළමනාකාර ඩී.ඩී.
  • ගතවූ අප්‍රේල් 10-14 අතර දින 14 තුළ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම කෝටි 15කි.
  • ලංකාවේ සියලු අධිවේගී මාර්ගවල අප්‍රේල් 14 දින පමණක් වාහන එක් ලක්ෂ විසි අට දහසක් ධාවනය වී ඇති බව අධිවේගී මාර්ග නඩත්තු අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.
  • එහෙම අසන්නේ අනුර දරන්නේත් ගෝඨාගේ බදු ප්‍රතිපත්තිය මූල්‍ය අරමුදල සම්බන්ධ ස්ථාවරයම නිසාය. 2020 ජනතාව විසින් ගෙදර යැවූ රනිල් 2022දී කඩා වැටුණ රටට එකම විකල්පය වෙමින් සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

මහනුවර ශ්‍රී ලංගම ප්‍රාදේශීය කළමනාකාර ඩී.ඩී. සරත් ප්‍රසන්න කුමාර උපුටා දක්වමින් ජානක සම්පත් බණ්ඩාර දිවයිනට වාර්තා කළේය.  

මේ වාර්තා මාලිමා දැක්මට අනුව මහනුවර නීතිඥයෙකු දකින්නේ බංකොලොත් භාවය සහ තදබදය හැටියටය. ගතවූ අප්‍රේල් 10-14 අතර දින 14 තුළ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම කෝටි 15කි.

 

tbhtගතවූ අප්‍රේල් 10-14 අතර දින 14 තුළ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම කෝටි 15කි.

 

ලංකාවේ සියලු අධිවේගී මාර්ගවල අප්‍රේල් 14 දින පමණක් වාහන එක් ලක්ෂ විසි අට දහසක් ධාවනය වී ඇති බව අධිවේගී මාර්ග නඩත්තු අධ්‍යක්ෂ ආර්.අයි.ඩී. කහටපිටිය කියයි. මේ ලාල් කාන්තලා, ඉත්තෑවුන් මීයන් මුවන්ගේ කැලෑ මංකඩවල් හැටියට හැඳින්වූ අධිවේගී මාර්ගවල යථාර්ථය වේ. 

සම්පූර්, නොරොච්චෝල, උමාඔය වැනි ව්‍යාපෘති ගැන ජවිපෙ විග්‍රහයන් නිසා හොට පැටළී සිටින මාලිමා ප්‍රධානින් සාමාජිකයන්ට උගන්වා ඇත්තේ ''කමක් නෑ රනිල් දිනන් නෑ'' යනුවෙන් කියා මග හැර යාමට පමණකි. ඉන් නො කියා කියන්නේ අනුර දිනනවා කියලා නම් මේ කෙලින් කරන්නේත් බොරු කන්දක සිටවූ ගෝඨාභය පන්නයේ තවත් අපොයි ඔබත් මිනිහෙක් නොවේද? එහෙම අසන්නේ අනුර දරන්නේත් ගෝඨාගේ බදු ප්‍රතිපත්තිය මූල්‍ය අරමුදල සම්බන්ධ ස්ථාවරයම නිසාය. 

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් - සියල්ල සැලසුමකට අනුව සිදු කරන බව කියයි2020 ජනතාව විසින් ගෙදර යැවූ රනිල් 2022දී කඩා වැටුණ රටට එකම විකල්පය වෙමින් සිටී.

 

2020 ජනතාව විසින් ගෙදර යැවූ රනිල් 2022දී කඩා වැටුණ රටට එකම විකල්පය වෙමින් සිටී.  2024දී පස් වසරකට පසුව රටේ ජනතාව අලුත් අවුරුදු සතුට විඳිද්දී අනුර කුමාරලා 1971දී අලුත් අවුරුද්දට වින කළ විජේවීරගේ අසාර්ථක කාලකන්නි කැරැල්ලේ පනස් දෙවෙනි සංවත්සරයත් අභිමානයෙන් සිහි කළහ. 

රැවටීම ගොඩ නැගෙන්නේ මුසාවාද සහ ප්‍රලාප මතය. සත්‍යය ස්පර්ශ කළ හැකිය. එහෙත් පුපුරවා විනාස කළ නොහැකි යථාර්ථයකි. යථාර්ථය යනු ගැටෙන්නා විනාස කරන න්‍යෂ්ඨියකි. කවුදෝ ප්‍රගතිය ග්ලැසියරයක් කීවේත් මේ නිසා විය හැකිය.

