The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සංචාරකයන් සඳ එළියෙන් සීගිරි නැඟීම ආණ්ඩුවට ඇලජික් ඇයි? | රේණුකා දමයන්ති

T

The Leader Desk

January 16, 2025 • 7:15 AM

සංචාරකයන් සඳ එළියෙන් සීගිරි නැඟීම ආණ්ඩුවට ඇලජික් ඇයි? | රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සීගිරි ගල මුදුනේ සිට රාත්‍රී සඳ පහනින් ආලෝකමත් වන හාත්පස දර්ශන සංචාරකයන්ට මනාව දැක බලා ගැනීම පිණිස ය.
  • මේ වන විට සීගිරිය නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව දී ඇත්තේ පෙරවරු හයේ සිට පස්වරු හය දක්වා වන කාලයේදී පමණක් වුවත්, මෙම වැඩසටහන ඉකුත් දුරුතු පොහොය මුල් කොට නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට නියමිත බව ද පැවසුණි.
  • සීගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයන් සඳහා විවෘත කර ඇති බව රජයට අයත් “සිළුමිණ” පුවත් වෙබ් අඩවිය මගින් පවා ප්‍රචාරය කර තිබූ අතර එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යන ලද්දේ එහි පවත්නා අපූර්වත්වය නිසාම ය.
  • නමුත් එම පුවත පළ වී හෝරා; දින කිහිපයකට පසුව මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කොට තිබුණේ සිගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයින් සඳහා විවෘතව තැබීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සීගිරි ගල මුදුනේ සිට රාත්‍රී සඳ පහනින් ආලෝකමත් වන හාත්පස දර්ශන සංචාරකයන්ට මනාව දැක බලා ගැනීම පිණිස ය. සැබැවින්ම එය ඉතා සුන්දර අදහසකි. එමෙන්ම කදිම සංචාරක ප්‍රවර්ධන උපාය මාර්ගයකි.

මේ වන විට සීගිරිය නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව දී ඇත්තේ පෙරවරු හයේ සිට පස්වරු හය දක්වා වන කාලයේදී පමණක් වුවත්, මෙම වැඩසටහන ඉකුත් දුරුතු පොහොය මුල් කොට නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට නියමිත බව ද පැවසුණි. මෙය සමාජ මාධ්‍ය වලින් සේම ප්‍රසිද්ධ මාධ්‍ය මඟින් ද ප්‍රචාරය වූ පුවතක් වූයේ එහි යම් මූලයක් තිබූ බැවිනි.

 

473813575 998466432121157 2897113627427605904 n
සීගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයන් සඳහා විවෘත කර ඇති බව රජයට අයත් “සිළුමිණ” පුවත් වෙබ් අඩවිය මගින් පවා ප්‍රචාරය කර තිබූ අතර එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යන ලද්දේ එහි පවත්නා අපූර්වත්වය නිසාම ය.

නමුත් එම පුවත පළ වී හෝරා; දින කිහිපයකට පසුව මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කොට තිබුණේ සිගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයින් සඳහා විවෘතව තැබීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවකි. ඒ අනුව රාත්‍රී කාලයේ දී සිගිරිය සංචාරකයන්ට විවෘත කර ඇති බවට මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ.

473591853 1032283508939122 1264862761735398754 n

ඒ අතර ඉහත සඳහන් මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ ද ජාතික පුවත්පතකට අදහස් පළකරමින් පවසා ඇත. 

මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ රජය හෝ අදාළ වෙනත් ආයතන කිසිවක් මෙවැනි තීරණයක් ගැන නොමැති බව අවධාරණය කොට ඇති බව කී අධ්‍යක්ෂ ජනරාල් වරයා සීගිරිය නැරැඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා යම් කාල වේලාවක් වෙන්කර ඇති බවත් රාත්‍රී කාලයේ දී සීගිරි අසිරිය නැරඹීමට ඉඩකඩ ලබා දෙන්නේ නම් ඊට පෙර නීතිමය ක්‍රියාමාර්ග කීපයක් ගතයුතු ව ඇති බවත් කියා තිබේ. 

වත්මන් ලෝකයේ සංචාරක කර්මාන්තයේ විවිධාංගීකරණ සවරූපය අනුව එය පෙරවරු හයේ සිට පස්වරු හය තෙක් හිරු එළිය පවත්නා කාල සීමාවට පමණක් සීමා වන්නක් නොවන බව මූලිකව කිව යුතු ය. රාත්‍රී සංචාර ද එහි ප්‍රධානතම අංගයකි.

 

ගණිකා වෘත්තිය නීතිගත කරනවා නම් හොඳයි'- ඩයනා ගමගේ (වීඩියෝ)ඩයනා ගමගේ
පසුගිය කාලය තුළ අප රටට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා රාත්‍රී සංචාරක කටයුතු ප්‍රවර්ධනය කළ යුතු බව වෙලාවක් කලාවක් නොමැතිව කී චරිතයක් වූයේ හිටපු සංචාරක රාජ්‍ය ඇමති වරියක වූ ඩයනා ගමගේ ය. අප රටට පැමිණෙන සංචාරකයන්ට රාත්‍රී දහය වන විට හෝටල් කාමර තුළට වැදී දොරවල් වසා ගැනීමට ඉඩ දිය යුතු නැතැයි කී ඇය කෙලින්ම කියා සිටියේ ඔවුන් රැය පහන් වන තුරු මත් පැන් පානයටත් දූ කෙළියටත් ගණිකා සේවනයටත් පොළඹවා ගැනීමෙන් රටට හොඳ විදේශ විනිමයක් උපදවා ගත හැකි බව ය.

