එකී වහා වෙනස් වීමේ ප්‍රමාණය, ශබ්දය ආලෝක තරංග සම්බන්ධව මෙන් සංඛ්‍යාත අගයකට ආරෝපනය කර ගණනය කළ නො හැකිය. එහෙත් වෙනස්වීම නම් නියතයට භාජනය වන සමාජය ඒ ගැන දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නැත. ගමේ භාෂාවෙන් කියයි නම් වර්තමාන සමාජයේ ගතික ස්වභාවය ගාල කඩාගෙන යනවා වැනිය. සමාජ පැවැත්ම, ග්‍රාමීය නාගරික ආගමික ගෝත්‍රීක ආදි වශයෙන් විවිධ හැඩ තල ස්වරූප ගන්නා අතර, එකී මිනිස් චර්යාවන් සැලකිල්ලට ගෙන කෙරෙන විග්‍රහයන් වර්තමානයට එ තරම් වලංගු නැති හැටියකි. වලංගු භාවය කෙසේ වෙතත් එබඳු විග්‍රහයන් පිළිබඳව කිසිවෙකු උනන්දු වන්නේද නැත. හේතුව දෛනිකව අප ජීවත්වන සමාජයේ චලනය, ගමන අතාර්තික පදනම් විරහිත නිසා විය හැකිය.
සමාජ පැවැත්ම වෙන්ව හඳුනා ගැනීමේ උවමනාව වර්තමාන වටිනාකම් අනුව සමාජ හෝ මානව විද්‍යාත්මක ඇගයීමකට සීමා වේ. සීඝ්‍ර දියුණුවකට ලක්ව ඇති වර්තමාන සංනිවේදන තාක්ෂණය තුළ පිළිසිඳ ගත් විශ්ව ගම්මාන සංකල්පය සත්තකින්ම අංග විකල කලලයකට වඩා යමක් නොවේ. පාදමක් අනන්‍යතාවක් නොමැතිව හැම මිනිසාම එක හැටියට කල්පනා කරන්නට පුරුදුවීම අලුත්ම මෝස්තරය වී නැතිද? මේ විමසීම මහා සංවාදයකට යොමුවන්නකි. මේ කියවීම විචාරශීලි නිරීක්ෂකයෙකු විසින් කිසි විටෙක බැහැර නො කරනු ඇත.

සම්ප්‍රදාය විසින් නිර්මානය කළ සමාජමය අත්දැකීම් ස්පර්ශ කළ නොහැකි වුවද ඛෙහෙවින් ආශ්වාද ජනකය. කාලයකට ඉහත ජාතික පුවත්පතක් පදවිය ප්‍රදේශයේ පුරාණ විහාරස්ථානයක නිදන් හෑරීමකට ගත් උත්සාහය විහාරයේ ඝණ්ටාරය නාද කිරීම හේතුවෙන් ව්‍යර්ථ වූ බව වාර්තා කළේය. මහ රෑ පන්සලෙන් ඇසුණ ඝණ්ටාර හඩට ගමේ ගැහැනු පිරිමි දෙ ගොල්ලන්ම හැඳි වත් පිටින් දිව විත් පන්සලට රොක් වීමෙන් අවස්ථානුකූලව පන්සල් භූමියට අවශ්‍ය ආරක්ෂාව ලැබිණ. මිනිසුන් මහ රෑ පැමිණ රැස්වුණේ කිසිවෙකුගේ විධානයෙන් නොව උනුන් නො දැනී බැඳුණ සම්මුතියකිනි. රටේ පිළිගත් නීතිය ක්‍රියාත්මක වන තෙක් සමාජ සාධාරණත්වය ලබා දෙන ආරක්ෂව මෙ වැන්නකි. රිය අනතුරක් සැල වී මිනිසුන් දිව එන්නේද මේ ආකාරයටම වන අතර, එවැනි ජන රාශියකට කාලයක් රටාවක් ස්ථානයක් අවශ්‍ය නොවේ.