2022 ජූලියේ රනිල් ජනාධිපති කිරීමට අත් ඔසවන පාර්ලිමේන්තු මන්ත්‍රින්ට ගෙදර යන්ට නො දෙන බවට පොල්දූව රවුමේදී අයිආර්සී ලීලාවෙන් ලාල්කාන්තලා හඳුන්නෙත්තිලා තර්ජනය කළේ පාරේ මරා දැමූ අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රිවරයාගේ ඉරණම සිහිපත් කරමිනි. 

 

අඩු සැපයුමක් පවතින විටදී පෝලිම් අවම කිරීම - (මහාචාර්ය රොහාන් සමරජීව)හදිසි මරණ වාර්තා වෙමින් පැවති පෝලිම් අවසන් ව ඉන්ධන වලට මිලක් නියම විය.

ඊට සමගාමිව 2022 මැයි 31 දින ආචාර්ය හර්ෂ සිල්වා පළ කළ අනාවැකියක්  මෙසේය. “ ලෝකය පිළි ගන්නා ආණ්ඩුවක් හදන තෙක් මින් ඉදිරියට කිසිම ආධාරයක් ලංකාවට ලැබෙන්නේ නෑ. ජපානයත් බෑ කිව්වා. ඉදිරි දින 90 අති භයානකයි.” හර්ෂ වෙන් කළ දින 90වෙන් දින 54ක් ගෙවී ගිය තැන රනිල් රටේ ජනාධිපති වී වසර තුන හමාරක් වැසී පැවති පාසල් පටන් ගැනිණ. රජයේ කාර්යාල සක්‍රිය විය. 2022 මැයි 31 වෙනිදාටත් හදිසි මරණ වාර්තා වෙමින් පැවති පෝලිම් අවසන් ව ඉන්ධන වලට මිලක් නියම විය. මිනි මරණ ගිනි තියන දේශපාලනය අවසන් කෙරිණ. 

රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේදී දින අනූවේ හර්ෂ මෙසේ  කීය. “ මේ ආර්ථික ක්‍රමය ඔබගේ නායකත්වය යටතේ යහ පාලන යුගයේ අප එක්ව ක්‍රියාත්මක කළෙමු. මේ දර්ශනය ශක්තිමත් කිරීමට අපේ සහාය අවශ්‍ය නම් මැතිවරණයක් හරහා රටේ බලය ගැනීමට අපට සහාය විය යුතුයි.”  මේ හර්ෂගේ මුග්ධ ස්වරූපය භාවය මිස විධග්ධ භාවය නොවේ. 

 

සජබේ හර්ෂ ජනාධිපති රනිල්ගේ දර්ශනයට එකඟවේ !මේ දර්ශනය ශක්තිමත් කිරීමට අපේ සහාය අවශ්‍ය නම් මැතිවරණයක් හරහා රටේ බලය ගැනීමට අපට සහාය විය යුතුයි
2022 ගෝල්පේස් අරගලය පරම අපේක්ෂාව, ක්‍රමයක් මිස බලයට පොර කන බල ලෝභී තක්කඩියෙක් නොවේ. මෙනරාගල බට්ටලාගේ වර්ගයේ කැප කිරීම් ය. 14 හැවිරිදි ඒ දැරිය ක්‍රියාවෙන් අවධාරණය කළේ ක්‍රමයකි. බට්ටිගේ මව් පියන් කාලකන්නි දේශපාලනයට පිටු පා දියණිය කර තබා අදටත් ගමන් කරමින් සිටින්නාහ. ජවිපෙය හැමදාම සිසුන්ට කීවේ අධිරාජ්‍යවාදි විශ්වවිද්‍යාල උපාධි ප්‍රතික්ෂේප කර විප්ලවයට එක්වන ලෙසය. බට්ටිලාගේ අම්මලා එක මිටට මාලිමා රැළි වලට ගියා නම් බට්ටිලාට පැවරෙන්නේ පෝස්ටර් ඇලවීම මිස ක්‍රිකට් ගැහිල්ල නොවේ. පුද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව වූ ත්‍රිමා විතාන කනත්තේය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රමය රටම පිළිගෙන අවසන් ය. අද මිල අධික කමිස කලිසම් බඳ පටි අනුරලාට හඳුන්නෙත්තිලාට ටිල්වින්ලාට සපන්නේ විප්ලවයට ටටා කී ව්‍යාපාරික සගයන් ය. මාලිමා සමස්තය මෙයට වඩා යමක් නොවේ. 

