20 වන සියවසේ ප්‍රමුඛතම වාග් විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක්, මහජන බුද්ධිමතෙක් වූ නොම් චොම්ස්කි ඉහත ප්‍රකාශ කරනුයේ අප අහිංසක අත්වැරැදි ය යි සිතන බොහෝ දේ එ සේ නොවන බව ය; ඒවා සබුද්ධික දේශපාලන තීරණ වුව ද, නොවුව ද නියත ලෙස ම දේශපාලනික බව ය.
ක්ලීන් ශ්‍රී ලංකා!

සමාවෙන්න! මේ සිංහල ලිපියේ සිංග්‍රීසි ලියනවාට. ඒත් රජයේ නිල නාමය එය නම්, අප කුමක් කරන්න ද? අනුර කුමාර ජනාධිපතිතුමා ගේ, ජාතික ජන බලවේග රජයේ පළමු හා ප්‍රමුඛ ව්‍යාපෘතිය නාමකරණය වී ඇත්තේ එ සේ ය. මුලුමනින් ම ඉංග්‍රීසියෙන් ය. ලෝගෝවේ යොදා ඇති එක ම භාෂාව ඉංග්‍රීසි ය; රෝමන් අකුරු ය.
'ක්ලීන් ශ්‍රී ලංකා' නිල මාධ්‍ය නිවේදතය ද හරි අපූරු ය. හරි අප්‍රසන්න ය යි කීම වඩා නිවැරැදි ය සිංහල නිවේදතයේ මාතෘකාව ඉංග්‍රීසියෙන්; රෝමන් අකුරෙන්: "Clean Sri Lanka". නිවේදනය පුරා ම තේමාව නොවේ නම් ක්‍රියාන්විතය ඉංග්‍රීසියෙන්; රෝමන් අකුරෙන්: "Clean Sri Lanka" ලෙස. මේ හා බැඳුණු රජයේ නිල වෙබ්අඩවියේ දක්නට ඇත්තේ ද එ ලෙස ම ය. සිංහල විස්තරේ ඉංග්‍රීසි (රෝමන්) අකුරු; ඉංග්‍රීසි වදන්.
මේ රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව ම ද? එහි ම දිගුවක් ද? මහජන බැංකුව People's Bank කරවූ, ස්වාධීන රූපවාහිනිය ITN වූ රට සංකර කිරීමේ යූ.එන්.පී. මෙහෙයුම පෙරට ම ද? ජාතික ජන බලවේගයේ බොහෝ පාක්ෂිකයන්ට, සිය පක්ෂය ද N.P.P. (එන්.පී.පී.) ය; සිය නායකයා, අනුරාධපුර ඓතිහාසික නගරයේ උරුමය කියාපාන අනුර නොව, A.K.D. (ඒ.කේ.ඩී.) ය.
දැන් මේ ව්‍යාපෘතිය ගැන අටුවා ටීකා ටිප්පනි සපයන ආණ්ඩුවේ බුද්ධිමතුන්, ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයුමෙන් අදහස් කරනුයේ හුදු පරිසරයේ පිරිසුදු කිරීම පමණක් නොව, ජනසමාජය ම පිරිසුදු කිරීම ය යි කියති. ඇයි, ඇයි, ක්ලීන් ශ්‍රී ලංකා මෙහෙයුමෙන්, බලාපොරොත්තු වන්නේ පරිසරය ක්ලීන් කිරීම පමණක් නොව, ජනසමාජය ම ක්ලීන් කිරීම ය යි නොකියන්නේ? පරිසරය කෙසේ වෙතත්, ජන සමාජය කෙසේ වෙතත් සිංහල බස, සිංහලකම සුද්දෙට ම සුද්ද කෙරේ ද?
පිරිසුදු ලංකා!
මේ 'ක්ලීන්' යන අරුත් දෙන වදනක් සිංහල බසෙහි නැති ද?

ගස වතුසුදු
වී පිරිසුදු
පෝය නැති දු
සිල්ගත් බඳු
- කුමාරතුංග මුනිදාස
(මල් බස්)
පිරිසුදු!
පිරිසුදු ලංකා!!