ඉහතින් සඳහන් කළ පදවිය ප්‍රදේශයේ පන්සලේ ඝණ්ටාර සිද්ධිය යටපත් කළ හැකි හෝ ප්‍රතික්ෂේප කළ හැකි කිසිදු ප්‍රබල සංනිවේදන තාක්ෂණයක් නැත. තත්පර ගණනකින් ඔස්ට්‍රේලියාවට අමෙරිකාවට කැනඩාවට කතා කරන අප තවත් නිමේෂයක අල්ලපු ගෙදරට පණිවිඩයක් කියාගත නො හැකිවන අවස්ථාවන් උදා විය හැකිය. එක්කෝ බැටරි බැහැලාය. නැතොත් ඩේඩා වැඩ කරන්නේ නැත.
''ඒ එයා දන්න තරම....? '' මෙය කියවන පරිඝණක විද්‍යාව කෙළ පැමිණි නව යොවුන් තරුණයෙකු එහෙම කියා මට සිනාසෙනවා නිසැකය. ඔහු මා වෙතට සමීපව අනුකම්පාවෙන් වැඩිහිටි ගෞරවයෙන් මෙසේ තත්වය විස්තර කරනවාට සැක නැත.
''අන්කල් ප්‍රොග්‍රෑම් කරන්නෙ නැතිව කොහොමද කම්පියුටරය පාවිච්චි කරන්නේ.. ''ආදි කාලින හෙවත් ප්‍රාග් පරිඝණක යුගයේ මිනිස් ජීවිතයට අවශ්‍ය සියලු දේ සැකෙවින් ප්‍රෝග්‍රෑම් කර තිබුණේ පන්සලේ ඝණ්ටාරය සමග ආදි වශයෙන් මිනිස් සමාජය අපේක්ෂා කළ ආකාරයට සියල්ල සැලසුම් ගතව තිබිණ. හූ හඩට ලතෝනියට ගම ඒකරාශී වීම එහි ප්‍රතිපලය විය.

ගොවිපොළේ දළුලන මෝරන පැහෙන ඉදෙන පැලෑටි පලතුරු බවභෝග හැමදාම කෘමි උවදුරට ලක්විය. ගොවියා එකී වගා බිමෙහි රතුපාට වර්ණවත් ආකර්ශණයන් තැබීමට අතීතයේ හුරු පුරුදුව සිටියහ. ඒ ප්‍රාථමික පලිබෝධ නාශක උපක්‍රමයකි. අහසේ ඈත පියඹා ගොදුරු සොයන සතුන් කුරුළු වර්ග රක්ත වර්ණය කෙරෙහි වහා ආකර්ශනය වන බව ඔවුන් අත්දැකීමෙන් දැන සිටියහ. උකුස්සාගේ පටන් හැම වර්ගයකම පක්ෂීන් වහා ගොවිපොළ වෙතට ඇදුණේ අර රක්ත වර්ණ සලකුණ ලේ මස් රසැති ගොදුරක් යන අවබෝධයෙනි. එහෙත් තමන් සැපත්වූ භූමිය තමන්ට ආහාර ලෙස භාවිතා කළ හැකි කෘමි සතුන් ගෙන් පිරි සාර ගොදුරු බිමක් බව ඒ ආකාශචාරීන් තේරුම් ගත් පසුව සිය ගොවිපළේ කෘමි උවදුර ඉබේම මඟ හැරී ගියේය. විශ්වය ආරම්භයේ පටන් ක්‍රියාත්මකවූ ස්වභාවික ජීව චක්‍රය එහි සක්‍රිය වන්නට පටන් ගත්තේය. අඛණ්ඩව ගොවියා ගොවිතැන් කරති. කෘමීන් ගොවි බිමෙන් මතුවන නෑඹුල් පලූ ළපළු අනුභව කරමින් වැඩෙති. ඒ සමග පකෂීන් ආදි කෘමි භකෂකයන් ගොවිපොළට ඇතුළුව කෘමීන් කා දමති. හානිකර පලිබෝධ නාශක පැමිණෙන තෙක් එකි සංසිද්ධිය ක්‍රියාත්මක විය.