දේශපාලනය යනු රටක යහපත මිස බල අරගලය නොවන බව අනුරලාට සජිත්ලාට කියා දුන්නේ රනිල් හෝ එජාපය නොව 2019දී අත් හැරුණ නැවත 2024දී උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරූ රටේ ජනතාව විසිනි. තක්කඩි දේශපාලනය මෙවර අවුරුදු නැකතටත් වෛර කළහ. අවුරුදු කුමාරයා මාලිමාවට ජය වේවා කිව්වා නම් 2024රේ හිරු මීන රාශියෙන් මේෂයට පැමිණෙන්නේ නැත. යථාර්ථය යනු හිරු උදාවක් වාගේ එකකි.

රටේ මිනිසුන් අලුත් අවුරුද්දට නෑ ගම් ගිය හැටි ප්‍රවාහන පද්ධතියේ ආදායම් වාර්තා වලින් තහවුරු වේ. අතීතයේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ චිත්‍රපට මෙන් ගතවුණ අලුත් අවුරුද්ද  2019 අවුරුද්දෙන් පසුව බොක්ස් ඔෆීස් වාර්තා ද ඉක්මවා ගිය තරමට සතුටෙන් ගෙවිණ. 2019 බක් මාසය මෙන්ම, 2024 බක් මාසයත් දෙකම රනිල්ගේය. ඒ වෙනස සතුට විඳීමට මොනරාගල චමෝදිලා, වලල තරුෂිලා එක් වුවද, අනුරලා හර්ෂ සිල්වලා මගහැර ගියහ.  

පසුගිය දවසක සිරිමල්වත්තේ මළ ගෙදරකදී වැඩිහිටියෙක් මළ ගෙදරට දේශපාලනය ගෙන යමින් මේ අවුරුද්ද මිනිස්සු කෑවා නොවේ ලෙවකෑවා යයි කීවේ තරමක් උස් හඬකිනි. “අපේ මිනිස්සු කවදාවත් අවුරුදු ගන්න හිඟා කන්නේ නෑ නේද? ” එසේ තවකෙකු විමසූ විට ඒක නම් එහෙම තමයි කී වැඩිහිටියා තත්පර ගණනක් තුළ සිටි තැනින් ඈත් විය. 

 

සිංහල අවුරුද්ද යනු ජ්‍යොතිෂයට අනුගත සංස්කෘතික කල්පනාවකි
රටක වැටිල්ල 2022 මෙන් වහන්නත් බැරිය. රටක ප්‍රබෝධය 2024 මෙන් කාටවත් වහන්නත් බැරිය. ලංකාවේ විපක්ෂයට අවශ්‍ය තමන් බලයට පත් වන තෙක් ඩොලර් එවන්ට එපා කීවා මෙන් රටේ ජනතාව බඩගින්නේ මිය යනු දැකීමය. එහෙත් රටේ මිනිස්සු අවුරුදු බුක්ති වින්දාහ. බට්ටිලා ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් දවා ගත්තේ මන්ද පෝෂණය දරිද්‍රතාව පිළිබඳ ලෝක වාර්තා ඉරා විසි කරමිනි. අපේ දේශපාලනඥයන් 1953 කාලකන්නි හර්තාලයත් තවම සමරති. උසස් පෙළට මුහුණ දෙන පාසල් දරුවන්ද, හෙට දවසට සූදානම් වන්නේ මාක්ස්වාදය අතැර යෝධ අඩි තබමින් යන රුසියාව, චීනය වියට්නාමය වාගේය. මාලිමාව තවමත් අමෙරිකාවට සාප කරමින් කියුබාවට වැඳ වැටේ. 

සිංහල අවුරුද්ද යනු ජ්‍යොතිෂයට අනුගත සංස්කෘතික කල්පනාවකි. භාග්‍යවත් බක් මස ලෙස වර්ණ ගන්වා ඇති මේ දින කිහිපය ලංකාවක මිනිස්සු ගෙවූ ආකාරය රහසක් නො වීය. එහෙත් සමහරුන්ට රට 71 වාගේය. 88-89 වාගේය. අධිවේගී ලංගම ආදායම් ආදායම්  වාර්තා දැක පුපුරා හැලෙන්නෝ සමුපකාර ලාභ ලැබීම්  ඉහළින් අගය කරත්. ලාභය සාර්ථකත්වය මහ මැදුරට මෙන්ම දුගී පැලටත් සමුකාරයට මෙන්ම ලංගමයටත් එකසේ සතුට ගෙන දෙන නමුත් සමහරු එය දකින්ැනේ පාට කන්නාඩි හරහාය.  

