The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කරල පැහෙන ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයෙන් සරු අස්වනු හිමි වේ ද? | | රේණුකා දමයන්ති

T

The Leader Desk

January 19, 2025 • 12:25 PM

කරල පැහෙන ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයෙන් සරු අස්වනු හිමි වේ ද? |  | රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බීබීසී ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකට අනුව ලොව පුරා සංචාරයේ නිරත වන සංචාරකයන් සඳහා 2025 වසරේ සිය පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බීබීසි නාලිකාව මෙම ස්ථානය ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.
  • බීබීසී ආයතනය සමග කටයුතු කරන අදාල විෂය හා සම්බන්ධ මාධ්‍යවේදීන් සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, ගෝලීය සංචාරක කවුන්සිලය වැනි ආයතනවල නිර්දේශ ද ඒ අතරට එක් ව ඇත.
  • බීබීසි නාලිකාව සිය මාර්ගෝපදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා සේම සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා ගත හැකි රටක් බවකි.
  • බීබිසි නාලිකාව ප්‍රකාශයට පත් කළ මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන අතර පළමු තැන හිමිකර ගෙන ඇත්තේ ඩොමිනිකා රාජ්‍යයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බීබීසී ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකට අනුව ලොව පුරා සංචාරයේ නිරත වන සංචාරකයන් සඳහා 2025 වසරේ සිය පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බීබීසි නාලිකාව මෙම ස්ථානය ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.

බීබීසී ආයතනය මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙන්නේ ඉතා නිවැරදි නිර්නායකයන් පදනම් කරගනිමිනි. බීබීසී ආයතනය සමග කටයුතු කරන අදාල විෂය හා සම්බන්ධ මාධ්‍යවේදීන් සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, ගෝලීය සංචාරක කවුන්සිලය වැනි ආයතනවල නිර්දේශ ද ඒ අතරට එක් ව ඇත.

බීබීසි නාලිකාව සිය මාර්ගෝපදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා සේම සංචාරකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා ගත හැකි රටක් බවකි.

 

සංචාරකයින් රට සංවර්ධනය කරයි ද? - (කුසල් පෙරේරා)
බීබිසි නාලිකාව ප්‍රකාශයට පත් කළ මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන අතර පළමු තැන හිමිකර ගෙන ඇත්තේ ඩොමිනිකා රාජ්‍යයයි. එහි දෙවන ස්ථානය ජපානයේ නාඕෂිමාවට හිමි වී තිබේ. තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඉතාලියේ ඩෙලෝමයිට්ස් කඳුකරයට ය.එම ශ්‍රේණිගත කිරීමේ 25 වන ස්ථානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරට හිමිව තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අත් කර ගත් මෙම කීර්තිය මෙම වර්ගීකරණයට පමණක් සීමා නොවේ. ලෝන්ලි ප්ලැනට් විසින් කොළඹ-බදුල්ල දුම්රිය ගමන 2025 සඳහා ලොව දුම්රිය ගමන් 10 අතරෙන් 7 වැනි ස්ථානය ද ශ්‍රී ලංකාවට හිමි කර දී තිබේ. අප රටේ උඩරට දුම්රිය මාර්ගයේ අසමසම දර්ශනීය සුන්දරත්වය සහ එමඟින් සංචාරකයන්ට ලබා දෙන යටපත් වූ සංස්කෘතික අත්දැකීම මෙම ස්ථානය හිමි කර ගැනීමට දායක වී තිබේ. මෙය ලෝකයේ වඩාත්ම දර්ශනීය දුම්රිය ගමනක් ලෙස විස්තර කෙරෙන අතර, කොළඹ සිට බදුල්ල දක්වා කිලෝමීටර් 290 කට වඩා වැඩි දුරක් විහිදෙන අප රටේ උඩරට දුම්රිය මාර්ගය හරිත තේ වතු, මීදුමෙන් වැසී ගිය කඳු සහ මනරම් දිය ඇලි වල විශ්මයජනක දසුන් සඳහා මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ය.