මේ ප්‍රාථමික සංනිවේදන රටාව ස්වභාව ධර්මයේ පැවැත්මට අවශ්‍ය මූලික උවමනා නිර්මානය කිරීමකි. ඒ සඳහා ගොවියා ඉබේ වැඩුණ ලපල්ලකටවත් අත තැබුවේ නැත. අමුතු උගුල් අවශ්‍ය නො වීය. ස්වභාව ධර්මයෙහිම කොටසක්ව පැවති කාටත් පොදු බඩගින්න හෙවත් ආහාර අවශ්‍යතා පෙළ ගැස්වීමකි.
පේරාදෙණියේ නගරයට ඉහළ කඳු ගැටය නාය ගොස් හමාරය. එහි ස්ථානගතව පැවති නගරය හෙවත් කඩපොළ ඊරියගම ගමට ගෙන යාමට කළ සැලසුම් හකුළා බලධාරින්ට සිදුවිය. ඊරියගම නගරයක් වෙනවාට එහි ජීවත්වන ගම් වාසින් මනාප නො වූහ. ඒ ඔවුන් අපේක්ෂා කළ තමන් විසින් අත් විඳි සන්සුන් ජීවන රටාවට බාධා පැමිණෙන නිසා ය. පේරාදෙණිය නගරයට ඉහළ කඳු ගැටය නාය යාමට හේතු ප්‍රදේශ වාසින් තේරුම් ගෙන සිටියහ. ඔවුන්ගේ සාමාන්‍ය අවබෝධය අනුව කඳු ගැටය විනාශ වුණේ ඒ මත සවි කළ සංනිවේදන අටල්ල ඉදි කිරීමට කඳු මුදුන යන්ත්‍ර සූත්‍ර යොදා ගැඹුරට කළ කැනීම් හේතුවෙනි. එහි කාලය විසින් වෙර ගන්වා තැම්පත් කළ පස් තට්ටුව බුරුල්ව ලිහිල්ව ගොස් පිහිටි (ස්වභාවික) පොළොව දුර්වල වී ඒ තුළට ජලය උරා ගැනීමෙන් කඳු ගැටය සේදී නුවර කොළඹ මහා මර්ගය අවහිර විය.
ආතර් සී. ක්ලාක්
ආතර් සී. ක්ලාක්ලා සහ අපේ මී මුත්තන්ටත් පරම්පරා ගණනකට එ පිට ජීවත්වූ ආදි මිනිසා, අහස සංනිවේදනය සඳහා අපූරුවට යොදා ගත්හ. පැරණි ගැමියාට ආතර් සී. ක්ලාක් වෙත පැවති විද්‍යාත්මක දැනුම නුවන නො තිබිණ. එහෙත් ගතානුගතිකත්වය මෙන්ම භාවිතය ප්‍රයෝජනයට ගැනීමෙන් ආදි කාලීන මිනිස් ප්‍රජාව නොඛෙල් ත්‍යාග ලාභීන්ට වඩා ඉදිරියෙන් සිටියාහ. තත්පරයෙන් යුරෝපයට ඔස්ට්‍රේලියාවට ''ලොග්'' විය හැකි නූතන සංනිවේදන තාකෂණයට වඩා වේගයෙන් පන්සලේ පැරණි ලෝකඩ ඝණ්ඨාරයේ ඝෝෂාව නිදන් මංකොල්ලය වළකාලන ලද්දේ ඒ අනුවය. මෙහිදි ලොග් වීම යන වචනය මෙහි යොදන්නේ මහත් තෘප්තියෙනි. කිසිදු පොතක් පතක් නො කියවන වත්මන් පරපුර දැඩි ලෙස විශ්වාසය තබන්නේ අන්තර් ජාල තාක්ෂණය කෙරෙහිය. අන්තර් ජාලයට සම්බන්ධ විය නො හැකි නම් සියල්ල කොට උඩය.
