The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : බස් කතාබස්

T

The Leader Desk

January 12, 2025 • 5:29 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : බස් කතාබස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුහුණුපොතේ සිටි එක් මගියෙක් සටහන් කර තිබූ අන්දමට බසයේ සුක්කානමට ඉදිරියෙන් බුදු මැදුරු, බෝ ගස් සවිකර ඇති රියැදුරන් මහණ කළ යුතුය.
  • බසයේ දේවාල ඉදිකර ඇති රියැදුරන් කපුකමටද, ‘කොන්දා’ ආවතේවකරු ලෙස ද පත් කළ යුතුය.
  • ඔවුන්ගේ පැය 24 ම ගත වන්නේ එතුළය.
  • ඉදිරිපස අසුනේ සිටි මහළු මහතා ඒ මේ අත හැරෙමින් මහත් අපහසුවෙන් ගමන් ගත්තේ ශබ්ද තරංග අකුණු සර මෙන් කෙළින්ම ඔහුගේ මුඩු හිස මතට පතිත වූ නිසා විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මුහුණුපොතේ සිටි එක් මගියෙක් සටහන් කර තිබූ අන්දමට බසයේ සුක්කානමට ඉදිරියෙන් බුදු මැදුරු, බෝ ගස් සවිකර ඇති රියැදුරන් මහණ කළ යුතුය. ‘කොන්දා’ ඇබිත්තකමට පත් කළ යුතුය. බසයේ දේවාල ඉදිකර ඇති රියැදුරන් කපුකමටද, ‘කොන්දා’ ආවතේවකරු ලෙස ද පත් කළ යුතුය.


බසය යනු රියැදුරාගේ සහ කොන්දොස්තරගේ ලෝකයයි. ඔවුන්ගේ පැය 24 ම ගත වන්නේ එතුළය. සමහරු නිදාගන්නේද බසය තුළමය. උදෑසනම බසයකට නගින විට බටයක් මත තෙත තුවා වනා තිබෙනු ද දැකිය හැකිය.

 

පුවත් - Results from #4200

ඉඳින් ඔවුහු තමන්ගේ ‘බස් ලෝකය’ තමන්ට ඕනෑ විදිහට සරසා ගනිති. ඔවුන්ගේ රුචිකත්වයට අනුව අලංකාර කර ගනිති. බෆල් සවිකර සංගීත ඝෝෂා පවත්වති. මාළු මුදලාලි හෝ එළවළු මුදලාලිලාගේ (සමහර විට බස් මුදලාලිලාද එකතුව) අනුග්‍රහයෙන් පැවැත්වූ එළිමහන් සංගීත ප්‍රසංග, ටී.වී. යන්ත්‍රයෙන් පෙන්වති.

බස් සංගම්කාරයන් කියන හැටියට එය ඔවුන්ගේ අයිතියකි. එවිට මගීන්ගේ අයිතියට සිදුවන්නේ කුමක්ද? මගීන් නැත්නම් බසය කොටඋඩ නේ ද?

මෙන්න වැඩ : ජනවාරි 01 සිට බස් රථවල රජය අනුමත සිංදු පමණයි !

 

උදෑසනම දුර බැහැර සිට වැඩට යන බොහෝ දෙනා බසයට නගින්නේ නින්දක් දමා යන අදහසිනි. එහෙත් කලක් වෙලාවක් නැතුව ඇරඹෙන ශබ්ද පූජාව නිසා නින්ද වෙනුවට ලැබෙන්නේ ඉසේ ඇම්මය.

මීට මඳ කලකට පෙර නුවර සිට කොළඹට ඉන්ටර්සිටි බසයෙන් (පිටත් වීම පෙ.ව. 4-5 අතර) වැඩට එන රජයේ සේවකයෙක් ලොකු පුළුන් ගුලි දෙකක්ද රැගෙන ඒමට පුරුදුව සිටියේය. ඒ ශබ්ද පූජාවෙන් මිදීමටය.

“මුන්ගේ මේ ජරා සින්දු අහගෙන පැය දෙක තුනක් ආවොත් දවසම ඉවරයි. අඩු ගාණේ උදේ පාන්දරවත් මේ කන්දොස්කිරියාව නැතුව මුන්ට එලවන්න බැරිද?” ඒ මහතා මා සමඟ කීය.

පසුගිය වසරේ මුල විදේශයක සිටින මගේ මිත්‍රයෙක් එහි සිට ආ මගේ වෙනත් මිතුරකු අත වටිනා ත්‍යාගයක් එවීය. මට එය ලබා ගැනීම සඳහා කොළඹ මහවැලි කේන්ද්‍රය අසලට යාමට සිදුවිය.

