The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

January 23, 2025 • 5:21 PM

පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින එනම් ඊයේ පැවැති පැවති ප්‍රවෘත්ති සාකඡාවකදී ඔහු මේසේ කීවේය: “දැන් තියෙන අර්බුදය තමයි දේශීය පොල් පරිභෝජනයට පොල් ලබා ගැනීමත්, සැපයුමේ අඩුවීම…අපනය කර්මාන්තයත් අර්බුදයට ලක් වෙලා.
  • අපි නිතර පරිභෝජනය කරන පොල් ගෙඩියත් රුපියල් 200 ගාණට ගියා.
  • පොල් කිරි වෙනුවට අපිට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුකත්වයක් දීලා අපිට විකල්ප ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපනයනය කිරීම සදහා ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා.” අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඇති ලෙඩක් නම් ක්ලච් එක පෑගූ විට තිරිංග අංජ බකල් වීමය.
  • ස්විස්ටර්ලන්තයේ ඇමැතිවරයකු මෙසේ කීවොත් කුමක් වනු ඇත්ද?
අකුරු ප්‍රමාණය (Font Size):


22 දින එනම් ඊයේ පැවැති පැවති ප්‍රවෘත්ති සාකඡාවකදී ඔහු මේසේ කීවේය:

 

“දැන් තියෙන අර්බුදය තමයි දේශීය පොල් පරිභෝජනයට පොල් ලබා ගැනීමත්, සැපයුමේ අඩුවීම…අපනය කර්මාන්තයත් අර්බුදයට ලක් වෙලා. අපි නිතර පරිභෝජනය කරන පොල් ගෙඩියත් රුපියල් 200 ගාණට ගියා. ගෙදර පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි අපි ඉන්නේ. මොකද අපි පොල් කිරි විදිහට පාවිච්චි කරනවා, සම්බෝල විදිහට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමණ්යක් අපතේ යනවා. ඒ වගේම පොල් කට්ට සහ පොල් වතුර කියන දෙකත් ඩොලර්. ඉතින් ඒවත් අපතේ යනවා. පොල් කිරි වෙනුවට අපිට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුකත්වයක් දීලා අපිට විකල්ප ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපනයනය කිරීම සදහා ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා.”

 

අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඇති ලෙඩක් නම් ක්ලච් එක පෑගූ විට තිරිංග අංජ බකල් වීමය.

ශතවර්ශාධික කාලයක් අපේ ජනයා ආහාරයට ගත් පොල් දැන් චතුරංග අබේසිංහට ඩොලර් වී තිබේ.

ස්විස්ටර්ලන්තයේ ඇමැතිවරයකු මෙසේ කීවොත් කුමක් වනු ඇත්ද?


” අපේ මිනිස්සු කිරි බෙනවා වැඩියි. ඒ නිසා විදේශ විනිමය ලබා ගත හැකි චොකලට් සහ චීස් නිශ්පාදනයට බාධාවක්. කිරි වෙනුවට සෝයා හරි වෙන මොනවා හරි බොන්න සොයා ගන්න”


බොහෝ විට ඔහුට සිදු වනු ඇත්තේ මහජන විරෝධය හමුවේ පසු බැසීමට සහ කතාව ඉල්ලා අස් කර ගැනීමටය. ඒ දැනුවත් පුරවැසියන් සහ නිදහස් ජනමාධ්‍ය ඇති රටක් නිසාය.

ශ්‍රී ලංකාවේ ජනයාගේ ආහරයේ පොල් නැතිවම බැරි සංඝටකයකි. අපේ ජනයා ප්‍රෝටීන් ලබා ගන්නා ක්‍රමයක් වන්නේ ද පොල් කෑමය. පොල් කිරි, දිය කිරි සහ මිටි කිරි ලෙස ද පොල් සම්බෝල, මැල්ලුම් වර්ග සඳහා ද නැතිවම බැරිය.

පොල් සම්බෝල යනු එංගලන්තයේ ද ජනප්‍රිය ලාංකික ආහාරයකි. එය අපේ සංකේතයක් වැන්න. විකාරය කොතරම් ද මැල්ලුම් පොල් කුඩු යොදා ගන්නා ලෙස කියන ජාජබ හොරෙණෑකරුවන් ද පහල වී සිටී. පොල් කුඩු මැල්ලුම් ඉතාම දුගී නිවසක වත් ආහාරයට ගන්නා දෙයක් නොවේ.

සමාජය වියමන සහ ආකල්ප සකස් වන්නේ හුදෙක් ඩොලර් හෝ ආර්ථික සාධක නිසා හෝ පමණක් නොවේ. එසේ සිතන්නේ ඌනතිවාදීන්ය. සංස්කෘතිය හුදෙක්ම ආර්ථිකයේ පිළිඹිමුවක් නොවේ. අධෝව්‍යහය සහ උපරි ව්‍යුහය අතර  ඇත්තේ එකිනෙකට බලපාන සම්බන්ධයකි.