මොනතරම් අරුත්බර ද? ඇයි, ඇයි මෙ වැනි සරල, සුගම, අරුත්බර පදයක් සිංහලේ තිබිය දීත් ආගන්තුක, විජාතික, ක්ලීන්?
'පිරිසුදු ලංකා' යන්න, සරල වැඩි ද? බර මදි ද? මහප්‍රාණ මදි ද?
අපි පිරිසුදුකම ගැන නොදත් ජාතියක් ද? මෙ රට ජනී-ජනයාට පිරිසුදු වීම ආගන්තුක ද? ඉංග්‍රීසි 'ක්ලීන්' යන්නෙහි සිංහල 'පිරිසුදු' යන්න ඉක්මවා යන අරුතක්, නැතිනම් අරුත් තිබේ ද?
ඉංග්‍රීසි බසෙහි ක්ලීන් (clean) යන්න හා බැඳුණු ක්ලීනින් (cleaning) යන ක්‍රියා පදය දක්නට ලැබේ. ඒ නිසා ම ක්ලීන් යන්න හා පිරිසුදු කිරීම යන අරුත ද ගැබ්ව තිබේ.
සිංහලයෙහි ද පිරිසුදු ලංකා වැනි යෙදුමක් සමඟ පිරිසුදු / පිරිසුදු වීම / පිරිසුදු කිරීම යන අරුත් මතු වේ. එ පමණක් ද? පිරිසුදු යන්න බාහිර, අභ්‍යන්තර පිරිසුදු වීම් සමඟ මෙන් ම, අධ්‍යාත්මික පිරිසුදු වීම යන අරුතෙහි ද යෙදේ. ඉහත වතුසුදු ගස සුදුවීම පිළිබඳ කවියෙහි සීලය (විනය) පිළිබඳ අරුතක් ද ගැබ් ව තිබේ. එහෙත් අධ්‍යාත්මිකව පිරිසුදු වීම අරුතින්, සිත පිරිසුදු කිරීම වැනි අරුතකින් ඉංග්‍රීසියේ 'ක්ලීන්' යන්න නොයෙදේ. ඒ අනුව සලකා බලන කළ සිංහල බසේ පිරිසුදු යන්න ඉංග්‍රීසියෙහි ක්ලීන් යන්නට වඩා ගැඹුරු ය. අර්ථවත් ය.
එසේ නම්, මේ අනුර කුමාර ජනාධිපතිතුමා ගේ ආණ්ඩුවට, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට, තම පළමු බරසාර මැදිහත්වීමට, 'පිරිසුදු' යන්නට වඩා 'ක්ලීන්' යන්න සුදුසු වූයේ කෙසේ ද? පොහොසත් රටක් ගැන කතා කළ ද සිතුවිලි දුප්පත් ම දුප්පත් බැවින් ද? සිතුවිලි පරගැති බැවින් ද?
පිරිසුදුකම අරමුණු කරගත් ව්‍යාපෘතියක් පවා නාමකරණය, භාෂාව සංකර කිරීම අප තේරුම්ගත යුත්තේ කෙසේ ද?
මැකොලි සාමි ගේ දරුවෝ

