The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බුලත් තට්ටුව, බුලත් හෙප්පුව, ඉලත්තට්ටුව එකක්ම ද? | තිලක් සේනාසිංහ

T

The Leader Desk

January 21, 2025 • 9:44 AM

බුලත් තට්ටුව, බුලත් හෙප්පුව, ඉලත්තට්ටුව එකක්ම ද? | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ භාවිතා කිරීමේ දී ඒවා රඳවා තබන සහ බහාලන උපකරණ කිහිපයක් ද අප බොහෝ දෙනකුට නිතර අසන්නට දකින්නට ලැබී තිබේ.
  • ඒවා පිළිවෙලින් බුලත් හෙප්පුව, බුලත් තට්ටුව, ඉලත්තට්ටුව සේම දැහැත් වට්ටිය, මඩිස්සලය සහ බුලත් පයිය ලෙස හැඳින්විය හැක.
  • මක් නිසාද සිංහල භාෂාවේ හෙප්පුව යනුවෙන් හැඳින්වෙනුයේ ඇතැම් ද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස තැන්පත් කිරීම පිණිස භාවිතා කරන පියන සහිත ඇසුරුමක් බැවිනි.
  • ඒ අනුව සිංහල බසින් හෙප්පුව නමින් හැඳින්වෙන මෙය පිත්තල වැනි ලෝහයකින් නිම කළ වටකුරු, ඕවලාකාර හෝ ඇතැම් විට හතරැස් කුඩා බහලුමක් බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ භාවිතා කිරීමේ දී ඒවා රඳවා තබන සහ බහාලන උපකරණ කිහිපයක් ද අප බොහෝ දෙනකුට නිතර අසන්නට දකින්නට ලැබී තිබේ. ඒවා පිළිවෙලින් බුලත් හෙප්පුව, බුලත් තට්ටුව, ඉලත්තට්ටුව සේම දැහැත් වට්ටිය, මඩිස්සලය සහ බුලත් පයිය ලෙස හැඳින්විය හැක.

එම වදන් අතුරින් බුලත් සම්බන්ධයෙන් අප ගේ ජන සමාජය තුළ වඩාත් ප්‍රචලිත වදන වනුයේ බුලත් හෙප්පුව යන්න ය. නමුත් බුලත් රැඳවීම පිණිස යොදන එම උපකරණය සඳහා බුලත් හෙප්පුව යන්න කෙතරම් උචිත ද යන්න පළමුව සළකා බලනු වටී. මක් නිසාද සිංහල භාෂාවේ හෙප්පුව යනුවෙන් හැඳින්වෙනුයේ ඇතැම් ද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස තැන්පත් කිරීම පිණිස භාවිතා කරන පියන සහිත ඇසුරුමක් බැවිනි. ඒ සඳහා හොඳම නිදසුනක් වනුයේ අප සමාජයේ පැරණි වෙද මහතුන් සතුව තිබූ බෙහෙත් හෙප්පුව ය.

සංස්කෘත හා පාලි භාෂාවෙන් භේසජ්ජ මංජුසා නමින් මෙම බෙහෙත් හෙප්පුව හැඳින්වෙන අතර එනමින් යුතු පාලි භාෂාවෙන් ලියන ලද අනගි වෛද්‍ය ග්‍රන්ථයක් ද දහතුන් වන සියවස තුළ ශ්‍රී ලංකාවේ බිහි වී තිබේ. ඒ අනුව සිංහල බසින් හෙප්පුව නමින් හැඳින්වෙන මෙය පිත්තල වැනි ලෝහයකින් නිම කළ වටකුරු, ඕවලාකාර හෝ ඇතැම් විට හතරැස් කුඩා බහලුමක් බව පෙනේ. ඉංග්‍රීසි භාෂාවෙන් මේ සඳහා යෙදිය හැකි වදන වනුයේ Casket යන්න ය.

 

විට කා පුවක් හපා පිළිකාව දෂ්ඨ කළ සංඛ්‍යාව නම ගුණයකින් වැඩි වේ
බුලත් යන නම ඇසෙත්ම අපගේ මතකයට නැංවෙන ග්‍රාම නාමයක් තිබේ. එනම් ගිලීමලේ ය. සබරගමුවේ පිහිටි සුන්දර නිසංසල ගම් පියසක් වන ගිලීමලේ දුරාතීතයේ සිට බුලත් සම්බන්ධයෙන් කොතෙක් ප්‍රසිද්ධියක් හිමි කර ගෙන තිබුණේ ද යන්නට ‘ගිලීමලෙත් ඇත දත සුද්දෝ’ යන පිරුළ වැදගත් සාක්ෂියකි.ඉන් පැවසෙනුයේ බුලත් සඳහා චිර ප්‍රසිද්ධ ගිලීමලේ පවා බුලත් නොකන්නවුන් හිඳින බවකි.

ශාන්තිකර්ම හා සම්බන්ධ පෙළපතකින් පැවැත එන ගිලීමලේට නොදුරු ශ්‍රී පලාබද්දල විසූ සංගීතාචාර්ය සුසිරරත්න මහතා බුලත් සම්බන්ධ සබරගමු ජන ශ්‍රැති සිය දහස් ගණනක් තම දැනුම් අවබෝධයන් තුළ ස්ථාපිත කර ගෙන සිටි විද්වතෙකි. 1995 වසරේ සබරගමුව ආශ්‍රිත ශ්‍රීපාද ජන ශ්‍රැති සම්බන්ධ විමසුමක යෙදුණු මා සමඟ ඔහු පැවසූ බුලත් තට්ටුව හා බුලත් හෙප්පුව අතර පවත්නා මෙම වෙනස වත්මන් සමාජයේ බොහෝ දෙනකු හමුවේ අනාවරණය වී නැත.

 

Screenshot 2025 01 21 at 15.08.39 copy

“ඕකට කොහොමත් කියන්නේ බුලත් තට්ටුව කියලා. ඕක බුලත් හෙප්පුවක් වෙන්නේ ඕක උඩින් වැස්මක් තිබුණොත් විතරයි. අපේ සමාජයේ ඔය බුලත් තට්ටුව බුලත් හෙප්පුවක් කර ගන්න අවස්ථා වෙනම තියනවා. ඒ තමයි බුලත් තට්ටුවට උඩින් වැස්මක් හැටියට සුදු පිරුවටයක් දාන එක. මඟුල් ගෙදරකට බුලත් දෙන්න යනකොට මනමාලියෙක් හාපුරා කියලා තමන්ව බලන්න එන මනමාලයෙක් ඉස්සරහට යන කොට බුලත් හෙප්පුවක් ගෙනියන එක අදටත් සමහරු සිරිතක් හැටියට කරනවා. ඒ බුලත් තට්ටුව උඩට සුදු පිරුවටයක් දාලා බුලත් හෙප්පුවක් බවට පත් කර ගෙන”හෙතෙම කීය.

ඉහත සඳහන් ප්‍රකාශය අනුව අපට වැටහී යනුයේ විවිධ අවස්ථාවන් හි බුලත් හෙප්පුවක් බවට පත් කර ගන්නා බුලත් තට්ටුව හුදෙක් බුලත් විට කෑමට අවශ්‍ය බුලත් විටක් හුනු දුම්කොළ ආදී කළමණා රඳවා තබන තට්ටුවක් පමණක් නොවන බව ය.

