The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජ්‍ය සේවක කප්පාදුව අත ලඟයි | රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

January 11, 2025 • 9:58 AM

රාජ්‍ය සේවක කප්පාදුව අත ලඟයි  | රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය සේවයේ සේවක අතිරික්තය, එලදායීත්වය හා නාස්තිය ප්‍රමාණය පිළිබඳ සැබෑ ප්‍රශ්නය කුමක්ද?
  • මුදල් අමාත්‍යාංශයේ, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අද වන විට අනුමත කර ඇති රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17 කි.
  • දී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් බඳවා ගැනීම් සඳහා යම් සීමාවන් පැනවූ අතර, කෝවිඩි අර්බුදය, ආර්ථික අර්බුදය හේතුවෙන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම අවම වී ඇත.
  • අද වැටුප් ලබන සැබෑ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14 ට මදක් වැඩිය.
අකුරු ප්‍රමාණය (Font Size):


 රාජ්‍ය සේවයේ සේවක අතිරික්තය, එලදායීත්වය හා නාස්තිය ප්‍රමාණය පිළිබඳ සැබෑ ප්‍රශ්නය කුමක්ද? යන්න විමසමු.

මුදල් අමාත්‍යාංශයේ, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අද වන විට අනුමත කර ඇති රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17 කි.  

2017 දී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් බඳවා ගැනීම් සඳහා යම් සීමාවන් පැනවූ අතර, කෝවිඩි අර්බුදය, ආර්ථික අර්බුදය හේතුවෙන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම අවම වී ඇත.

අද වැටුප් ලබන සැබෑ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14 ට මදක් වැඩිය. එය රටේ ශ්‍රම බලකායෙන් 15% කි.  

1990 දී ලක්ෂ 6.5 ක් රාජ්‍ය සේවක සංඛ්‍යාව අද, ලක්ෂ 17 ක් දක්වා වැඩිවූයේ සේවක අවශ්‍යතාවයට වඩා දේශපාලනඥයින් හා නිලධාරීන් විසින් රැකියා රජයේ රැකියා සහනාධාර වශයෙන් ලබාදීම නිසාය.

 

government 3වැටුප් ලබන සැබෑ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14 ට මදක් වැඩිය. එය රටේ ශ්‍රම බලකායෙන් 15% කි.

රටක්, සමාගමක් නැත්තම් කර්මාන්ත ශාලාවට පවා අවශ්‍යවන සේවක සංඛ්‍යාව හා සේවකයින් වර්ග මොනවා ද යන්න වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව ගණනය කරනු ලබයි.  රාජ්‍ය සේවයේ වසර 5 කට වරක් කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කළ යුතුය.  

2013 වසරට පසු මේ දක්වා ලංකා රාජ්‍ය සේවයේ කාර්‍ය මණ්ඩල සමාලෝචනයක් සිදුකර නැත. සරළව, වසර 12 කින් රාජ්‍ය අංශයේ සේවා ප්‍රසාරණය වීම්, ව්‍යුහාත්මක වෙනස්වීම් අධ්‍යයනය කරමින් රටේ එලදායී කාර්ය සාධනය සඳහා සිටිය යුතු කාර්‍ය මණ්ඩල සමාලෝචන සිදුකර නැත.

Polish 20241114 011304061රාජ්‍ය සේවය සැබෑ ඩිජිටල්කරණයකට යොමු වන්නේ නම්, ලක්ෂ 2 ක රාජ්‍ය සේවාවක් ප්‍රමාණවත් බව ද අදහසක් ඇත.  


මේ නිසාම, ආණ්ඩුවේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන හුලංගමුව මහතා රාජ්‍ය සේවකයින් ලක්ෂ 7 දක්වා අඩු කළ යුතු යැයි කියන විට, හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ගේ කමිටු වාර්තාවේ එය ලක්ෂ 10 ක් විය යුතු යැයි දැක්වේ. තවත් පැත්තකින්, රාජ්‍ය සේවය සැබෑ ඩිජිටල්කරණයකට යොමු වන්නේ නම්, ලක්ෂ 2 ක රාජ්‍ය සේවාවක් ප්‍රමාණවත් බව ද අදහසක් ඇත.  

සැබවින්ම රාජ්‍ය සේවය කුමන ප්‍රමාණයකට කපා දැමිය යුතුද, නැතිනම් සීමා කළ යුතු ද යන මේ කතා එකකටවත් කිසිදු විද්‍යාත්මක, තාක්ෂණික පදනමක් නැත. එක් එක් පුද්ගලයාගේ හිතට දැනෙන ඉලක්කම් ඔවුහු මයික්‍රෆෝන් ඉදිරිපිට පවසති.