 

ගෝඨාභය සැප්තැම්බරයේ යළි දිවයිනටසෞභාග්‍ය දැක්ම හේතුවෙන් රටේ මිනිස්සු සිව් වසරක් ජිවත්වුණේ අඩමානයටය.

පස් අවුරුදු යහ පාලන ආර්ථීක සාර්ථකත්වය යටපත් කිරීමට ගෝඨාභය වෙනුවෙන් නිර්මානය කළ සටන් පාඨ දෙකකි. එකක් ඔබයි අපේ මිනිසාය. අනෙක සෞභාග්‍ය දැක්මය. ඔබයි අපේ මිනිසා ජනතාව විසින් දෙවසරකින් පළවා හැර ප්‍රතික්ෂේපවූ රනිල් ආපසු කැඳවීමට සිදුවිය. දෙවන උද්යෝගී පාඨය, සෞභාග්‍ය දැක්ම හේතුවෙන් රටේ මිනිස්සු සිව් වසරක් ජිවත්වුණේ අඩමානයටය. ජනාධිපති වික්‍රමසිංහට අනුව, නැවත 2019 පැවති  ආර්ථිකය වෙත යාමට වසර ගණනාවක් ගතවනු ඇත. සිදුවූ විනාසය කළේ මැතිවරණ ප්‍රතිපලයද ගෝඨාද යන්න ගමේ කඩපිළේත් කතාබහට ලක්වේ. ජනාධිපති වික්‍රමසිංහ, හර්ෂ සිල්වාගේ 2022 මැතිවරණ කොන්දේසියට පමණක් නොව බැසිල් රාජපක්ෂගේ 2024 ඉක්මන් මහ මැතිවරණ කොන්දේසියටත් එකඟ නොවීය. ලාල් කාන්තලාගේ නාස්තික දැක්ම මෙන්ම, හර්ෂ සිල්වාගේ දින 90 අනාවැකියත් ප්‍රතික්ෂේප වී හමාරය.   

දේපල ප්‍රතිව්‍යාහගත කිරිමට එරෙහි විපක්ෂයේ විවේචන බට්ටිලාගේ තරුෂිලාගේ අම්මලා ගත් ආර්ථික තීරණ හරහා විග්‍රහ කළ යුතුවේ. බට්ටිගේ අම්මා රැකියාවෙන් ඉවත් වුණේත් ඉඩම් වික්කේත් දුවණියගේ රැකවරණයට කොළඹ යාමටය. වලල තරුෂිගේ අම්මා අත කන කර උගස් කළේ ජාත්‍යන්තර රන් පදක්කමක් අපේක්ෂාවෙනි. 2019 සැලසුම් සහගත පාස්කු අපරාධයට මුවා වී දිනා ගත් ජයග්‍රහණ හරහා රටට හිමි වූ කාලකන්නි යුගය නිමාවී පාසල් සහ රජයේ කාර්යාල පද්ධති ක්‍රියාත්මක විය,  ඉන්ධන ආදි අත්‍යාවශ්‍ය භාණ්ඩ නිර්බාධිතව සැපයෙමින් පවතී. මිල වැඩිය. එය කිසිවෙක්  නැත නො කියති. බස් ගාස්තු වැඩිය. ඉන්ධන මිල, යහ පාලන කාලයේ මෙන් (95 පැට්‍රල් ලිටරය රු. 128ට සාපේක්ෂව) තුන් ගුණයකින් ඉහළ ගොස්ය. (බිත්තර මිල ඉහළ ගියේ නිෂ්පාදකයන්ගේ  ඒකාධිකාරයක් නොව, කුකුල් කෑම හිඟවීම නිසා බව අනුර කුමාර කීය. බිත්තර නිෂ්පාදකයන් දැන් මිල ඉහළ යන්නේ සිල්ලර වෙළෙඳුන් නිසා බව කියයි. වෙළඳ පොළ ගසා කෑම  මැඩීමට මිල පාලන රාජ්‍ය යාන්ත්‍රණය කඩිනම් කරන්නැයි මාලිමාව නො කියන්නේ ඡන්ද පදනම ගැන හිතලාය.) බට්ටිලාගේ තරුෂිලාගේ අම්මලා මෙන් කාලයට මුහුණ දුන් රැළිවලට නො යන එළිපිට  කතා නො කරන සාමාන්‍ය මිනිසුන් බෙහෙවින් විචාරශීලී වේ.

