The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දෙවියන්ට ආරූඪ වී බාල දැරියන්ට ලිංගික අපරාධ කළ ලාංකික දොස්තර දස අවුරුද්දක් ඕස්ට්‍රේලියානු හිරේ - ( අභිෂේකා වාසලබණ්ඩාර )

T

The Leader Desk

January 19, 2025 • 8:54 AM

දෙවියන්ට ආරූඪ වී බාල දැරියන්ට ලිංගික අපරාධ කළ ලාංකික දොස්තර දස අවුරුද්දක් ඕස්ට්‍රේලියානු හිරේ  - ( අභිෂේකා වාසලබණ්ඩාර )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවාහකයකු වන ඔහුගේ පුතුන් දෙදෙනා ද මේ වනවිට මෙල්බන් හි වෛද්‍ය උපාධිය හදාරමින් සිටිති.
  • සිට 2015 දක්වා කාලය තුළ වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කළ මොහු එම කාලය තුළ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ඇතුළුව වැඩිදුර සුදුසුකම් සම්පූර්ණ කර, 2015 දී, චර්ම රෝග සම්බන්ධ විශේෂ වූ වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබුණි.
  • අපරාධ චෝදනා එල්ල වීමෙන් පසු 2022 අප්‍රේල් මස දී ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන කාර්යංශය විසින් ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කරන ලදි.
  • කිතු-බොදු මිශ්‍රණයකින් යුත් ආගමික දේශනා මෙල්බන් හි ආරම්භ කරණු ලැබුයේ 2016 දී ශ්‍රී ලංකාවට කෙරෙන සංචාරයකින් අනතුරුව බවයි ඔහු අධිකරණය හමුවේ පවසා තිබුණේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර චර්ම රෝග ප්‍රතිකර්ම මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ප්‍රදීප් දිසානායක නම් 52 හැවිරිදි මෙම වෛද්‍යවරයා, 2017 පටන් පැවැත්වූ කිතු-බොදු ඇදහිලි මිශ්‍ර දේශනා අනුසාරයෙන් ආගමික කල්ලි නායකයෙක් බවට පත්වී සිය අනුගාමිකයන් තමන්ට රිසි සේ හැසිරවූ පිළිකුල් සහගත විස්තර ඉකුත් වසරේ දෙසැම්බර් මුලදී ප්‍රකාශයට පත් කළ එරට වික්ටෝරියා ප්‍රාන්ත අභියාචනාධිකරණ තීන්දුවක දැක්වේ.

එම තීන්දුවට අනුව, වයස අවුරුදු 16ට අඩු ළමයකුට ලිංගිකව ඇතුළුවීම සම්බන්ධයෙන් චෝදනා 5ක්, වයස අවුරුදු 16ට අඩු ළමයකුට ලිංගික අතවර කිරීමේ චෝදනා දෙකක් ඇතුළු චෝදනා 9කට ඔහු වරදකරු කෙරුණි. 

 

"දේව" සම වීමට පෙර

 

ප්‍රදීප් දිසානායක, නම් මෙම පුද්ගලයා 2000 වසරේ දී වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු වෛද්‍යවරයකු ලෙස මෙරට සේවය කර, 2006 දී දරු පවුල සමගින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි පුරවැසිභාවය ලැබූ අයෙකි. විවාහකයකු වන ඔහුගේ පුතුන් දෙදෙනා ද මේ වනවිට මෙල්බන් හි වෛද්‍ය උපාධිය හදාරමින් සිටිති.

 

2006 සිට 2015 දක්වා කාලය තුළ වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කළ මොහු එම කාලය තුළ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ඇතුළුව වැඩිදුර සුදුසුකම් සම්පූර්ණ කර, 2015 දී, චර්ම රෝග සම්බන්ධ විශේෂ වූ වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබුණි. අපරාධ චෝදනා එල්ල වීමෙන් පසු 2022 අප්‍රේල් මස දී ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන කාර්යංශය විසින් ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කරන ලදි.

 

Four Things Every Pastor Should Do Before Preaching Sermons on Sunday scaled e1654531606368 1200x800 c default

කිතු-බොදු මිශ්‍රණයකින් යුත් ආගමික දේශනා මෙල්බන් හි ආරම්භ කරණු ලැබුයේ  2016 දී ශ්‍රී ලංකාවට කෙරෙන සංචාරයකින් අනතුරුව බවයි ඔහු අධිකරණය හමුවේ පවසා තිබුණේ. ඒ අනුව, සිය නිවෙස් වෙත පැමිණ ආගමික දෙසුම් පවත්වන ලෙස අසල්වැසි ප්‍රජාවේ සාමාජිකයන් ගේ ඉල්ලීම් කෙලවර වී තිබුණේ මෙම පුද්ගලයා දෙවියන් හා සම තැන තබන ආගමික කල්ලියක නායකයකු බවට ක්‍රමිකව පත් කරමිනි.