ඇත්තමට ගැටළු මොනවාද?

රාජ්‍ය සේවක සංඛ්‍යාව එලදායී වන්නට නම්, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මහ පොලොවේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. වරින් වර සේවා අවශ්‍යතා මත පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සිදු කරන ඉල්ලීම් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් නෑ.

 මම දකුණු පළාත් ආණ්ඩුකාරවයා ලෙස කටයුතු කරන සමයේ දී, දැනට පළාත් සභාවලට NBT බදු අය කිරීමක් සිදු නොවන නිසා බදු නිලධාරීන් (tax officers) ගේ අවශ්‍යතාවයක් නොමැති බව හදුණාගනු ලැබූවේය. නමුත්, පළාත් සභාව වැඩි වැඩියෙන් ‘මත ප්‍රකාශ ලබා දී ආදායම් ලබාගැනීමට’ තක්සේරුකරුවන් වැඩි කරගත යුතුයි. නමුත්, වසර 6 ක් ගතවී ඇතත් බදු නිලධාරී තනතුරු යටපත් කර තක්සේරු තනතුරු ලබා දෙන්නැයි කළ ඉල්ලීමටවත් කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉටු වී නැත.  

 

government 2

ලංකාවේ කේෂ්ත්‍ර නිලධාරීන් වර්ග 103 ක් පවතී. 2023 ජනාධිපති කාර්යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයෙන් මේ බව හෙළිකර ගන්නා තෙක් මෙම වර්ග සංඛ්‍යාව ගැන හෝ අවබෝධයක් තිබුණේ නැත. මෙයින් අඩකට වඩා යල්පැනගිය, අවශ්‍ය නොවන තනතුරු බව කාර්ය මණ්ඩල සමාලෝචනයකින් තහවුරු වනු ඇත.


අනෙක් අතට රටට අදායම් ලබා ගත හැකි පළාත් පාලන, ඉඩම් ආදී අංශයන් හි අවශ්‍ය සේවක සංඛ්‍යා නැත. රාජ්‍ය සේවය දේශපාලනඥයින් හා බලධාරීන් විසින් රටට බරක් කර ඇත්තේ එලෙසිනි.  

රාජ්‍ය ප්‍රතිපත්තියේ ඩිජිටල්කරණය (digitalization) ට ලොකු අගයක් ලබා දී ඇත. එයට අනුරූපව රාජ්‍ය සේවයේ විශාල ව්‍යුහාත්මක වෙනස්වීම් අවශ්‍ය වනු ඇත.  රටේ පවතින අප්‍රමාණ වූ දත්ත, භාවිතයට ගත හැකි ඩිජිටල්කේතකරණයට ලක් කිරීමට විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇත.  අනෙක් අතට, එහි වාසිය ලබා දැනට සේවයේ සිටින විශාල පිරිසක් වඩාත් එලදායී කටයුතු සඳහා යෙදවිය හැකිය.

 

1696865653247රටේ පවතින අප්‍රමාණ වූ දත්ත, භාවිතයට ගත හැකි ඩිජිටල්කේතකරණයට ලක් කිරීමට විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇත.

ඉහළ තනතුරු (ලේකම්, දිසාපති) වලට තෝරා ගැනීමේදී ඔවුන්ගේ දක්ෂතා මත පදනම්වූ නිර්ණායක අනුව තෝරා ගැනීම් කළ යුතුයි. අද ඉහත තනතුරු සඳහා පත්වන බහුතරය ජ්‍යෙෂ්ඨත්වය හා දේශපාලන ලැදියාව මත පත්වීම් ලබති.  ලොක්කන් දක්ෂයන් නොවන තැන්වල දෙවන පෙළක් ගොඩ නැගෙන්නේ නැත.

රාජ්‍ය සේවය දීප ව්‍යාප්ත සේවා 12 ??? කි. මේවාගේ ඉහළ තනතුරු රැසක් පුරප්පාඩු වී ඇත. පසුගිය ජනවාරි 1 දින 2013 ජුනි 26 දින හා අංක 1816/12 දරණ රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ‘පරිපාලන සේවයේ’ නිලධාරියෙකු රජයේ මුද්‍රණාලයාධිපති ධූරයට පත් කරනු ලැබීය.