 

පාසල් දරුවන්ගේ කුසගින්න නිවන්න බිලියන 16කට වැඩි මුදලක්පාසල් දිවා ආහාරය, සහල් කිලෝ දහය ඡන්ද ගුණ්ඩු ලෙස දකින්නෝ බට්ටිලා, වලල තරුෂිලා ගැන දන්නේත් නැත.
පාසල් දිවා ආහාරය, සහල් කිලෝ දහය ඡන්ද ගුණ්ඩු ලෙස දකින්නෝ බට්ටිලා, වලල තරුෂිලා ගැන දන්නේත් නැත. බට්ටිගේ තරුෂිගේ අම්මලා එක මිටට පෙළ ගැසී  රට වටේ  ගියා නම්, ඒ ශක්තිමත් දැරියන් 88-89  කාලයේ ත්‍රීමා විතානලා මෙන් අකාලයේ හැකිළී යන්නාහ. ත්‍රිමා විතානලා ජීවිත පූජා කළ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල සටන් පාඨය මාලිමා නමින් වර්තමානයේ වෙස් බැඳ නටන ජනතා විමුක්ති පෙරමුණ පාවා දී හමාරය. අතීතයේ අධිරාජ්‍ය වාදි විශ්වවිද්‍යාල උපාධි ප්‍රතික්ෂේප කරවා හිස් අවුල් කළ සුජාතා හඳගමලා විනාස වුණාට බට්ට්ලා තරුෂිලා ස්ව ශක්තියෙන් නැගී සිටීමෙන් අදහස් වන්නේ යනු අඩ සිය වසක් රටේ බහුතරය ජවිපෙය 3%ට සීමා කිරීම පිළිබඳ භූමියේ යථාර්ථය වේ.  

1971 සිට කියැවෙන ප්‍රේමවතී මනම්පේරිලා, සුජාතා හඳගමලා උපන් රටට තබා තමන් හෝ දිනා ගත් දෙයක් තිබේද?  වර්තමාන පරපුරේ චමරිලා බට්ටිලා තරුෂිලා තර්ජිනීලා අරගල සංස්කෘතිය බැහැර කොට සිය වපසරිය තුළ ලබා ගත් ජයග්‍රහණ සමලෝචනය කරන්නෙකුට ලෙනින්, මා ඕ සේතුන්, හෝ චිමින් හෝ පිදෙල් ක්‍රැස්තෝලාගේ පසුබෑම් හරහා 2024 ලංකාව ගමන් කළ යුතු දිසානතිය තීරණය කිරීමට ජනරැළි වලට යා යුතු නැත. තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි යන උදෘතයෙන් ප්‍රභාමත්වූ විශිෂ්ඨ මාතෘත්වය, නිලන්ති කොට්ටහච්චිලා ලව තන දෙසීයක් දෙකෙන් බෙදා ගැහැනු සියයක් ලෙස ස්ත්‍රිත්වය පාච්චල් කරවීම හරහා ලාංකේය දේශපාලනයේ ස්ත්‍රි ලකුණු හඳුනා ගත යුතු වේ.  

මෙවැනි මතවාද, සමාජ මාධ්‍ය වපුරවන අශ්ලීල භාෂාවෙන් නතර කළ නො හැකිය. සමහරු හිතන්නේ 71 සොරා ගත් තුවක්කු කටට වඩා තිත්ත කුණුහරුප හරහා වර්තමාන සිවිල් සමජය බිය වැද්දිය හැකිය කියාය. වැඩක් නෑ රනිල් දිනන්නේ නෑ යන පොදු ප්‍රකාශය තුළ ඇත්තේ තොපේ මිනිසෙක් මිස පුළුල් ආර්ථික කියවීමක්  නොවේ. 

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

සබැඳි ලිපි :

මොනරාගල බට්ටිගේ අවුරුදු පණිවිඩය - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

2024 ප්‍රගති කතාව (චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader