The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොලිසියේ අලුත් ඇප් එක ඔබේ පෞද්ගලිකත්වය අවදානමේ හෙළනවා ද?

T

The Leader Desk

January 3, 2025 • 10:38 AM

පොලිසියේ අලුත් ඇප් එක ඔබේ පෞද්ගලිකත්වය අවදානමේ හෙළනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවමත් පොලිස් වෙබ් අඩවියෙන් පමණක් බාගත කළ හැකි eTraffic නම් ඇප් එක මගින් රියදුරන් සිදුකරන රථ වාහන වැරදි ඡායාරූප හෝ වීඩියෝ ගත කර පොලිසිය වෙත ඉදිරිපත් කළ හැකිය.
  • එසේ ලැබෙන පැමිණිළි විමර්ශන කර අවශ්‍ය නීතිමය කටයුතු කරන බව ඇප් එක හඳුන්වා දෙමින් පොලිසිය නිවේදනය කළේය.
  • කෙසේ වෙතත් ඇප් එක මගින් පුද්ගලිකත්වයට මෙන්ම පුද්ගලික දත්ත අවදානමකට පත් වන බවට මතබේදාත්මක කතා බහක් සමාජ මාධ්‍ය තුළ පවතින අතර ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විද්වතුන් ද එය මතුකර තිබේ.
  • සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව උපදෙස් දෙනුයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් මෙන්ම තම පුද්ගලිකත්වය සම්බන්ධව සැලකිලිමත් වන ඕනෑම කෙනෙකු මෙම ඇප් එක බාගත කර නොගැනීම සුදුසු බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

තවමත් පොලිස් වෙබ් අඩවියෙන් පමණක් බාගත කළ හැකි eTraffic නම් ඇප් එක මගින් රියදුරන් සිදුකරන රථ වාහන වැරදි ඡායාරූප හෝ වීඩියෝ ගත කර පොලිසිය වෙත ඉදිරිපත් කළ හැකිය.

එසේ ලැබෙන පැමිණිළි විමර්ශන කර අවශ්‍ය නීතිමය කටයුතු කරන බව ඇප් එක හඳුන්වා දෙමින් පොලිසිය නිවේදනය කළේය.

කෙසේ වෙතත් ඇප් එක මගින් පුද්ගලිකත්වයට මෙන්ම පුද්ගලික දත්ත අවදානමකට පත් වන බවට මතබේදාත්මක කතා බහක් සමාජ මාධ්‍ය තුළ පවතින අතර ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විද්වතුන් ද එය මතුකර තිබේ.

සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව උපදෙස් දෙනුයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් මෙන්ම තම පුද්ගලිකත්වය සම්බන්ධව සැලකිලිමත් වන ඕනෑම කෙනෙකු මෙම ඇප් එක බාගත කර නොගැනීම සුදුසු බව ය.

police screen
'සෝෂල් මීඩියා ආරක්ෂා කරගන්න බැරි පොලිසිය දත්ත සුරකිනවා කියනවා'

"දශක කිහිපයක් තිස්සේ ලංකාවේ පොලිසිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මහජනතාව, ඇතැම් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය නොතකා, නොබලා පුළුවන් තරම් දත්ත අනුසාරයෙන් විශේෂයෙන්ම දෙමළ ප්‍රජාවටත්, නැගෙනහිර ප්‍රජාවටත් මානව අයිතිවාසිකම් හා ඉන්න ප්‍රජාවටත් එරෙහිව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ සන්දර්භය, ඒ ඉතිහාසය තුළ මෙවැනි ඇප් එකක් මගින් තමාගේ පෞද්ගලිකත්වය අඩපන වීමේ අවදානම, හැකියාව, ඉඩ ප්‍රස්ථාව අතිශයින්ම වැඩි වෙනවා මේක බාගත කළ කට්ටියගේ ෆෝන් හා සම්බන්ධයෙන්."