16 වන සියවසේ පටන් දිගින්දිගට ම සිදු වූ පරසතුරු ආක්‍රමණ හමුවේ භාෂා-ශාස්ත්‍රයන් ගේ පුනරුදයට මුල්වූවෝ අසරණසරණ වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණෝ ය. දකුණු ලක ශාස්ත්‍ර ප්‍රබෝධයට ද, ඉන් අනතුරුව විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් ආරම්භය තෙක් ද අපට මේ ශාස්ත්‍රාලෝකයේ බලපෑම දැකගත හැකි ය. මවුබිමේ නිදහස හා පනස්සයේ පෙරළිය තෙක් මේ පුනරුදයේ බලපෑම අපට පැහැදිලි ය.
එහෙත් සතුරා නිසල ව, නිහඬ ව බලාසිටියේ නැත. අධිරාජ්‍යවාදීන් අත වූ බලය හුවමාරු කෙරුණේ මැකොලි සාමිවරයා ඉන්දියාව සම්බන්ධයෙන් ප්‍රාර්ථනා කළ හමින් කළු නමුදු සිතුම්-පැතුම්වලින්, අධ්‍යාත්මයෙන් සුදු, කළුසුද්දන් පිරිසක් අතට ය. ඒ බලයට අභියෝග කළ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ඝාතනය කෙරිණි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අංගවිකල කෙරිණි.
යුරෝපයේ ජාතික රාජ්‍ය සංකල්ප තහවුරු කෙරුණු ප්‍රංශයේ, ප්‍රංශ රාජ්‍ය භාෂාව කෙරෙන විට, මුළුමහත් ප්‍රංශයෙන් සීයට පනහක් (50%) වත් ප්‍රංශ බස ව්‍යවහාර කළේ නැත. එහෙත් ලංකාවේ සිංහල බස රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්න කෙරුණේ රටේ සමස්ත ජනගහනයෙන් සීයට හැත්තෑපහකට (75%) වඩා ඒ බස වහරද්දී ය. පසුකාලීනව රට බෙදීමේ ප්‍රයත්නයට දෙමළ බෙදුම්වාදය යම් සේ යොදාගත්තේ ද, එ සේ ම, සිංහල බස මඟින් ජාතිය එක්සේසත් වීම වැළැක්වීමට ව්‍යාජ දෙමළ භාෂානුරාගී දේශපාලනයක් පෙළගැස්විණි.
එහෙත් වඩා විනාශකාරී වූයේ රීත්‍යානුකූල වූ, ව්‍යාකරණානුකූල වූ භාෂා භාවිතයකට එරෙහි ව, ප්‍රමිතිගත සිංහලයකට එරෙහි ව අයිවෝ ජෙනිංස් ගේ සරසවි දූපුතුන් ලවා නිදහසේ නාමයෙන් සිදුකළ නොමඟ යැවීම් ය. නීතියකට රීතියකට අනුගත නොවූ භාෂා භාවිතය 'නිදහස' ලෙස අර්ථකථනයේ ඵල, අද නීතියක් රීතියක් නොපිළිපදින සමාජයක් නිර්මාණය කර ඇත දැන්, ඉංග්‍රීසි කතා නොකරන මෙ රට ග්‍රාමීය දූ-පුතුන් ලවා ඉෂ්ට-සිද්ධ කරගැනීමට යන්නේ එහි ඊ ළඟ පියවර ද?
සැබෑ පුනරුදය
අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගය, පුනරුදය වෙනුවෙන් ජනවරමක් ඉල්ලා සිටි අතර, ජනයා ඔවුන්ට ඒ වරම ලබා දී ඇත. සැබෑ ලෙස ම පුනරුදයේ නිජබිම වනුයේ එංගලන්තය යි. එහි දී රෙපරමාදු කිතු දහම ඉටු කළ කාර්යභාරය ප්‍රකට ය. ඉංග්‍රීසි බස ඉටු කළ පුරෝගාමී කාර්යභාරය අප වැනි යටත්විජිතයන් ව පැවැති රටවල අප්‍රකට ය. එහෙත් මේ ගැන ඉංග්‍රීසි බසින් කෙරුණු ශාස්ත්‍රීය අධ්‍යායනයන් බොහෝ ය. ඒ දැනුම අපට ප්‍රයෝජනවත් ය.
අපට එංගලන්තයේ පුනරුදය රෙපරමාදු ආගම නිසා සිදු වූවක් ලෙස කියා දෙන මුත්, ඉංග්‍රීසි භාෂා අධ්‍යයනයන්හි දී එංගලන්තයේ නැඟිටීම එක් ප්‍රමුඛතම සිද්ධියක් හා සම්බන්ධ කෙරේ. ඒ ලතින් බයිබලය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම යි; පරිවර්තනය කර එංගලන්තය පුරා පල්ලිවල ආගමික මෙහෙයන් ඉංග්‍රීසි බසින් කිරීම ඇරැඹීම යි. රෝමයේ යටත්විජිතයක්ව පැවැති එංගලන්තය, ප්‍රංශ කුමාරයන් ගේ දඩබිමක්ව පැවැති එංගලන්තය නැඟිටින්නේ එ තැන් පටන් ය. එ තැන් පටන් එංගලන්තයේ නැඟීම විශ්මජනක ය.
සැබෑ පුනරුදය සිදුවුයේ එංගලන්ත වැසියන් ලතින් බයිබලය පසෙකලා ඉංග්‍රීසි බයිබලය දෝතට ගැනීමත් සමඟ ය. අප ගේ රටේ පුනරුදය සාක්ෂාත් කිරීමට යන්නේ සිංහලයේ පිරිසුදුකම ඉංග්‍රීසියෙන් ක්ලීන් කිරීමෙන් ද? මේ පුනරුදය ද? නැතිනම්, අපට නොතේරුණාට, පුනරුදය මඟින් අදහස් කෙරී ඇත්තේ එංගලන්තයේ පුනරුදයට අපේ රට ගොදුරු කිරීම ද?
භාෂාධිපත්‍යය:අධිරාජ්‍යයේ සැබෑ අවිය

