The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාද හමාරයි හිතට අමාරුයි

T

The Leader Desk

January 5, 2025 • 9:15 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාද හමාරයි හිතට අමාරුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙසැම්බර් 24 දා ඇරැඹුණු නත්තල් සාද නවතින්නේ 31 දා වර්ෂාවසාන සාදයන්ගෙනි.
  • ඇතැම් ආයතනවල පමා වූ නත්තල් සාද ජනවාරියේ ද පැවැත්වෙයි.
  • ඇත්තෙන්ම සාදප්‍රියගේ ගෙවැටේ කෝප්ප කොළ, කිරිඅඟුන, තෙබු ආදී ආහාරයට ගත හැකි බොහෝ දෑ තිබුණි.
  • කලවම් වුණොත් අවුල්නෙ.” මිතුරන් ද ඔහු කී ලෙසම ‘ඕල්ඩ්’ රැගෙන ගොස් තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙසැම්බර් 24 දා ඇරැඹුණු නත්තල් සාද නවතින්නේ 31 දා වර්ෂාවසාන සාදයන්ගෙනි. ඇතැම් ආයතනවල පමා වූ නත්තල් සාද ජනවාරියේ ද පැවැත්වෙයි. සිංහල අවුරුදු උත්සවවලටද මේ ‘කල් ඉකුත්වීම’ පොදුය.

මා සිටින්නේ මිනිසුන්ට සාද අවශ්‍යයි කියන මතයේය. සමහරු කියන විදිහට සාද පැවැත්වීමය හිස් වැඩකි. පුස් වැඩකි. එහෙත් ප්‍රිය සාද නිසා මිනිසුන්ගේ දුක් කම්කටොළු මොහොතකට හෝ ඈත් වෙයි. ජීවිතය විනෝදජනක වෙයි. ප්‍රීතිමත් මිනිසුන්ගේ එක්වීම කොතරම් සතුටක් ද?

මගේ එක් මිත්‍රයෙක් සාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රකටව සිටියේය. ඒ නිසාම අපි ඔහුට ‘සාදප්‍රිය’ යැයි නම් තැබුවෙමු.

සාදප්‍රිය තරමක් ‘ඕල්ඩ්’ ය. ඔහුගේ ප්‍රියතම පානය ද ‘ඕල්ඩ්’ ය. ඔහුගේ අතේ, කරේ නිතරම ගෝල්ඩ්ය. ඔහුගේ හිස බෝල්ඩ්ය. වැඩ කිඩ වෙල් ප්ලෑන්ඩ්ය. ග්‍රෑන්ඩ්ය.

 

බිත්තර මිල අඩුවෙලත් බිත්තර ආප්ප, රොටී, කොත්තු මිල අඩු කරන්න බැරි ද? -  (රේණුකා දමයන්ති ගමගේ)

සාදප්‍රියගේ සාද ටිකක් අමුතුය. ඔහු එක් දිනෙක ආප්ප පාටියක් දැමුවේය. එහි තිබුණේ බිත්තර ආප්පම පමණි. ඊට හේතු වූයේ වසා දැමීමට යන කුකුල් ෆාම් එකකින් ඔහුට අඩු මිලට බිත්තර වගයක් ලැබීමය. තවත් අවස්ථාවක ඔහු වෙජිටේරියන් ඩිනර් එකක් දුන්නේය. එහි මේසයේ එක් කෙළවරක චිකන්, බීෆ් හා ෆිෂ් හොදි බඳුන් තිබුණි. ඒ කෑලි නොකන, හොදි පමණක් ගන්නා වෙජිටේරියන්ලා සඳහාය. තවත් අමුතු සාදයකදි පලා වර්ගම දහයක් පමණ විය.

“තමුසෙ අපිට පලා නොකියා පලා බෙදන්නද හදන්නෙ?” යාළුවෙක් ඇසීය.

“නෑ... අද අපේ වැට කැපුවා.”

 

Green salad leaves in white plate on black background. Top view image.


ඔහු සිනාසෙමින් කීය. ඇත්තෙන්ම සාදප්‍රියගේ ගෙවැටේ කෝප්ප කොළ, කිරිඅඟුන, තෙබු ආදී ආහාරයට ගත හැකි බොහෝ දෑ තිබුණි. සාදප්‍රියගේ සාද අතර කොස් සාද, දෙල් සාද, අල බතල සාද ආදිය ද විය.

එක් දිනක් ඔහුට මධු සාදයක් පැවැත්වීමට අවශ්‍ය විය. ඔහු මිතුරන් කිහිප දෙනකුට දුරකථනයෙන් ආරාධනා කළේය.

“මචං, මගෙ ළඟ ඕල්ඩ් එකක් නං තියෙනවා... උඹලත් ඒවම ගෙනාවොත් තමා හොඳ. කලවම් වුණොත් අවුල්නෙ.”