"අපිට පැහැදිලිවම පේනවා පොලිසියේම සෝෂල් මීඩියා ජාලවල ගිණුම් ඒගොල්ලන්ටම සුරක්ෂිත කරන්න බැහැ කියලා. ඒක මනංකල්පිත ලෝකයක් නෙමෙයි ඒක පැහැදිලි සෘජුවම පේන දෙයක්. ඒ සෝෂල් මීඩියා ගිණුම් සුරක්ෂිත කිරිමේ හැකියාවක් නැති පොලිසියක් තමයි මහජනතාවට කියන්නේ ඒගොලන්ගේ දත්ත සුරක්ෂිත කරනවා කියලා." යැයි ආචාර්ය සංජන හත්තොටුව බීබීසි සිංහල සේවයට විස්තර කළේය.

රහසින් කරන්න පුලුවන් මොනවාද?

මෙම යෙදුම හරහා පෞද්ගලිකත්වයට හානි විය හැකි ආකාරය ආචාර්ය සංජන හත්තොටුව උදාහරණ සහිතව පැහැදිලි කළේය.

"ට්‍රැෆික් වයලේෂන්වලට හදලා තියෙන දේ උදහරණයක් හැටියට අනාගතයේ දී රහසින්ම ඒ ෆෝන් එකේ ලොකේෂන් එක ට්‍රැක් කරන ඇප් එකක් බවට පත් විය හැකි, පත් කරන්න පුළුවන්."

eTraffic ඇප් එක නීතියට අනුකූල නැද්ද?

මෙය 2025 මාර්තු මාසයේ සිට සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට නියමිත පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල නොවන බව ද ආචාර්යවරයා පෙන්වා දෙයි.

"ඒ නීතිය හා සම්බන්ධයෙන් මේ ඇප් එක සංසන්දනය කරනකොට සම්පුර්ණයෙන්ම පැහැදිලි වෙනවා පොලිසිය ඒ නීතිය ගැන දන්නේ නෑ කියලා. මොකද ඒ ඇප් එකෙන් අපි ෆෝන් එකෙන් කරන දේවල්, ඒ ඇප් එක ගබඩා කරන දේවල්, ඒ ඇප් එකෙන් ඉල්ලන දේවල්, ඒ ඇප් එකෙන් පොලිසියට යවන දේවල්, පොලිසියෙන් ඊට පස්සේ ඒගොල්ලො ඒවා ගබඩා කරන්නේ කොහොමද, ⁣කොතෙක් දුරට ගබඩා කරනවාද, කොතෙක් කාලෙකට ද, ඒවට මොනවාද පාවිච්චි කරන්නේ ඒ හා සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ ඇප් එක මාර්තු මාසෙන් පස්සේ කොහොමද පාවිච්චි වෙන්නේ කියලා."

police 73

දැනටත් 117 දෙනෙක් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසියට මේ ඔස්සේ තොරතුරු ලබා දී තිබේ

 

'බලෙන් මේක කාටවත් දාගන්න අවශ්‍යතාවයක් නැහැ'

සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විද්වතුන් ඉදිරිපත් කරන මතයන් හා මතබේදාත්මක තත්ත්වය සම්බන්ධව බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා පොලිසියන් විමසනු ලැබුවා.

"එක එක්කෙනා එක එක ආකාරයට අර්ථකතන දක්වයි. ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති නම්. බලෙන් මේක කාටවත් දාගන්න අවශ්‍යතාවයක් නැහැ. කැමැත්ත අනුව ඒක ඩවුන්ලෝඩ් කරගෙන, ඒ තියෙන විද්‍යුත් තැපෑලට එවනවා මාර්ගයේ සිදුකරන වැරදි සම්බන්ධව. මේකෙන් ඇත්තටම කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලිසියත්, මහජනතාවත් අතර කිට්ටු සම්බන්ධතාවයක් පවත්වලා මාර්ගයේ සිදුකරන වැරදි අවම කර ගැනීමට." යැයි රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසීය.

E- traffic ජංගම දුරකතන යෙදුම ⁣පුද්ගලික ආරක්ෂණ පනතට අනුකූල නැති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රතිචාර දැක්වීය.