අයුතු බලයක්  

charges 3

 

ප්‍රදීප් දිසානායක, සිය අනුගාමිකයන් මත්තේ දැඩි ආධිපත්‍යයක් පවත්වාගෙන ගොස් තිබුණි. ඔවුන් යන එන තැන්, කනබොන, අඳින පළඳින ආකාරය පවා හසුරවන නීති රීති සහ උපදෙස් මාලාවක් අනුගාමිකයන් වෙත විසින් පනවා තිබී ඇත.

 

1. තමන් අනුගාමිකයකුගේ නිවසට ඇතුළුවන සෑම විටම සියලු නිවැසියන් දණගසා සිටීම 

2. පැයකට වරක් ස්තූති පූර්වක කෙටි පණිවිඩ එවීම

3. නිවසින් පිටවීම,ස්නානය ඇතුළු දිවාකාලයේ සිදු කරන සියලුම ක්‍රියාකාරකම් සඳහා අවසර ගැනීම

4. සාමාජිකයන් අනුකූල විය යුතු දෛනික කාලසටහන්

5. නොකැළැල්ව ජීවත්වන බව සහතික කිරීම සඳහා පිරිමින් එක් නිවසකත්, කාන්තාවන් තවත් නිවසකත්  ජීවත් වීම

6. අනුගාමිකයන් තමන්ගේම ජීව විද්‍යාත්මක දරුවන් නොව අනෙකුත් අනුගාමිකයන් දරුවන් රැකබලා ගැනීම කළ යුතු විය.

 

මීට අමතරව ගතයුතු ආහාර, විශේෂයෙන්ම කාන්තාවන් පාවිච්චි කළ යුතු ඇඳුම්, ළමුන් ගේ දුරකථන භාවිතය, දෙවියන් ලෙස පෙනී සිටීම වෙනුවෙන් මුදල් ලබාදීම ඇතුළු නීති රීති සහ උපදෙස් මාලාවක් ඔහු සිය අනුගාමිකයන් වෙත පනවා තිබී ඇත.

 

child r

එලෙස, වින්දිත දැරියන් දෙදෙනා වෙත ප්‍රවේශ වීමටත්, ඔවුන්ට බලපෑම් කිරීමටත් මෙම වෛද්‍යවරයා "දේව" සම තත්වය භාවිත කර ඇති බව අධිකරණ තීන්දුවේ දැක්වේ. 

වරෙක අනුගාමිකයකු ගේ නිවසක් පින්තාරු කිරීමට අවශ්‍ය කළමණා ලබා ගැනීමට යන අවසරයෙන් ඒ වනවිට 12 හැවිරිදි වියේ පසුවූ එක් දැරියක් නිවසින් පිටතට රැගෙන යන ඔහු මෝටර් රථය පිටුපස අසුනේ දී ඇය දූෂණය කර තිබුණි. 2021 දෙසැම්බර් සිට 2022 අප්‍රේල් මස ඔහු අත්අඩංගුවට ගන්නා තෙක් මාස ගණනක් තිස්සේ විටින් විට බාල වයස්කාර දැරියන් දෙදෙනාට හෝටල් කාමර, වාහන අංගන වැනි ස්ථානවල දී ලිංගික අපරාධ සිදු කර තිබුණේ විවිධ හේතු දක්වමින් ඔවුන් නිවසින් පිටතට රැගෙන ගොසිනි.  


"ජීවිත ආශාව නැති වෙන්න ගත්තා"

charge 4

 

වින්දිත බාලවයස්කාර දැරියන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ පවුලේ උදවියට මෙම අපරාධයෙන් එල්ලවූ බලපෑම සුළුපටු නොවන බව අප වෙත ලැබී ඇති අධිකරණ තීන්දුවේ දැක්වේ.

 

එක් දැරියක් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ඇයට ජීවත්වීමේ ආශාව පවා අහිමිව ගිය බවයි.  

 

''මගේ බලාපොරොත්තු සුන් වෙන්න ගත්තා, කවදා හරි මාව දූෂණය කරයි කියලා හිතෙන්න ගත්තා. මම හැමවෙලේම බයෙන් හිටියේ, අන්තිමේ ජීවත් වෙන්න තිබුණු ආශාවත් නැති වෙන්න පටන් ගත්තා. මට ඕන වුණේ මගේ වටේ ඉන්න හැමෝටම රිද්දලා මගේම අත් දෙකෙන් ලොක්කා මරන්න'

 

....ඒ නිසා හැම වෙලාවෙම මට මාව නැතිවුණා, ඒක හැමදාම කෙලවර වුණේ මට රිදිලා, මං කෑලි කෑලිවලට කැඩිලා''. 

 charge 5

වයස අවුරුදු 16 ට අඩු දරුවකුට ලිංගිකව ඇතුළුවීමේ අපරාධය සහ දරුවකු සමඟ ලිංගික ක්‍රියාකාරකම් සඳහා වන පූර්ණ තහනම, දරුවාට දිගු කාලීන හා බරපතල ලෙස මෙන්ම ශාරීරික හා මානසික වශයෙන් ද හානියක් සිදු වන බවට පූර්ව නිගමනයක් මත පදනම් වී ඇති බව රජයේ නඩු කටයුතු අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. අපරාධයෙන් පැමිණිලිකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සිදුව ඇති බලපෑමේ තරම වින්දිත බලපෑම් ප්‍රකාශවලින් පැහැදිලි වන බව ඔහු අවධාරණය කරයි.