පිටි කළ පොල් පාවිච්චි කරන නාගරික ජනයා පවා පොල් සම්බෝල සඳහා ගන්නේ අමු පොල්ය. ඒ රසය අපේ ආත්මගත මිහිරකි.

පොල් කිරි වෙනුවට ඔටු කිරී හෝ බී පල්ලා යැයි කියන චතුරංග හෙට අනිද්දා වන විට බත් වෙනුවට බජිරි කාපල්ලා කිමට ඉඩ තිබේ.

හමුදාව යොදවා සහල් ප්‍රශ්නය විසඳන බව කීමට තරම් ජනාධිපතිවරයාගේ තිරිංග විකල්වන්නේ එවැනි බජරි කතාවක් අරුමයක් නොවිය හැකිය. අප නැත්නම් මිනිසුන් පැමිණ හාල් මෝල් කොල්ලකනු ඇතැයි කීමද එවැනිම ගැඹුරක් නැති කතාවකි.


ගෝටා කලේත් සහල් මෝල් වලට හමුදාව යැවීමය. මේ  වනාහී දෙකේ පන්තියේ කතාය. හමුදාව යවා සාර්ථකව වෙළද පොළ හැසිර වූ රටක් නැත. එවැනි ක්‍රම තිබූ චීනය සහ වියට්නාමය පවා අද එම විධි අතහැර දමා තිබේ.

drte54643f| ගෝඨාභය පාලන සමයේ හාල් මෝල් වැටලීම..
තර්ජනය හාල් මෝල්වලට කළත් නීතිපතිට කළත් එහි යටි අරුත නම් නීතියේ පාලනය නොසැළකීමය. මැත දිනක ජාජබ ජනාධිපති නීතිඥයකුට නීතිපතිවරයා කතා කර ඇත්තේ ගැහෙමින් යැයි කියනු ලැබේ. නීතිපති ගෝටා ඉදිරියේ හෝ බැසිල් ඉදිරියේ ගැහෙන්නට ඇත්තේත් මෙසේය.

නීතිපතිට කල තර්ජනයේ දී ටිරන් අලස් යටතේ සිදු වූ කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑ වීසා වංචාව ගැන ඇසූ බවක් දැන ගන්නට නැත.

නීතිපති දෙපාර්තමේන්තුව යනු බලයේ සිටින ආණ්ඩුවේ දේශපාලන හස්තයකි. හිටපු ඩීඅයිජී වාස් ගුණවර්ධනට මරණ දඩුවම දීමට හිටපු ජේෂ්ඨ පොල්ස් අධිකාරී ශානි අබේසේකර සමඟ නඩුව මෙහෙය වූ නීතිපති දෙපාර්ථමෙන්තුවම, වාස් ගුණවර්ධන අනීතිකව අත්අඩඟුවට ගත්තේ යැයි ශානි අබේසේකරට විරුද්ධව අධිකරණයට ගියේය.

එහි තේමා පාඨය ” හිස් මාස්ටර්ස් වොයිස්ය”

හිටපු නීතිපතිවරයකු වන සංජේ රාජරත්නම් බැසිල් රාජපක්ෂ විසින් නීතිපති තනතුරට ගෙන ආවේ, පිල්ලෙයාන් නිදහස් කර ගැනීමට යැයි අනස්ර් හසාද් මවුලානා කියා තිබේ. පිල්ලෙයාන් නිදහස් කර ගැනීමට මවුලානා ලිපි ගොනුව දුන් බව කියන විනිසුරුවරයා තවමත් ඉහළින්ම වැජඹේ.

 

gtye46fr
“තමා ඝාතනය කිරීමට එවකට සිටි නාවික හමුදාපතිවරයා වූ කරන්නාගොඩ සැළසුම් කරන” බවට ජනරල් සරත් පොන්සේකා ආවරණය කළ මාධ්‍යවේදියකු විසින් 2009 දී කරන ලද පැමිණිල්ල තවමත් නීතිපති දෙපාර්තමෙන්තුවේ පුස්කයි. අනුර ප්‍රියදර්ශන මෙන්ම කරන්නාගොඩ ගැනත් දැන් නීතිපති පරික්ෂන අරඹනු ඇත්ද?


යහපාලන ආණ්ඩුව ත්‍රි පුද්ගල විශේෂ අධිකරණ පිහිටුවන ලද්දේ විශේෂ නඩු විභාග ඉක්මන්කරනු පිනිසය. එසේ නමුත් දැන් වසර ගණනාවත් ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතන නඩුව ඇදි ඇදී යවන්නේ ස්වාමියා කියන දේ කරන නීතිපති දෙපාර්තමේන්තුවයි.

