The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දුරකතන සමාගම් පාරිභෝගිකයන් ගෙන් මුදල් ගසා කන්නේම නැද්ද? | රේණුකා දමයන්ති ගමගේ

T

The Leader Desk

January 15, 2025 • 7:46 AM

දුරකතන සමාගම් පාරිභෝගිකයන් ගෙන් මුදල් ගසා කන්නේම නැද්ද? | රේණුකා දමයන්ති ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දා බීබීසී සිංහල වෙබ් අඩවිය සඳහන් කොට තිබිණ.
  • ඉන් පැවසුණු අන්දමට පාරිභෝගිකයකු එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් පැකේජය 2024.10.05 වැනි දින සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකතන සමාගම දන්වා තිබේ.
  • ඒ වෙනුවට, 1,298 ක් වැය කර නව පැකේජය සක්‍රීය කර ගන්නා ලෙසට අදාළ සමාගම විසින් දැනුම් දී තිබූ අතර පසුව නව පැකේජයක් හඳුන්වා දෙමින් එම දුරකතන සමාගම දන්වා ඇත්තේ එම පැකේජය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 1,989 ක් බවයි.
  • දුරකතන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවත් රුපියල් 797 සහ 1,599 පැකේජ අලු‍තින් හඳුන්වා දුන් පැකේජ බවත් ඔවුන් පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය දා බීබීසී සිංහල වෙබ් අඩවිය සඳහන් කොට තිබිණ.

ඉන් පැවසුණු අන්දමට පාරිභෝගිකයකු එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් පැකේජය 2024.10.05 වැනි දින සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකතන සමාගම දන්වා තිබේ. ඒ වෙනුවට, 1,298 ක් වැය කර නව පැකේජය සක්‍රීය කර ගන්නා ලෙසට අදාළ සමාගම විසින් දැනුම් දී තිබූ අතර පසුව නව පැකේජයක් හඳුන්වා දෙමින් එම දුරකතන සමාගම දන්වා ඇත්තේ එම පැකේජය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 1,989 ක් බවයි.


Data 250112 දුරකතන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවත් රුපියල් 797 සහ 1,599 පැකේජ අලු‍තින් හඳුන්වා දුන් පැකේජ බවත් ඔවුන් පවසා තිබේ.

 

මෙම නව පැකේජ ගාස්තු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය එක්තරා දුරකතන සමාගමකින් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ගිගාබයිට් 30 පැකේජය ගිගාබයිට් 12 දක්වා අඩුකර ඇති බවකි.ඒ පිළිබඳව පසුගිය සැප්තැම්බර් මස 1 වැනිදා සිට නව සබඳතා ලබාගත් පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බව ද එම දුරකතන සමාගම ප්‍රකාශ කර ඇත.

එහෙත් වගකිය යුතු මාධ්‍යයක් ලෙස  බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් තවත් සමාගමකින් විමසීමක් කළ විට එම සමාගම සඳහන් කර ඇත්තේ පැවති පැකේජවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි. මෑතකදී දුරකතන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවත් රුපියල් 797 සහ 1,599 පැකේජ අලු‍තින් හඳුන්වා දුන් පැකේජ බවත් ඔවුන් පවසා තිබේ.

ඒ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පෙන්වා දී ඇත්තේ ද ඩේටා පැකේජ හරහා ඇතැම් දුරකතන සමාගම් පාරිභෝගිකයන්ගෙන් අනිසි ලෙස මුදල් අයකිරීම් සිදුවන බව ය. මෙය ඔහුගේ අදහසකට වඩා වත්මන් සමාජයේ පවත්නා පොදු මතවාදයක් හුවා දක්වන්නකි.

 

images 78

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ ප්‍රකාශ කර ඇත්තේ වෙනම කතාවකි. එනම් මේ වන විට ක්‍රියාත්මක වන පැකේජ ගාස්තු කිසිවක් සංශෝධනය කර නොමැති අතර දුරකතන සමාගම් අලු‍තින් අයක්‍රම සැලසුම් (Tariff plan) අනුමත කරගෙන ඇති බවයි.


ඉන් පවතින අයක්‍රම සැලසුම්වල මිල වැඩි කිරීමක් හෝ පවතින ප්‍රති ලාභ අඩු කිරීමක් ඉන් සිදු නොවන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

දුරකතන සමාගමක් අය ක්‍රම සැලසුමක් ඉදිරිපත් කළ පසු එම පැකේජය භාවිත කරන පුද්ගලයකුට දුරකතන සමාගම අවම වශයෙන් වසරක කාලයක් සේවාව සැපයිය යුතු අතර වසරකට පසු සංශෝධනයකට යෑමට හැකි බවද  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා සඳහන් කර තිබේ.

එමෙන්ම දුරකතන සමාගම්වල අවශ්‍යතාව පරිදි නව පැකේජ වෙළෙඳපොළට හඳුන්වා දීමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉල්ලු‍ම් කරන බව ද ඔහු සඳහන් කර ඇත.

ඒ හැරුණු කොට ජංගම දුර­ක­තන සේවා සප­යන සමා­ගම් සඳහා දුර­ක­තන පැකේ­ජ­වල මිල ගණන් ඉහළ දැමී­මට කිසිම අව­ස­ර­යක් ලබා දී නැතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමි­ෂන් සභාව පව­සයි.