‘යහමගට ගැනීමේ’ ලිංගික අපරාධ 


chrage 6

 

මෙම දැරියන් වෙත ආදරය දක්වා ඔවුන් යහමගට ගැනීම තමන් ගේ අරමුණ වූයේ යැයි අධිකරණ මනෝවෛද්‍යවරියක් වෙත ප්‍රදීප් දිසානායක විසින් ප්‍රකාශ කර තිබුණි.

 

"වගඋත්තරකරු සහ පැමිණිලිකරුවන් අතර කැපී පෙනෙන වයස් පරතරයට අමතරව, ආගමික කල්ලියේ නායකයා ලෙස ඔහුට හිමිව තිබූ දේව සම තත්වය මුල්කොටගෙන ඔවුන් අතර තිබුණු බල අසමතුලිතාවය නිසා, ඔහුට වින්දිතයන් ගේ හැඟීම් හැසිරවීමේ හැකියාවක් ලැබී තිබෙනවා. දැරියන් දූෂණය සහ ලිංගික අපයෝජනය කළේ ‘දෙවියන්ට’ ගරු කරන ආකාරය ඔවුන්ට ඉගැන්වීමට බවත් සහ එයින් කිසිදු ලිංගික තෘප්තියක් නොලද බවටත් කළ ප්‍රකාශ දෙකම හුදෙක් ප්‍රෝඩාකාරී සහ බියජනක බව," අධිකරණ තීන්දුවේ සඳහන්.

 charge 7

 

"සදාචාරය දේශනා කළ නමුත් අසික්කිත අන්දමින් දුරාචාරයේ හැසිරීමක්." 

 

අතිශය පිළිකුල් සහගත නිර්ලජ්ජිත අපරාධයක් 

"පැමිණිලිකරුවන්, තම පවුල් වගඋත්තරකරුගේ ආධිපත්‍යයට යටත්ව සිටි, අවදානමට ලක්විය හැකි ගැහැණු ළමයින්. වගඋත්තරකරු අපරාධ සිදු කිරීම සඳහා දැරියන් දෙදෙනා වෙත ප්‍රවේශ වීමටත්, ඔවුන්ට බලපෑම් කිරීමටත් සිය තත්වය සහ තනතුර භාවිත කර ඇත. මෙම අපරාධය අතිශය පිළිකුල් සහගත නිර්ලජ්ජිත වරදක්," යනුවෙන් අධිකරණය වැඩිදුරටත් පවසා ඇත. 

screenshot 40quality

 

ප්‍රදීප් දිසානායකට වික්ටෝරියානු ප්‍රාන්ත අධිකරණයක් විසින් 2023 ජූනි මස දී වසර අටක සිර දඬුවමක් නියම කරන ලද අතර, වසර පහක ක්ෂමා රහිත කාලයක් නියම කෙරුණි.

 

එම දඬුවම පැහැදිලිවම ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් රජයේ නීතිඥවරුන් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණේ, වරදකරු සහ වින්දිතයන් අතර අවුරුදු 37 ක වයස් පරතරය, බාල වයස්කාර දැරියන් අනතුරට ලක්වීමේ අවදානම සහ එම දැරියන් වෙත ළඟා වීමට සහ බලපෑම් කිරීමට ආගමික කල්ලි නායකයා ලෙස සිය තනතුර අවභාවිතා කිරීම යන කාරණා මතුකරමින් අපරාධයේ බරපතල බව අභියාචනාධිකරණය හමුවේ සඳහන් කරමින් ය.

 

ඒ අනුව, අභියාචනාධිකරණය විසින් සිර දඬුවම වසර 10ත් මාස 10ක් දක්වා දීර්ඝ කළ අතර, වසර අටක ක්ෂමා රහිත කාලයක් නියම කරන ලදී.

charge 8 

සිය ක්‍රියාවන්ගේ සදාචාර විරෝධීභාවය හඳුනා ගැනීමට නොහැකි වන තරමට ‘යම් ආකාරයක ආගමික දුමාරයකින් ඔහු අන්ධ වී සිටියේය’ යනුවෙන් දක්වන ලද හේතුව අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

 

"ප්‍රදීප් දිසානායක, 'වෛද්‍ය වෘත්තිකයෙක් සහ පැහැදිලිවම බුද්ධිමත් හා හොඳින් උගත් මිනිසෙක්' ඔහු මෙම අපරාධය සිදු කර තිබුණේ තමන් සාපරාධී වරදක නියැලෙන බව හොඳාකාරවම දැනගෙන," යන්න අධිකරණය අවධාරණය කර තිබුණි.

සටහන | අභිෂේකා වාසල බණ්ඩාර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...