ඇතැම් අවස්ථාවන් හි ලීයෙන් සකසා තිබුණ ද බොහෝ බුලත් තට්ටු පිත්තලෙන් සාදා ඇති බවක් පෙනේ. එමෙන්ම ඒ සෑම බුලත් තට්ටුවක්ම පද්මාකාර හෙවත් නෙළුම් මලක හැඩයෙන් යුතු වීම විශේෂත්වයකි. නෙළුම යනු පාරිශුද්ධතාව, සෞභාග්‍යය හා පරිපූර්ණත්වය සංකේතනය කරන්නකි. බුලත් තට්ටුවක් වටා ඇති දැති නෙළුමක ස්වභාවයෙන් යුතු වන අතරේ එහි මධ්‍යයේ ද නෙළුමක ආකෘතියක් කොටා ඇති අන්දම බොහෝ විට ඔබට ද නිරීක්ෂණය වී තිබෙන්නට පුළුවන. බොහෝ බුලත් තට්ටුවල නෙළුම් පෙති හෝ පලා පෙති මෝස්තර ද දක්නට ලැබේ.

 

FB IMG 1543931895545
මහනුවර යුගයේ සිට අප රටේ ව්‍යාප්ත වූ නෙළුම් පෙති ආ පලා පෙති මෝස්තර ආගමික හා සංස්කෘතික භාවිතයන් සඳහා පමණක් යොදා ගනු ලබන්නකි.අප ගේ රාජ්‍ය ලාංඡනයේ පවා නෙළුම් පෙති මෝස්තරයක් දක්නට ලැබේ.එය ද පාරිශුද්ධතාව සංකේතනය කිරීම පිණිස යොදන ලද්දක් බව පැවසෙයි. ඒ අනුව බුලත් තට්ටුව නිසැක ලෙස මංගල සම්මත භාණ්ඩයකි.අතීතයේ සෑම නිවසකම ඉදිරිපස කොටසේ එය තැබීමෙන් ඒ බව තව දුරටත් තහවුරු වේ.

මෙම බුලත් හෙප්පුව ඇතැම්හු ඉලත් තට්ටුව යනුවෙන් ද හඳුන්වති. ඒ සම්බන්ධයෙන් සමාජය තුළ පවතින පොදු මතයක් නම් සාමාන්‍ය භාවිතයේ දී බුලත් තට්ටුව ලෙස හැඳින්වෙන මෙය අවමංගල්‍ය අවස්ථාවන් හිදී ඉලත්තට්ටුව ලෙස හැඳින්වෙන බවකි. දහතුන් වන සියවසේ ලියැවුණු සද්ධර්ම රතනාවලිය ආදී ග්‍රන්ථයන් හි අවමඟුල හැඳින්වීම පිණිස ‘ඉලවු’ යන වදන යෙදී තිබීම මත එම මතය සමාජ ගත වී ඇති බවක් පෙනේ.

විට කා පුවක් හපා පිළිකාව දෂ්ඨ කළ සංඛ්‍යාව නම ගුණයකින් වැඩි වේ

 

ඒ අනුව බුලත් තට්ටුව පසුව ඉලත්තට්ටුව වී ඇති බවක් ඔවුන් විශ්වාස කරනවා වන්නට පුළුවන.නමුත් බුලත් තට්ටුව යන්නට මෙම ඉලත්තට්ටුව යන්න යෙදීම ද්‍රවිඩ ඌරුව අනුව සිදුවූවක් බව පෙනෙයි. “ඉලෙයි” යන දෙමළ වදන ශාක පත්‍ර හැඳින්වීම පිණිස යෙදෙන අතර තට්ටු යන වදනින් තැටිය යන්න හැඟවෙයි. ඒ අනුව අපට ඉතා පහසුවෙන් නිගමනය කළ හැක්කේ ඉලෙයි තට්ටු යන දෙමළ වදන සිංහලයෙන් ඉලත්තට්ටුව ලෙස සමාජ ගත වන්නට ඇති බවකි.ඒ අනුව බුලත් බහාලන බුලත් තට්ටුව බුලත් හෙප්පුව හා ඉලත්තට්ටුව එකම උපකරණයක් කේන්ද්‍ර කර ගත් ව්‍යවහාරයන් තුනක් බව අතිශයින් පැහැදිලි ය.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බුලත් තට්ටුව, බුලත් හෙප්පුව, ඉලත්තට්ටුව එකක්ම ද? | තිලක් සේනාසිංහ | The Leader