The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අර්ධ සුඛෝපභෝගී බස් තහනමට වෙච්ච දේ | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 6, 2025 • 7:12 AM

අර්ධ සුඛෝපභෝගී බස් තහනමට වෙච්ච දේ | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බස්වල යන මගීහු අර්ධ සුඛෝපභෝගී යයි කියන බස්වලින් කරන අසාධාරණය හොඳින් දනිති.
  • නොදන්නා අයගේ දැනගැනීම සඳහා කියන්නේ නම්, මෙම ඊනියා අර්ධ සුඛෝපභෝගී බස් හා ලොරි චැසි මත බොඩි ගැසූ වෙනත් බස් අතර ඇත්තේ එකම එක වෙනසකි.
  • එහෙයින් හොඳ නීතීඥයන් අල්ලා නඩු පවරා ඇත.
  • අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

බස්වල යන මගීහු අර්ධ සුඛෝපභෝගී යයි කියන බස්වලින් කරන අසාධාරණය හොඳින් දනිති. නොදන්නා අයගේ දැනගැනීම සඳහා කියන්නේ නම්, මෙම ඊනියා අර්ධ සුඛෝපභෝගී බස් හා ලොරි චැසි මත බොඩි ගැසූ වෙනත් බස් අතර ඇත්තේ එකම එක වෙනසකි. එනම්, බෝඩ් ලෑල්ල නිල්පාට වීම පමණි. නැග්ගාම ගමන් ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරගුණයකි. හිටගෙන අධික තදබද වී ගමන් කිරීම සාමාන්‍ය තත්වයකි.

පුවත්

 

මෙමගින් ඉහළ ආදායම් ලැබෙන ජාවාරම්කරුවන් පිරිසට මෙම බලපත්‍ර රැකගැනීමට අවශ්‍යය. එහෙයින් හොඳ නීතීඥයන් අල්ලා නඩු පවරා ඇත. අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ඉන් පසු කිසිදු මාධ්‍යයක් මෙම නඩුවට සිදු වූයේ කුමක්දැයි සොයා බැලුවේ නැත.

මේවා පසුබිමේ තව මොන මොන සෙල්ලං වෙනවාදැයි බුදු අම්මෝ මං නම් දන්නේ නැත. එහෙම වීම ඉතින් මේ රටේ හැටිය. ඕවා හොයන්නට ගියොත් හිරේ විලංගුවේ ලගින්නට හා මැරුං කන්නට වෙනවාය. බස් මාෆියාව පිටුපස තවත් මාෆියා රැසක් ඇත. කළු සල්ලි සුදු කරන්නටත් බස් හොඳ වෙල්ලාවකි.

මේ ගැනත් බස්කාරයන්ට දුක්ගැනවිලි අද දෙරණට කිව හැකිය. දෙගුණයක් බස් ගාස්තු අය කරන ඊනියා නගරාන්තර හෙවත් ඒසී බස්වල හිටගෙන දාගෙන යන එක පෙනෙන්නේ නැද්දැයි ඇසිය හැකිය. 

මේවා වෙනස් කළ යුතුය. වෙනස කොතනින් හෝ පටන් ගත යුතුය. මුලපිරීමට රජයට අපේ ශක්තිය හා ධෛර්යය.

ටියුෂන් තහනම් කිරීම වෙනුවට….. | අජිත් පැරකුම් ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(Ajith Parakum ගේ ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...