The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කළ වික්ටර් අයිවන් | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 20, 2025 • 7:32 AM

තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කළ වික්ටර් අයිවන් | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය කාර්යය වෙනුවෙන් ජනමාධ්‍ය භාවිතා කළ නිසා ඔහු ජනමාධ්‍යකරුවෙකි.
  • තමන් කරන කාර්යය වෙනුවෙන් හැම විටම 100%ක් පෙනී සිටීමට ඔහු උත්සාහ කළේය.
  • ඔහු ඉතිහාසගත වීමට වඩා වර්තමානය තුළ පූර්ණව ජීවත් වීමට උත්සාහ කළ කෙනෙකි.
  • එහෙත්, ඔහු ලංකාවේ සමාජය ගොඩනැගීම සඳහා ඉතා වැදගත් දායකත්වයක් සිදුකළ අයෙකු බවට විවාදයක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය කාර්යය වෙනුවෙන් ජනමාධ්‍ය භාවිතා කළ නිසා ඔහු ජනමාධ්‍යකරුවෙකි. ලේඛකයෙකි.

තමන් කරන කාර්යය වෙනුවෙන් හැම විටම 100%ක් පෙනී සිටීමට ඔහු උත්සාහ කළේය. ඔහු කටයුතු කළේ ඔහුගේ හෘදය සාක්ෂියට අනුවය.

ඔහු නායකයකු වූ මුත්, ඔහු වටා ගොඩනැගුණු සමූහය විසින් ඔහු හැසිරවුණේ නැත. ඔහු හැම විටම ස්වාධීනව කටයුතු කළ අතර, රංචුව සමග යාම සඳහා ස්ථාවරයන් වෙනස් කර ගැනීම හෙවත් සපත්තුවේ තරමට කකුල කපාගැනීමට උත්සාහ කළේ නැත.

ඔහු ඉතිහාසගත වීමට වඩා වර්තමානය තුළ පූර්ණව ජීවත් වීමට උත්සාහ කළ කෙනෙකි.

 

victor ivan

ධර්ගා නගරයේ, ඉඳිගස්තුඩුවේ පුනරුදය සාකච්ඡාවක් අතරතුර සැඳෑ ආලෝකයේ වික්ටර් අයිවන් මට පෙනුණ හැටිය

 

ඔහු සමග අපි විවිධ දේශපාලන හා මාධ්‍ය ක්‍රියාකාරකම්වල නියැලුණෙමු. ඒ ගැන අපට එදාත් විවේචන තිබිණි. එහෙත්, ඔහු ලංකාවේ සමාජය ගොඩනැගීම සඳහා ඉතා වැදගත් දායකත්වයක් සිදුකළ අයෙකු බවට විවාදයක් නැත.

වික්ටර් අයිවන් මහතාට ඔහුගේ විශ්වාසයන් අනුව සුගතිය අත්වනු ඇත.

අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

උපුටා ගැනීම : අජිත් පැරකුම් ජයසිංහ 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...