සංචාරකයින් අතර ” ඇල්ල ඔඩිසි” නමින් ප්‍රසිද්ධ කොළඹ-බදුල්ල දුම්රිය ගමන, ඇල්ල, නානුඔය සහ හපුතලේ වැනි දුම්රිය ස්ථාන වල සුවිශේෂී නැවතුම් සඳහා විශේෂයෙන් ජනප්‍රිය වේ.ලෝන්ලි ප්ලැනට් විසින් ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් හඳුන්වා දීම ඔවුන් ගේ වාර්ෂික ක්‍රියාදාම කොටසකි, එය ලොව හොඳම දේ සොයන සංචාරකයන් සඳහා මාර්ගෝපදේශකයෙක් ලෙස කටයුතු කරයි. 

ශ්‍රී ලංකාව හා සම්බන්ධ සංචාරක ප්‍රගතිය සම්බන්ධ විස්තර එතැනින් ද නිමා නොවේ.විනෝදාත්මක හා සංචාරක මඟපෙන්වීම් සඳහා ලෝ ප්‍රකට ‘ටයිම් අවුට්’ සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂණ වාර්තාවක් අනුව කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ද ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

 

srte4556
මෙම නම් කිරීම සිදු කොට ඇත්තේ 2024 අප්‍රේල් මාසයේ ය. තරුණ කාන්තාවන් බහු සංස්කෘතීන් සහිත රටවල් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන බැවින් එහිදී කාන්තාවන්ට හිමි වන ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ. 

වැඩි වශයෙන් මෙලෙස තනිව සංචාරය සඳහා වයස අවුරුදු 28ට අඩු “ඉසෙඩ්”පරම්පරාවට අයත් තරුණ පිරිස් ප්‍රියතාවක් දක්වන බව සඳහන් වේ. මෙලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතර දෙවන ස්ථානය පෘතුගාලයටත් තුන්වන ස්ථානය චෙකියා ජන රජයටත් හතරවන ස්ථානය ජපානයටත් ලැබී තිබේ.

තනිව සංචාරයේ යෙදෙන විදේශීය කාන්තාවන්ට දකුණු ආසියාතික රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය ලෙස නම් කිරීමට කාන්තාවන්ට පිහිනීමට හා කිමිදීමට වඩාත් ආරක්ෂිත ස්ථාන, යුනෙස්කෝ ලෝක උරුම සහ නුවරඑළියේ චමත්කාරය, කන්ද උඩරට දුම්රිය සංචාර වැනි සාධක පදනම් ව කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ස්ථානය ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් වල පස්වන ස්ථානය ග්වාතමාලාව හිමිකරගෙන ඇති අතර හත් වන ස්ථානය හිමිවී ඇත්තේ ඔස්ට්‍රේලියාවටයි. ඔස්ට්‍රේලියාව ද තනි කාන්තාවකට සංචාරය සඳහා පැමිණිමට සුදුසු රාජ්‍යයක් වන අතර නැගෙනහිර වෙරළ තීරය, සිඩ්නි වරාය ආශ්‍රිත පාලම සහ ඔපෙරා හවුස් සංචාරකයින් අතර වඩාත් ආකර්ශනීය ස්ථාන අතරට පත්ව තිබේ. එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානට ග්‍රීසිය පත්වී ඇති අතර 9 වන ස්ථානයට පත්වී ඇත්තේ නවසීලන්තයයි.

 

ශ්‍රී ලංකාවේ දර්ශනීයම දුම්රිය ගමන
මේ අතර ෆෝබ්ස් සඟරාව විසින් 2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාව ද එක් කරනු ලැබ ඇත. එය ද මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතියට සෘජුවම හේතු වී තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත, මෙම රටවල් 23 නම් කර ඇත. සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදක වරියක වන ජුලියානා බ්‍රොස්ටේ ගේ යෝජනාවක් මත ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගෙන තිබේ.

ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වනු ඇති බව ජුලියානා එහි දී පෙන්වා දී තිබේ. අනුරාධපුරය, මහනුවර, පින්නවල අලි අනාථාගාරය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බවත්, කෙටි දුරක් ගමන් කර නැරඹිය හැක ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බවත් ඇය පෙන්වා දී ඇත.

ගත වූ වසර කිහිපය තුළ ක්‍රමයෙන් සංචාරක ආකර්ෂණය අතින් අන්තර්ජාතික වශයෙන් කීර්තියක් ලබා තිබෙන ශ්‍රී ලංකාව පසුගිය 2024 වසරේදී සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් කෝටි 92,500ක (අමෙරිකානු ඩොලර් බිලියන 3.16) ආදායමක් ළඟාකර ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙන්නේ එම අගය පසුගිය 2023 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන අමෙරිකානු ඩොලර් 2.06ට සාපේක්ෂව සියයට 53.2ක වර්ධනයක් බව ය. එම සංඛ්‍යා ලේඛනවලට අනුව 2024 වසරේදී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ද ප්‍රමාණය ඉහළ අගයක් ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දර්ශනීයම දුම්රිය ගමන

එම වසරේදී විදෙස් සංචාරකයන් 2,053,465 දෙනකු මෙරටට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන අන්දමට එම සංඛ්‍යාව පසුගිය 2023 වසරේදී මෙරටට පැමිණි 1,487,303ට සාපේක්ෂව සියයට 38.07ක වර්ධනයකි. එය තව දුරටත් විග්‍රහ කරන ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාව 2023 වසරේ දී ශ්‍රී ලංකාවට 1,487,303ක විදෙස් සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර එමඟින් උපයා ඇති සමස්ත ආදායම ඩොලර් මිලියන 2,068ක් බව පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2024 වසරේ දෙසැම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1ක් ලෙස වාර්තා වී තිබෙන බවත් 2023 දෙසැම්බර් මාසයේදී එම අගය සටහන්ව තිබුණේ ඩොලර් මිලියන 269.3ක් බවත් ය.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පෙන්වා දෙන අන්දමට පසුගිය 2024 වසරේ සෑම මසකම 100,000ට වැඩි විදෙස් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඉන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එම වසරේ දෙසැම්බර් මාසයේදී ය. එම අගය 248,592ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මෙරටට විදේශ සංචාරකයන් පැමිණි රටවල් පිළිබඳව විමසීමේ දී පෙනී යන අන්දමට පසුගිය 2024 වසරේදී වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 416,974 කි.

 

p0gw1vqv
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන අන්දමට ඊට අමතරව රුසියාවෙන් 201,920ක් එක්සත් රාජධානියෙන් 178,339ක්, ජර්මනියෙන් 136,084ක් සහ චීනයෙන් 131,681ක් මෙරටට පැමිණ තිබේ.

එමෙන්ම පසුගිය 2024 වසරේ දී ඔස්ට්‍රේලියාවෙන් 89,573ක් ද ප්‍රංශයෙන් 88,775ක්ද, අමෙරිකා එක්සත් ජනපදයෙන් 59,532ක් සහ නෙදර්ලන්තයෙන් 50,116ක් ද මෙරටට පැමිණ ඇත. ඊට අමතරව මාලදිවයිනෙන් සංචාරකයන් 47,222ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව අප රටේ ගැමි වහරට අනුව කිව හොත් මෙරට සංචාරක ව්‍යාපාරයේ කරල පැහී ඇති බවක් පෙනෙයි.නව සහශ්‍රකය තුළ ලෝකයේ සංචාරක කර්මාන්තය සුවිශේෂ ප්‍රගතියක් ලබා තිබේ. තොරතුරු තාක්ෂණයේ සහ ප්‍රවාහන පද්ධතීන් වල දියුණුව ඒ සඳහා මූලික වශයෙන් ඉවහල් වී ඇති බව පෙනෙයි.