මිතුරන් ද ඔහු කී ලෙසම ‘ඕල්ඩ්’ රැගෙන ගොස් තිබුණි. එහෙත් ඒ කිසිවෙක් සාදප්‍රියගේ ‘ඕල්ඩ්’ බෝතලය නම් දුටුවේ නැත! එහෙත් එය සාදප්‍රියගේ කපටිකමක්ද නොවේ. ඔහුට අවශ්‍ය නම් බෝතලයක් ගෙනැවිත් තනිව පානය කිරීමට බැරිකමක් නැත. එහෙත් සාදප්‍රියට අවශ්‍ය වන්නේ ප්‍රිය සාදයකි. මධු සාදයකි. මිතුරු ඇසුරකි.

මසුරන්ට සාද දැමිය නොහැකිය. එහෙත් මසුරෝ ද සාද දමති. ඒවා “වාන් පාටි” (පාන් වාටි) ය. ඒ පාටිවලට ලයිට් නම් ඇත. බයිට් නම් නැත.

 

තිලක මතක (25) : තනිව තේ එකක්වත් හදා ගන්නට නොදත් කාන්තා පුවත්පත් කතුවරයා  (ඉන්දු පෙරේරා ලියයි)
සමහර සාද සුචරිතවාදීය. ‘බීමට’ ඇත්තේ තේ, කෝපි හෝ සිසිල් බීමය. අපේ මිතුරකු එවැනි සාදයකට ගියේය. මත්පැන් දෙන පාටක් නැත. දෙනවාදැයි අසන්නට ද ක්‍රමයක් නැත. එහෙයින් ඔහු උපක්‍රමයක් කල්පනා කර නිවසේ සේවකයකුට කතා කර මෙසේ ඇසීය.

“තමුසෙලගෙ මහත්තයා පොඩි වීදුරු හෙම හෝදන්ඩ කිව්වෙ නැද්ද?”

සුප්‍රකට රංගන ශිල්පියකු සම්බන්ධයෙන් ද වීදුරු කතාවක් තිබේ. ඔහු “මල් වීදුරු” වල මත්පැන් පානය කිරීමට අකමැතිය. ඈත පළාතක නාට්‍ය දර්ශනයකට ගිය අවස්ථාවක නාට්‍යයෙන් පසු ශාලාව පසුපස තැනක මධු පානයක් සංවිධානය කෙරුණි. එතැන තිබුණේ කොහෙන්දෝ සොයාගත් මල් වීදුරුය. අපේ මිත්‍රයාට අප්සෙට්ය. ඔහු වටපිට බලා තව කෙනකුගෙන් මෙසේ ඇසීය.

“මේ... අසෝක වීදුරුවක්වත් හොයාගන්ඩ බැරි වෙයිද?”

මේ ඇසූ තවත් නළුවෙක්ට යකා නැග්ගේය.

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : මාලිමා බෝතලේ
“ඒයි... උඹ ධර්මාශෝක වෙන්නෙ නැතුව දෙන වීදුරුවෙන් බීපන්... ඔය බෝතලේ හොයා ගත්තෙත්, හොර පොළකට ගිහින්.”

සාද සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුවටද, විරුද්ධ පාක්ෂිකයන්ගෙන් විවේචන තිබේ. පසුගිය කාලයේ නම්, උත්සව සමයන්හිදී මැති ඇමැතිවරුන්ගේ ප්‍රිය සාද අනිවාර්යය. මාධ්‍යවේදීන්ට පවා විස්කි, බ්‍රැන්ඩි ආදියෙන් සංග්‍රහ කෙරේ. තෑගි බෝග පවා ලැබේ. දැන් ඒවා නැත. කතා කරන්නෙම රට ක්ලීන් කිරීම ගැනය. නිදහස් උත්සවය පවා චාම්ය. උසස් පොලිස් නිලධාරීන්ට වෙනදා ලැබෙන ‘හැම්පර්ස්’ වැනි තෑගි බෝග මෙවර තහනම් විය. ඒ වෙනුවට ලැබුණේ දුරකථන සුබ පැතුම්ය.

නත්තල් දවසේ බීමත් වූ සයිමන්ට තවත් අඩියක් ගැසීමට සිතී නගරයේ මත්පැන් හල වෙත ගියේය. අවාසනාවට මෙන් එය එදින වසා ඇත. සයිමන් කනස්සලු සිතින් ඉදිරිපස පියගැටයෙහි වාඩි වී සිටියේය. ටික වේලාවකින් දොරක් විවෘත වුණි. ආගන්තුක පුද්ගලයෙක් පිටතට පැමිණ සයිමන්ට විස්කි බෝතලයක් දිගු කළේය. විස්මයට පත් සයිමන්ට මෙසේ කියැවුණි.

“මොනවා! දෙයියන්වහන්සේවත් දුගියන්ට මෙහෙම පිහිට වෙන්නෙ නෑනෙ.”

 

liqoue shop
ඒ ඇසූ ආගන්තුකයාගේ මුවග උපහාසාත්මක සිනාවක් නැගුණි.

“මම තමයි දෙවියන් වහන්සේ” ඔහු පිටව ගියේය. සයිමන් මහත් සතුටට පත් විය.

“අපරාදෙනෙ මං මෙච්චර කල් පල්ලියට ගියෙ. මීට පස්සෙ හැමදාම බාර් එකට එන්න ඕනෙ.”

(ප.ලි: A Little party never killed nobody. කුඩා සාදයකින් කිසිවකුටත් අනතුරක් සිදු නොවේ.)

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන්(පිටපත | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...