මේ දෙපාර්තමෙන්තුව ලොකු ලොක්කන්ගේ දරුවන්ගේ රජ දහනකි. කැමැති නම් එහි වෙබ් අඩවියට ගොස් වාසගම් පිරික්සා බලන්න.

කීත් නෙයාර් පැහැර ගැනීම පිලිබඳ පවරන ලද නඩුව මහේස්ත්‍රාත් උසාවියේ හිර කර තිබෙන්නේ ද නීතිපති දෙපාර්තමෙන්තුවයි. ඒ ගෝටා කී නිසාය.

මානව හිමිකම් නීතිඥ හෙජාස් හිස්බුල්ලාට බොරු නඩුවක් පැටලූයේ නීතිපති දෙපාර්තමෙන්තුව ගෝටාගේ අතවැසි සේවය කළ කාලයේය. තවමත් නීතිපති දෙපාර්තමෙන්තුව එම නඩුව දිග්ගස්සන්නේ විවිධ ආවරණයන්ට මුවා වෙමිනි.

ජනාධිපති අනුර කුමාර නීතිපතිට කල තර්ජනයේ දී ඒ ගැන ඇසුවේද?

xdftw45cd| නීතිපති සහ ජනපති හමුවේ අවස්ථාවක්...
මහත්වරුනි, නීතිපතිට තර්ජනය කරනු වෙනුවට කළ යුතුව ඇත්තේ ජාජබ පොරොන්දු වූ ස්වාධීන අභියෝජක ( නඩු පවරන්නකු) කාරයාලය ස්ථාපිත කිරීමය. ඒ සඳහා මැස හතරක කාලය ඕනෑවටත් වැඩිය.

දැන් ස්වාධීන අභියෝජක කාර්යාලය ගැන කතාවක්වත් නැත.

එල්ටීටීඊය සතුව තිබී අල්ලා ගත් ගිනි අවි තොගයක් මෙරට පාතාලයට ලබා දුන්නේ කුප්‍රසිද්ධ මින්නේරිය කඳවුරෙනි. කළකට පෙරය. එම අවි පිලිබඳ රහස් පොලිස් පරීක්ෂනය නතර කරන ලද්දේ ගොටාගේ ද රනිල් ගේද ආරක්ෂක ලේකම් වූ ජෙනරල් කමල් ගුණරත්නගේ නියෝගයකිනි.

එමෙන්ම ඊයේ පෙරේදා වන තුරු ආරක්ෂක මණ්ඩල ප්‍රධානී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කීවේ “යුද හමුදාවේ අවි නැති වී නොමැතිය” කියාය. එය ඇත්තය. මන්ද යත් ඒ ආයුධ එල්ටීටීඊ ආයුධ නිසාය.

ශවේන්ද්‍රගෙන් සහ කමල් ගුණරත්නගෙන් ප්‍රශ්න කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබේද?

කල්ච් එක පෑගී බ්‍රේක් ලූස් වීමේ ද අවසානයක් නැත.

මහින්ද රාජපක්ෂ නිවසින් එළියට දාන බව කියා, නාමල් රාජපක්ෂට ඔක්සිජින් ගැහීමත් එවැනිම තිරිංග විකල් වීමකි.

රාජ්‍ය තාන්ත්‍රික බස, යහපත් රාජ්‍ය පාලනයක ලකුණකි.

e45634f

ඇත්තටම ජනාධිපති අනුර කුමාර දිසානායකට කතා පිටපත් ලියා දෙන කෙනෙක් නැත්ද? කතා ලියන්නා යනු සුවිශේෂි තනතුරකි. එවැන්නකු නැති විට කලච් එක පෑගී බ්‍රේක් ලූස් වීම වැළැක්විය නොහැකිය.

දැන් ඔහු සියයට 3 විපක්ෂ මංත්‍රී නොව තුනෙන් දෙකේ බලයක් ඇති ජනාධිපතිය. කිව යුතු දේ කිරා මැණ කීම, ඉගෙන ගත යුතු කලාවකි. බලය විසින් කිවයුතු දේ ඉබේ කටින් පනින්නට ඉඩ නොහැරීම චතුරංග අබේසිංහට පමණක් නොව අනුර කුමාර දිසානායකටද එකසේ වටී.

කතා කිරිම සහ ඇහුම්කන් දීම යනු දෙක්ක නොවේ. එකම ක්‍රියාදාමයක දෙපැත්තය. ලංකාවේ සිට ඇසෙන, ජාතික ජන බලවේගයට සාහාය දුන් විවිධ තරාතිරම්හි ඇසූ පිරූ අයගෙන් ඇසෙන්නේ ඇහුම්කන් දීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇති නොහැකියාවයි. එය ඛේදවාචකයක් නොවේවා!

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - srilankabrief.org)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා | සුනන්ද දේශප්‍රිය | The Leader