මුද්‍රණ සේවයේ මුල් පිටු 6 ම මේ වන විට පුරප්පාඩු වී ඇත. මුද්‍රණ සේවයේ ඉහළම නිලධාරියා ‘දෙවන සේවයේ’ අයෙකි. නිලධාරීන්ට කලට වේළාවට සේවා උසස්වීම් ලැබෙන්නේ නැත. නැතිනම්, ඒවා ලබාදීම සුක්ෂම ලෙස වලක්වනු ලබයි. රාජ්‍ය සේවයේ ‘කුල’ හෙවත් ‘සේවා’ අතට ගැටුම බරපතල තැනකට පැමිණෙමින් ඇත.

 

NATIONAL BULDING PLACE THING 720348

ජාතික හෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ද මෙලෙසම පරිපාලන සේවයේ නිලධාරියෙකු විසින් දරනු ලබයි. මේ පත්වීම් රැසක්ම සිදු කර ඇත්තේ පුද්ගලික හිතවත්කම් මතය.


සබරගමුව කෘෂිකර්ම අමාත්‍යාංශයට ආණ්ඩුකාරතුමිය විසින් ක්‍රමසම්පාදන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට විරුද්ධව පරිපාලන සේවය බලහත්කාරී විරෝධයක් පළ කර එම පත්වීම වැලක්වනු ලැබීය. රාජ්‍ය සේවයේ ඉහළ සිට පහලටම ඉංජිනේරු, කෘෂිකර්ම සේවාවන් හි ද මෙවැනි ගැටුම් උත්සන්න වෙමින් ඇත.

රාජ්‍ය සේවයේ, ආයතනයක, අමාත්‍යාංශ සඳහා වරින්වර අවිධිමත් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම නිසා රාජ්‍ය සේවයේ පිරමිඩය විකෘති වී ඇත.  අද එය පිරිමීයක් නොව, ‘කලයක’ නැතිනම් ‘බඩ තඩි මුදලාලි’ රූපයක් ගෙන ඇත. මේ සේවක පිරමීඩයේ මැද කොටස ඌණ සේවා නියුක්ති උපාධිධාරීන්ගෙන් පිරී ඇත. ඔවුන්ට නිශ්චිත වැඩ ලැයිස්තුවක් තබා වාඩිවෙන්නට පුටුවක් හෝ නැත. රාජ්‍ය සේවයේ සේවක පිරමිඩය ස්ථාපනයකින් තොරව කිසිදු මානව සම්පත් කලමනාකරණයක් යථාර්ථවාදී විය නොහැකිය.
තමන්ට ලැබෙන රාජ්‍ය නිලධාරීන්ගේ දක්ෂතා, කුශලතා, දුබලතා හඳුණා ගැනීමක් බොහෝ විට රාජ්‍ය සේවයේ සිදුවන්නේ කලාතුරකිනි. පිහිනන්නට දක්ෂයා, රස්සාවට ගස් නග්ගවන ස්වරූපයක් රාජ්‍ය සේවයේ ඇත.

 


මේ වන විට මධ්‍යම රජය සහ පළාත් සභාවල ‘කාර්ය මණ්ඩලය සමාලෝචනයක්’ සිදු කරමින් ඇත. එමගින් සැබෑ ලෙසම රාජ්‍ය සේවයේ සිටිය යුතු සංඛ්‍යාව හා තනතුරු ප්‍රමාණය තීරණය කිරීමට ‘රාජ්‍ය සේවයට’ හැකියාව පැවතිය යුතුය.


රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සේවක සංඛ්‍යාව 50% කට  ආසන්නව පහළ දැමීම නම්, අනිවාර්යයෙන්ම වත්මන් රජයට කෙටි කාලීන පීඩනයක් එල්ල විය හැකි නමුත් රටක් ලෙස දිගු කාලීන වාසි අත්කර ගත හැකිය. අනෙක් අතට එවැනි යෝජනාවකට එරෙහිවිය හැකි වෘත්තීය සමිති සියල්ලම වත්මන් රජයට සහාය දක්වන අතර ඒවායේ නායකයින් රජයේ තනතුරු දරමින් සිටී.

නිදහසින් පසු පලමුවරට රාජ්‍ය සේවය කුඩා කිරීම සඳහා පාලකයින්ගේ අවධානය යොමුව තිබීම ප්‍රශංසා කටයුතුය. එයට බාධා නොකර සිටීම විපක්ෂයේ වගකීමකි.


Rajith Keerthi
(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
දකුණ සහ ඌව හිටපු ආණ්ඩුකාර

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජ්‍ය සේවක කප්පාදුව අත ලඟයි | රජිත් කීර්ති තෙන්නකෝන් | The Leader