"භාෂාව, එකමුතුබවේ හා අසංගතබවේ සංකේතන ප්‍රවර්ධනයේ ප්‍රබල උපකරණයකි. භාෂාවක් යනු, එය පතුරවා හරින හා ආරක්ෂා කරන යුද හමුදාවක් හා නාවික හමුදාවක් සහිත වහරක් ය යි පැරැණි විහිළුවක් ඇත. භාෂාවක් යනු, විධිමත් අධ්‍යාපනය හා රාජ්‍ය අනුමැතිය මඟින් ප්‍රවර්ධනය කෙරෙන, සම්මත ආකාරයකට ලියන සංකේත පද්ධතියක් ලෙස කීම වඩා අර්ථවත් ය. භාෂාව පිළිබඳ ඕනෑ ම අර්ථකථනයකට කුමන හෝ පාර්ශවයකින් ප්‍රතිවිරෝධතා එල්ල විය හැකි නමුත්, 'භාෂාව බලය වේ' යන අදහස දනවන්නේ නැති ප්‍රයෝජනවත් අර්ථකථනයක් ඉදිරිපත් කිරීම අපහසු ය.
බලය පක්ෂපාතීත්වයන්, වගකීම්, සම්ප්‍රදායන් හා පාලනය කිරීම් අන්තර්ගත වන සබඳතාවයන් හා, බැඳේ." හෙන්රි හිචින්ස් විසින් රචිත, 'භාෂා යුද්ධ: නිවැරැදි ඉංග්‍රීසිය පිළිබඳ ඉතිහාසයක්' (The Language Wars: A History of Proper English) කෘතියේ එන මේ අදහස් භාෂාවේ බලය නැතිනම් කාර්යභාරය ගැන අවබෝධ කරගැනීමට අපට උපකාරී වනු ඇත.
රොබට් මැක්ක්‍රම් ගේ 'ගොබිලිෂ්: ඉංග්‍රීසි භාෂාව ලෝක භාෂාව වූයේ කෙසේ ද?' (Globish: How the English Language Became the World's Language) වැනි කෘතීවල අධිරාජ්‍ය බිඳ වැටුණ ද අධිරාජ්‍යයේ භාෂාව තාමත් ලොව පාලනය කරන බව පෙන්වා දේ.
ඒ සමඟ ම ඔවුන් චීනයෙන් එල්ලවී ඇති අභියෝගයන්ට පිළිතුරු දකින්නේ ද ඉංග්‍රීසි හාෂාවෙහි ය; බ්‍රිතාන්‍ය කවුන්සිලයෙහි ය. 'චීනය ශක්තිමත් කරන්න, ඉංග්‍රීසිය ජයගන්න' මේ ඔවුන් චීන ජනයාට කරන ආයාචනය යි. ඒ චීනය වෙනුවෙන් ද? නැතිනම් ඉංග්‍රීසියට නතු වූ චීනයක් වෙනුවෙන් ද?
නිවැරැදි හාෂා භාවිතය හා විනයගරුක සමාජයක් නිර්මාණය

බස මානව සන්නිවේදනයේ මාධ්‍ය යි. ඒ බස දුබල නම්, ව්‍යාකූල නම්, සන්නිවේදනය ද දුබල වනු ඇත. ව්‍යාකූල වනු ඇත.
එ පමණක් ද?
මූලික හැඟීම් ඉක්මවා අප චිත්තරූප, සංකල්ප ගොඩනඟා ගනුයේ ද භාෂාව, මවු භාෂාව ඇසුරු කරගෙන ය. ඒ අනුව බලන කල, භාෂාව ව්‍යාකූල නම්, අප ගේ සිතුවිලි ද ව්‍යාකූල වීම නොවැළැක්විය හැකි ය.
ඒ මෙන් ම නිවැරැදි භාෂා භාවිතය අපව, මුළුමහත් සමාජය ම විනයවත් කරන පියවරක් ද වනු ඇත. මන්ද යත් සිතූ සිතූ දේ නොකියා, සිතා-මතා අදහස් හුවමාරුවට ලබන ශික්ෂණය ම නිවැරැදිව කටයුතු කිරීමට, විනයගරුක වීමට ලබන ශික්ෂණයක් ම වන බැවිනි.
ඒ නිසා සැබෑ අරුතින් ම පිරිසුදු ලංකා ව්‍යාපෘතියක් වේ නම්, අපේ මවු භාෂා භාවිතය ද නිරවුල් කරගැනීමේ, නිවැරැදි කරගැනීමේ, සුපෝෂණය කරගැනීමේ ප්‍රයත්නයක් ඒ හා තිබිය යුතු ය. සිත, වචනය හා කය හික්මවාගැනීම, පිරිසුදු කරගැනීම, ත්‍රී රෝද රථ, බස්රථ පිරිසුදු කිරීමට වඩා මහත් ආනිසංස ගෙන දෙනු ඇත. එය නියත ලෙස ම අප අවට සමාජය හා සමාජ ක්‍රියාකාරකම් සෑම අරුතකින් ම පිරිසුදු වීමට හේතු වනු ඇත.
ඒ නීසා අපි නොපමාව නිවැරැදි වෙමු. බස, අපිරිසිදු නොකර ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් කරමු! ඉංග්‍රීසි නාමකරණය එ සේ තිබිය දීම, ව්‍යාපෘතිය මවුබසින්, 'පිරිසුදු ලංකා' ය යි පිරිසුදු කරගමු!
අපි නිවැරැදිවීමේ, පිරිසුදුවිමේ ආදර්ශය දී රට ම පිරිසුදු කරමු!!
(ගෙවිඳු කුමාරතුංග)
යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
gevinducumaratunga@gmail.com

(ගෙවිඳු කුමාරතුංග)යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
gevinducumaratunga@gmail.com