නමුත් ඇගේ දැනීම්, අවබෝධයන් හෝ අත්දැකීම් පාරාසය පදනම් කොට ගත් බවක් යමකුට වැටහී යා හැකි එම අගතිගාමී දුරාචාර සංකල්පය පසෙක තැබුවද “‍ශබ්දය සහ ආලෝකය”‍ (Sound and light show) පදනම් කර ගනිමින් රාත්‍රි කාලයේ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම් ලොව පුරා සිදු වේ. ඒ සංචාරක ආකර්ශනය පිණිස වන ඇතැම් ස්ථාන දිවා කාලයට වඩා රාත්‍රී කාලය තුළ සුන්දරත්වයක් පළ කරන බැවිනි.

473321984 998466435454490 5621363082819196979 n

 

නමුත් ඉහත සඳන් තාක්ෂණික ක්‍රම භාවිතයෙන් සීගිරි පුරාවෘත්තය සංචාරකයන් හමුවට ගෙන ඒමට පෙර සිතා බැලිය යුතු බොහෝ කරුණු තිබේ. නමුත් ඊට අමතර රාත්‍රී කාලයේ ස්වාභාවික ආලෝකයට මුල් තැන දෙන පරිසර හිතකාමී සංචාරක උපාය මාර්ග ද ලොව කොතෙකුත් තිබේ. ඒ සොබා දහම යනු දිවා කාලය තුළ පමණක් ක්‍රියාත්මක වන්නක් නොවන බැවිනි. ඉහත සඳහන් නව සංචාරක උපාය මාර්ග ප්‍රවර්ධනය වී ඇත්තේ ඒ අනුව ය.

මනාව හිරු එළිය පතිත වන ඝර්ම කලාපීය දේශගුණයකින් යුතු අපේ රටට බටහිර රටවලින් පැමිණෙන සංචාරකයන් අතරින් වැඩි පිරිසක් උදෑසන හතේ සිට පෙරවරු එකොළහ දක්වා කාලය තම එළිමහන් සංචාර සඳහා යොදා ගනිති. සංස්කෘතිය උරුමයන් සම්බන්ධ සංචාරක ක්‍ෂේත්‍රයේදී මේ තත්වය ඉතා හොඳින් දැකිය හැකි වේ. එවන් සංචාරක ස්ථාන නැරඹීම සඳහා වැඩි වශයෙන් තදබදයක් ඇත්තේ උදේ කාලයේ ය. නමුත් දහවල් ‍ෙදාළහෙන් පසු එවන් සංචාරකයන්, සංචාරක ස්ථාන නැරඹීමට පැමිණෙන ප්‍රතිශතය ඉතා අඩු වේ. මෙය සීගිරියට ද එක සේ පොදු ය.

ඒ අනුව ඔවුන් ගේ එළිමහන් සංචරණ කාල පරාසය රාත්‍රිය තෙක් දීර්ඝ කරවීමෙන් අප රටේ සංචාරක කර්මාන්තය විවිධාංගීකරණයට ලක් කිරීමට සේම එමඟින් යහපත් විදේශ විනිමයක් උපයා ගැනීමටත් පහසු අවකාශයක් සැලසෙනු ඇත. නමුත් එම කටයුත්තට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයක් කිරීමත් ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සපයා ගැනීමත් කඩිනමින් කළ යුතු ය.

p0gw1vqv

 

ඒ අනුව මෙම කරුණ සම්බන්ධ අප ගේ විශ්වාසය වනුයේ සංචාරකයන්ට සඳ එළියෙන් සීරිගිය නැරඹීමට ඉඩ සැලසිය යුතු බවට වන එම අදහස මාධ්‍ය වෙතට සම්ප්‍රේෂණය වී ඇත්තේ ඒ සම්බන්ධ කිසියම් බලධාරියකු ගේ නිල නොවන ප්‍රකාශයක් මත පදනම් ව බව ය. ඒ හැරුණු කොට එය ආණ්ඩුව අසීරුවට පත් කිරීමට දේශපාලන විරුද්ධවාදීන් ගෙතූ කෙබරයක් වීමේ ඉඩක් නැත. අනෙක එවැනි ජනතා ද්‍රෝහී නොවන කටයුත්තකින් ආණ්ඩුව අපහසුවට පත් වනුයේ කෙසේ ද? 

සැබෑ තත්වය එය වුවද එවැන්නක් සමාජයේ පැතිර ගිය සැනින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එය අසත්‍යයක් බවට මාධ්‍ය නිවේදන නිකුත් කළේ එය රටේ ජනතාවට අතිශය පීඩාකාරී හානිකර කටයුත්තක් සේ සලකමිනි.

නමුත් මේ වන විටත් කළ යුතු දහසකුත් දේ පසෙක තිබිය දී බස් වල ත්‍රිරෝද රථ වල වැඩිපුර කෑලි ගැලවීම වැනි පොදු ජන වහරට අනුව කිවහොත් සිගිති ආතල් දීමට පටන් ගෙන ඇති ආණ්ඩුව සාධනීය ලෙස ගොඩ නංවා ගත යුතු සුන්දර සංකල්පයක් පණ පිටින් භූමදාන කොට දැමීමේ ලොකු අරුමයක් ද නැත්තේම ය. මේවා ආණ්ඩුව බරපතල ලෙස සිතා බැලිය යුතු කරුණු ය.

රුපියල ශක්තිමත් වීම සිංහල අලුත් අවුරුද්දේ කොවුල් ගී මිහිරක් කර ගත හැකිද?- (රේණුකා  දමයන්ති)(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...