දැනුම යනු කොහෙන් හෝ බලාගෙන උත්තර දීම හෝ පිළිතුරු ලිවීම නම් නොවේ. ප්‍රාග් පරිඝණක යුගයේ Model Answers නො වීය. අධ්‍යයන කාලය තුළ අතිරේක පන්ති පවත්වා හෝ මුළු විෂය මාලාවම උගන්වා අවසන් කෙරිණ. ශිෂ්‍යයා තමන් තුළ පවත්නා දැනුම විභාග ශෘලාවේදී මුදා හළහ. ඒ කට පාඩමෙන් නොවේ. විචාරශීලිවය. මතවාදීවය. දෙකයි දෙකයි කීයද ඇසූ විට හතරයි කියන්නට එසවුණේ පෑනක් සහිත දරුවෙකුගේ අතකි. ඒ දරුවා උත්තර දුන්නේ පන්තියකට නොවේ. ලෝකයටම විමසා බැලීමට යටත්ව ය. ප්‍රඥාව විසින් අවදි කරනු ලැබූ කුරුළු පැටියා පියා පත් සොලවමින් විශ්වය හරහා පියාඹා යාමට ඉගෙන ගත්තේ එහෙමය. වර්තමාන විභාග පරීකෂකවරු විමසා බලන්නේ Model Answers විසින් තටු කපා දැමූ දරුවන්ගේ තාර්කික දැනුම නොවේ. ආදර්ශ උත්තර පත්තරය දරුවාට මතක තිඛෙනවාද යන්න පමණකි. විශ්ව දැනුම Model Answers එකකට සීමා කළ නො හැකිය.
පළමුව දැනුම මිනිසා තුළ තැම්පත් විය යුතුවේ. ඒ හරහා මිනිස් මොළය පොහොර උරා වැඩෙන ගසක අරටුව මෙන් දැනුමෙන් වැර ගැන්වේ.
පළමුව දැනුම මිනිසා තුළ තැම්පත් විය යුතුවේ. ඒ හරහා මිනිස් මොළය පොහොර උරා වැඩෙන ගසක අරටුව මෙන් දැනුමෙන් වැර ගැන්වේ. සීරිමකට පුංචි තුවාලයකට කී කිරිඳීය දළු දෙ තුනක් තලා තැබීමෙන් ලේ නතරවීම පමණක් නොව බිඳී සීරි ගිය මතුපිට සමද ලියලන්න පටන් ගනී. මෙය දැනුම සම්බන්ධ සරල උදාහරණයකි.
සිරුරේ මතුවන විසප්පුවක වේදනාවට වේදනා නාෂක දීම අද සරල සහ ජනප්‍රිය ක්‍රමය වේ. ගමේ වෙද මහත්තයාගේ ප්‍රතිකාරය, විසප්පුව මුනත නො වැසෙන ආකාරයට මුනත වටේ අඟලක පමණ සම වැසී යන ආකාරයට කැන්ද මැලියම් හෝ බිත්තර සාරු ආලේප කිරීමය. මේ උකු ආලේපනය ටිකෙන් ටික වේලී යාම සමග, ආලේපනය තැවරුණ ප්‍රදේශයේ හම හෙමිහිට හැකිලී මිරිකී විසර ගෙඩිය තුළ ඒකාරාශී වී වේදනාව ගෙන දුන් විස සහිත සැරව හෝ ශ්‍රාවය ඉවත් වේ. සිරුරට හෝ නො දැනෙන ඒ අපූරු ක්‍රියාව තුළ වේදනාව ඇති කළ විසරය කිසිවෙකුගේ මැදිහත්වීමකින් තොරව ඉබේම මිරිකා හැරෙයි. මෙය ඛෙහෙතක් නොවේ. හේතක් (බේත්හේත්) හෙවත් හෙදකමකි. මේ හෙදකමෙන් සියලු වේදනා සමනය වී යන්නේ පීඩා විඳි අයටද නො දැනෙන ආකාරයටය.