 

Clean Sri Lanka': කොන්දොස්තරවරුන්ට ෆුට්බෝඩ් තහනම්

මා එහි ගමන් කළේ බත්තරමුල්ල හරහා ධාවනය වූ පෞද්ගලික බස් රථයකිනි. මගේ අසුනට ඉහළින්ම යක්ෂ මුඛයක් බඳු වහලයකි. ඉන් මහ හඬින් නොනවත්වා මොනවාසෝ ‘සින්දු’ ජාතියක් පැතිරෙයි. “තව ටික දුරයි” යැයි සිතමින් මම ඉවසුවෙමි. ඉදිරිපස අසුනේ සිටි මහළු මහතා ඒ මේ අත හැරෙමින් මහත් අපහසුවෙන් ගමන් ගත්තේ ශබ්ද තරංග අකුණු සර මෙන් කෙළින්ම ඔහුගේ මුඩු හිස මතට පතිත වූ නිසා විය යුතුය.

මා මහවැලි කේන්ද්‍රය අසලට යන විට මගේ මිතුරා සිටියේ නොසතුටු මුහුණෙනි.

“මං කෝල්ස් පහකට වඩා දුන්නා. ඇයි ආන්සර් කෙරුවෙ නැත්තෙ?”

 

ඉන්ධන මිළ ඉහළ යාමෙන් භාණ්ඩ රැසක මිළ ඉහළට - බස් ගාස්තු 25%කින් වැඩිවෙයි ද ?
කතාව ඇත්තය. එහෙත් අර ඝෝෂාව නිසා ඒ කිසිත් මට ඇසී නැත.

ඒ බසයේ රියැදුරා හා කොන්දොස්තර දෙදෙනාම මේ වනවිට ශ්‍රවණාබාධිතයන් බවට පත්ව සිටිනවාට සැක නැත.

හොල්මන් බස් කතා ඔබ අසා තිබෙනවාදැයි නොදනිමි. ඒ කතාවල කියැවෙන හැටියට රාත්‍රී කාලයේ ගමන් ගන්නා සමහර බස් තුළ හොල්මන් සිටිති. සමහර විට බස් රථයම හොල්මනකි. එබඳු බස් මගීන්ගෙන් හිස්ය. එහෙත් කිසිදු තැනක නවත්වන්නේද නැත. මගේ මිතුරකු දිවුරා කියූ අන්දමට එබඳු හොල්මන් බසයක රියැදුරා සහ කොන්දොස්තර පෙනෙන්නට සිටියේද නැත.

අපේ ගමේ සිරි අයියා පවසන අන්දමට ඔහු ද බස් හොල්මනක් දැක තිබේ. කාලකටත් වඩා ටිකක් ‘ක්‍රියා කර’ එන ඔහු ඒ වෙලාවට යකකුටවත් බය නැත. එහෙත් එදා ඔහු බය විය. බසයේ සිටියේ ඊට මඳ කලකට පෙර රිය අනතුරකින් මියගිය කොන්දොස්තර කෙනෙකි.

 

140
ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබුණි. ඇස් බාගෙට පියවිලාය. (කුඩුකාරයකුගේ මෙනි.) ළඟින් යන විට එම්බාම් ගඳක් ද දැනුණි. සිරි අයියාගේ වෙරි හිඳුණි.

“ඒ වුණත් සිරි අයියා කොහොමද කියන්නේ ඒ අර මැරුණු හාදයම කියලා?”

“ඌ මාරු සල්ලි දෙන්නෙත් නෑ. ඉතුරු සල්ලි. ඉල්ලන්ඩ කලින් ෆුට්බෝඩ් එකටත් ගිහිල්ල ඉවරයි.”

“ඉතින් ඩ්‍රයිවර්ටවත් කිව්වෙ නැද්ද ඔය ගැන?”

“කිව්වා. මිනිහා කියාපි, ඒක ලාස්ට් ට්‍රිප් එක හින්දා කොන්දව ගෙනාවෙ නෑලු. මිනිහමලු ටිකට් කැඩුවෙත්.”

“හැබෑට?”

“මං ඔහෙට බොරු කියනවැයි! ඉතින් එදා මං දෙන්නෙක්ගෙන්ම ටිකට් ගත්තා.”

රාත්‍රී බස් තුළ එම්බාම් ගඳ ගසන, හොල්මන් කොන්දොස්තරවරු දැක ඇති තවත් අය සිටිති. එහෙත් ඒ බව නොකියා සිටින්නේද බයටමය. (මෙය සිරි අයියාගේ අදහසකි.)

 

vrty
ඒ කාලයේ කරුණාදාසගේ කාටූන් විහිළුවක් මේ කාලෙට ගැලපෙන ලෙස සැකසුවෙමි.

ආච්චි කෙනෙක් තම මුණුබුරාද සමඟ වෙසක් බැලීමට යයි. රාත්‍රියේ ආපසු එන අතර බස් නැවතුමක ඇති විවිධ සැරසිලි සහිත බසයක් දැක ආච්චි මෙසේ අසයි.

“පුතේ අර අපායෙ විස්තරේ ද?”

“නෑ ආච්චි, ඒ ප්‍රයිවට් බස් එකක්.”

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...