665011 546261 540020 wifi hotspots

ඒ අතර නිසි අවසරයකින් තොරව දුරකතන සමාගම් පැකේ­ජ­වල මිල ගණන් වැඩි කිරී­මට කට­යුතු කළ­හොත් කොමි­ෂන් සභාව දුර­ක­තන සමා­ග­ම්ව­ලට ලබා දී ඇති බල­පත්‍ර අහෝසි කරන බවත්, එවැනි ආකා­රයේ වැඩි කිරී­මක් සිදුව ඇත්නම් ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ පැවරී ඇති බල­තල ප්‍රකා­රව කට­යුතු කරන බවත්  ඉන්ද්‍ර­ජිත් හඳ­පා­න්ගොඩ දන්වා සිටියි.


 ඔහු පවසන අන්දමට  තමා සක්‍රිය කර ඇති දුර­ක­තන පැකේ­ජ­යක මිල ගණන් ඉහළ ගොස් ඇත්නම් ඒ සම්බ­න්ධ­යෙන් තොර­තුරු සාධක සහි­තව කොමි­ෂන් සභාව වෙත ඉදි­රි­පත් කිරීමට පාරි­භෝ­ගි­ක­ය­න්ට පුළුවන. එමෙන්ම සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය­වල පළ­වන ඉහත සඳහන් දැන ගැනී­මට ලැබී­මත් සමඟ කොමි­ෂන් සභාව විසින් සියලු ජංගම දුර­ක­තන සමා­ග­ම්ව­ලින් විම­සී­මක් කළ බව ද ඒ අනුව සියලු ජංගම දුර­ක­තන සමා­ගම් කිසිම මිල වැඩි­කි­රී­මක් සිදු කර නැති බවට ලිඛි­තව දැනුම් දී ඇතැයි ද ඔහු පව­සයි.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචා­ර­ව­ලට මහ­ජ­න­තාව නොරැ­ව­ටෙන ලෙස ඉල්ලා සිටින කොමි­ෂන් සභාව මෙවැනි අසත්‍ය ප්‍රචාර කරන මාධ්‍ය ආය­තනවලට හා මාධ්‍ය­වේ­දීන්ට විරු­ද්ධව පවත්නා නීති අනුව කට­යුතු කිරී­මට කොමි­ෂන් සභාව මේ වන­වි­ටත් පිය­වර ගනි­මින් සිටින බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියි.

Cropped shot of an unrecognizable female warehouse worker looking over the inventory

මීට දශක කිහිපයකට පෙර ජන ජීවිතයට එතරම් සම්බන්ධ නොවූ දුරකතනය අද වන විට සමාජයට නැතිවම බැරි මෙවලමක් වී තිබේ. මේ වන විට පවතින සමාජ යාන්ත්‍රණය අනුව එදිනෙදා “කුලී වැඩක් “ කර ගන්නා තැනැත්තා ගේ සිට සමාජයේ සෑම ජන කොටසක ගේම ප්‍රධාන සන්නිවේදන මෙවලම දුරකතනය බව නිසැක ය.

හුදෙක් තමන්ගේ හැඟීම් ආවේග අන්‍යයන් වෙත ප්‍රකාශ කිරීමේ සිට තම දිවි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යම කරුණු සන්නිවේදනය කර ගැනීම තෙක් යොදා ගත හැකි වීම මත දුරකතනය වත්මන් සමාජයේ වැඩි කොටසකට නැතිවම බැරි මෙවලමක් වී තිබේ.


ඒ අනුව අප සමාජයේ වැඩි දෙනෙක් මේ වන විට තම අත්‍යාවශ්‍ය වියදම් අතරට දුරකතන ගාස්තු ද එක් කර ගෙන සිටිති. ඇතැම්හු තම කෑම බීම වෙනුවෙන් යොදවන මුදලින් කොටසක් ද දුරකතන ගාස්තු ලෙස වෙන් කරති.ඒ අනුව මෙය අතිශය සංවෙදී කාරණයකි.ඒ අනුව දුරකතන සමාගම් වල ඇතැයි කියන කලු කඩ ජාවාරම් සහ “කොලේ වසා ගැහීම්” ආදිය වශයෙන් දුරකතන පාරිභෝගිකයන් සමාජ ජාල ආදිය මඟින් ඉදිරිපත් කරන අවනඩු හුදෙක් මුසාවන් සේ සලකනු බැරි ය.

එනිසා එවැන්නක් පිළිබඳව ඉවක් වැටුණු සැනින් එය ලුහුබැඳ ගොස් එහි ඇත්ත නැත්ත විමසා කටයුතු  කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ යුතුකම හා වගකීම බව අපි පෙන්වා දෙමු.

ඒ  එය  පුවත් අනාවරණය කරන මාධ්‍ය කරුවන් බියවැද්දීමට හා  ලුහුබැඳීමට වඩා ජනතාවාදී පියවරක් වන බැවිනි.

renuka damayanthi psd
(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


සබැඳි පුවත්

ජංගම දුරකතන සේවා පැකේජ වැඩි කිරීමට කිසිඳු අවසරයක් නැ - TRC

ඩේටා පැකේජ් ගණං නංවයි

නව පැකේජ හඳුන්වා දීම හරහා දුරකතන සමාගම් පාරිභෝගිකයින්ගේ මුදල් 'ගසා කනවා' ද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...