ඒ සමඟම සංචාරක අරමුණු ද විවිධාංගීකරණයට ලක් ව තිබේ. ඒ අතුරින් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ඉවහල් වන හේතු ප්‍රායෝගිකව විමසා බලා ඒ අනුව සංචාරක කර්මාන්තය හා අදාල යටිතල පහසුකම් ප්‍රවර්ධනය යුතු ය. 

 

ගෘහ රෝග - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
ශ්‍රී ලංකාව කෙරෙහි බටහිර සංචාරක ආකර්ශනය ලැබීමට අප රටේ ජනතාව සංචාරකයන් වෙත හිමි කරන අව්‍යාජ සිනාව ප්‍රධාන වශයෙන් ඉවහල් වන බව ප්‍රකට කරුණකි. එය ඩොලර් බිලියන ගණනකට මිල කළ හැකි සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව සතු අස්පර්ශනීය උරුමයකි. අප රටට පැමිණෙන විදේශීය සංචාරයන් සහ මෙරට වැසියන් අතර පවත්නා මෙම අන්තර් ක්‍රියාව ( Interaction ) සංචාරක කර්මාන්ත ප්‍රගතියේ න්‍යෂ්ටිය බව නිසැක ය.

නමුත් ඒ අතරේ එම විදේශ සංචාරකයන් නා නා ආකාර වලින් ජාවාරම් වලට හසු කර ගන්නා පිරිස් පිළිබඳව ද වරින් වර තොරතුරු ලැබේ.එය වහා ඉවත් කළ යුතු අප රටේ සංචාරක කර්මාන්තය වනසා දමන පිළිලයකි.

සංචාරකයන් බහුලවම භාවිතා කරන දුම්රිය ඊ-ප්‍රවේශ පත්‍ර අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි මාකුඹුර දුම්රිය ස්ථානයේ පොලිස්මන් වරයකු සහ දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබීම ඒ සම්බන්ධ අලුත්ම තොරතුරකි. උඩරට දුම්රිය මාර්ගයේ ඊ-ටිකට්පත් අන්තර්ජාලයට නිකුත් කළ පසු තත්පර 42ක් වැනි කෙටි කාලයක් තුළ සියල්ල විකිණී ගොස් තිබුණේ මෙම ජාවාරම්කරුවන් එය දැනගෙන කළ වංචාවකින් බව හෙළි වී තිබේ.

 

දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදයක් !

 

රුපියල් 2,000ක මුහුණත වටිනාකමක් සහිත ප්‍රවේශ පත්‍රයක් ජාවාරම්කරුවන් විදේශිකයන්ට රුපියල් 16,000ක් දක්වා ඉහළ මිලකට අලෙවි කරන බවට වාර්තා වී ඇත. විමර්ශනවලින් හෙළි වූ කරුණු අනුව, අදාළ පොලිස්මන් වරයා තම ඥාතියෙකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් අන්තර්ජාලය හරහා වෙන් කරගත් ප්‍රවේශපත්‍ර අධික මිල ගණන් යටතේ විකිණීම සිදු කර ඇත.

මෙය අප රටේ සංචාරක කර්මාන්තය තුළ සිදු වන අනේක විධ වංචා දූෂණ ජාවාරම් වලින් අංශු මාත්‍රයක් පමණි,
 
ඒ අනුව මේ වන විට දියත්ව ඇති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ පිළිවෙල යටතේ හෝ අප රටේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සකල විධ වංචා දූෂණ “ක්ලීන් කිරීමේ” වගකීම ආණ්ඩුව මත පැටවී තිබේ.මේ වන විට කරල පැහෙන ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයෙන් සරු අස්වනු ජාතිය සතු කර ගත හැක්කේ එවිට පමණි. එසේ නොවන්නට සෙසු බොහෝ දේ මෙන් එය ද බොල් අස්වැන්නක්ම වනු නියතය.
 
රුපියල ශක්තිමත් වීම සිංහල අලුත් අවුරුද්දේ කොවුල් ගී මිහිරක් කර ගත හැකිද?- (රේණුකා  දමයන්ති)| රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...