"තවම ක්‍රියාත්මක වෙනවා කියන එක දන්නැති වුණාට අනුකූල ද නැද්ද කියන්න දන්නෙත් නෑනේ මාධ්‍යයෙන් කියන කට්ටිය. නීතියානුකූල තත්ත්වයක් තියෙනවාද, නැද්ද දන්නෙත් නෑනේ. මෙවැනි සමහර හොඳ දේවල් කරන්න ගියාම යම් යම් කණ්ඩායම් සමහරවිට ඒවාට විරුද්ධව කටයුතු කරනවා ඇති. මේ සම්බන්ධව 1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධිවිධාන පනතෙත් පැහැදිලිව තියෙනවා ඡායාරූප සහ විඩියෝ දර්ශන සම්බන්ධව නීතිය."

'දැනට 117 දෙනෙක් ඒ සම්බන්ධව තොරතුරු දැනුම් දීලා තියෙනවා'


මාර්ග අනතුරු හරහා සිදුවන ජීවිත හානි වළක්වා ගැනිමේ අරමුණින් මෙය ක්‍රියාත්මක බව ද හෙතෙම සඳහන් කළේය.

ජනවාරි 01 වැනිදා සිට මෙම ඇප් එක බාගත කර ගැනිමේ හැකියාව ලබා දී තිබු අතර ජනවාරි 02 වැනිදා සවස් වන විට ඒ හරහා ලැබී තිබු තොරතුරු ගැන ද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කියා සිටියේය.

"දැන් අද මේ වන විට, දැනට 117 දෙනෙක් ඒ සම්බන්ධව තොරතුරු දැනුම් දීලා තියෙනවා. ඒක හොඳයි නේ. මහජනයා දැනුවත් වෙලා, දැනට තාම මේ හරියට දැනුවත් නොවී. ජනමාධ්‍ය තුළින් තව තවත් දැනුවත් වුණාම විනයක් ඇතිව කටයුතු කරයි."

"ඒක නොකරන එක නෙමෙයි මගේ තර්කය"

 

aScreenshot 2024 12 16 at 08.31.18ආචාර්ය සංජන හත්තොටුව


ලෝකයේ සියලු දෑ ඩිජිටල්කරණය වෙමින් ⁣පවතින යුගයක මෙවැනි ජංගම දුරකතන යෙදුම් ආරක්ෂිත ආකාරයට සකස් කළ හැකි ආකාරය පිළිබඳව ආචාර්ය සංජන හත්තොටුව මෙලෙස විස්තර කළේය.
 
"මේක කරන්න හරිම පැහැදිලි රාමුවක් ඉදිරිපත් කරලා තියෙනවා PDP (පුද්ගලික දත්ත ආරක්ෂණ පනත) තුළ. PDP එක කියන්නේ නීතිමය රාමුවක් නෙමෙයි, ඩිජිටල්කරණය අහෝසි වෙන්න එහෙම නැතිනම් ඒකට එරෙහිව හදලා තියෙන එකක් නෙමෙයි. PDP හදලා තියෙන්නේ මානව අයිතිවාසිකම් පදනම් කරගෙන, පුද්ගලික දත්ත සුරක්ෂිතභාවය ආරක්ෂා කරන විදියකට තමයි ඒ නීතිය සම්පාදනය කරලා තියෙන්නේ."
 
මානව අයිතිවාසිකම් මෙන්ම පුද්ගලික දත්ත ආරක්ෂා කර ගනිමින් මෙවැනි දෑ නිර්මාණය විය යුතු බව ආචාර්යවරයා අවධාරණය කළේය.
 
"අපේ ජනාධිපතිතුමා කියලා තියෙනවා වගේම ඒ වගේ ඇප් ලංකාවට අත්‍යාවශය යි. ඒක නොකරන එක නෙමෙයි මගේ තර්කය. මේ කරලා තියෙන වැඩේ අතිශ්‍යයින්ම භයානක විදියට තමයි කරලා තියෙන්නේ."
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිසියේ අලුත් ඇප් එක ඔබේ පෞද්ගලිකත්වය අවදානමේ හෙළනවා ද? | The Leader