දැනුම කියන්නේ මහා ආශ්චර්යකි. අතීත වාසීහු මේ කියන දැනුමෙන් සන්නද්ධ වී සිටියහ. ඒ දැනුම අතීතයේ කා තුළත් පැවති විශ්වාසය විය. ඒ විශ්වාසවත් දැනුම, සම්භාවනාව කුළු ගැන්වුණේ හන්දි ගානේ ආචාර්ය උපාධි පිරිනැමීමෙන් නොවේ. අතීතයේ භාවිතා වූ හැම විශ්මිත ක්‍රියාවක්ම ඍෂි භාෂිතයක් ලෙස සැලකිණ. එසේ සලකා ඒ දැනුම සොයා ගැනීම එහි ප්‍රයෝජනය භාවිතය කෙරෙහි පමණක් එකත් පස් වූහ. ප්‍රශ්න නො කළහ. එකී දැනුමැත්තන් ජීවමාන මහා ඍෂිවරුන් හැටියට සැලකිණ.
මේ මතකාවර්ජනය, සංනිවේදන උපමාරු සහ රෝග පීඩා සම්බන්ධ ප්‍රාග් පරිඝණක යුගයේ මිනිස් ක්‍රියාකාරකම්ය. ඒ මිනිස්සු අත් ඛෙහෙත් පාවිච්චි කළහ. ඒවායින් සමහරක් සම්මතයන් පමණක් විය. අතීතයේ රජ වරුන් ධනවතුන් යම් යම් හේතු කාරණා නිසා තමන් උපයා ගත් අතිරික්ත වස්තුන් තැන් තැන්වල ස්ථිර තැම්පතු හැටියට සඟවා තැබූහ. පසු කලෙක නිදන් වස්තු ලෙස හඳුන්වන ලද්දේ මෙකී ස්ථීර තැම්පතු බවට විශ්වාස කෙරෙයි. මෙකී තැම්පතු අයිතිකරුවන් නැතිය යන අදහසින් අත්පත් කර ගැනීම නො හොඹිනා කමක් යන්න එක් යුගයක පොදු මතය විය. පොදු මතයට එරෙහිව යන මිනිස් කොටසක් හැමදාමත් ජීවත් විය. නිදන් බහිරව සංකල්පය නිර්මානය වුණේ මේ සංසිද්ධියේදී විය හැකිය. බහිරවයා නිදන් රැක බලා ගනී. ඒවා අත්පත් කර ගනියි නම් ඒ සඳහා කළ යුතු කෙම් පහන් දැක්වෙන නිදන් වදුල නම් භාවිතය එහි ප්‍රතිපලය විය. වෙහෙරට පන්සලට දේවාලයට දුන් ගම්වර රැකුණේ ද සම්මතයන් භාවිතයන් හරහා ගොඩ නැගුණ රීතීන්ට අනුගතවය. අදටත් පැරණි සිද්ධස්ථානවලින් හමුවන, අභි ලේඛනවල විහාර දේපල සොරා කෑවුන් බල්ලන් කපුටන්ව උපදින බව දැක්වෙන රූප සහ පාඨ ඉතිරිව පවති.
මේ හැම විධිවිධානයක්ම භාවිතයක් ම චිරාත් කාලයක් පැවති සම්මතයන් විය. එසේ සම්මතයක්ව පැවැතීමේ රහස එය පුද්ගල විනය නමින් හැඳින්විණ. තම ඇතුළාන්තය තුළ පවත්නා සංයමය විසින් තෙමේම තමන්ට ගෞරවයක් විය යුතු බව ඇති බව තේරුම් ගැනීමෙන් ඒ විනය ගරුක පුද්ගලයා නිතැනින්ම සමාජ සම්මතයෙහි ආරකෂකයා බවට පත්වේ. ප්‍රාග් පරිඝණක යුගය සහ විශ්ව ගම්මාන යුගය යනු කාල පරාසයන් දෙකකි. මේ කාල වකවානු දෙක මුහුණට මුහුණ හමුවූ එක් අවස්ථාවක් හැටියට පදවියේ නිදන් වස්තු මංකොල්ලය පන්සලේ ඝණ්ටාර හඬින් ගමට දැන්වූ දවස විය හැකිය.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com



